ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා, ඒ ලෝකයේ ජීවමානව වැඩ සිටින ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, පළමු වන බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ ඥානවන්තයි, ප්‍රඥාවන්තයි, පණ්ඩිතයි කියලා මෙනෙහි කළා. ඒක සිහි කරලා ඊළඟට ආපහු ඒ බුදුපියවරු තුන් නම, හත් නම, දාහතර නම දක්වා සිහි කරලා වැන්දා.
ඉතින් මම ආපහු අර ඊයේ විදිහට ම භාවනාව කරගෙන ගියා. ඒ කල්පනා කළා මං එතෙන්දි අර තථාගතයන් වහන්සේ හා සමාන පුද්ගලයෙකු නැත, තථාගතයන් වහන්සේගේ භාෂිතය හා සමාන වූ භාෂිතයක් තවත් නැත, තථාගතයන් වහන්සේ දැනගෙන ම දේශනා කරන්නායි ඒ කාරණා තුන මම මෙනෙහි කළා.
ඒක මෙනෙහි කරනකොට ඉතින් අර, මං බොහොම ගැඹුරට ඉතින් ඕක බැලුවා. අර ශ්‍රද්ධාව, ප්‍රඥාව සමාන වන පළවන පුද්ගලයා වශයෙන් තථාගතයන් වහන්සේ, ඒ අර අන් අයගේ භාෂිතය කියන ඒවා සම්පප්‍රලාප වෙනවා ය, තථාගතයන් වහන්සේ මනා නුවණින් දැකලා, දැනගෙන, නිවැරදිව දැනගෙන ඒ වචන භාවිතා කරනවා කියන එක.
එතකොට දැන් මං මේ කල්පනා කළා දැන් ඥානය කියන එක ගත්තහම ඥානයේ දී තියෙනවා, ඔය දැන් දෙතිස් කුණපය කියන්නකො. දෙතිස් කුණපය මේක 32ක්, කුණු 32ක් කියලා ඒක දන්නවා කිව්වහම ඒක ඥානය වශයෙන් එනවා.
ඊට පස්සේ ප්‍රඥාව කියලා කිව්වහම අර සමුදය අස්තංගමය දන්නවා කියන එක එතන තියෙනවා. එතකොට ඥානයයි ප්‍රඥාවයි අතර ඒ වගේ වෙනසක් තමන්ට තියෙනවා කියන එක තියෙනවා. හැබැයි අර දුක්‌ඛෙ ඤාණං කියලා එහෙම ගත්තහම නම් අතන ප්‍රඥාවේ කතාවත් ඒකේ ඇතුළේ තියෙනවා කියන එක එනවා.
එතකොට ඒ තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන් නාමයෝ දන්නවා කියලා කිව්වහම ඉතින් මේවායෙන් ඇති වෙන්නේ ඒ වේදනාව දුක්ඛය කියන එක, ඒ ධාතු වශයෙන් ඒවා තියෙනවා කියන එක ගත්තා.
මේ භාවනාව හරි විශිෂ්ටයි. ඒ කියන්නේ පුදුමාකාර විදිහට ඔළුව, වෙහෙසක් නෑ, බොහෝ ම හොඳට ඒ සමාධිය ඇතුව, ඒ ශ්‍රද්ධාව ඇතුව පුදුම විදිහට පවතින්නා වූ භාවනාවක්, බුද්ධ භාෂිතය.
ඉතින් මේක මිනිත්තු විස්සක් විතර මම මෙනෙහි කරලා, තිබිලා රහතන් වහන්සේ “ඇතියි” කිව්වට පස්සෙ මං ආපහු කල්පනා කළා ලෝභය නැති කරමි කියලා ඒ පාර අර කොඩිය වාගේ එක චේතනාවයි, අපි දන්නවා කබලිංකාර ආහාරය, චේතනාව, ඊළඟට ජාතිය ජරා ව්‍යාධි මරණය කියන ඒ කොටස යන්තන් පොඩ්ඩකට මෙනෙහි කළා.
ඒ ද්වේෂය නැති කරමී කියලා කල්පනා කළහම මට මේ කල්පනා වුණේ අර සෝකයේ ඉඳන්, අර 7 වෙනි step එක තියෙනවා නේ. 7 වෙනි step එකේ හය වෙනි කාරණය සෝකයේ ඉඳන් අපි අර වේදනාවට යන එක තියෙනවා නේ. එතකොට ඒ සෝකයේ ඉඳන් වේදනාවට යන එක මම කල්පනා කළහම මට එනවා දැන් සෝකයෙන් අපි වේදනා වෙනවා, වේදනාවෙන් එක පැත්තක් තියෙනවා, අනිත් එක සෝකය නිසා පරාමාසය, ඒ පරාමාසය දික් කළහම අර විඤ්ඤාණයට යන කොටස අර මමං ඉන්න කොටස තියෙන්නේ, පොඩි මමං, එතන ඒ මමං එක්ක, අර මං කතා කරන්නේ මේ පල්ලෙහා තියෙන හැඟවිලා තියෙන triangle එක. අහංනුයි මමංනුයි ඉන්න පල්ලෙහා හැංගිලා තියෙන triangle එක. එතකොට සෝකයෙන් පරාමාසය, පරාමාසයෙන් විඤ්ඤාණය. ඉතින් විඤ්ඤාණය ඇති වුණා නම් ඉතින් පරිදේවය ඒ පැත්තෙන් තියෙනවා නේ.
එතකොට දැන් මට පාරවල් දෙකක් පේනවා නේ. පළවෙනි පාර තමයි සෝකයේ ඉඳන් ඔය විඤ්ඤාණයට යනවායි කියන එක කතාව. සෝකයේ ඉඳන්, ඊළඟට ආයෙත් පේනවා වේදනා, චේතනා, ඉදංසච්ච, මෝහ අගති, පරාමාසවලට යනවා කියන එක තියෙනවා.
එතකොට ඔය පාරේ තමයි ඔය පරිදේවය කියන එක එහෙම තියෙන්නේ. මෝහයේ ඉඳන් පරාමාසයට යන පාරේ කියන එකේ ගත්තහම. එතකොට දැන් මට කල්පනා වුණා මේ සෝකය පළමුව ද, දෙවනුව පරිදේවය ද කියන එක. එතකොට එහෙම නැත්තන් අනෙක් පැත්ත ද කියන එක.
ඉතින් රහතන් වහන්සේ කිව්වා “පරිදේව පළමුව” කියලා. “පරිදේව සොකො” කියන එකයි එන්නේ. එතකොට ඉතින්, ඒකත් හරි. අපිට දැන් හොඳ ලස්සනට පැහැදිලියි දැන් අපි දන්නවා සංස්කාර නිත්‍යයි කියලා තමයි පළවෙනියෙන් ඇතුල් වෙන්නේ පරාමාසයට 7.2 නෙ, අතන සෝකය කිව්වහම 7.6.
එතකොට ඒ පරිදේව සොකො කියන එක තමයි එහෙම නම් මෙතන එන්නේ කියන එක තමයි ඒකේ conclusion එකට එතන ආවේ. ඉතින් ඒක තමයි භාවනාව. අර භාවනාව කරලා මේවා ගත්තායින් පස්සේ ඉතින් තමන්ගේ මනස බොහෝ ම හොඳයි. ඒ කියන්නේ අර ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියන භාවනාව දැන් ද්වේෂය නැති කරමි කිව්වහම අර පැත්ත හැදිලා මේක එනවා කියන එක තමන්ට මුලින් එනවා.
ඉතින් ඒක තමයි භාවනාවට කළේ.