අද මම මේ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින පළවෙනි උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැන්දා. ඊට පස්සේ ඒ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේයි, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේයි තුන් නම සිහි කරලා වැන්දා. ආපහු ඒ ධම්මරතන බුදුපියාණන් වහන්සේ, විනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මරතන බුදුපියාණන් වහන්සේ, විනයධර බුදුපියාණන් වහන්සේ, සුඛිත චිත්ත බුදුපියාණන් වහන්සේ හත් නමට වැන්දා. ඊට පස්සේ අනුපිළිවෙළින් ඒ තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා, ඒ දාහතර නම ම සිහි කරලා වැන්දා.
එහෙම වැඳලා මම අර කලින් කරපු භාවනාව ම මම පටන් ගත්තා. ඒ කලින් කරපු භාවනාවේ තියෙන්නේ අපි අර ලෝභය නැති කරමි කියලා ගත්තහම අර කොඩියේ කතාව මම කිව්වේ. කොඩියේ කතාවෙදි එනවා උඩින් අපිට ඇති වෙනවා, අපි යනවා චේතනාව දක්වා කබලිංකාර ආහාරයේ ඉඳන්. පල්ලෙහායින් අපිට පේනවා ජාති ජරා ව්‍යාධි මරණය දක්වා යනවා කියලා. ඒ මරණය දක්වා ගියාට පස්සේ කල්පනා කරනවා මේක මැරෙනවා නම් අපි, දැන් අපි, ඒක නිසා අපේ මනසට ඇති වෙනවා ව්‍යාධි ස්වභාවය, චිත්ත සංස්කාර මැරෙන නිසා.
එතකොට මෙතෙන්දි මට ආවා, නමුත් අපි මේක පවත්වන්න උත්සාහ කරනවා මේ විදිහට. පරිදේවයේ ඉඳන් අපි සෝකයට දුවනවා. ඊළඟට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න උත්සාහ කරනවා. මෙතන බොහොම ගැඹුරට මම කල්පනා කරලා, ඊට පස්සේ මං බැලුවා මේ ජාතියයි, ජරාවයි, දෝමනස්සයයි තියෙනවා නම් අප්‍රියේහි සම්ප්‍රයෝගයට සම්බන්ධ වෙනවා නේ. අන්න ඒ line එක මං බැලුවා. ඒක බලලා මම එතන ටිකක් කල්පනා කරලා මේක නැති වෙන්න නම්, පළවෙනි වශයෙන් ගත්තහම දෝමනස්සය නැති වෙන්න අභිජ්ඣා කියන එක නැති වෙන්නට ඕනෙ. එතකොට ඒ අභිජ්ඣා නැති වෙනවා කියලා කියන්නේ නිකන් ම අභිජ්ඣා නැති වෙනවා කියන අර්ථයෙන් නෙවේ. ඒකේ අර ගැඹුරු ධර්මයක් තියෙනවා ආයතන භාවනා 2 කරපු භාවනාවේ මණ්ඩලාධිපති බුදුපියා ම පෙන්නා දීපු ධර්මයක්.
ඒ කියන්නේ අපි ගත්තොතින් උඩ කෙළවරෙන් අපිට තියෙනවා සම්මා දිට්ඨිය. ඊට පස්සේ ඒක නිසා ප්‍රඥාව. ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව කියලා එතන ත්‍රිකෝණයක් හැදෙනවා. ඉතින් මේ මෙහෙම ඇති වුණා වූ ප්‍රඥාවේ තියෙන්නේ අර චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධ සත්‍යය පමණයි. එතකොට මෙතන එනවා මේ තණ්හාව කියන එක මම අයින් කරනවා කියන එකේ එතන පෙන්නන්නේ මේ අභිජ්ඣාව කියන එක මම අයින් කරන්න ඕනෙයි කියන එක තදින් එනවා. ඒ අභිජ්ඣාව අයින් කරගෙන අර ඥාන පථය දිගේ අනිත් පැත්තට ආවහම එතනින් එනවා එහෙම නම් මට මේ ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනෙයි කියලා මේ ඡන්ද සමාධිය කියන එක, ඒක ඇති වෙන්න.
එතකොට ඔන්න ඔය තත්වෙට මනස පත් වෙලා ඊට පස්සේ මං බැලුවා අර සතිය කියන එක තියෙන්න ඕනේ දෙවනි කාරණයෙන් දෝමනස්සය නැති වෙන්න. ඒකත් ඔය ඥාන පථයෙම තමයි ඒක පේන්නේ. ඊළඟට තුන් වෙනි කාරණයට ආවා සම්පජානකාරීත්වය කියන එක, ඒ සම්පජානකාරීත්වයෙන් තමයි අර, දැන් අපි කතා කරා නේ දැන් දෝමනස්සය කියන එක තමයි අපිට පෙන්නන්නේ අර ඥාන පථයේ උඩින් එනවා. ඒ කියන්නේ තමන්ට සතිය තියෙනවා, වේදනාව ඇති වෙන්නේ දෝමනස්සයයි කියලා දැනගෙන ඒක පහ කරන එක එතන සතියෙන් සිද්ධ වෙනවා. එතකොට අභිජ්ඣාවෙන් මම, ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් මට අභිජ්ඣා දෝමනස්සය ඇති වෙනවායි කියලා ඒ දෝමනස්ස කෑල්ල එතනින් කැපිලා යනවා. අභිජ්ඣා කෑල්ල අර පථය දිගේ ඇවිල්ලා තමයි එතන ඒක එපා කියලා කියන්නේ.
ඊට පස්සේ දැන් සම්පජානකාරීත්වයෙන් කරන්නෙ මොකද්ද අර ජරාව කියන එක අයින් කරනවා. ජරාව කියන එක තියෙන්නේ ඥාන පථයේ අපේ තියෙනවා ඡන්ද සමාධිය, ඡන්ද සමාධියෙන් දැන් ශුන්‍යතාවයට යන්නා වූ පාරේ තමයි ඒක තියෙන්නේ. එතකොට මේ ජරාව මට එපා කියන එක තමයි සම්පජානකාරීත්වයෙන් කරන්නේ, මොකද එයා දැනගන්නවා මේකේ තියෙන්නේ සමුදයක් අස්තංගමයක්, මේ තණ්හාව නැති වුණා ම මේ සමුදය අස්තංගමය කියන එක නැති වෙනවා කියන අර්ථයට එනවා.
එතකොට මෙන්න මේ විදිහට මම එතෙන්ට ආවහම, මම ඔය භාවනාවේ මැද්දේ දී තව හොඳට ආපු දෙයක්, බලපු දෙයක් තමයි අපි පරිදේවයේ ඉඳන් සෝකයට ආවා නම් සෝකය නිසා, ඒ කියන්නේ මට සෝකය ඇති වෙනවා නම් මට දෝමනස්සය තියෙනවා. දෝමනස්සය තියෙනවා නම් කාමච්ඡන්දය තියෙනවා. කාමච්ඡන්දය තියෙනවා නම් ආපහු මං විඤ්ඤාණය පිහිටුවනවා.
ඒ කියන්නේ අර කොඩියේ උඩ කෑල්ල, මම ඒක හදනවා කියන එකයි. එතකොට දැන් පේනවා මේ පැත්තෙන් මැරෙනවා, මේ පැත්තෙන් මේක හදනවා. දැන් එතකොට මට එකපාරට ම ඕක ගැන, ඔතන ඔය තත්වෙට ඇවිල්ලා මනස විසාල වෙලා පවතිනකොට මට අවබෝධයට ආවේ මේ නන්දිය. නන්දිය කියන එක තමයි මෙතන පහ කරන්නේ. මොකද්ද අර, දැන් ජරාවට යනවා කියන එක සම්පජානකාරීත්වයෙන් අතන කිව්වා නේ. ඒ කියන්නේ මෙහෙම ජීවත් වෙනවා කියන එකට තියෙන්නා වූ නන්දිය තමයි අපි මේ පහ කරන්න ඕනේ. ඒ කියන්නේ හදන හදන එක මැරිලා වැටෙනවා. මැරිලා වැටුණහම ආයෙත් එකක් හදනවා. රස්සාව නැති වෙච්ච මනුස්සයා රස්සාවක් තව එකක් හොයනවා. ගේ කැඩිච්ච මනුස්සයා ඒ ගේ කැඩුණා කියලා ඒක පිළිඅරගෙන විද්‍යාමාන වෙලා තියෙන ඒ දුක්ඛය බලන්නේ නැතුව ඒ පුද්ගලයා ආපහු ගෙයක් හදනවා. මෙන්න මේ වාගේ මේ චිත්ත සංස්කාරය කියන එක මැරෙනවා. මැරුණාහම ආපහු චිත්ත සංස්කාරයක් අපි හදනවා.
මෙන්න මේකට තිබෙන්නා වූ නන්දිය කියන එක තමයි අපි පහ කරන්න ඕනෙ කියන එක අර, ඒක අර වම්මිකයේ තියෙන්නේ නන්දිරාගය කියන එක, අන්න එතෙන්ට මම ආවා. එහෙම ආවාට පස්සෙ මට සිතට ආවා කවුරු හරි පුද්ගලයෙක් මේ විදිහට දවස් හතක් ඉන්නවා නම් ඒ මනුස්සයා ආශ්‍රව නසනවා. ඒ පුද්ගලයෙක් මෙහෙම දවසක් ඉන්නවා නම් එයා ආශ්‍රව නසනවා. මේ විදිහට පැය හතක් ඉන්නවා නම් ඒ පුද්ගලයා ආශ්‍රව නසනවා කියලා මට සිතට දැනුණා. ඒක දැනුණා ම රහතන් වහන්සේලා “සාධු සාධු” කියලා. “අපිත් එය කියමි ය.” කියලා රහතන් වහන්සේලා පැවසුවා.
ඉතින් ඒක තමයි ඒ භාවනාව.