එතකොට ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින්නා වූ ඒ ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් කියලා වැන්දා. ඊට පස්සේ ඒ තුන් නමක් සිහි කරලා වැන්දා. ඊට පස්සේ ආපහු හත් නම සිහි කරලා වැන්දා සුඛිත චිත්ත බුදුපියාණන් දක්වා, ඊට පස්සේ දාහතර නම සිහි කරලා වැන්දා.
එතකොට එහෙම වැඳලා මම ලෝභය නැති කරමි කියන එක කල්පනා කළා. අර ලෝභය නැති කරමි කිව්වම අර කොඩිය දන්නවා නේ. එතකොට ඒ කොඩිය කියලා කියන්නේ කබලිංකාර ආහාරයයි, එතනින් පල්ලෙහා තියෙනවා ජාතිය කියන එක, එතකොට එහෙම නැත්තන් ඡන්ද අගති ගමන යනවා කියන එක, ඊට පස්සේ එතනින් එනවා අපිට උඩ චේතනාව. එතකොට අපි හදනවා කොහොම හරි චේතනාවෙන් මේක පවත්වන්න. එතකොට ඊට පස්සේ, හැබැයි මේ ක්‍රියාවලිය නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද, ජරා, ව්‍යාධි, මරණ.
එතකොට මේ පැත්තේ ඉඳන් ඡන්ද අගතියේ ඉඳන් චේතනාවටයි, කබලිංකාර ආහාරයේ ඉඳන් මරණයටයි දික් කරා නම් අර කොඩිය තියෙන්නේ, කොඩිය වාගේ කෑල්ලක් පේනවා. එතකොට දැන් මෙතෙන්ට ආවාට පස්සේ මේ චේතනාව මෙහෙම හදන්න බැලුවට, අන්තිමට හදන්නා වූ ඒ චිත්ත සංස්කාරය මරණයට පත් වෙනවා කියන එක තමයි මේකේ අන්තිමට පේන්නේ. කොඩියේ කෙළවර මරණය නේ. එතකොට ඒකත් එක්ක පේනවා මේ උඩින්, දැන් අපි, උඩ තියෙනවා මේ චේතනාව, විඤ්ඤාණය, මරණය. ඒ කෑල්ල එනවා. ඒක නේ මෝහ භාවනාවට එන්නේ. මේ කෑල්ල අපි ඉස්සෙල්ලා කියපු කතාව ලෝභ භාවනාවට, අරක මෝහ භාවනාව එන්නේ.
එතකොට දැන් මෙතන, දැන් චිත්ත සංස්කාර මැරෙනවා කියන එක එතන තියෙනවා. ඉතින් මරණයේ ඉඳන් අපි, චිත්ත සංස්කාර මැරෙනවා කියලා දැක්කහම අපේ මනසේ තියෙනවා ව්‍යාධි ස්වභාවය කියන එක. ඒවා මැරෙනවා කියන නිසා. එතකොට ඒ, එතෙන්ට ආවාට පස්සෙ මට මතක් වුණා මේ නිමල් කියපු wire එක ගෙනත් දුන්නයි කියන එක. ඒ පාර මට එකපාරට ම ඒක අර අරයාට කියන්න ඕනෙයි කියලා මේ splitter එක දාලා ඒකෙන් මෙතෙන්ට දාන්න කියලා ආවා. ඒ පාර කල්පනා කළා මේ මොකද්ද මේ? ඒ කියන්නේ මේක මේ කොහොම හරි, චිත්ත සංස්කාර බිඳෙනවා. Projector එක වැඩ කරන්නේ නෑ. මේක බිඳෙන නිසා කොහොම හරි අපි පවත්වන්න හදනවා. ඒක නේ මේ කරන්න හදන්නේ. හොඳ දෙයක් වේවා නරක දෙයක් හෝ වේවා මේ පවත්වන්නයි හදන්නේ.
එතකොට මම කල්පනා කළා එහෙම නම් මේ මානය තමයි මේක කියන්නේ අපිට. මානය තමයි, එතකොට මානය ඇවිල්ලා සල්ලයක්. එතකොට දැන් ඕක මට හරියට ම plug වෙනවා පරිදේවය කියන කෙළවරට. දැන් අපි පරිදේවය කියලා කියන්නේ මේ අවස්ථාව වෙනකොට මෙතනින් පරාමාසය, මෙතනින් මෝහ අගතිය, මෙතනින් උඩ තියෙන්නේ ඉදංසච්චය, මෙහා පැත්තේ කෙළවරේ තියෙන්නේ භයෙන් අගතිය කියන එක. ඔතන තැන නෙ පරිදේව වූ චිත්ත සංස්කාර කියන එකයි මේ මෙතන මේ, සංස්කාර තියෙන තැන, පරිදේව වූ චිත්ත සංස්කාර. දැන් මෙන්න මෙතෙන්ට, මේක මේ මාන පාර නේ, මතක ද? ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ මාන පාර. එයා පරිදේවයේ ඉන්නෙ, මේ මාන පාර.
එතකොට මානය විසින් තමයි මේක කරන්නේ. අපිට මේක කොහොම හරි පවත්වාගෙන ඉන්න. ඉතින් මට ඒකත් එක්ක එනවා ඉතින් දැන් පරිදේවයට ආවා නම් ඉතින් මට, මේ පැත්තෙන් සෝකයට එන්නේ. සෝකයට ආවා නම් මට දෝමනස්සය තියෙනවා, කාමච්ඡන්දය, කාමච්ඡන්දයෙන් මම අර, අරක හදන්න මේවා කරනවා. මේක තව භාවනාවක් එක්ක සම්බන්ධයි. අර පාරිසුද්ධිපධානියඞ්ගය කියලා කිව්වේ.
එතකොට මම අර වේදනාවේ ඉඳන් අපි ගමන් කරනවා නේ චේතනාවට යන පාර, ධම්මමච්ඡරිය තියෙන පාර. එතකොට මේ පධානියඞ්ගය කතාව එනවා. දැන් මං මේකට ඉඩ දුන්නා නම් මං මේ පැත්තෙන් මේක හදනවා. ඒ කියන්නේ ආපහු කියනවා කොහොම හරි චේතනාවට එන්න ම කාරණා මම ලෑස්ති කරගන්නවා. මං මේක මේ fix කරන්න කොහොම හරි, මොන ක්‍රමයකින් හරි මේ බිඳෙන්නා වූ චිත්ත සංස්කාර. දැන් පේනවා ද flow එක ඇවිල්ලා තියෙන හැටි?
පරිදේවය ආවා, පරිදේවය තියෙන්නේ හරියට මානයෙන්. මානය විසින් තමයි කියන්නේ ඕක බිඳුණා, ආයෙත් හදන්න. ඕක බිඳුණා, ආයෙත් හදන්න. එතකොට ඒක හදන්න ගිහිල්ලා අර මුල කෑල්ලට කියනවා ඒ පැත්තෙන් හදලා, විඤ්ඤාණය ධාරාවක් වශයෙන් පවත්වලා මේක එවන්න. පේනවා ද කියන එක?
එතකොට මේක මේ පැත්තෙන් එවන්න කියලා කිව්වහම, කාමච්ඡන්දය වෙලා කොහොම හරි මේක එවන්නයි කියලා කිව්වහම මේකට ඡන්දය දෙන්න කියලා, අර ඡන්දෙ ඉල්ලනවා වගේ. මේ පැත්තෙන් ආපහු ආවා ම ආපහු මැරිලා වැටෙනවා. ආයෙත් මානය කියනවා කොහොම හරි පවත්වන්න කියලා. එතකොට අන්න ඒ විදිහට මම කල්පනා කරගෙන ගියා ම මට තේරුණා, එහෙම නම් මේ අපි slave කෙනෙක්. අපි slave කෙනෙක් කියලා කියන්නේ මේ මානයේ slave කෙනෙක්. අස්මිති මානය නේ මේ කතා කරන්නේ. අස්මිති මානයේ වහලෙක් වෙලා.
එතකොට මට ඒක තේරුණා ම රහතන් වහන්සේ “සාධු සාධු දරුවා” කියලා කිව්වා. ඒ කියන්නේ වහලා වෙලා, අපි දීපු අගයන්ට ම අපි වහලෙක් වෙලා නැවත නැවතත් ඒක පවත්වනවා කියන එක. ආන්න ඒ point එකට දැක්ක ගමන් අර සප්ත විමුක්තිය කියන එක, රහතන් වහන්සේ ආයෙත් කිව්වා අන්න “සප්ත විමුක්තිය,” මට දැනුණා එකපාරට ම මේ ඔක්කෝම ටික මේවා වෙලා තියෙනවා. අර ඉස්සෙල්ලා තිබුණේ මෙතන ප්‍රඥාවෙන් යුතුව මේක විමසීම නේ ඒක තිබුණේ, ඒකේ තිබෙන්නා වූ විමුක්තිය තමයි එතන තිබුණේ. එකපාරට ම අර හත ම ආපහු ආවා ඒකෙදි. ඒ ක්‍රමයට බැලුවහම.