ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඥානවන්ත ය, ප්‍රඥාවන්ත ය, පණ්ඩිතය කියලා ඒ විදිහට බුදුවරු දාහතර නම ම මම සිහි කළා අනුපිළිවෙළින්. ඉතින් පළවෙනි නමට වැන්දා, තුන් නමට වැන්දා, හත් නමට වැන්දා, දාහතර නමට එනකන් වැන්දා.
ඊට පස්සේ මං කෙළින් ම මට ආවා මේ ඔය “කොධො මොස වජ්ජන්ති කතා කථංච” කියන ගාථාව. එතකොට ඒකේ මං කල්පනා කළා කොහොම ද මේක ඇති වෙන්නේ, දැන් මුසාව කියන එක එහෙම අපි දන්නවා නේ ඔය steps 3 වලදි ඇති වෙනවා. ඔය 3.3 වලදි ඇති වෙනවා කියන එක. ඉතින් ඒ විදිහට බැලුවහම දැන් අත්තා එහෙම වුණායින් පස්සේ අර රවුම් 5, step 5 එහෙම වුණායින් පස්සෙ තමයි අත්තා කියන එක එහෙම හැදෙන්නේ.
එතකොට ඔය විදිහට බලාගෙන ගියහම එහෙම නම් ඉතින් මුසාව කලින් එන්න ඕනෙ. ඒක අස්සෙ ඔය අත්තා වෙලා එහෙම තමයි ඔය අනිත් කෑල්ල එන්න ඕනෙ කියන එක මට ආවා. ඉතින් ක්‍රෝධය කියන එකට එනකොට ඉතින් තව පස්සෙ. ඉතින් තථාගතයන් වහන්සේ ඇයි මේක මේ අනෙක් පැත්තට කිව්වේ කියලා කල්පනාවක් ආවා.
ඒ පාර ඒ මෙනෙහි කරලා බලලා බලලා ඉතින් රහතන් වහන්සේගෙන් ඇහුවා ම, මණ්ඩලයෙන් ඇහුවහම මණ්ඩලාධිපති බුදුපියා තමයි එතන අද කිව්වෙ ඒක මේ “ක්‍රෝධය කියන එක අපි බලන්න ඕනෙ රවුම් ගත්තහම දහතුන, දාහතර.” ඒ කියන්නේ අපි දන්නවා රවුම් දහයක් යනකොට අපි ද්වේෂයට ඇවිල්ලා කියලා. පළවෙනි දෙක මෝහයට, ඊළඟ හතර අපි දන්නවා ලෝභයටයි අයිති වෙන්නේ, ආපහු හතරක් ගියහම ද්වේෂය තමයි එතන තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා තවත් එහාට ගිහිල්ලා ඒ දහතුන, දාහතර වෙනකොට තමයි මේකේ මේ ක්‍රෝධය කියන එක තියෙන්නේ.
එතකොට මේ ක්‍රෝධය කියන එක මෙයාට ඇති වුණාට පස්සේ දැන් මෙයා කියනවා මේ ක්‍රෝධ වුණහම මේක වෙන්න බෑ. මේක මට අර, මම කලින් හිතලා තියෙන දේ තියෙනවා නේ, දැන් මේ ක්‍රෝධ වෙලා මෙයාට පේනවා මේක හරි නෑ. හරි නෑයි කියන්නේ මට හානි වෙනවා ආදී අර්ථයක් එයාගේ තියෙනවා. ඒ වෙලාවෙදි එයාට කල්පනා වෙනවා මේක වෙන්න බෑ, මේකෙ there must be a way කියලා මිනිස්සු කියන්නේ. There must be a way. ඒ කියන්නේ අර මුසාව, මුසාව වශයෙන් පිළිගන්නේ නෑ. අර සුඛයි කියලා තමන් ගත්ත එක තියෙනවා නේ. එයා හිතනවා කොහොම හරි මේක තියෙන්න ඕනේ. එතකොට මේක insist කරනවා. අර ඉදංසච්චයට ගිහිල්ලා තියෙන්නේ insistence එක නේ. අර insistence that this is the truth කියලා කියන්නේ. එතකොට මේක ම සත්‍යයක් කියලා මෙයා ගන්නවා. එතකොට ඔයාට පේනවා මෙතනින් මේ ක්‍රෝධයෙන් අතන මුසාව insist කිරීම කියන එක තියෙනවා.
එතකොට එහෙම නම් පරාමාසකායගන්ථයෙන් දැන් දෙපැත්තට ඔයාට පේනවා මේ ක්‍රෝධය තිබෙන්නා වූ ඒ quadrant එක පේනවා, ඊළඟට අත්තා ඉඳන් ඒ පරාමාසය, ඉදංසච්චය, ඊළඟට විඤ්ඤාණය කියන එතන quadrant එක තියෙනවා. එතකොට දැන් මේ quadrant දෙකට මෙතනින් පරාමාසයෙන් දෙපැත්තට කෑලි දෙක බෙදුනාට පස්සේ, දැන් මෙයාට සැකයි. මෙයාට සැකයි කොයි එක ද හරි කියලා.
ඒ කියන්නේ දැන් අර මුසාව කියලා කියන එක ද හරි, මේ ක්‍රෝධය කියන පැත්ත කියන එක ද හරි කියන එක තමයි මෙයාගේ මේ සැකය කියන එක තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා ඔය දහතුන වෙනකොට, දහතුන රවුම වෙනකොට මේ පුද්ගලයාගේ මේ සැකය කියන එක ඇති වෙලා තියෙනවා. නමුත් මේ ක්‍රෝධය ඇති වෙලා මේ විදිහට මේ මුසාව ඇති වුණහම ඇති වෙන්නා වූ සැකය තමයි මෙතන මේ පෙන්නන්නේ. ඒ කියන්නේ සෑහෙන දුරකට ගිහිල්ලා මේ කතාව. එතකොට generate වෙනකොට අපිට පේනවා අර මුසාව කියන එක මුලින් ඇති වෙනවා කියලා. නමුත් මෙතන වෙලා තියෙන්නේ, මේ සෑහෙන ගැඹුරට ගිහිල්ලා.
අන්න ඒක නිසා තමයි මේ තථාගතයන් වහන්සේ එතන පෙන්නනව නේ ඒ ගාථාවෙ දී මේ සැකය කියන එක, සැක ඇති පුද්ගලයා මේ මොන උපායෙන් මගේ මේ තියෙන ධනයන් පිරිහේ ද කියලා එයා හිතන්නේ. මොකද මෙතන දැන් ලාභයි කියලා අරගෙන තමයි මේක වෙලා තියෙන්නේ. දැන් මේ ලාභය මෙයා කල්පනා කරනවා මේක කොහොම ද පවත්වන්නේ කියන එක. එතකොට මේ දෙපැත්ත හොඳ ලස්සනට මට ඒක පෙනුණා. ඉතින් ඒක තමයි ඒ භාවනාව.
එතකොට මේකේ අර වම් පැත්තේ තියෙන quadrant එක, ඒ කියන්නේ වේදනාවයි, ද්වේෂ අගතියයි, පරාමාසයයි, භය අගතියයි. අන්න ඒ quadrant එකේ තමයි මේ සත්‍ය තත්වය කියන එක තියෙන්නේ. ඔතන තියෙනවා නේ ඉතින් ඔය ජරාව, ව්‍යාධිය කියන ඒවා එහෙම තියෙනවා ඒ පැත්තේ ගත්තහම.
එතකොට මේක පිළිගන්නේ නෑ. මිනිස්සු හිතනවා මේක නෙවේ, අනෙක් පැත්ත තමයි මේ truth එක කියලා. අර සත්‍ය, සත්‍ය වශයෙන් පිළිගන්නේ නෑ. දුක්ඛ සත්‍යය දුක්ඛ සත්‍යය වශයෙන් පිළිගන්නේ නෑ. මෙයා කල්පනා කරනවා අර සුඛයි කියන එක, අර උඩ quadrant එක, ඒ කියන්නේ උඩින් තියෙනවා අපේ චේතනාව, පරාමාසය, ඉදංසච්චය, විඤ්ඤාණය. මෙන්න මේ quadrant එක සත්‍යක් කියලා මෙයා insist කරනවා. මේක තමයි තියෙන්නේ කියලා. අර විද්‍යාමාන වෙලා තියෙන අර ජරාව, ව්‍යාධිය කියන එක, ඒක පිළිගන්නේ නෑ.
ඒක තමයි පෙන්නන්නේ.