Date: 20/05/2014 Name: AkincannaVimutti bhavana

ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. දැන් මං මුලින් ම සිහි කළා උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ජීවමානව වැඩ සිටින පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. එතකොට ඒ තුන් නම සිහි කරලා වැන්දා, හත් නම සිහි කරලා වැන්දා, දාහතර නම ම සිහි කරලා වැන්දා.

ඒකේ ඒ සිහි කරලා ඉවර වෙලා අර ලෝභය නැති කරමි කිව්වහම කෙළින් ම මං අර area 1 එකෙන් area 6 එක කියන එකට එනවා. ඒ කියන්නේ පරාමාසකායගන්ථය, ඉදංසච්චය, මෝහය කියන එක. ඉතින් මෙතෙන්ට ආවාට පස්සෙ අර චේතනාව අර මක්ඛය කියලා අරගෙන තියෙනවා නේ දාහත් වෙනි රවුම කියන එක බැලුවා. ඒ කියන්නේ, ඒ විදිහට බැලුවට පස්සේ දැන් අන්තිමට එනවා නේ, ඒ කතාවෙදි අන්තිමට අපි ආවා ඔය ව්‍යාධියයි, මරණයයි, සෝකයයි, පරිදේවයයි, අප්‍රියේහි සම්ප්‍රයෝගයයි, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන ඒ කොටසට.

ඒ කොටසට ආවට පස්සේ ඒකෙන් අපි බැලුවා මේක, මරණයේ ඉඳන් ව්‍යාධියට, ඒ කියන්නේ අපි මරණය කියන එක, චිත්ත සංස්කාර මැරෙනකොට අපේ මනසේ ව්‍යාධි ස්වභාවය තියෙනවා. ඊට පස්සේ අපි පරිදේවයේ ඉඳන් සෝකයට දුවනවා කිව්වා. ඊළඟට අපි ආයෙත් කිව්වා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය ඇති කරගන්න උත්සාහ කරනවා කියලා. එතකොට මෙතන මේ පල්ලෙහා එක අපි දැක්කා hourglass එකක් වශයෙන් කලින්. ඊයේ භාවනාවෙදි.

එතකොට ඒ hourglass එකේදි දැන් පේනවා මෙහෙම දෙයක්, දැන් ව්‍යාධියේ ඉඳන් කෙනෙක් මරණයට යනවා නම්, ව්‍යාධියේ ඉඳන් මරණයට යන අවස්ථාව ගත්තහම, එතකොට අර ඒක නිකන් path එකක් වාගේ වෙනවා. ව්‍යාධියෙන් මරණයට යනකොට මම සෝකයෙන් පරිදේවයට යනවා කියන එක තියෙනවා. ඒක කරකවන එක එහෙම තියෙනවා නේ. එතකොට එහෙම නම් ඒ ව්‍යාධියෙන් මරණය, ඊළඟට මරණය නිසා මට තියෙනවා අප්‍රියේහි සම්ප්‍රයෝගය. අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් මං දැන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන එකට යනවා. ඒක යැවෙන්නේ දැන් එහෙම නම් මෙන්න මේ sequence එක. ව්‍යාධි, මරණ, අප්‍රියේහි සම්ප්‍රයෝග, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියලා එක විදිහකට එනවා. ඉතින් ඒක අර තමන් උදාහරණත් එක්ක බැලුවහම තමන්ට ඒක හොඳට වැටහෙනවා.

Hourglass.jpg

අනිත් අතට ඔය ආපහු පටන් ගන්න පුළුවන්, දැන් මෙතනින් පස්සෙ මළාට පස්සෙ ඔයා යන්නෙ ව්‍යාධියට. එතකොට එහෙම නම් එතෙන්දි sequence එකක් එනවා මරණයෙන් ව්‍යාධියට යනවා, ව්‍යාධියෙන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, ඒ අප්‍රියේහි සම්ප්‍රයෝගයට ඊළඟට එනවා කියලා. එතකොට මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියලා කිව්වහම අපි දන්නවා මේ පරිදේවයේ ඉඳන් සෝකයට කියන කතාව, ඒ සල්ලයේ කතාව ඒ විදිහට ම යි වැඩ කරන්නේ ඒ දෙක. එතකොට ඒ විදිහට ආවහම ව්‍යාධි ගුණය කියන එක යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන එක තුළ තියෙනවා, අපි උරුම කරගෙන තියෙනවා. ඒක නිසා අපි අප්‍රියේහි සම්ප්‍රයෝගයට යනවා කියන එක සිද්ධ වෙනවා.

එතකොට අර sequence දෙකකට සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ව්‍යාධි, මරණ, අප්‍රියේහි සම්ප්‍රයෝග, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන sequence එක. ආයෙත් පේනවා මරණයේ ඉඳන් ව්‍යාධියට, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, ඊළඟට හතර වෙනි කාරණයට අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එකට එනවා කියලා.

එතකොට මේ විදිහට මේ භාවනා කළහම ආකිඤ්චන විමුක්තියේ උග්‍රභාවයෙන් වාසය කරන්න පුළුවන්කමක් තියෙනවා. ආයෙ වෙන මොකක්වත් හිතන්න ඕනෙත් නෑ, හිතන්න අවශ්‍යත් නෑ, එහෙම්ම ම ඉන්න පුළුවන්. ඒ රූප පෙනෙන ස්වභාවයකුත් තියෙනවා, ඒ විමුක්තියේ ඔහේ ඉන්න පුළුවන්කම තියෙනවා.

ඒක තමයි භාවනාව. සාධු පියවරුනි.