ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ජීවමානව වැඩ සිටින පළමු වන, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියාණන් වහන්සේ ය කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම සිහි කරලා වැන්දා, හත් නම සිහි කරලා වැන්දා, සහම්පති බුදුපියා දක්වා දාහතර නම ම සිහි කරලා වැන්දා.
මං පන්සිල් ගැනීම කරගෙන ගියා. ලෝභය නැති කරමි කියනකොට ම අර කොඩියේ සලකුණ මට මතක් වුණා, සිහි වුණා. ද්වේෂය නැති කරමි කිව්වහම කෑල්ලෙන් කෑල්ලට මට එකපාරට ම මතක් වෙනවා මනස විසාල වෙලා. එහෙම අනිත් ධර්මයන් ඔක්කොම මං මෙනෙහි කරගෙන යනවා නේ. පංචනීවරණයන් නැති කරමි ඔය විදිහට, චතුත්ථධ්‍යානයට යමි කියනකොට ම මනස ඒ විදිහට චතුත්ථධ්‍යානයට යනවා. පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි කියනකොට ම ඒ විදිහට ම ඉන්ද්‍රියන් ටික එකපාරට ම ඔළුවේ මට දැනෙනවා. සප්ත බොජ්ඣඞ්ගයෝ වඩමි කියනකොට මේ අධික ලෙස අර ප්‍රීති සම්බොජ්ඣඞ්ගය කකුල්වලින් කෙන්ඩියෙන් පටන් අරගෙන ඒවයේ හිටන් දෙකෙන් ම ලස්සනට ඇති වෙනවා. පන්සිල් ගැනීම කරගෙන ගියා, ඉතින් පරුෂා වාච පිසුණා වාච කියන ඒවා මෙනෙහි කළා. මේවා පහ කළ යුතුයි කියලා කල්පනා කළා.
එතකොට මම එතෙන්දි කල්පනා කළා මේ ධර්මය දෙන පුද්ගලයෙක් වශයෙන් විවේකයෙන් යම් සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම්, ඒක නොලැබෙනවා නම් ඒක නිසා පරුෂා වාච වෙනවා කියන එක මට වැටහුණා. එහෙම බලාපොරොත්තු වීම ම අර අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසරණා කියන අදහසට විරුද්ධයි කියන එක මට තේරුණා. එහෙම දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එසේ බලාපොරොත්තු නොවීමෙන් පමණක් දෝස සහගත නොවීමත්, පරුෂා වාච නොකිරීමත් කියන එක කළ හැකියි කියලා මට ඒත්තු ගියා.
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි කියලා කිව්වා, දුක්ඛය මෙනෙහි කළා. ඒ දුක්ඛය මෙනෙහි කරනකොට කෙළින් ම මට අර picture එක තමයි එන්නේ අර සෝකය කියන එක තියෙනවා. තමන් බලාපොරොත්තු වුණ දේ නොලැබීම නිසා සෝක කරන ස්වභාවය කියන එක තියෙනවා. අන්න ඒක නිසා මේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ ඒ සෝක කරන ස්වභාවය තියෙනවා කියලා මම එතනින් ගත්තා. එතකොට මේක නිසා දැන් අපි අප්‍රියේහි සම්ප්‍රයෝගය උරුම කර ගැනීමට උත්සාහ කරනවා. දැන් මං මේ කතා කරන්නේ සෝකයෙන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, එතනින් අප්‍රියේහි සම්ප්‍රයෝගය. දෝමනස්ස සහගත ස්වභාවය කියන එක අප්‍රියේහි සම්ප්‍රයෝගය තුළ තියෙනවා. දැන් ප්‍රියේහි විප්‍රයෝගය ඇති කර ගැනීමට අපි අදිටන් කරනවා කියලා එතන තියෙනවා. අධිෂ්ඨානයක් එතන තියෙන්නේ. දුක්ඛ සහගත ස්වභාවය ප්‍රියේහි විප්‍රයෝගය තුළ තියෙනවා. ඒ පුද්ගලයාට උපායාසය උරුමයි, වෙහෙසීම ඇත, සංකල්පය නිසා ම ඒ වෙහෙසීම ඇත. කාමයේ අරුත මෙන්න මේකයි කියලා මම මේක කල්පනා කළා ඉතින් අප්පණිහිත චෙතො විමුක්තියට ගිහිල්ලා වාසය කළා.
ඒක තමයි භාවනාව.