මං ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් සිහි කළා මේ ලෝකයේ සිටින්නා වූ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, බුද්ධිමත්, පළවෙනි බුදුපියාණන් වශයෙන් සිහි කරලා වැන්දා. ඔය විදිහට තුන් නම සිහි කරලා වැන්දා. හත් නම සිහි කරලා වැන්දා. දාහතර නම ම සිහි කරලා, සහම්පති බුදුපියා දක්වා සිහි කරලා වැන්දා.
ඊට පස්සේ මං කල්පනා කළා ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියන එක. එතෙන්දි ආවා අර කොඩියේ කතාව ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි කිව්වහම අර 7.7 යන එක, මෝහය නැති කරමි කිව්වහම අර චේතනා, විඤ්ඤාණ, මෝහ කොටස.
මෙතෙන්දි මට ආවා මේ මක්ඛය කියන එක ඇති වෙන්නේ මොන රවුමේ ද කියලා මෙනෙහි කළා. මේක බලාගෙන ගියා ම අර උද්ධච්චය, මක්ඛය, කුක්කුච්චය කියලා එහෙම අපිට මතකයි නේ. ඉතින් මං ඒ පාර ඒකත් සිහි කළා. මේ විදිහට සිහි කරගෙන ගිහිල්ලා ඉතින් මට තේරෙනවා මේ අර කොධො මොස වජ්ජන්ති එකේදි මුසාව කලින් වුණා වගේ මේ මක්ඛයත් මේ රවුම්වල තියෙනවා කියලා මට තේරෙනවා.
එතකොට රහතන් වහන්සේගෙන් විමසුවා ම රහතන් වහන්සේ කිව්වා “පළවෙනි රවුමේ ඉඳන් ම ඒක තියෙනවා” කියලා. ඒ කියන්නේ අර මිච්ඡා දිට්ඨිය ඇති වුණා නේ. නිර්වාණයේ ගුණය කියන එක මැකුනා. පළවෙනි එකේදිම අර සුභයි කියලා ගත්ත ගමන්.
එතකොට මේවායෙන් එහෙනම් significant කොයි එක ද කියලා මං ඇහුවා. ඒ පාර කිව්වා දාහත් වෙනි රවුමයි කියලා. එතකොට අපි දන්නවා දහතුන වන රවුමේ දී ක්‍රෝධය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ දැන් පහළොව කියන රවුමේ දී අර මුසාව කියන එක significant වෙනවා. කොධො මොස වජ්ජන්ති එතන මුසාව කියන එක අර, විද්‍යාමාන වෙච්ච දුක්ඛය තියෙද්දි මේ මනුස්සයා කල්පනා කරනවා මට මේ, got to be a way කියලා අර මනුස්සයා හිතනවා නේ. එතනදි මුසාවක් ඇති වෙනවා. ඒ මුසාව අර ලොකු මුසාවක් එතෙන්දි. ඊට පස්සේ තමයි මේ, දැන් මුසාව වුණා නම් ඉතින් අර මගේ කියලා ගත්ත එක ලොකුවට ම ගිහිල්ලා තියෙන්නේ.
ආන්න දාහත් වෙනි රවුමේ දී තමයි මක්ඛය හුඟාක් ම significant වෙන්නෙ. මේක බැලුවත් එක්ක ම මට මේ දේව රූප පෙනීම කියන එක වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔය අම්මාව එහෙම දැක්කා, මහා ලක්ෂ්මී දේව මාතාව එහෙම දැක්කා.
ඉතින් ඊට පස්සේ මට තේරුණා දැන් මේ මෙතන විඤ්ඤාණඤ්චායතනය වෙනවා කියලා. ඒකත් මං දන්නවා. හත් වෙනි ධ්‍යානය වෙනවා කියලත් දන්නවා. ඊට පස්සේ අට වෙනි ධ්‍යානය කියන එකත් ඉබේම වාගේ ඇති වුණා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. ඉතින් එහෙම ටිකක් වෙලා ඉඳලා මං ඒකෙන් එලියට ආවා. ඒක තමයි මගේ භාවනාවට තිබුණේ.
මක්ඛය මෙනෙහි කළා ම ඔය තත්වෙට පත් වෙනවා.