මේ භාවනාවේ නම පරිදේව සොකො. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ සිටින පළමු වන ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, උත්තරීතර බුදුපියාණන් වහන්සේ කියලා මෙනෙහි කළා. කියලා වැන්දා. ඒ විදිහට තුන් නමක් මෙනෙහි කරලා වැන්දා. හත් නමක් මෙනෙහි කරලා වැන්දා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර නම ම සිහි කරලා වැන්දා.
ඊයේ භාවනාව නැවතත් පටන් ගන්නෙයි කියලා මට සිතුණා. ඒ පාර දාහත් වෙනි රවුමේ දී මක්ඛය සිතට ඇතුල් වෙලා ඇත්තේ කියලා තියෙනවා. අපි දන්නවා ඒක. දහඅට වෙනි රවුමේ දී කුමක් ද කියන එක මං කල්පනා කළා. එතකොට මේ දහඅට වෙනි රවුමේ දී ගත්තහම අපිට එනවා picture එකක්. පරාමාසයයි, ඉදංසච්චයයි, මෝහ අගතියයි කියන්නා වූ එක, area එක 6 එක හැටියට අපි දන්නවා. ඊළඟට ඕක අපි compare කරලා බලනවා area 5 එක, ඒ කියන්නේ පරාමාසයයි, භය අගතියයි, මෝහ අගතියයි කියන්නා වූ area එකත් එක්ක compare කරලා අපි බලනවා.
එතකොට මේ area එකේ යට අපි දන්නවා මරණය තියෙනවා මෝහ අගතිය යටින්, භය අගතිය යටින් ව්‍යාධිය කියන එක තියෙනවා. ඊළඟට ගත්තහම පරිදේවයයි සෝකයයි තියෙනවා. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක තියෙනවා. දැන් අපිට පේනවා මේ area 6 කියන එක තුළ කාමරාග අනුසය area එක ඇතුළත් වෙලා තියෙනවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ පරාමාසය, ඉදංසච්චය, මෝහ අගතිය කියන area එක ඇතුළේ අර කාමරාග අනුසය කියලා අපි අර ත්‍රිපීසියම වාගේ area එක තියෙනවා කියලා දන්නවා.
දැන් දාහත් වෙනි රවුමේ දී ගත්තහම මක්ඛය සිතට ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කාමරාග අනුසය area එක active වෙලා තියෙන්නේ. මගේ යැයි කියලා ගත්ත හින්දා. දැන් මේ area එක අපි සසඳලා බලනවා area 5 එකත් එක්ක. ඒ කියන්නේ පරාමාස, භය අගති, මෝහ අගති කියන area එකත් එක්ක සසඳලා බලනවා. දැන් අපිට තේරෙනවා area 5 කියන එක තුළ අර area 7 කියන එකේ අදහස තියෙනවා. Area 7 කියලා කියන්නේ සඤ්ඤා, චේතනා, පරාමාස. ඒ කියන්නේ සඤ්ඤාවෙන් චේතනාව යම් සේ ද, සඤ්ඤාව නිසා චේතනාව යම් ආකාරයකට සිද්ධ වෙනවා ද, අන්න ඒ ආකාරයට ම යි මේකත් සිද්ධ වෙන්නේ කියන එක මට පෙනුණා.
ඒ කියන්නේ පරිදේව සහිත සඤ්ඤාව, අපි දන්නවා අර, ඔය මක්ඛය කියලා එහෙම ගත්තට පස්සෙ අර පරිදේව සහිතව සඤ්ඤාවක් තියෙනවා කියලා අපි අර බැලුවා 1 ඉඳන් 6 දක්වා අපි අලුතෙන් අර පාරක් හොයා ගත්තා නේ, සෝකයේ ඉඳන් ආපහු සෝකයට එනවා කියලා. අන්න ඒ අවස්ථාවේ දී තෝරගත්තා අපි ඒ පරිදේව සහගතයි කියලා සඤ්ඤාව. මැරිලා වැටෙනවා කියලා දැනගෙන. එතකොට ඒ පරිදේව සහිත සඤ්ඤාව නිසා චේතනාව යම් ආකාරයි ද, අන්න ඒ ආකාරයටයි, එසේ ය කියලා මට ඒක ආවා.
එතකොට මට පේනවා හරියට මේ සඤ්ඤාවෙන් යම් ආකාරයකට චේතනාව වෙනවා ද, මේ දකුණු අත පැත්තේ, මරණය පැත්තේ ඉඳන් ව්‍යාධියට එන්නා වූ ස්වභාවය තියෙනවා. පරිදේවයේ ඉඳන් සෝකයට යන්නා වූ ස්වභාවය තියෙනවා. මේක හරියට අර vector එක, උඩ vector එක මේ පැත්තට එනකොට අනිත් එක මෙහාට එනවා කියන එක තියෙනවා.
එතකොට ඒ විදිහට දැන් පේනවා මේ මරණයට පත් වන චිත්ත සංස්කාරයන් නිසා රෝගී වන ස්වභාවයක් මනසට තියෙනවා කියලා. ආයෙත් පෙන්නනවා, පරිදේව සහිත සඤ්ඤාවෙන් අපි සෝකය කරා දුවනවා. මේක හරි ලස්සනයි, මේකේ සෝකය කරා දිවීමක් තියෙනවා.
පළවෙනි කතාවෙදි, ඒ කියන්නේ මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියලා කිව්වහම ඒ කියන්නේ රෝගී වන ස්වභාවයක් මනසට තියෙනවා, මේ හදන එක මැරෙනවා කියලා. දෙවෙනි අවස්ථාවේ දී පරිදේවය සහිත සඤ්ඤාවෙන් අපි සෝකය කරා දුවනවා, running.
ආයෙත් පේනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය උරුම කරගන්න අපි උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ කාරණා ටික මගේ මෙනෙහි වෙලා එනකොට, ඉතින් මේ බලනකොට ම මගේ ආකිඤ්චන විමුක්තිය තියෙනවා කියලා මට තේරුණා. ඇති වෙලා තියෙනවා.
දැන් එතකොට area 5 එකත් එක්ක මං 6 එක සංසන්දනය කරන්න ගියේ. මට දැන් සංසන්දනය කරන්න ඕනෙකමක්වත් නෑ. මොකට ද මේක සංසන්දනය කරන්නේ? මොකක් හේතුව නිසා ද? අරක තුච්ඡ හින්දා. Area 6 එකේ තියෙන කාමරාග අනුසය ගත යුත්තක් නැති හින්දා. ඉතින් මං කල්පනා කළා මේ කාමරාග අනුසය කෙසේ සැසඳිය හැකි ද, නිර්වාණයේ ගුණ ඇති දෙයක් සමඟ? ඒ කියන්නේ මේ ආකිඤ්චන විමුක්තියේ තියෙන්නේ නිර්වාණයේ ගුණයන්, ඒකත් එක්ක අර වාගේ තුච්ඡ දෙයක් සලකන්න බැහැයි කියලා මට වැටහුණා.
එතකොට මට ආයෙත් එනවා මේ නිර්වාණය සමඟ යමක් ගළපා බලන්නේ නම් ඉතින් සෝකය ම තමයි ඇති වෙන්නේ කියලා. එතකොට දහඅට වෙනි රවුමේ දී පරිදේව රවුමයි කියලා අපි කියනවා, දහනමය රවුම සෝක රවුම වෙනවා.
ඉතින් සාධු උතුම් බුදු පියවරුනි කියලා මේක කළා. ඉතින් මේක හරි සතුටු භාවනාවක්.