ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ජීවමානව වැඩ සිටින පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේයි කියලා වැන්දා. අනුපිළිවෙළින් මං තුන් නම, හත් නම, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා දාහතර නම ම වැන්දා. අර ලෝභය නැති කරමි කියලා කියනකොට මං කල්පනා කරා අර, අපි දන්නවා නේ කබලිංකාර ආහාර, වේදනා, ගිද්ධිලෝභ කියන area 1 එක, ඒක නිසා area 6 එක හැදෙනවා. පරාමාස, ඉදංසච්ච, මෝහය කියන area එක හැදෙනවා. ඉතින් කොහොම ද මේ 1 එකෙන් 6 එක හැදෙන්නේ කියන එක මම බැලුවා.
ඒක මෙනෙහි කළා ම මං දන්නවා අර චේතනාව නිසා අර අවිද්‍යා ආශ්‍රවය හරහා වෙනවා කියලා අර තයොධම්ම සූත්‍රයට අනුව අපි දන්නවා. ඒ, ඒ area එකට එනවා කියන එක බැලුවහම දැන් මං චේතනාව කියන එක මං වරහනක් ඇතුළේ දාගන්නවා මක්ඛය කියලා. මක්ඛය වශයෙන් මං බැලුවා. ඒ කියන්නේ නිවනින් පිටත දෙයක් ගැනීම අපර චේතනා. දැන් මක්ඛය කියලා කියන්නේ දාහත් වෙනි රවුම. දහඅට වෙනි රවුම කියන්නේ පරිදේවය. අර ඊයේ භාවනාව අපි කරා නේ සැසඳීමක්. අර area දෙකක් සැසඳුවා නේ area 6 එකයි area 5 එකයි සැසඳීම කියන එක කළා. එතකොට මං ඒ area 6 එක කියලා කිව්වේ පරාමාස, ඉදංසච්ච, මෝහ අගති. Area 5 කිව්වහම පරාමාස, භය අගති, මෝහ අගති කියන area එක.
එතකොට ඉතින් අර ඔය දෙක කැපෙන තැන, පරාමාසයේ ඉඳන් මෝහ අගතියයි, ඉදංසච්චයයි, භය අගතියයි කියන තැන මම ලියාගන්නවා පරිදේව වූ චිත්ත සංස්කාර කියලා. එතකොට ඊට පස්සේ දැන් ඉතින් අපිට ලියාගත්තැහැකි අර ව්‍යාධිය භය අගතියට යටින්, මෝහ අගතියට යටින් මරණය, ඊළඟ ඒවා, භය අගතියට යටින් සෝකය, මෝහ අගතියට යටින් පරිදේවය. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, ඒ විඤ්ඤාණ ආහාර පැත්තෙන් අප්‍රියේහි සම්ප්‍රයෝගය ඊළඟට මේ පැත්තෙන් එනවා.
දැන් එතකොට අපි දන්නවා මේ චිත්ත සංස්කාර මැරෙන නිසා මේ ව්‍යාධි ස්වභාවය මනසේ තියෙනවා කියලා. ඒක අපි ඊයේ ඉගෙන ගත්තා. එතකොට දැන් මෙතෙන්දි මම උදාහරණෙකටත් ගත්තේ මේ යමෙකුට යමක් ලැබුණා හෝ අවබෝධ වුණා කියලා කෙනෙකුට පැවසුවොත්, එම පුද්ගලයා ඒක පිළිගන්නේ නැත්තන් අර මනසේ ව්‍යාධි ස්වභාවයකට පත් වෙනවා. අර චිත්ත සංස්කාරය එතන මැරෙනවා. ඒ මැරුණාහම අර ව්‍යාධිය කියන එක ඇති වෙනවා. එතකොට මේ වෙලාවෙදි තේරුම් ගත්තා මෙහි දී අපි මේ පරිදේවයේ ඉඳන් සෝකය කරා අපි දුවනවා කියන එක අපි ඊයේ බැලුවා.
යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ පෙර ඇති වූ ව්‍යාධි ස්වභාවය, හටගත්තා වූ ව්‍යාධි ස්වභාවය කියන එක තියෙනවා. දැන් සෝකය සල්ලයක් වන නිසා, අපි නැවතත් පුනපුනා අප්‍රියේහි සම්ප්‍රයෝගය කරා අපි දුවනවා. එතකොට මේක දැනගත්තත් එක්ක ම මට චෙතො විමුක්තිය තියන බවත්, ප්‍රඥා විමුක්තිය තියන බවත්, ඒ නිසා ම මේ ප්‍රීතිය ඇති බවත් මේ කකුල් දෙකෙන් ම ප්‍රීතිය දැනිලා ඔළුවේ හතර කොනත් පත්තු වෙලා තියෙනවා කියලා, ඒ කියන්නේ සියලුම විමුක්තීන් තියෙනවා කියලා මනා කොට මට වැටහුණා. වෙන් වෙන් වශයෙන් ඒවා වෙන් කරලා හඳුනා ගන්නත් පුළුවන් වුණා. ඒකත් එක්ක ම මම දකිනවා මේ අර පල්ලෙහා තිබෙන්නා වූ කාරණා 6 හරියට අර hourglass එකේ තියෙන shape එකට මට පේනවා.
ඒ කියන්නේ ව්‍යාධියයි මරණයයි කියන එක තියෙනවා. අපි ව්‍යාධියේ ඉඳන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට ඉරක් ඇන්දොතින්, මරණයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට ඉරක් ඇන්දොතින්, දැන් මේ දෙක කැපෙනවා. මේ මැද්දේ හරියට අර එකක් අල්ලලා කරකවනවා, රවුමට කරකවනවා. ඒ කියන්නේ දෙපැත්තෙන් ඉන්නවා එක්කෙනෙක් සෝකය, අනිත් පැත්තෙන් පරිදේවය.
අපි දන්නවා සෝකයේ ඉඳන් අපි ආපහු සෝකයට ම යි එන්නේ. ඒ කියන්නේ සෝකය ගිහිල්ලා පරිදේවය වෙලා සෝකයට ම එනවා කියන එක අපි දන්නවා. ඒක අපි ඉගෙන ගත්තා කලින්. එතකොට මෙතන සෝකය කියන එක සල්ලයක් විදිහට ක්‍රියාත්මක වෙනකොට අපි මරණයේ සිටන් ව්‍යාධියටත්, ව්‍යාධියේ ඉඳන් මරණයටත් යනවා. එතකොට අර උඩ cone එක වාගේ hourglass එකේ උඩ කෑල්ල හැදෙනවා.
ඒ වගේ ම අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය දක්වා ගමන් කරනවා කියන එක පේනවා. එතකොට යට cone එක වාගේ hourglass එකේ කෑල්ල හැදෙනවා. එතකොට ඒ භාවනාවේ ඒ නම තමයි දුක්ඛය.
ඉතින් සාධු පියවරුනි කියලා මේක අවසන් කළා.