ඒ භාවනාවෙදි මම කළේ ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඒ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ දෙවන බුදුපියාණන් වශයෙන්, ඒ විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා.
ඒ සිහි කළාට පස්සේ මම වෙනදා වාගෙ පන්සිල් ගන්න එක කරගෙන ගියා. ඒ පන්සිල් ගන්න එක කරගෙන ගිහිල්ලා මම ගියා පාණාතිපාතා, අදත්තාදානය ඔය විදිහට දිගට ම ගිහිල්ලා, දැන් එතෙන්දි ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියලා කල්පනා කළා.
එතෙන්දි මං අර දුක්ඛය කියන එක මෙනෙහි කළා. දැන් දුක්ඛය අර forward එකට මෙනෙහි කිරීම එක පැත්තක්, අර ඊයේ භාවනාවේ අර්ථයෙන් අනිත් පැත්තට ආපු එක තව එකක්. ඒ අනිත් පැත්තට එනකොට අර විදිහට ම, අර කිව්ව විදිහට ම ඒ විමුක්ති සහගත ස්වභාවය ඇති වෙලා, ආවා. ඒ කියන්නේ ඔය මරණයේ ඉඳන් අපි, චිත්ත සංස්කාර මැරෙනකොට අපේ මනස ව්‍යාධි ස්වභාවයකට පත් වෙනවා.
ඊළඟට අපි පරිදේවයේ ඉඳන් සෝකයට දුවනවා. ඊළඟට ගත්තහම යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය දෙසට යන්න උත්සාහ කරනවා. ඒක ආවාට පස්සෙ එතනින් ආවා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක, අර ජරාවයි දෝමනස්සයයි නිසා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන line එක අල්ල ගත්තා.
ඊට පස්සේ මං බැලුවා ඒ දෝමනස්සය කියන එක නැති වෙන්න අර, අපිට නැති වෙන්න ඕනෙ. ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙනවා නම් ඒක නැති වෙනවා කියලා. සතිය තියෙනවා නම් ආපහු දෝමනස්සය නැති වෙනවා, අර ඥාන පථයෙන් ම යි ඒක එන්නෙ.
ඊළඟට ආයෙත් කල්පනා කරනවා සම්පජානකාරීත්වය තියෙනවා නම් මට මේ ජරාව කියන එක සිද්ධ වෙන්නෙ නෑයි කියන එක. ඒකත් අර ඡන්ද සමාධිය නිසා, ඡන්ද සමාධියෙන් අපි, ඒ ඡන්ද සමාධියයි 10 වෙනි කාරණය තියෙන්නෙ ශුන්‍යතාවය, ඔය දෙක අතර නේ ජරාව කියන එක තියෙන්නේ. එතකොට සම්පජානකාරීත්වයෙන් මේක කැපෙනවා කියන එක එනවා. දැන් තණ්හාව නැති වෙනකොට මේක නැති වෙනවා. එතකොට මට තියෙන්න ඕනෙ සම්පූර්ණයෙන් ම මේ නිර්වාණය කියන එකට මනස යොමු කරලා, ඒ කියන්නේ සම්පජානකාරීත්වයේ තියෙනවා සමුදයයි අස්තංගමයයි කියන එක දැනගෙන, ඊට පස්සේ යම්කිසි ආකාරයකට තණ්හාව නැති වුණා ම මේක නැති වෙනවා කියලා.
එතකොට ඔන්න ඔය අර්ථය ගැඹුරට තමන්ට පේන්න ඕනෙ එතන ඒ සම්පජානකාරීත්වය, ඒ කියන්නෙ මං ඡන්ද සමාධියේ ඉන්න නම් මෙන්න මේ කෑල්ල නැහැයි කියන එක පේන්න ඕනෙ. එතකොට දැන් මං මෙතෙන්දි කල්පනා කළේ අද විශේෂයෙන් ම මේ තුනෙන් කොයි එක ද පළවෙනි එක කියලා.
ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එක ද, සතිය ද, සම්පජානකාරීත්වය ද? මට කෙළින් ම මට එනවා වැටහීමට ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්න ඕනෙයි කියන එක. ඉන්ද්‍රිය සංවරය තමයි 1 කියන එක. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එක, මං මේ බැලුවේ අර මණ්ඩලාධිපති බුදුපියා මට පෙන්නුවා නේ අර New Zealand වලදි මං කිව්වේ මේ ඔය ආයතන භාවනාව 2 ඕක දාලා තියෙනවා. අපිට තියෙනවා සම්මා දිට්ඨිය, ප්‍රඥාව, ඒකෙන් ඇති වෙන ශ්‍රද්ධාව. ඒක දිගේ අර අභිජ්ඣා කියන එක මම නැති කරනවා කියන කෑල්ලට එන්න ඕනෙ. අන්න ඒ path එක අල්ලගන්න ඕනෙ. ඒ path එකේ ආවහම, නිකන් ම නෙවේ ඒ path එකේ එන්නෙ, ඒ path එකේ එන්නේ, ඔය දැන් මං කිව්වා නේ backward භාවනාව. ඒ කියන්නේ මරණයේ ඉඳන් තමන් මෙතෙන්ට එනවා කියන එක. ව්‍යාධිය ඇති වෙනවා කියන එක තමන් තේරුම් අරගෙන අන්න ඒ පැත්තෙන් ඇති වෙන්නා වූ සම්මා දිට්ඨිය, ඒකෙන් ඇති වෙන්නා වූ ප්‍රඥාව. අර සමුදයක් තියෙනවා නේ. මරණයේ ඉඳන් මෙතෙන්ට වෙනවා කියන එක. අන්න ඒ සමුදය කියන එක තේරුම් අරගෙන, අන්න ඒක අනුව තමයි මෙතෙන්දි මේක සිද්ධ වෙන්නේ.
ඊට පස්සේ සතියෙන් යුතුව කල්පනා කරනවා මේ දෝමනස්සය තමයි, මේ දුක්ඛය තමයි මට මේකෙන් ඇති වෙන්නේ. මේ අභිජ්ඣා මම මේ විදිහට කළොත්, දැන් එයා පෙන්නනවා අභිජ්ඣාවයි දෝමනස්සයයි අතර සම්බන්ධතාවය ඒකේ පෙන්වීම කියන එක තියෙනවා මේ සතිය කියන එක මං භාවිතා කරන්න ඕනෙයි කියන එක මේකට නැති වෙන්න.
ඊළඟට ගත්තහම සම්පජානකාරීත්වයෙන් කියනවා මේ දෙන්නම කියපු කතාව එයා කියනවා. සම්පජානකාරීත්වය කියන එකට ඇවිල්ලා තියෙන්නේ, මං ඉන්ද්‍රිය සංවරය කරගෙන ඉන්න ඕනෙයි කියලා කතාවක් ආවා නේ. සතියෙන් කිව්වා නේ මට ඇති වෙන්නේ දෝමනස්සය, ඒ කියන්නේ ඕක දුක්ඛය තමයි ඇති වෙන්නේ කියලා දැනගෙන ඒ සම්පජානකාරීත්වයේ තියෙනවා මම මේකට ඉඩ දෙන්නේ නෑ. ඒ කියන්නේ සමුදයයි අස්තංගමයයි කියන එක දැනගෙන අර ඒකට තිබෙන්නා වූ තණ්හාව තමන් පහ කරනවා කියන එක, ඒක තියෙන්න ඕනෙ.
ඉතින් ඒක තමයි භාවනාව. අර කිව්ව විදිහට ම අර චිත්තය පවත්වාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා.