Date: 17/05/2014 Name: Soka bhavana

එතකොට අද ඒ භාවනාව ඒ සෝකය කියන භාවනාව. ඒ උත්තරීතර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින්නා වූ පළමු වන, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියා වශයෙන් සිහි කරලා වැන්දා. ඒ විදිහට ම හත් නමක් සිහි කරලා වැන්දා. සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා දාහතර නම ම සිහි කරලා වැන්දා.

මට ඊයේ භාවනාව ම නැවත කරන්නයි කියලා මට පැවසුවා. මං ඊයේ භාවනාවේ තිබුණේ අර දාහත් වෙනි රවුම අර මක්ඛය significant වෙනවා කියන එක නේ. ඉතින් ඒ, මේ භාවනාවෙදි බැලුවේ මේ දහනම වෙනි රවුමේ දී කුමක් ඇති වෙනවා ද කියන එක තමයි බැලුවේ. කුමක් significant වෙනවා ද කියන එක. එතකොට මේ මම දැක්කා මේ පරිදේවය කියන එහා කෙළවර කියන එක මම දැක්කා. මම ඒ දකින්න ඉස්සෙල්ලා මම කල්පනා කර කර හිටියේ මේ මක්ඛය නිසා කුක්කුච්චය වෙනවා කියලා. එතකොට මක්ඛයෙන් කුක්කුච්චය වෙනවා කියන එක, එතකොට කුක්කුච්චය ද දහනමය කියන එක තමයි මම සිහි කළේ. සිහි කරලා රහතන් වහන්සේගෙන් ඇහුවා ම “ඒක එහෙම ම යි කියලා කියන්නෑයි” කියලා කිව්වා. ඒ කියන්නේ මක්ඛයෙන් කුක්කුච්චය වෙනවා කියන එක හරි, significant වෙනවා කියන එක නෙවේ.

රහතන් වහන්සේ මගෙන් ඇහුවා “පස්සං භයං කායසංඛාරං කියලා කියන්නේ කුමක් ද” කියලා. කාය සංස්කාරයන්ගේ නිරෝධය. ආශ්වාස ප්‍රශ්වාස නිරෝධය. එතකොට ඒ කියන්නේ පාණාතිපාතා, අදින්නාදානා, කාමෙසුමිච්ඡාචාරා කියන ඒවාගේ නිරෝධය. මේක ඇති වෙන්න නම් මේක සඳහා, නිකන් සිද්ධ වෙන්නෙ නෑ මේක ලෝභ දෝස මෝහයන්ගේ නිරෝධ වෙන්න ඕනෙ කියලා මට වැටහුණා.

ඒකත් එක්ක ම අර සිත හරියට විසාල වුණා. විසාල වෙලා අර පාරිසුද්ධිපධානියඞ්ගයන්වලට අඳින්නා වූ අර diagram එක තියෙනවා නේ. අන්න ඒකේ අපි දන්නවා අර චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයෙන් අයින් කරන්නේ අර අභිජ්ඣා කියන කොටසෙන් එන්නා වූ ඒ දේ තමයි එතන ඇති වෙන්නේ. එතකොට අභිජ්ඣා කියන එක නැති වෙන්න නම් අපි දන්නවා අර දෙවෙනියට තියෙන සීල පාරිසුද්ධියෙන් අපි කියන ව්‍යාපාදය කියන කතාව නැති වෙන්න ඕනෙ. ඉතින් ව්‍යාපාදය කියන කතාව නැති වෙන්න නම් අර මිච්ඡා දිට්ඨි කතාව නැති වෙන්න ඕනෙ අර තුන් වෙනි කොටසෙන්, දිට්ඨි පාරිසුද්ධියෙන් ඇති වෙන්නා වූ දේ.

එතකොට මෙතන අන්න ඒ diagram එක මට තේරුණා, මිච්ඡා දිට්ඨිය නිරෝධ වෙන්න ඕනෙයි කියලා. එතකොට එහෙම නම් මට කල්පනා වෙනවා මේ රවුම අටෙන් පස්සේ අර අවිද්‍යා ආශ්‍රවයේ සිටන් කාම ආශ්‍රවයට යන්නා වූ දේ නිරෝධ වෙන්න ඕනෙ. අවිද්‍යා ආශ්‍රවයෙන් තමයි කාම ආශ්‍රවයට යන්නෙ, මිච්ඡා දිට්ඨියෙන් ඔතන අවිද්‍යා ආශ්‍රව කතාවයි ඇති වෙන්නේ. එතකොට ඒ යන දේ නිරෝධ වෙනවායි කියලා කල්පනා වුණා ම මට මතක් වුණා අර diagram එක, සෝකයේ ඉඳන් අපි දන්නවා නේ එතන ආපහු සෝකයටයි යන්නේ කියලා. එතකොට අපි අවිද්‍යා ආශ්‍රවයෙ දී පළවෙනි එකට අපි input එක හැටියට ගන්නේ, අටෙන් පස්සෙ අර input එක හැටියට ගන්නෙ අර අපි කිව්වේ සෝකයේ ඉඳන් පරාමාසයට, පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට. අන්න ඒකේ තමයි මේ මක්ඛය කියන එකත් තියෙන්නේ. එතකොට 1 යි 2 යි කියලා ලකුණු කළා නේ. 1 සෝකයේ ඉඳන් පරාමාසයට යන එක, 2 පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට යන එක. ඒ කියන්නේ මෙන්න මේ 1 යි 2 යි කියන එක නිරෝධ වෙන්න ඕනෙ. ඒ දෙක නිරෝධ වෙනවා නම් අපි සෝකයේ සිට නැවතත් සෝකයට යෑම කියන එක නතර වෙනවා. ඒක නවත්තන්න ඕනෙයි කියන එකයි තියෙන්නේ.

එතකොට දාහත් වන රවුමේ දී මේක සිදු වෙන්නේ නම් දහනමයක් කොයින් ද කියන එකයි තියෙන්නේ. මෙසේ නොවන්නේ නම් දහනම වෙනි රවුමේ දී සෝකය අධික වන්නේ ය කියන එක තමයි කිව්වෙ. ඉතින් ඊට පස්සේ ඒ භාවනාව ඉතින් මං නැවැත්තුවා, මිනිත්තු තිස් පහක් ගිහිල්ලා.

ඒක තමයි භාවනාව. සාධු පියවරුනි කියලා මේක අවසන් කළා.