ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ ජීවමානව වැඩ සිටින, ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, පළමු වන බුදුපියාණන් වහන්සේ කියලා. ඒ බුදුපියා ඥානවන්තයි, ප්‍රඥාවන්තයි, පණ්ඩිතයි කියලා මෙනෙහි කළා. ඉතින් මේ විදිහට පළවෙනි නමට මෙනෙහි කරලා වැන්දා, තුන් නමක් මෙනෙහි කරලා වැන්දා, හත් නමක් මෙනෙහි කරලා වැන්දා. දාහතර නම ම මෙනෙහි කරලා සහම්පති බුදුපියා දක්වා සිහි කරලා වැන්දා.
ඒ වැඳලා ඉවර වෙලා, මම ලෝභය නැති කරමි කියලා කිව්වහම අර කොඩියේ සලකුණත් එක්ක බැලුවා කබලිංකාර ආහාරය, චේතනාව, ජාතිය, එතන ඉඳන්, එතන මරණය. අන්න ඒ ජරා ව්‍යාධි මරණය කියන එක. මේක මම මේ ලෝභය, මේක සිහි කළහම මට කල්පනා වුණා මේ දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව මේ කොඩියට ම අඩංගුයි නේ ද කියලා.
දැන් අපි දන්නවා සෝකය කියන එක අර උඩින් ලකුණු කරනවා නේ රහතන් වහන්සේ, ඒක එහෙමයි. ඉතින් දැන් ඒ පාර ඊයේ භාවනාවේ අවසානයට මෙනෙහි කළ diagram එක මං මෙනෙහි කරලා බැලුවා. එතකොට ඒ diagram එකේදි, 6, 7 රවුම්වල දී මට කල්පනා වුණා මේ 6, 7 කියනකොට අනුසය කියන එක තමයි input එක කියන එක රහතන් වහන්සේ කලින් පෙන්වලා දුන්නා. Input එක වෙන්නේ, අර දැන් සුභයි කියලා ඉදංසච්චයට ඇතුල් වෙනවා කියන එක 6, 7 රවුම්වල දී තියෙන්නේ අනුසය තමයි input එක. එතකොට මට කල්පනා වුණා මේ අනුසය line එකේ නේ ද මේ සෝකය කියන එක තියෙන්නේ කියලා.
එතකොට දැන් ඊයේ තේරුම් ගත්තා මේ පරිදේවය නිසා තමයි මේ සෝකය ඇති වෙලා තියෙන්නේ කියන එක වටහා ගැනීම කියන එක ඊයේ සිද්ධ වුණා. එතකොට දැන් මෙතන, දැන් මම මේ numbers දාගෙන යනවා, මේ numbers පෙර numbers එක්ක පටලවගන්න හොඳ නැහැ. මෙතන අපි මේ කතා කරන්නේ 6, 7 කියන රවුමත් නෙවේ, නමුත් මේක සිද්ධ වෙන විදිහයි මේ පෙන්නන්නේ.
දැන් අපිට පේනවා එහෙම නම් අර හැංගිලා ඉන්න තැන ඉන්නවා නේ අහංනුයි මමංනුයි ඉන්නවා. එතකොට මම හැංගිලා ඉන්න තැනින් පේනවා ඒ line එකට අපි දැම්මොතින් සෝකයේ ඉඳන් පරාමාසයට යන එක 1 යි කියලා දැම්මොත්, පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට යන එක කියන එක අපි 2 යි කියලා දැම්මොත්, ඊට පස්සේ අපිට එනවා 3 වෙනි එක හැටියට ඉදංසච්චයේ ඉඳන් මෝහයට යනවා අර පෙර නිත්‍යයි කියලා ගන්නා වූ ඒ කෑල්ල. ඊට පස්සේ පරිදේවයේ ඉඳන් පරාමාසයට යන එක අපි දැම්මොත් 4 කියලා, ඒ පරාමාසයට ඔය පරිදේවය, ඒ කියන්නේ මේ සංස්කාරයන්ගේ දුක්ඛතාවය නේ ඔතන තියෙන්නේ. ඒක උඩට දික් කළොතින් අර සඤ්ඤාව කියන එකට අපි දානවා 5 යි කියලා. පරාමාසයේ ඉඳන් සඤ්ඤාවට එන එක. එතකොට එහෙම නම් ඒක නිසා අපි දන්නවා මේ වේදනාව ඉඳන් පරාමාසයට යන එක අපි 6 යි කියලා ගත්තොතින්, ඊළඟට අපිට පේනවා එතෙන්දි අර පරිදේවය නිසා ඇති වෙන්නා වූ, ඒ කියන්නේ සඤ්ඤාව, එතකොට අපි දන්නවා ඒක මේ දුක්ඛ ස්වභාවයකටයි තියෙන්නේ. ඒ කියන්නේ දුක් වූ වේදනාවක් තමයි පරාමාසයට ඇතුල් වෙන්නේ අර පරිදේවය නිසා වෙන එක.
එතකොට ඒකෙන් පස්සේ අපිට පේනවා ඒ දෙක, 4යි 6යි, ඒ කියන්නේ පරිදේවයෙන් ඇති වන දේ පරාමාසයට ඇතුල් වීමයි, අර වේදනාව පරිදේව සහගත වූ නිසා ඒ වේදනාව පරාමාසයට ඇතුල් වීමයි කියන එක නිසා අර 7.7 වගේ මෙතන හත් වෙනි කාරණයට එනවා කෙළින් ම අපි මේ පරාමාසයේ ඉඳන් ආපහු සෝකයට යනවා කියලා.
එතකොට දැන් අපි මේ කියන්නේ, 4 කියන්නේ පරිදේව සහගත වූ සංස්කාරයෝ, සංස්කාර දුක්ඛතා ඇතුල් වීම. 6යි කියලා කියන්නේ සඤ්ඤාව දුක්ඛ සහගත වීම, මේක දෙයාකාරයකින් සිද්ධ වෙනවා. එකක් විපරිණාමය නිසා සිදුවීම කියන එක, අනිත් අතට ගත්තහම මිය යන සුලු වූ පරිදේව ස්වභාවය නිසා ඇති වන දේ. එතකොට මෙන්න මේ දෙක ඇතුල් වීමෙන් අපි 7ට යනවා කියන්නේ අපි සෝකයෙන් පටන්ගෙන නැවතත් සෝකයට ම යනවා කියන එක සිදු වෙනවා කියන එක.
රහතන් වහන්සේ පෙන්නනවා මේ ක්‍රියාවලිය සිදු වන්නේ අට වෙනි රවුමෙන් පසුවයි කියලා. අපි මේ හතේ, 6, 7 රවුම්වල ඒ අනුසය ඒ diagram එක භාවිතා කළාට මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ මේ අට වෙනි රවුමෙන් පස්සේ. එතකොට මට කල්පනාව ආවා දැන් 8 දි එහෙම input එක කියලා කියන්නේ planned thoughts කියලා නේ.
ඉතින් ඒ planned thoughts කියන ඒවා, පකප්පය කියන එක ගත්තහම ඒක අර, දැන් මේකේ ලකුණු කළා නේ 1 යි 2 යි කියලා. 1 කියලා කිව්වේ අර සෝකයේ ඉඳන් පරාමාසයට යන එක. පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට යන එක. ආන්න ඒක තමයි අර planned thoughts වලට කියන කතාව තියෙන්නේ ඒකයි කියන එක.
ඉතින් ඒක තමයි භාවනාව.