එතකොට මේ භාවනාවේ නම මේ සුඛිත චිත්ත භාවනාව. එතකොට උත්තරීතර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ ජීවමානව වැඩ සිටින ශ්‍රේෂ්ඨතම, පළමු වන, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට ඔය තුන් නම නමස්කාර කළා, හත් නම නමස්කාර කළා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා දාහතර නම ම සිහි කරලා වැන්දා.
බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම ලෝභය නැති කරමී කියන එක ගත්තා. ඒකත් එක්ක ම මට අර කොඩියේ සලකුණ කියන එක මතක් වුණා. ඒක දන්නවා නේ කබලිංකාර ආහාරය, ජාතියේ ඉඳන් මරණයට යන එක, චේතනාව කියන එක.
එතකොට මේකත් එක්ක ම මට එකපාරට ම ආපු දේ තමයි අර මමං ඉන්න පල්ලෙහා හැංගිලා ඉන්න triangle එක. ඒ කියන්නේ මේ area 1 එකේ තමයි අපි ඔය ලෝභයත් එක්ක අපි කරකවන්නෙ, ඒක කැරකෙව්වහම තමයි ඔය කොඩිය කියන එක හැදෙන්නේ. ඒකත් එක්ක ම අපිට හැදෙනවා area 4 කියන එක, ඒ කියන්නේ area 1 එකේ opposite එක area 4 එක. එතකොට area 4 එකේ තියෙන්නේ වේදනා, පරාමාස, භය අගතිය කියන එක, අර සෝකය කියන තැනට ඔයා ඉරකින් ගහලා පරාමාසයේ ඉඳන් ලකුණු කරා නම් එන්න එතෙන්දි එනවා මමං කියන එක. දැන් එතකොට මේ මමං ඉන්නෙ පොඩි කෑල්ලක, ඒකත් එක්ක අර අනිත් triangle එකෙත් එහෙම තියෙනවා ද කියලා බැලුවා, ඒ වුණාට ඒක ගැන මට එච්චර ම මේකක් ආවේ නෑ. එතකොට area 1 නිසා 4 කියන එක හැදෙනවා කියන එක එනවා.
අනිත් අතට මේ area 4 හින්දා, මේ area 1 කියන එක සිදු වෙනවායි කියන එක තියෙනවා. එතකොට මේක මම, මගේ මේ සිත මැකිලා ගියා. ඒ සිත මැකිලා ගියා කියලා කියන්නේ ධර්මය මෙනෙහි කර කර හිටියේ, මම දැන් හිටපු තැන දන්නෑ. මං මොකද්ද මෙනෙහි කර කර හිටියේ කියලා දන්නැති තත්වෙට ගිහිල්ලා මම නතර වෙලා, සිත නතර වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ හේතුව මොකද්ද?
plan එකක් නැතිකම කියන එක. Plan එකක් නැතෙයි කියන එක කියන එක, මොකද මේ වට 4 දක්වා අපේ තීරණයක් නැහැ. මෙන්න මේ වේලාවෙදි නතර කරගන්න පුළුවන්කම තියෙනවා. වට 5 වුණොත් ලාභ වීම සිද්ධ වෙනවා, නතර කරනවායි කියන එක අපහසුයි. 4.4 දි අපි පරිස්සම් වෙන්න ඕනෙ. අර begging the feeling කියන කතාව තියෙනවා නේ. වේදනාවන් පතනවා කියන එක. එතකොට අර පරාමාසයත් එක්ක හබල් ගාලා ඒක සිද්ධ වෙනවා.
දැන් මං මෙතෙන්දි කල්පනා කළා ආපහු ඊළඟට ද්වේෂය නැති කරමී කියලා. එතකොට දැන් අපි දන්නවා මේ 6.7, 7 වුණෝතින් 7.7 වෙනවා, ඉතින් 5 පැන්නා නම් ඉතින් 6, 7 වෙනවා නේ. 6, 7 සහ 8 සහ 8න් පස්සේ අපි ක්‍රෝධයට ම යනවා කියන එක අපි දන්නවා. දුක්ඛ දුක්ඛතාවය ම තමයි අපිට ඇති වෙන්නේ.
එතකොට මණ්ඩලාධිපති බුදුපියා පෙන්නලා දුන්නේ අර කොධො මොසවජ්‌ජඤ්‌ච කියන එක බලන හැටි, ඒක ක්‍රෝධය වෙලා ඊට පස්සේ මුසාව ඇති වෙනවා, ඕකත් මට එකපාරට ම සිහි උණා. එතකොට මේකත් එක්ක මම ඔන්න මෝහය නැති කරමී කියලා ගත්තා. ඒ කියන්නේ අවසාන triangle එක, චේතනා, විඤ්ඤාණ, මෝහ අගතිය කියන එක. මගේ යැයි ගන්නේ නැත්තන් මේ ප්‍රශ්නය නෑයි කියලා ආවා. ඒ කියන්නේ plan එකක් නැති වෙන්න ඕනෙ.
මේ වෙලාවෙ දී මම දැක්කා මේ සෙරෙප්පු කුට්ටම් තියෙනවා. ඒ සෙරෙප්පු ඇවිල්ලා අර ගැළපෙන ඒවා තියෙනවා, නොගැළපෙන ඒවා තියෙනවා. අර දැන් මාරු වෙලා තියෙන්නේ. කලවම් වෙලා තියෙන්නේ. සෙරෙප්පු හැබැයි නොගැළපුනත් අපිට දාගෙන යන්න පුළුවන් නේ. හැබැයි අපි ගැළපෙන pair එක ම තමයි අපි හොයන්නේ. අපි ගැළපෙන ඒවා ම සොයනවා. ඒ කියන්නේ දෙක ම ගැළපෙන, නොගැළපෙන දමා යා හැකි වුණත් ගැළපෙන එක හොයනවා කියලා අපි දැනගන්න ඕනෙ. ඒ කියන්නේ තමන් කැමති පාරේ තමයි තමන් යන්න හදන්නේ. සෙරෙප්පු දාගෙන පාරක නේ යන්න හදන්නේ. කැමති පාරේ තමයි මේ යන්න හදන්නේ.
එතකොට කෙසේවත් නොයා යුතු ය කියන එක තමයි කල්පනා කළේ. ඒ කියන්නේ ඒ සඳහා එහෙනම් plan එකක් නැති වෙන්න ඕනෙ කියලා. මෙන්න මේ විදිහට සිතුවහම ආයෙත් සිත නතර වුණා. ඉතින් ඒක තමයි සුඛිත චිත්ත භාවනාව.
සාධු පියවරුනි කියලා ඉතින් අවසන් කළා.