අද මං ඒ භාවනාව කළේ, ඒ උතුම් ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් කියලා වැන්දා. ඊට පස්සේ ඒ දෙවනි බුදුපියාණන් වහන්සේ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේත්, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේත් ඒ තුන් නම වැන්දා. ඊට පස්සේ අනුපිළිවෙළින් ඒ හත් නම සිහි කරලා වැන්දා. ඊට පස්සේ දාහතර නම සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා වැන්දා.
වැඳලා මම අර චතුත්ථධ්‍යානයට යමි කියන එක, ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් චතුත්ථධ්‍යානයට යමි කියන එක එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතෙන්ට පටන් ගන්නකොට මම කෙළින් ම බැලුවේ අර කබලිංකාර ආහාරය, ඒක නිසා අපි අර රාග සල්ලයෙන් කරකවනවා, රාග සල්ලයෙන් කරකවලා අපිට ඇති වෙන්නෙ ජාතිය කියන එක. ජාතිය ඇති වුණා නම් ජරාව, ව්‍යාධිය, මරණය ඇති වෙලා මනෝමය කායකින් ඉන්නවා. ඒ මනෝමය කායකින් ඉන්න අවස්ථාවේ දී තමන්ට කාලා නෑ වගේ දුක්ඛය තියෙනවා. එතකොට ජාතියයි දුක්ඛයයි ඇති වෙනවා.
ඉතින් මේ දුක්ඛය තමයි අපිට ස්පර්ශ වෙන්නේ. ඒ දුක්ඛය ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සයක්. නමුත් අපි හිතනවා මේක මට මේ සුඛයක් ඇති වෙනවා කියලා. මං පවත්වන්න උත්සාහ කරන්න කරන්න මේක මට කරගන්න බැරි දෙයක්. ඒ කියන්නේ අපිට, අපි ඇහෙන් යම්කිසි ස්පර්ශයක් ඇති වෙලා යම්කිසි කෙනෙක් නිසා අපිට සතුටක් සොම්නසක් ඇති වෙනවා නම් ඒ ඊළඟ මොහොතේ දී අපි ඒ පුද්ගලයා දිහා බැලුවම ඒ පුද්ගලයා අර කලින් හිටපු විදිහට ඉන්නත් ඕනෙ. ඒ තමන්ගේ ඇසත් ඒ විදිහට ම පවතින්නත් ඕනෙ. එතකොට මේ දෙක පවතින්නේ නෑ. ඒ කියන්නේ අර පුද්ගලයා අර විදිහට ඉන්නෙත් නෑ එයත් ජරාවට ගිහිල්ලා, මගේ ඇහැ ඒ විදිහට පවතින්නෙත් නෑ මේකත් ජරාවට පත් වෙලා. ඒක නිසා මට මේක ස්පර්ශය කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඉතින් දෙකක් එක්කහු කරන්න බැරි තැනට තුනක් එක්කහු කරන්න බෑ, ඒ කියන්නේ චක්ඛු විඤ්ඤාණයක් එකතු කරන්න බෑ.
එතකොට එහෙම නම් දැන් මට පේනවා මේක නිසා අපි රෝගී බවට කියන එකට පත් වෙනවා, ව්‍යාධිය ඇති වෙනවා. මං කල්පනා කළා ඔය ව්‍යාධියට ඇති වෙන්න, අර කරගන්න බැරිකම නිසා ව්‍යාධිය ඇති වෙනවා කියන එක එක දෙයක්. අනිත් අතට ආයෙත් කල්පනා කරනවා, ව්‍යාධිය අර plan එක නිසාත් ඇති වෙනවා කියලා. ඔතනදි රහතන් වහන්සේ මට උදව් කළා ඔය පැත්තට යන්න මම අර ඊයේ භාවනාවත් එක්ක කරන්න හදනකොට රහතන් වහන්සේ එතනින් නැවැත්තුවා.
එතනදි මට පෙනුණා මං මේ plan එකක් ගහනවා. දැන් මේ වැඩේ කරගන්න, කරගන්න බැරි වැඩේ තමයි තියෙන්නේ. මේ කරගන්න බැරි වැඩේ කරන්න මම එක එක ආකාරවලට plan ගහනවා මට මනෝත් මතක් වුණා ඒ වෙලාවේ, මේ එතකොට විවිධාකාරයෙන් අපි යම් යම් අවස්ථාවල මේ දේ කරන්න ය කියලා අපි plan ගහනවා. එතකොට plan ගහනකොට plans කොච්චර තියෙනවා ද. කෙළවරක් නෑ නෙ. යම්කිසි දෙයක් කරන්න විවිධාකාර වූ plans තියෙනවා. ඉතින් මේ plan ගහලා ගහලා ඒ මනුස්සයට ඒකත් ඇති වෙනවා. ඇයි ඉතින් මේ එකකින්වත් හරියට ම, best අර optimize කරන්න නේ හදන්නෙ. හොඳ ම එක තමන්ට හම්බවෙන්නෙ නෑ ඉතින් plan එකෙන්. ඒක නිසා දැන් මට පේනවා මේක මේ plan ගහන්න ගිහිල්ලත් මෙයාගේ මේ ව්‍යාධිය කියන එක ඇති වෙනවා. එතකොට ඕක ඔය චේතනාව අනුවයි ඔතන බැලුවේ. චේතනාව plan එක.
එතකොට මේ විදිහට ඇති වෙනවා කියන එක බැලුවහම දැන් මට කල්පනා වුණේ අර අලුවා කෑල්ල. ඒ කියන්නේ ඔය plan එකේ අපි යන්නේ, අපි වේදනාවේ ඉඳන් චේතනාවට, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට, ඉදංසච්චයේ ඉඳන් භය අගතියට, භය අගතියේ ඉඳන් ආපහු වේදනාවට. ඔය path එක යන්නෙ. ඔය diamond එකේ යන්නේ. එතකොට ධම්මමච්ඡරිය තමයි මගේ, ඒ කියන්නේ method එක. මේ දේ ඇති කරගන්න මං භාවිතා කරන්නා වූ method එක.
එතකොට මං මේක මේ විදිහට මේ plan එක බලාගෙන ගියා ම ඉතින් මං මේ රෝගී වෙන එක ම තමයි තියෙන්නේ, කොච්චර plan ගැහුවත් මේක පවත්වන්න බෑ මේකේ නිත්‍යභාවයක් නැහැයි කියන එක ම යි ඒකෙ එන්නේ. මම කරන්න කරන්න මේක, කොයි ආකාරයකට බැලුවත් මේකේ නිත්‍යභාවයක් නෑ. ඔතන නිත්‍යභාවය කතා කරන්නෙ අර, දැන් අපි කියන්නේ නිතර ම අර අත්තා ඉඳන් නිත්‍යට jack එකක් ගහනවා, එතකොට මෙතන අත්තා කියලා අල්ලගන්න එක. එතකොට මේ චේතනාව ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට චේතනාවෙන් මේක පවත්වන්න පුළුවන්කමක් ඇත්තෙ නෑ. කොච්චර මං බැලුවත් මේ කරගන්න බැරි වැඩක් ම තමයි මේ කරන්නේ කියලා. ඉතින් ඒ එහෙම නිත්‍යභාවයක් නැහැයි කියලා ම
එනකොට ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා මොකද අර එක plan එකකටවත් අගයක් දෙන්නේ නෑ. ඒක හින්දා අර මාන පාර කැපෙනවා. ඉදංසච්චයේ ඉඳන් භයේ අගතියට යන පාර කැපෙනවා. ඉතින් ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා.
මේකෙන් එලියට එනකොට ඉතින් මට පේනවා එක පුද්ගලයෙක්ව මෙතන ඉන්න. නිමල්, එයාව පේනවා. එයාගේ පෙර භවයක්. Shirt එකක් එහෙම ඇඳගෙන එහෙම ඉන්නවා. ඊට පස්සේ ආයෙත් පේනවා, ආපහු නිත්‍යභාවයක් නෑයි කියලා මං ගියායෙන් පස්සේ ආපහු එලියට ගිහිල්ලා පේනවා නිමල්ගෙ wife. හැබැයි එයා පොඩි දරුවෙක්. ඒ කියන්නේ එයාගේ කලින් භවයක එයාගේ දුව. එතකොට ඒ, ඊට පස්සේ ඉතින් නිමල්, ආයෙත් නිත්‍යභාවයක් නෑ කියලා ගත්තහම මේ, නිමල් cigarette එකක් එහෙම බීලා ඉන්නවා ඉතින් ඒකත් පේනවා. ඒ භවයේ අර shirt එකක් ඇඳගෙන, බෝල බෝල තියෙන එකක් ඇඳගෙන ඊට පස්සේ ඉතින් ආයෙත් ඔය නිත්‍යභාවයක් කියලා නැතෙයි කියලා බලනකොට ඔන්න නිමල්ගෙ ආයෙත් ඉතින් ඉන්නවා මේ වයසට ගිහිල්ලා ඉන්න අවස්ථාව ඒක පේනවා. එතකොට ඒ, ඕක තමයි මං කරපු භාවනාව.
ඒ රහතන් වහන්සේ පෙන්නුවේ ඒ විදිහට නිත්‍යභාවයක් නැතෙයි කියලා අරගෙන ඒ සමාධියට තමන් පත් වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයාට ඒ ස්ථානගතව ඒ දේවල් ඔක්කොම බලන්න පුළුවන්කම තියෙනවා. ස්ථානගත වූ යම්කිසි දෙයක් තියෙනවා ද, ඒ දේවල් පේනවා.
ඒක තමයි ඒ භාවනාව.