Date: 21/05/2014 Name: Akincanna samaapatti kusala

එතකොට ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම පළමු වෙනි බුදුපියා වශයෙන් සිහි කරලා වැන්දා. මේ විදිහට තුන් නම සිහි කරලා වැන්දා, හත් නම සිහි කරලා වැන්දා, සහම්පති බුදුපියා දක්වා සිහි කරලා දාහතර නමට ම වැන්දා, ඉතින් ඒ වෙනකොට අර ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියවරු කියලා මම සිහි කරලා වැන්දා.

ලෝභය නැති කරමි කියලා කිව්වහම මට අර triangle එක මතක් වුණා. කබලිංකාර ආහාරය, ඊළඟට ජාතිය, ඊළඟට උඩ ඇති වෙන්නා වූ චේතනාව. ද්වේෂය නැති කරමි කිව්වහම අපි දන්නවා නේ අර දුක්ඛ දුක්ඛතාවයට යන triangle එක ඒක. මෝහය නැති කරමි කිව්වහම අර චේතනා, විඤ්ඤාණ, මෝහ කියන triangle එක මං මෙනෙහි කළා. දැන් මං මේ විදිහට පන්සිල් අරගන්න යනවා, අරි අට මඟ හරහා ගිහිල්ලා හතර වෙනි ධ්‍යානයට යනවා කිව්වහම එතනින් පටන් ගන්නෙයි කිව්වා.

ඒ පාර මම අර ආහාර 4 නිසා, මං බැලුවා කබලිංකාර ආහාරය අර ජාතිය දුක්ඛය ඇති වෙනවා, දුක්ඛය ස්පර්ශ වෙලා අපිට අර ජරාව දෝමනස්සය ඇති වෙනවා, මේක පවත්වන්න බැරිකම නිසා ව්‍යාධිය ඇති වෙනවා. ඒ ව්‍යාධි සෝකය කියන එක තියෙනවා. මෙහෙම, මේ තත්වෙට පත් වුණා වූ ලෙඩ සහගත වූ සංස්කාරයකින් හදන විඤ්ඤාණය ඉතින් මරණයයි පරිදේවයයි කියන එක බැලුවහම ඉතින් හතර වෙනි ධ්‍යානයට ඇවිල්ලා හිටියා.

ඒ එතෙන්ට ආවාට පස්සෙ දැන් මම කල්පනා කළා මේ සඤ්ඤා නිසා මේ චිත්ත සංස්කාර. ඊයේ කිව්වේ මරණය නිසා ව්‍යාධි ස්වභාවය මනසේ තියෙනවා කියලා. දැන් එතකොට අර සඤ්ඤාවෙන් අපි චේතනාවට යනකොට අර මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියන, අර Z අකුර අනෙක් පැත්තට ලිව්වාහම තියෙන sign එක මං බැලුවා. එතකොට මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා. ඊළඟට පරිදේවයේ ඉඳන් සෝකයට යනවා. ඒ යම්පිච්ඡං න ලභති තම්පියේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය දක්වා යන්න අපි උත්සාහ කරනවා කියලා, එතනින් අපි එන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගයට කියන එක ගත්තා.

Hourglass.jpg

මේක දැනගත්තායින් පස්සේ මේ ආකිඤ්චන විමුක්තිය කියන එක ඇති වුණා, එතන වෙනස තියෙන්නේ ආකිඤ්චන විමුක්තියේ දී අර මුහුණේ වම් පැත්ත කියන එක, අර සුඛය කියන එක ඇති වෙනවා. ඒකයි මේ ආකිඤ්චඤ්ඤායතනයත් එක්ක තියෙන වෙනස. අර වම් පැත්තේ සුඛය කියන එක තියෙනවා ආකිඤ්චන විමුක්තියේ දී. දැන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට අර ජරාවයි දෝමනස්සයයි වම් අත පැත්තෙන් සම්බන්ධ වෙනවා කියලා පේනවා නේ. එතකොට ජරාවයි, දෝමනස්සයයි අප්‍රියේහි සම්ප්‍රයෝගයට එනවා කියන ඒක, ඒක සිහි වුණායින් පස්සෙම ආකිඤ්චන සමාපත්තිය කියන එක මට ඒ වෙලාවෙ ඇති වුණා මොකද අපි දන්නවා ඕකට අර triangle එක නේ එන්න ඕනෙ. ජරා ව්‍යාධි මරණ අප්‍රියේහි සම්ප්‍රයෝග කියන එක. ඒ කියන්නේ මොකද්ද, ආකිඤ්චන විමුක්තිය කියන එක නොකඩවා පැවැත්වීම තමයි ආකිඤ්චන සමාපත්තිය කියන එකේ තියෙන්නේ.

එතකොට මේ විදිහට මම සමාධි ගතව ඉන්නකොට මට කල්පනා වුණා, මේක මෙහෙම වෙන්න නම් මේ ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනෙයි කියන එක. ඉන්ද්‍රිය සංවරය මගින් මේ අභිජ්ඣා දෝමනස්සය කියන එක නැති වෙනවා නේ. ඒක නැති වෙන හින්දා, ඒ දෝමනස්සය කියන එක කැපෙන්න නම්, ඒ කියන්නේ දෝමනස්ස වුණෝතින් මට අප්‍රියේහි සම්ප්‍රයෝගය වෙනවා. ඒකට ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනෙ.

ඒ එක්ක ම මට ආවා මේ සතිය කියන එක පවතින්න ඕනෙයි කියන එක. ඒ සතිය පවතිනවා කියන එක ගත්තහම හරියට අපි හිතමු මේ අපි ධර්මයක් කියන ගමන් අපි ඇඟිල්ල දික් කරගෙන ඉන්නවා. හැබැයි ඒ ඇඟිල්ල දික් කරගෙන ඉන්නකොට අර පල්ලෙහායින් එක්කෙනෙක් වඳිනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ මනුස්සයාගේ ශරීරයේ කොටසකට අපේ ඇඟිල්ල දික් වෙලා තියෙන්න පුළුවන්. අර එහෙම,

අන්න ඒ වගේ picture එකක් මට පෙනුණා ඒ වෙලාවේ. ඉතින් එතකොට, ඒ කියන්නේ සතිය පවතින්න ඕනෙයි කියන එක මට අන්න ඒකත් එක්ක තමයි මට මනසට ආවේ. එතකොට, ඕක ඥාන පථය කෙනෙක් බැලුවොතින් ඕගොල්ලන්ට පේනවා ඔය සතිය මගින් අර වේදනාව දෝමනස්සය බව කියලා දැනගන්නවා. මෙන්න මේ විදිහට සඤ්ඤාවක් එයාගේ පවතිනවා. ඔය සතිය ලකුණු කරලා තියෙන්නේ සඤ්ඤාවයි, ස්පර්ශයයි, අර වේදනාව ඒ line එක බැලුවොත් ඥාන පථය හරියට ම යන්නේ ඔය දෝමනස්සයට. ඒ දෝමනස්සය කපාගෙන තමයි ඒක යන්නේ. එතකොට සතිය මගින් මෙන්න මේක පවත්වනවා කියන එක තියෙනවා.

එතකොට ඇති වෙන්නේ දුක්ඛය බව දැනගැනීමට තමයි අපිට සම්පජානකාරීත්වය කියන එක තියෙන්න ඕනෙ. මේ විදිහට මනස පවතිනවා නම් ඒ බුදුපියා කිව්වේ මේ “මුළු විශ්වය ම දැනගන්න පුළුවන්” කියලා. දැකිය හැකි බව. මම ඒ දැක්කා ඒ කියන්නේ ගොඩාක් රූපයන් කියන ඒවා මට ඒ විදිහට පේනවා. ඒ සම්පජානකාරීත්වය මගින් අපිට පේනවා අර ඥාන පථය හරියට බැලුවොතින් එහෙම අර ජරාව කියන එක කපලා දානවා. ඒ කියන්නේ ඡන්ද සමාධිය නම් මට තියෙන්නේ නිර්වාණයට, එතන 10 ශුන්‍යතාවයට යනකොට ඒ ඥාන පථයේ එතන ජරාව කියන එක කැපෙනවා.

එතකොට මෙන්න මේ කාරණා තුන, ඉන්ද්‍රිය සංවරයයි, සතියයි, සම්පජානකාරීත්වයයි කියන එක මේක තියෙන්න ඕනි මේ විදිහට පවතින්න ය කියන එක තමයි අතන ආවේ. ඉතින් මේක තමයි භාවනාව.

ඉතින් සාධු පියවරුනි කියලා අවසන් කළා.