උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමු, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ඉන්නා වූ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවෙනි බුදුපියාණන් වහන්සේ, ශ්‍රද්ධා සම්පන්න ය, සීල සම්පන්න ය, සමාධි සම්පන්න ය කියලා වැන්දා. එතකොට මං මේක ඒ බුදු පියවරුන් දාහතර නම ම ඔය විදිහට සිහි කරනවා ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේත් ශ්‍රද්ධා සම්පන්න ය, සීල සම්පන්න ය, සමාධි සම්පන්න ය. ඔය දාහතර නම ම සිහි කරලා මම සම්මා සමාධි භාවනාව තමයි මම ඒ කළේ. මේක මම කලිනුත් කරලා තියෙනවා.
එතකොට මෙතන මේ මුලින් ම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියලා, සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියලා බැලුවා. එතකොට අපි දන්නවා අර දුක්‌ඛෙ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, දුක්ඛ නිරෝධයේ ඤාණං, නිරෝධගාමිනී පටිපදාය ඤාණං කියන එක. එතකොට අපිට ඔතෙන්ට එනකොට අර සතර ආහාර දුක්ඛය මතක් වෙනවා. කබලිංකාර ආහාරය, ඒක නිසා අපිට රාග සල්ලයෙන් කරකවලා ජාතිය කියන එක ඇති වෙනවා. ඒ ජාතිය කියන එක ඇති වෙලා, අපි දන්නවා ජාතිය ඇති වුණා නම් ජරාව ව්‍යාධිය මරණය මරණයෙන් පස්සේ මනෝමය කායෙන් ඉන්නවා අර දුක්ඛය කියන එකට එනවා කියන එක. එහෙම නම් ඉතින් ජාතියයි, දුක්ඛයයි කියන දෙක අපිට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ දුක්ඛය තමයි අපිට ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි සුඛයි කියලා හිතනවා. මේක අපි පවත්වන්න උත්සාහ කරනවා.
මං පවත්වන්න උත්සාහ කරන්න කරන්න අපිට ඇති වෙන්නේ ජරාව කියන එකයි දෝමනස්සය කියන එකයි කියන එක පේනවා. ඒ කියන්නේ කරගන්න බැරි වැඩක් නේ මං මේ කරන්න හදන්නේ. කරගන්න බැරි වැඩක් කියලා කියන්නේ මම ස්පර්ශ කරන්න නම්, කවුරු හරි නිසා සුඛයක් සොම්නසක් මට ඇති වෙනවා නම්, ඒ සුඛය සොම්නස කියන එක ඇති වෙන්න ඒ පුද්ගලයා ඒ කලින් හිටපු විදිහට ආපහු ඉන්නත් ඕනෙ. ඒ වෙනකොට මගේ, අර ඊළඟ මොහොතේ මං බලනකොට අර මනුස්සයා ඒ විදිහට ඉන්න එක. අනිත් අතට ගත්තහම මගේ ඇසත් අනිත්‍යයි, ඒක නිසා ඇහැත් ජරාවට ගිහිල්ලා. එතකොට මට පේනවා එහෙනම් මේ දෙක මට එකතු කරන්න බෑ. අර මනුස්සයයි මමයි එකතු කරනවා කියන එක කරන්න පුළුවන්කමක් නෑ. එයත් ජරාවට ගිහිල්ලා, මාත් ජරාවට ගිහිල්ලා. දෙකක් පවත්වන්න බැරි නම් එහෙනම් මට පේනවා ඉතින් තුනක් එකතු කරනවා කියන එක කවර කතාවක් ද? ඒ කියන්නේ චක්ඛු විඤ්ඤාණයක් ඕකට එකතු කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ.
එතකොට මේකෙදි අපි දන්නවා අපිට, දෙවෙනි පාරෙ මං මේක කරන්න කරන්න, උත්සාහ කරන්න කරන්න, මං කෑම කකා ඉන්න ඉන්න මම ජරාවට යනවා, මට දෝමනස්සය කියන එක ඇති වෙනවා අර කරගන්න බැරි වැඩක් නිසා.
එතකොට මෙසේ මම චේතනාවෙන් මේක පවත්වන්න උත්සාහ කරනවා, මට මේක පවත්වන්න බෑ. ඒක නිසා මම රෝගී වෙනවා. ව්‍යාධිය. එතකොට චේතනාවෙන් මම රෝගී වෙනවා කියන එක තියෙනවා. ඒ ව්‍යාධිය සහගත ස්වභාවය, ඉතින් ඒක නිසා මම දන්නවා ව්‍යාධියයි සෝකයයි කියන එක මට තියෙනවා. දැන් මම ලෙඩ වෙලා. ලෙඩා හදපු විඤ්ඤාණය එහෙම නම් අපි දන්නවා ඒක මැරිලා වැටෙනවා, පරිදේවය කියන එක. පරිදේවය ඇති වුණා, එහෙනම් මරණයයි පරිදේවයයි හතර වෙනි පාරට ඇවිල්ලා තියෙනවා.
පරිදේවය ඇති වුණා නම් මට සෝකය කියන එක ඇති වෙනවා. පරිදේවය ඇති වුණා නම් මට සෝකය ඇති වෙනවා නම්, එහෙනම් මම දැනගන්න ඕනෙ මේ සෝකය, ඒ කියන්නේ සෝකයේ තියෙනවා පරිදේව ලක්ෂණය. සෝකය ඇති වුණා නම් මට දෝමනස්සය තියෙනවා කියලා මම දැනගන්නට ඕනෙ. දෝමනස්සය තිබුණෝතින් මං කාමච්ඡන්දයට යනවා කියන එක දැනගන්න ඕනෙ. මේක දැනගෙන එහෙනම් මට මොකද්ද තියෙන්නේ? නෙක්ඛම්මය මං භාවිතා කරන්න ඕනෙ. පේනවා ද පථය එන හැටි? පුදුමයි. නෙක්ඛම්මය කියන එක භාවිතා කරනවා.
එතකොට නෙක්ඛම්මය භාවිතා කරනවා කියලා කිව්වහම එතකොට අර පධානියඞ්ගය 4 මං ඊයේ පැහැදිලි කරා නේ ද? හැමෝම අහගෙන හිටියා නේ නේ ද? චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, අර diamond එකත් එක්ක පෙන්නුවේ. මේ පැත්තෙන් කිව්වා දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, මේ පැත්තෙන් කිව්වා සීලපාරිසුද්ධිපධානියඞ්ගය, මෙතන විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. පධානියඞ්ගයන් 4 භාවිතා කරන්නට ඕනෙ.
දැන් මෙතන මට හරි ලස්සනට එනවා මේ නෙක්ඛම්මයේ කතාව කියන එක මම තියාගන්න නම් මට මේ දිට්ඨි පාරිසුද්ධි, ඒ කියන්නේ නෙක්ඛම්මය, අව්‍යාපාදය, අවිහිංසාව කිව්වහම මට නෙක්ඛම්මය තියාගන්න බෑ මට ව්‍යාපාදය තියෙනවා නම්. අව්‍යාපාද කියන එක මට ඇති වෙන්නට ඕනෙ. ඒ කියන්නේ මේ පැත්තෙන් තිබෙන්නා වූ පාරිසුද්ධිය මට තියෙන්නට ඕනෙ. ඒ කියන්නේ මං පිසුණා වාච කියන දේවල් එහෙම මම නොකරන්න ඕනෙ. ඒක කරනවා නම් මට මේක තියාගන්න බෑ. මොකද මේ පැත්තෙන් එනවා, අර අට වෙනි රවුමෙන් පස්සෙ එන එක අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ගහන එක ගහනවා. එහෙම නම් මං මේකෙන්, මේ උඩ එක තියාගන්න, චිත්ත පාරිසුද්ධිය තියාගන්න මේ පැත්තෙන් තිබෙන්නා වූ ව්‍යාපාදය, දැන් මේ පාරවල් තුන නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියලා තුනකට බෙදෙනවා. ඒ පාරිසුද්ධි 3 ගත්තහම.
මේ පැත්තේ තියෙන්නේ ඒ නෙක්ඛම්ම කතාව. මෙතන ගත්තහම දිට්ඨි පාරිසුද්ධියට එන්නේ අවිහිංසාව. මේ යටින් එන්නේ අව්‍යාපාදය. පරුෂා වාච, පිසුණා වාච ඒවා මම කරන්නෑ කියන එක. එතකොට පරුෂා වාච, පිසුණා වාච එහෙම නොකරන්න නම් මට තියෙන්න ඕනෙ දිට්ඨි පාරිසුද්ධිය. මේක ආවේ නැත්තන්, ඒ කියන්නේ මම දුකයි කියලා දන් නැත්තන් මං ඉතින් අර බනිනවයි කියන එක ඒවා තියෙනවා, මගේ කියලා මම ගන්නවා කියන එක තියෙනවා. එහෙම නම් මට මේ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය ඕනෙ.
එහෙම නම් පේනවා අපිට අවිහිංසාවෙන් තමයි අව්‍යාපාදය, අව්‍යාපාදයෙන් නෙක්ඛම්මය. පේනවා ද අර නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසාව කියන එක අනෙක් පැත්තට බලනකොට මේ විදිහට සම්බන්ධයි කියලා පේනවා. ඉතින් මෙතන මේ, ඒ කියන්නේ සම්පප්‍රලාපය කියන එක එහෙම තියෙනවා නම් එතෙන්දි අර නිත්‍යභාවය කියන එක අපි ඇති කරගන්නවා. එතකොට අර මිච්ඡා දිට්ඨිය කතාව එනවා.
දැන් මං මේක දැක්කට පස්සෙ දැන් මට හොඳට පේනවා මං මේ උදේ කිව්වේ රහතන් වහන්සේට ශ්‍රද්ධා සම්පන්නයි කිව්වහම අර උඩ කතාව යනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තමයි ශ්‍රද්ධාව කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක නිසා මෙතන ශ්‍රද්ධාව කියන එක තියෙනවා. එතකොට උඩ කතාව හරි. ඊට පස්සේ මෙතන සීල සම්පන්නයි කිව්වම මේ කතාව හරි. දැන් එතකොට ඊට පස්සේ, සමාධි සම්පන්නයි කියන එකටයි මේ එන්නෙ. මේ කතාව මට අර වැටහෙනවාත් එක්ක ම මෙතන මේ පල්ලෙහා තියෙන අර diamond එකේ පල්ලෙහා කෑල්ල මැකිලා ගියා.
ඒ කියන්නේ මං භයෙන් අගතියෙන්, අර දිට්ඨි අනුසය පාරයි, අතෙන්ට එන්නා වූ පාරයි. එතකොට දැන් අපි මොකද්ද මේ කළේ? සම්මා දිට්ඨියට, සම්මා සමාධිය එකතු කරනවා මේ. සම්මා සමාධිය එකතු කරන්න යන්නේ කොහොම ද? සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය එකතු කළා, අර නෙක්ඛම්මයත් එක්ක ආවා නේ. එතකොට ඊට පස්සේ, දැන් සම්මා වාචා කියන එක මං මේකට එකතු කරනවා. සම්මා දිට්ඨියටයි එකතු කරන්නේ. අනෙක් පැත්තට නෙවේ. සම්මා දිට්ඨිය ම reinforce කරනවා මේකට ම එකතු කරනවා මේ පැත්තේ මේවා එපා කියලා.
එතකොට දැන් මේක, දැන් අපි සම්මා වාචාව, සම්මා කම්මන්ත ඒ හරියට එනවා. දැන් සම්මා ආජීවය කියන එක මේකට එකතු කරනවා කියන්නේ, මානය කියන එක අයින් කළා. එහෙම නම් අර මෙතන පාර කැපුවා. මොන පාර ද? අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන්න පුළුවන් දැන් මානය අයින් කරපු ගමන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. අපි ඒක කලින් සාකච්ඡා කරලා තියෙනවා. ගියපුවහම පුළුවන්. ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් මෙතන මේ භයේ අගතියට එන පාර කැපිච්ච ගමන් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය.
එතකොට ඒක තමයි අපි ඊයෙත් කිව්වේ අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එක රහතන් වහන්සේ පෙන්නනවා මේ විදිහට වෙන්නේ අර මුල් අදියර කියලා. සංස්කාර සංසිඳීමේ මුල් අදියර. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගියා කියන එක, මේ විදිහට එනවා.
දැන් මෙතෙන්ට ආවට පස්සෙ මොකද අපි කරන්නේ? දැන් මේ චිත්ත සංස්කාරයන් කියන ඒවා පහ කරන්න අපි විරිය කියන එක භාවිතා කරනවා. දැන් අර සම්මා ආජීවය, දැන් විරිය කියන එක එනවා. මේ චිත්ත සංස්කාරයන් මට එපා කියන එකට, දැන් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගියා නම්, මේ සංස්කාරයන්ගේ යම් වූ සංසිඳීමක් ඇති වුණා ද ඒ සංසිඳීම පවත්වන්න මම දැන් විරිය කියන එක භාවිතා කරනවා. එහෙම නැත්තන් මේක මැරෙනවා, අර පොඩි කාලේ අම්මා මැරිච්ච කතාව වගේ තමයි, මේක මැරෙනවා. එතකොට මේ විදිහට දැන් මං පවත්වනවා, මේකේ මොකට ද මේ විරිය භාවිතා කරන්නේ, අර සංස්කාරයන් මගේ නොවෙන්නයි කියන එකටයි, ඒ වගේ ම අර ලැබුණා වූ ධ්‍යානයන්ට මුළා නොවෙන්න. ඒක නේ අර හතර වෙනි විරියේ තියෙන්නේ තිථියා අසම්මොසාය භිය්‍යොභාවාය කියලා. ධ්‍යානය ලැබුණා, මං මේකට මුළා වෙන්නෙ නැතුව පවත්වනවා කියන එකට ආවා.
මෙතෙන්ට ආවාට පස්සේ දැන් මට කෙළින් ම මතක් වුණේ අර මණ්ඩලාධිපති බුදුපියා New Zealand වලදි දුන්නා අර ආයතන භාවනාව 2. ඒක මං පෙන්නන්නම් ඒ දැකලා නැති අයට. ඒ, ඕගොල්ලො දැකලා නැත්තෙ නෑ මේක දැකලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි පාරට කරපු අය තමයි හැබැයි දැකලා තියෙන්නේ. අර ප්‍රඥා diagram එකේ තියෙනවා මේ විදිහට සම්මා දිට්ඨියෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවයි, සම්මා දිට්ඨියයි, ප්‍රඥාවයි. අද උදේ දකිනවා ඒක. අන්න ඒ කෑල්ල. ඒකෙන් හිරිය, හිරියෙන් ඕතප්පය, විරිය, මෙතන මේ ඡන්දය කියන එක එනවා. ඒක මතක නේ ඥාන පථය. ඥාන පථයේ අනිත් පැත්ත. මේ කෑල්ල එනවා. මේකේ පාරවල් දෙකක් තියෙනවා. මේ පාරවල්, B කියන පාර තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ අර නිපකය කියන එක, මේ පැත්තෙන් මේ ඉන්ද්‍රිය අසංවරය නිසා තමා මේ ඔක්කෝම ඇති වෙන්නේ කියන එක. මේක ටිකක් විසාල ගැඹුරු භාවනාවක්. එතකොට මේකෙ මේ B කතාව අපේ අයින් වෙලා තියෙනවා. Path B එක. මොකද නිපකය, අර අපි කිව්වා නේ, සීල පාරිසුද්ධිය කියන එක එනවා. මට පරුෂා වාචය තියෙනවා නම් මේක මට නෙක්ඛම්මය තියාගන්න බෑයි කියන එක මේ කතාව ගිහිල්ලා තියෙන්නේ. දැන් එහෙනම් මට ඉතුරු වෙලා තියෙන්නේ මේ A කතාව, path A එක විතරයි.
ඒ කියන්නේ මං අභිජ්ඣා කියන එක මේ මුල ඉඳන් ම, ශ්‍රද්ධාව තියෙනවා නම් මේ අභිජ්ඣා කියන එක මං සම්පූර්ණයෙන් නැති කරගෙන යන්න ඕනෙයි කියන එකට එනවා. එතකොට, ඒ කියන්නේ අභිජ්ඣා තිබුණා නම් මට දෝමනස්සය කියන එක ඇති වෙනවා. එතකොට අර ඉන්ද්‍රිය අසංවරය මෙතන triangle එකක් තියෙනවා නේ, ඒකත් එක්ක ම. එතකොට මෙතෙන්දි මේ චිත්ත සංස්කාරවලින් ඇති වෙන මනෝ දුශ්චරිතය කියන එක තමයි දැන් අපි කාය දුශ්චරිතයෙන් ඒවා අයින් කරා. ඒ මනෝ දුශ්චරිතය කියන එක තමයි පහ කරලා, මේක දස කුසලය කියන එක වෙනවා.
දැන් මෙන්න මේ වෙනකොට අර සබ්බනිස්සග්ගය, සියල්ල අතහරිනවා කියන කතාව එනවා. සබ්බනිස්සග්ගය. අර හතර වෙනි පාරේ තියෙන්නේ සබ්බනිස්සග්ගය කියන එක. ඒක වෙනකොට මොකද වෙන්නේ? දැන් උඩ කෑල්ල විතර නේ අපි මේ කතා කළේ, මේ යට කෑල්ල ඔක්කොම මැකිලා ගිහිල්ලා නේ, නේ ද?
දැන් එහෙනම් මෙතන ආයතනවලින්, අර ඉන්ද්‍රිය අසංවරය නිසා ආයතනවලින් ඇති වෙන්නා වූ අර 10%, අර 50% කැපිලා. 40%ත් කැපිලා. ඒ දෙක කැපිලා තියෙන්නේ. දැන් මේක, මේ 10%න් වෙන්නා වූ දේ අපි ඇහෙන් රූප බලලා, කනෙන් ගන්නා වූ අන්න ඒ දේ තියෙනවා. ඒක අයින් කරනවා කිව්වහම මේක තමයි මේ දිට්ඨධම්ම සුඛ විහරණය කියලා කියන්නේ. හරි ලස්සනයි දිට්ඨධම්ම සුඛ විහරණය. මොකද්ද මේ දිට්ඨධම්ම සුඛ විහරණය කියන්නේ?
දැන් මේ විදිහට මේ සමාධිය ඇතුව මෙයා ජීවත් වෙනවා. දැන් සම්මා සමාධියට ඇවිල්ලා නේ තියෙන්නේ. සමාධිය සහිතව ජීවත් වෙනවා. දිට්ඨධම්ම, සම්මා දිට්ඨි, දිට්ඨ. ධර්මයෙන් තමයි ඒක ආවේ, ධම්ම. සුඛ විහරණය ධ්‍යානය. දිට්ඨධම්ම සුඛ විහරණය කියන්නේ ඕකයි.
එතකොට මේක පවත්වාගෙන ඉන්නවා කියන එක තමයි ඒක තමයි භාවනාව. ඉතින් ඒක හරි ලස්සනට ආවා. මට අර හොඳට වැටිච්ච එක තමයි අර අනෙක් පැත්තට, අවිහිංසාවෙන් අව්‍යාපාදය, අව්‍යාපාදයෙන් තමන්ගේ නෙක්ඛම්මය කියන එක. මොකද අවිහිංසාව කියන එක, දැන් සම්පප්‍රලාපය ගන්න අවිහිංසාව කියන එකේ කතාවෙදි ගත්තහම. සම්පප්‍රලාපයේ තියෙනවා නිත්‍යයි කියන කතාව. ඒක මේක කර කර, මේ කියන්නේ මේ මනුස්සයා දන්නෙ නෑ මොකද්ද කියලා. මේක මේ පැත්තට යනවා ද අනෙක් පැත්තට යනවා ද දන්නෑ ඉතින් දොඩව දොඩව ඉන්නවා. මේකෙන් පවත්වාගෙන ඉන්නවා. ඉතින් ඒක අර jack එක ගහනවා නේ නිත්‍යයි කියලා.
අන්න ඒ කතාව එන්න ඕනි අපිට අව්‍යාපාදය, පරුෂා වාචය ඒ වාගේ දේවල් නොකර ඉන්න. අර මෝහය කතාව යන්න ඕනෙ.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්