ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මං සිහි කළා අද ජීවමානව වැඩ සිටින ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වන ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. එතකොට මේ විදිහට වැන්දා. මේ විදිහට අනුපිළිවෙළින් බුදුවරු හත් නම සිහි කරලා වැන්දා. දාහතර නම සිහි කරලා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා වැන්දා දාහතර නමට ම.
බුද්ධං සරණං ගච්ඡාමි කියලා ලෝභය නැති කරමි කියලා මේක මම සිතනකොට ම මට අර සෝකය කියන කතාව, සෝකයේ ඉඳන් සෝකයට යන කතාව මට මෙනෙහි වුණා. එහෙනම් අර ද්වේෂය නැති කරමි කියන භාවනාවෙදි අපි කරන්නේ මේ අපි සෝකයේ ඉඳන් සෝකයට යනවා කියලා, අන්න ඒක.
ඒක ගත්තහම දැන් මං දන්නවා නේ මේ යට triangle එක තියෙනවා නේ. පරාමාසයයි, පරිදේවයයි, සෝකයයි, භය අගතියයි. ඔන්න ඔය කෑල්ල මම ගත්තේ. එතකොට මමංකාරය තුළ සෝකය අඩංගුයි කියන එක මට ආවා. ඒ වගේ ම අහංකාරය තුළ පරිදේවය අඩංගුයි කියන එක ආවා. දැන් අවුරුදු දාසයක ලස්සන ගෑනු ළමයෙක් ගත්තොතින් එයාගේ මේ රූපය කියන එක වෙනස් වෙනවා නම්, ඒ කියන්නේ එයාගේ pimple එකක් එහෙම ඇවිල්ලා තියෙනවා නම් එයාට පරිදේවය කියන එක වෙනවා. එයා අහංකාර ගතිය තියෙන්නේ, ඒක තියෙනවා.
එතකොට යම් අයෙකුට, තවත් කෙනෙක්ව බැලුවොතින් එහෙම නැති කෙනෙකුට, දැන් අපි හිතමු ඉද්ධි ප්‍රාතිහාර්යය පාන්න බැරි නම්, තව අයෙකුට පුළුවන් ය කියලා කියනවා නම් ඒ තමන්ගේ අහංකාරය කියන එක බිඳ වැටෙනවා කියන එක තියෙනවා.
අනෙක් පැත්තට ගත්තහම මමංකාරය වශයෙන් තමන්ට මනාප වූ වේදනාවක් නොවන්නේ නම් ඒ සෝක කිරීම කියන එක මමංකාරයේ සෝක කරන ස්වභාවයට උදාහරණයක් වශයෙන් අපිට පේනවා. මනාප වූ වේදනාවක් වෙනස් වෙනවා නම් ඒක එහෙමයි කියලා.
එතකොට මම හරියට දැක්කා මේ අහංකාරයයි මමංකාරයයි කියන එක හරියට මේ ගලකට නූලක්, ලණුවක් බැඳලා රවුමට කරකවනවා වාගේ. අහංකාරය විසින් අරක උඩට උස්සලා දෙනවා. පළවෙනි half එක. මමංකාරය විසින් නැවතත් අර අහංට ඉස්සවීම සඳහා පටන් ගත්ත තැනට පහළ තැනට ගෙනත් දෙනවා. එතකොට මේ අහං විසින් සඤ්ඤා චේතනා කොටස සාදා දෙනවා. ඒ කියන්නේ අපි දන්නවා අර අහංකාරය කියන line එක දික් කළා ම පරිදේවය පරාමාසය යන්නෙ සඤ්ඤාව. ඒකේ උඩට ම ගියා ම අර පරාමාසය, භය අගතිය කියන line එක උඩට ගියා ම චේතනාව. එතකොට සඤ්ඤා චේතනා දෙක තමයි එයා උස්සලා දෙන්නේ එතෙන්ට.
එතකොට මමං කරන්නේ මොකද්ද, එයා චේතනා විඤ්ඤාණ කොටස හදලා දෙනවා. අර area 8 කියන එක එනවා. අහංට එනවා area 7 කියන එක, සඤ්ඤා චේතනා පරාමාස area එක. මමංට ඒකේ opposite area එක එනවා, චේතනා පරාමාස විඤ්ඤාණ කියන area එක. එතකොට මෙන්න මේ විදිහට මෙයා මේ චේතනා විඤ්ඤාණ කොටස මගින් අර භවය පැවැත්වීම කියන එක කල්පනා කරනවා මමං.
එතකොට දැන් මට එනවා මේ පිරිමියෙක් නම් ගැහැණියක් හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා. පිරිමියා අහංකාර වෙලා තියෙන්නේ මොකට ද? එයා අහංකාර වෙලා තියෙන්නේ වේදනාවට. ඒ කියන්නේ එයාගේ මේ ශරීරයෙන් මෙසේ වේදනා විඳිමි කියලා එයා සිතනවා. එහෙම වේදනාවන් එයා පතනවා. ඔහුගේ නිරෝගී වූ ශරීරයෙන් මෙය පවත්වමි යැයි එයා සිතනවා. ඒකයි ඒ පිරිමියාගේ කතාව.
ගැහැණිය අහංකාර වෙලා තියෙන්නේ රූපයට. ඇය මෙම රූපය නිසා එයින් මත් වන්නේ, පිරිමියෙකු මෙම රූපය නිසා මට අවනත වන්නේ නම්, ඒ කියන්නේ subject to කියන එකයි මේ කියන්නේ. යටහත් වන්නේ නම් කියලා එම රූපයට, රූප අගයට යටහත් වන්නේ නම් මනාප වෙනවා.
මේක වටහා ගැනීමත් සමඟ ම මගේ සිත අධික ලෙස සමාධිගත වුණා. සතිය ඇති වුණා. ප්‍රීතිය ගලනවා මේ කකුලෙන් leg එකෙන් මට දැනෙනවා ප්‍රීතිය හෝ ගාලා කෙන්දෙන් එහෙට එනවා. විරිය ඉද්ධිපාදය එහෙන් තියෙනවා හොඳින් දැනෙනවා මට.
ඒ වගේ ම මේ ප්‍රඥාවෝ කියන එක. ඉහළ ම වූ ඒ චිත්තයන් නැංවිලා ප්‍රඥාවෝ මනා කොට පවතිනවා. සමාධියත් උග්‍ර වෙලා පවතිනවා. ප්‍රීති සහගත බව නිසා මට පස්සද්ධිය තියෙනවා ඉතින් පස්සද්ධියෙන් මේ විදිහට අර සමාධිය, උපෙක්ඛාව කියන එක තියෙනවා. ඒ උපෙක්ඛාව සහිතව වාසය කළා. ඉතින් ඒ අකනිට්ඨා මණ්ඩලය ම ඇසුරු කොටගෙන පතාගෙන තමයි මං මේ ඒ හරියෙදි ඒ භාවනාව කළේ.
ඒක තමයි භාවනාව.