නම ගිද්ධිලෝභ භාවනාව. මං මේක කලින් කරලා තියෙනවා. හැබැයි ඉතින් අද හරි විශිෂ්ටයි ඒ භාවනාව. ඉතින් ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ලෝකයේ ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, ප්‍රඥාවන්ත, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා. ඉතින් ඒ විදිහට ම, එහෙම වැඳලා, ඒ විදිහට ම දාහතර නම ම අනුපිළිවෙළින් සිහි කරලා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා වැන්දා.
වැඳලා මම අර ඒ ගිද්ධිලෝභ භාවනාව පටන් ගත්තා. ඒ ගිද්ධිලෝභ භාවනාවේ දැන් අපි තියෙනවා නේ මුල area එක, කබලිංකාර ආහාරය, ස්පර්ශය, වේදනාව. ඊට පස්සේ එනවා අපි ගිද්ධිලෝභයට. ඒ කෑල්ල තියෙනවා නේ. ඕකට නේ අපි area 1 කියලා කියන්නේ. එතකොට ඔය area 1 එකේ ඕක කැරකවීම නිසා අපිට එහා පැත්තෙන් හැදෙනවා, එහා කෙළවරෙන්, පරාමාසය, ඉදංසච්චය, ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහාට යනවා අපි මෝහ අගතියට. එතකොට ඒ area එකට අපි කියමු area 6 කියලා. මොකද අපි අනිත් numbers දාලා තියෙන හින්දා අපි ඒක 6 කියලා කියමු. එතකොට දැන් ඒ කෑලි දෙක, triangles දෙක මතකයි නේ නේ ද? මේ triangle එක නිසා මේ triangle එක. බලන්න ඒ triangle එක හැදෙන හැටි. ඒ triangle එක හැදෙන හැටි බැලුවහමත් හරි පුදුමයි.
දැන් මම යම්කිසි ආකාරයකට මේ රූපය ලාභයි කියලා ගන්නවා නම්, ගිද්ධිලෝභයේ දී ඕක නේ කරන්නේ. රූපය ලාභයි කියලා මම ගන්නවා නම්, මේක ම තමයි අතනින් සුභයි කියලා අර triangle එකේ එන්නේ. ඒ කියන්නේ දැන් මේ picture එක බැලුවොතින් එහෙම, මෙතන මේ පැත්තට ඕගොල්ලෝ ගන්නවා නම් එතන ලාභයි කියන එක, මෙතනින් එනවා, 6 කියන area එකේ එනවා මෙතනින් සුභයි කියලා මේ පැත්තට ඇතුල් වෙනවා. එතකොට මේකට parallel ව අරක සිද්ධ වෙනවා. ඊළඟට මෙතනින් අර රාග සල්ලයෙන් අල්ලලා අපි කරකවනවා කියලා කියන්නේ, රාග සල්ලයෙන් අල්ලලා කරකවනකොට මේ පැත්තෙන්, මෙතනින් නිත්‍යයි කියලා මෙහාට යනවා. තේරුණා ද? එතකොට මේක නිසා මේකට parallel ව මේ කතාව හැදෙනවා. ඊළඟට ස්පර්ශයට වේදනාව යම් ආකාරයි ද, මේ vector එක වාගේ මේක වැඩ කරන්නේ, ස්පර්ශයට වේදනාව යම් ආකාරයි ද, මෙතනින් මෝහයට සංස්කාර ඒ ආකාරයි. ස්පර්ශයෙන් වේදනාවට එනවා, මෝහයෙන් සංස්කාරයට එනවා.
දැන් පේනවා නේ ද අර කාමරාග අනුසය area එක හරියට රහතන් වහන්සේ පෙන්නුවේ මෙන්න මේ කෑල්ලයි කියලා. මුළු එක ම නෙවේ මෙන්න මේ කෑල්ලයි කියලා කිව්වා නේ, මතක ද? ඒ කියන්නේ අර මැද්දෙන් සුභයි කියන තැනින්, මුළු එක ම නෙවේ, පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට යන මුළු එක නෙවේ මෙතනින් මේ කෑල්ල තියෙන්නේ. සංස්කාරය ලිව්වා මෙතනින්. එතකොට මෙන්න මේ කෑල්ල තමයි, ත්‍රිපීසියම තමයි කාමරාග අනුසය area එක. මේකට මේකයි කියලා. හරි ලස්සනයි ඒ කෑල්ල එතන ආවායින් පස්සේ.
ඉතින් මේ කෑල්ල ආවාට පස්සේ මට මතක් වුණේ, ඒක අර කලින් භාවනාවෙදි මට ආවේ, මට ආවේ කෙළින් ම අර ඉද්ධි diagram එක. ඉද්ධි diagram එකේ තියෙනවා නේ අපි අර නිත්‍යයි කියලා ගත්තහම අත්තවාද උපාදානය, අත්තවාද උපාදානයේ ඉඳන් අර line එක දිගේ පල්ලෙහාට එනවා, එතනින් යනවා ජාතියේ ඉඳන් අත්තභාව පටිලාභය කියන කතාවට එනවා. එතකොට මේක අර නිත්‍යයි එක්ක තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙතන අපි ලාභයි කියන එක, සාඨෙය්‍ය කියන එක මේ line එකේ තමයි අපේ තිබුණේ. එතකොට මේක හේතුව මොකද්ද?
දැන් මෙතනින් මගේ ඇති වුණා. ඒ කියන්නේ මේ area 6 කියන එකේ මට ඇති වෙලා තියෙනවා සම්පප්‍රලාපය, දුස්සීලභාවය කියන එක තියෙනවා. ඒ දුස්සීලභාවය තමයි අතන උඩ jack එක ගහනවා කියලා කිව්වේ. ඒ කියන්නේ අත්තා ඉඳන් නිත්‍යට යන්න jack එකක් ගහනවා. අර අපි ඊයේ පැහැදිලි කරේ. මානය විසින් ගහනවා. ඒක දුස්සීලභාවයෙන් තමයි, දුස්සීලභාවයට නේ මගේ මානය තියෙන්නේ. මං පාණාතිපාතා කරගෙන පිහිය අල්ලගෙන ඉන්න එක්කෙනා කියලා. අන්න ඒ වගේ. මං සම්පප්‍රලාප කියව කියව ඉන්න එක්කෙනා. මං කොතන ගියත් මං සම්පප්‍රලාප කියව කියව ඉන්නවා, ආන්න එහෙම එයාගේ මානය තියෙනවා. ඉතින් මෙහෙම මානයෙන් මේක ගහනවා.
ඉතින් සම්පප්රලාපයේ තියෙනවා ඔය නිත්‍යයි කියන අර්ථයත්. ඒ කියන්නේ මේ කරගන්න බැරි දෙයක් සම්බන්ධයෙන් ඒක නිත්යව පවත්වනවා කියන එක, නොදන්නා කමට ඔහේ දොඩව දොඩව ඉන්නවා කියන අර්ථය තියෙනවා ඔය නිත්‍ය කතාව තුළ. එතකොට දැන් මෙතන අත්තා ඉඳන් මෙතෙන්ට, නිත්‍යට යනවා කියන කෑල්ල එනවා ඒ පැත්තෙ.
එතකොට දැන් ඔය, area ඔය එක හින්දා දැන් එහෙනම් අපි දැන් මෙතනින් මේක නිසා අපි උඩට shift එකක් වුණා. මේක තමයි මේ පෙන්නන්නේ, අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභය. මේ පැත්තෙන් එනවා අපි මේ දුස්සීලභාවයයි මෙතන තියෙන්නේ කාමච්ඡන්දය. අපි ඉස්සෙල්ලා බලපු area එකේ ම තමයි ඒ කෑල්ල ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙන්න මේ දෙක ආවාට පස්සෙ අපිට හැදෙනවා මේ area එක, මෙතන උඩින් හැදෙනවා area එකක්. මොකද්ද ඇති වෙන්නේ, දැන් අපි පල්ලෙහා ඉඳන් අපි උඩට ගියේ, පල්ලෙහා කෑල්ල නිසා උඩට ගියේ. Area 6 එක හින්දා අපි උඩට ගියා. ඒ උඩ හැදෙනවා මෙන්න මේ area 8 කියන එක. මොකද දැන් මං අර අත්තා ඉඳන් නිත්‍යට යන්න මං jack එක ගහනවා කිව්වා නේ. එතකොට ඒ කෑල්ල වැටෙන්නේ මෙතන්ට. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද, චේතනාවේ ඉඳන් විඤ්ඤාණ ආහාරයට යන්නා වූ area එක. චේතනාවේ ඉඳන් විඤ්ඤාණ ආහාරයට යනවා, මැද්දේ පරාමාසය කියන එක ඒක තියෙනවා.
ඉතින් දැන් ඒකත් හරි ලස්සනයි. ඒකත් හරි ලස්සනයි කියලා කියන්නේ දැන් අපිට පේනවා මේ අත්තයි නිත්‍යයි කතාව හැදුණයි කියන එක, එකක් තියෙනවා. දැන් සාඨෙය්‍ය කියන එක අපි ඊයේ පෙන්නුවා මෙතෙන්ට මාරු වෙනවා කියලා. මේවා කපලා දැම්මා, මෙතෙන්ට මාරු වෙනවා. දැන් අනිත් කතාවල් ඔක්කොම බලන්නත් පුළුවන්. මේකත් එක්ක මේ මාරු වෙනවායි කියන එක. දැන් මෙතන හරි ලස්සනයි මේ පරාමාසෙට විඤ්ඤාණය, දැන් මේකේ shadow area එකක් ආපහු හැදෙනවා පල්ලෙහායින්. මොකද්ද ඒකට අපි කිව්වේ area T කියලා කිව්වේ. සංකප්ප භාවනාවෙදි. මොකද්ද ඒ කියන්නේ, මෙතනින් එනවා අපි දෝස අගතියයි භය අගතියයි. මෙතන තියෙන්නේ පරාමාසය. බලන්න මේක. පරාමාසයට විඤ්ඤාණය යම් ආකාරයි ද, ඒ කියන්නේ දෝස අගතියට පරාමාසය ඒ ආකාරයි. මේ දෙක ම බැලුවහම, විඤ්ඤාණය කියන එක දෝස අගතියයි කියන එක, අර බුදුහාමුදුරුවෝ කිව්වෙ විඤ්ඤාණ ආහාර පාරේ කස පහර ම යි ගහන්නේ කියලා. එතකොට මෙන්න මේ ද්වේෂයෙන් ම තමයි අපි එතන ඉන්නේ, ඒ line එකේ ඒ කතාව තියෙනවා.
දැන් මෙතන ලස්සන වැඩේ කියන්නේ, චේතනාවේ ඉඳන් මං මේ අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන කතාව එනකොට අපිට සත්‍ය වශයෙන් ම එන්නේ ජරාවේ ඉඳන් ව්‍යාධියට එනවා කියන එක. අපි කියන්නේ සත්‍ය වශයෙන් ම නිත්‍යයි කියන්නේ සත්‍ය වශයෙන් ම ඔයා ලෙඩ වෙනවා. මෙතන මේ area එකේ තමයි සෝකය කියන එක තියෙන්නේ. සෝකයයි මෙතන මේ ව්‍යාධියයි කියන එක තියෙනවා. අපිට සිද්ධ වෙලා තියෙන්නේ සෝකයයි ව්‍යාධියයි කියන එක තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. දැන් මෙතනින් බැලුවොතින් ඕගොල්ලන්ට පේනවා, මෙතන භාවනාවේ අවසානයට එන්නේ මෙතනින් බැලුවොතින් මේක නිසා අපි යන්නේ කොහාට ද? මරණයට.
අපි ලෙඩ රෝගය කියන එක තමයි උරුම කරගෙන තියෙන්නේ. ව්‍යාධිය මේක කියන එක උරුම කරගෙන තියෙනවා. ඉතින් අපි ඒක උරුම කරගෙන ඒක සිදු වෙලා තිබිලා අපි ඉස්සරහට යන්නෙ මැරෙන්න කියන එක ම යි. දැන් diabetic හැදිලා තියෙනවා නම් මැරෙන්න යනවා. Heart problem එක තියෙනවා නම් මැරෙන්න යනවා. ඒ වාගේ මේ රෝගය කියන එක තියෙනවා, මේ මරණය කරා යනවා කියන එක තියෙනවා. ඉතින් මේකේ මේ කෑල්ල තව ටිකක් කල්පනා කරලා බැලුවොතින් එහෙම මෙතන මේ අත්තා කියන එකේ ඉඳන් නිත්‍යට යනවා කියන කතාව වෙනවා වගේ ම මෙතනදි ජරාවේ ඉඳන් මේ කෑල්ල තියෙන්නේ.
ඒ අනෙක් පැත්තත් බලන්න. අනෙක් පැත්ත තමයි හරි දරුණු එතන බැලුවහම. මෙතන මගේ සාඨෙය්‍ය මෙතෙන්ට ආවා කියන්නේ දැන් මේ සඤ්ඤාවන් ඒවා එහෙම ලාභයක් කියලා අරගෙන නේ. එතකොට එතන ඒ විදිහට මං පවත්වනවා කියන එක, චේතනාවේ ඉඳන් පරාමාසයට යම් ආකාරයකට යනවා ද ඕගොල්ලෝ, මෙතනින් ඇවිල්ලා මේ පරාමාසයෙන් ඕගොල්ලෝ යන්නේ භයේ අගතියට කියන එකට. ඒ කියන්නේ මම චේතනාවෙන් මේවා පවත්වනවා කියලා මම කල්පනා කරනවා. නමුත් ඇත්ත වශයෙන් බැලුවහම ඒ වරදවා වටහා ගැනීම නිසා මම භයෙන් අගතියට යනවා. මම engineering කරන student, එතකොට විභාගේ pass වුන් නැත්තන් මං බයයි කියන එක තියෙනවා නේ, නේ ද?
ඕනෙ ම එකකට ඒක තියෙනවා. දොස්තර විභාගෙ ද ඕනෙ ම එකකට ඒක තියෙනවා. මම මෙතෙන්දි කල්පනා කරනවා මං කොහොම හරි මේ පැත්ත අමතක කරලා දාන්න දැන්, ගිද්ධිලෝභයේ කතාව අමතක කරලා දාන්න. ඒ කියන්නේ දැන් මං ඉන්නවා මේ ඉහළ ධ්‍යානයන්ගේ, හත් වෙනි ධ්‍යානයේ. ඒකේ සඳහා මම ඉන්නවා. ඒකෙදිත් මේ කතාව ම එනවා. මේ කතාව ම එනවා.
ඉතින් මේක මේ areas කියන ඒවා ඔක්කොම ඉතින් කැපිලා යනවා අර අපි ඊයේ පාරිසුද්ධි කතාව කළේ. ඒ පාරිසුද්ධි කතාව භාවනාව ඒක යම් ආකාරයකට මතක තියෙනවා නම් ඉතින් ඒකෙන් අපිට පේනවා ඔය area 1 යි 6යි කියන එක චිත්ත පාරිසුද්ධියයි, ඇයි විවිච්චෙව කාමේහි, ඒක හින්දා කාම කතාව නැති වෙනවා, අර මේ පැත්තට යන එක, diamond එකේ කතාව ඒක නැති වෙනවා. අනෙක් අතට 6 කියන එකේ අර පරුෂා වාච, ඒ කියන්නේ පිසුණා වාච, සම්පප්‍රලාප ඒ කෑල්ල කැපිලා යනවා එතනින්.
ඊළඟට උඩ area T එකේ කතාව නැති වෙනවා දිට්ඨි පාරිසුද්ධියෙන්. අත්තා කියලා ගැනීමක් නැතුව ඒක කියන එක. ඉතින් විමුක්ති පාරිසුද්ධියෙන් මෙතන මේ පල්ලෙහා T කියන area එක, ඒක නැති වෙලා යනවා. ඉතින් මේක මගේ යැයි කියලා නොගැනීම මගින් ඒ T කියන එක. ඉතින් එකකට එකක් සම්බන්ධයි. ඒ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්