මං භාවනාවට කළේ මම කලින්, ඊයේ කරපු භාවනාව ම තමයි මම කළේ. හැබැයි ඒක ටිකක් මං ගැඹුරට බැලුවා. ඒ ඊයේ භාවනාවේ තිබුණේ සුඛිත චිත්ත භාවනාව කියන භාවනාව. ඒකෙදි කරන්නේ, අර area 1 එක දන්නවා නේ. Area 1 එක නිසා area 4 එක හැදෙනවා කියන එක. Area 4 එක නිසා area 1 එක හැදෙනවා කියලා. Area 1 එක කියලා කියන්නේ කබලිංකාර ආහාරය, ස්පර්ශය, වේදනාව, ගිද්ධිලෝභය, ආපහු කබලිංකාර ආහාරයට යන එක. අර ලෝභය තියෙන belt එක area 1 වෙනවා. Area 4 කියලා කිව්වහම වේදනාව, පරාමාසකායගන්ථය, භය අගතිය. ඔය triangle එක බැලුවොතින් අර මේක මෙහෙම ආවා, මේක ඇවිල්ලා මෙතනින් මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් එකක් තියෙනවා, මෙතනින් උඩට ඇවිල්ලා තියෙනවා.
එතකොට කොහොම ද මේක වෙන්නේ, ඔය area 1 එක කියන එකේදි ඔන්න අපිට මුලින් ම රූපයක් ස්පර්ශ වෙනවා. රූපය ස්පර්ශ වුණා ම අපි දන්නවා රූපය නිසා ස්පර්ශ වෙලා අපිට වේදනාව ඇති වෙනවා කියන එක. එතකොට ඔය axis එකේ, ගිද්ධිලෝභය ඉඳන් තියෙන්නා වූ axis එක තියෙනවා නේ. ඒ පරාමාසය දක්වා තියෙන එක අර සුභයි කියලා අපි ගන්නෙ අර පැත්තට ඒක ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙම නම් මෙතන මේක, අර area 1 එකේ මෙතන පල්ලෙහාට එනවා කියන එක equivalent වෙනවා මෙතන වේදනාවේ ඉඳන් පරාමාසයට යනවා කියන එකට. ඊට පස්සේ මෙතෙන්දි වේදනාවට ආවාට පස්සේ අපි ගන්නවා ඕක ලාභයි කියලා. ගිද්ධිලෝභයට යන්නෙ එක, මේක equivalent වෙනවා මෙතනින් මේ පල්ලෙහාට අත්තා කියලා ගන්නවා කියන එක, එතකොට අත්තා කියලා ගත්ත එකට තමා මේක සිද්ධ වෙන්නේ.
ඊට පස්සේ මෙතනින් උඩට යනවා නේ අපි. ආපහු කබලිංකාර ආහාරයට. මේක equivalent වෙනවා ඒ භයේ අගතියේ ඉඳන් කෙළින් ම වේදනාවට එන අර දිට්ඨි අනුසය කතාවට equivalent වෙනවා. එතකොට දැන් මේකේ මේ, මේ steps 3 යි මේ steps 3 යි අතර සම්බන්ධතාවය කෙනෙකුට පේනවා. එතකොට දැන් පේනවා ඊළඟට ආපහු ගත්තහම දැන් මේක හැදුණට පස්සේ, මං කබලිංකාර ආහාරයට ගියාට පස්සේ මොකද කරන්නේ? මෙතන අර දිට්ඨි අනුසයේ ඉඳන් ඇති වෙන්නා වූ ඒ step එකත් එක්ක එයා ඊළඟට continue වෙනවා ආපහු ස්පර්ශ වෙනවා, ඒක තමයි අර අභ්‍යන්තර ආයතනවලින් එනවා කියලා කිව්වෙ ඒකයි, අතන උඩින් එනකොට මෙතනින් අභ්‍යන්තර ආයතනයෙන් එනවා.
එතකොට එහෙනම් අපිට පේනවා 1 නිසා 4 වෙනවා, 4 නිසා 1 වෙනවා කියන එක පේනවා. ඉතින් ඕක මං මුලින් ම කරපු අවස්ථාවේ දී ඕක දැක්ක ගමන් මගේ සිත නතර වුණා. එතනින් එහා පැත්තට කැරකිල්ලක් නැතුව සිත නතර වුණා. ඒක තමයි සුඛිත චිත්තය කියන එක තියෙන්නේ. එතකොට ඒ අද ඕකේ විශේෂයෙන් බැලුවේ ඔය විදිහට ඇවිල්ලා, ඉතින් මේක අර complicated කියලත් පේන්න ඕනෙ, මොකද අපි එකපාරට රූපයක් දැක්කහම අපි කියනවා පළවෙනි වටයයි කියලා. ඇත්තට ම ඕක පළවෙනි වටය ද? අටක් කරකවලා ඉඳලයි මේ එකපාරට මේක කරන්නේ. පෙර පාණාතිපාතා නිසා ඒක ඇති වුණා කියන එක එහෙනම්, 8 කියලා අපි ආපහු 9 කියලා ගත්තොත් අපිට ආපහු පැටලෙනවා ආපහු පටන් ගන්න ඕනෙ 1, 2 ඔය විදිහට යන්න ඕනෙ. හැබැයි අටක් කරකවලා ඉන්න මනුස්සයායි මේක කරන්නේ කියන එක තියෙනවා.
දැන් එතකොට දැන් මට ඔතනදි ආවා, මේ දිට්ඨි අනුසය කියන එකට දැන් එහෙම නම් තුනක් ම සම්බන්ධ වෙලා ගිහිල්ලා තියෙනවා. මොකද්ද ඒ තුන සම්බන්ධ වෙලා යනවා කියලා කියන්නේ, අර මුලින් ම අර සුභයි කියලා ගත්ත එක මේක ඇතුළට ගිහිල්ලා තියෙනවා. අර වේදනාව සුඛයි කියලා ගත්ත කතාවත් ගිහිල්ලා තියෙනවා. අත්තා කියලා කතාවත් මේකේ දිට්ඨි අනුසය තුළ තියෙනවා. එක එක වෙලාවට එයාට significant වෙලා තියෙන්නේ එක එක ධර්මයන්, දිට්ඨි අනුසය කියන එක.
ඊට පස්සේ මම කල්පනා කළා දැන් මේක, area 4 ඇති වුණාට පස්සේ රහතන් වහන්සේ ඇහුවා “දැන් ඉතින් ඊළඟට මොකද වෙන්නේ?” එතකොට මං කියනවා area 5 කියන එක ඇති වෙනවා. Area 5 කියලා කියන්නේ area 4 එකට adjacent area එක. එතන තියෙන්නේ මොකද්ද, පරාමාසයයි, භය අගතියයි, එතනින් එහා පැත්තේ තියෙනවා මේ මෝහයෙන් අගතියට යනවා කියන එක. එතකොට ඔන්න ඔය area එක ඇතුළේ තමයි ඔය අහං එහෙම හැංගිලා ඉන්නෙ. ඒක ඕගොල්ලන්, මං දන්නෑ ඕගොල්ලො දන්නවා ද කියලා, අහං හැංගිලා ඉන්නේ, ඒක ටිකක් ගැඹුරුයි ඒ භාවනාව. විසාලෙට යනවා ඒ කෑල්ල.
ඊළඟට දැන් මට පේනවා මේ area 4, 5 කියන එක හැදුණහම, හැබැයි දැන් area 4 වෙලා නේ 5 එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට හැබැයි දැන් ඔතන තවත් ප්‍රශ්නයක් තියෙනවා, area 3 එක ඊට ඉස්සෙල්ලා හැදුණා. එහෙනම් area 3 එකේ counterpart එක තමයි අර කාමරාග අනුසය තියෙන්නා වූ area එක. ඒකත් එහෙනම් trigger වෙලා තියෙනවා. ඒක නිසා මේකත් trigger වෙලා තියෙනවා. එතකොට මං ඒක, ඒකේ යම්කිසි උණුසුමක් හරි මොකක් හරි එකක් තියෙනවා කියන එක ආවා. ඉතින් එතකොට මට මෙතන ආවේ මේ, එතකොට අහංනුයි, දැන් අර අහං කිව්වා මං මෙතන මේ විදිහට, අහං කිව්වා නේ එක තැනක නේ ද? area 5 එකේ ඉන්නවා කියලා. මමං ඉන්නවා මෙහා පැත්තේ area 4 එකේ.
අහංනුයි මමංනුයි එක්කහු වෙලා තමයි මේක කරන්නේ, මේ කතාව. හරියට අර ඔයිට ඉස්සෙල්ලා භාවනා කළා මේක අර ලණුවකින් ගලක් ගැට ගහලා කරකවනවා මෙහෙම රවුමට. කරකවනකොට පල්ලෙහා ඉඳන් උඩට ඉස්සුවා අහං. ඊට පස්සේ අර, ඒ කියන්නේ මෙහෙම කරලා ගන්නේ. ඊට පස්සේ එහා පැත්තේ ඉඳන් පල්ලෙහාට එන එක විතරයි මමංට කරලා දෙන්න තියෙන්නේ. උඩට උස්සපු එක මේවා කරලා දෙන එක. ඔය දෙපැත්තට ඉතින් කරකවන එක තමයි ඕකේ තියෙන්නේ.
එතකොට මේක, මේ දෙන්නත් එක්ක නේ මේක කරන්නේ කියන අර්ථයට ඒක එනකොට ඉතින් ඕක තව භාවනාවක් එක්ක මට ගැළපිලා ආවේ, මොකද ඔය area 6 එකයි area 5 එකයි කියන එක, area 6 කියලා කියන්නේ අර පරාමාසකායගන්ථයයි, ඉදංසච්චයයි, මෝහ අගතියයි කියන area 6 එකයි, area 5 එකයි සසඳන්න බෑ. අර 1 and 2 සසඳන්න බෑ වාගේ මේක සසඳන්න බෑ.
මොකද ඒකේ, ඒක එන්නේ කලින් ඒ භාවනාවේ එනවා අපි මරණයට ගියා නම් මරණයේ මනුස්සයා, මැරිලා ව්‍යාධියට යනවා. එතකොට ඒ කියන්නේ චිත්ත සංස්කාර මැරෙනවා කිව්වහම එයාගේ මනස, මනසේ ව්‍යාධි ස්වභාවය කියන එක එයාට තියෙනවා.
ආයෙත් පෙන්නනවා රහතන් වහන්සේ පරිදේවයේ ඉඳන් මේ සෝකය කරා අපි දුවනවා, running. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එකට යන්න අපි උත්සාහ කරනවා. ඕකයි අපේ ජීවිතේ. හරි වැදගත් ඕක. වචන තුනක් ඔය කිව්වේ. චිත්ත සංස්කාර මැරෙනවා කියලා දැක්කහම ඕගොල්ලන්ගේ මනසේ තියෙනවා ව්‍යාධි ස්වභාවයක්. ස්වභාවයක් ඇත. ඊළඟට පරිදේවයේ සිට සෝකය කරා අපි දුවනවා, running. ඊළඟට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන්, ඒකේ අර ව්‍යාධි ස්වභාවය උරුම වෙලා නේ තියෙන්නේ. ඒ පුද්ගලයා එතනින් යනවා, උත්සාහ කරනවා මම අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න. ඕක තමයි අපි හුඟාක් දුක් වෙන්නේ. අපි උත්සාහයකින් යන්නේ එතෙන්ට. එතකොට ඔය කෑලි දෙක ඔහොම ඔතන Z අකුර වාගේ එනවා අනෙක් පැත්තට. ඕක භාවනා කරන්න පුළුවන් ගැඹුරට.
ඒක බැලුවහම, දැන් මෙතෙන්දි ආකිඤ්චන විමුක්තිය ඇති වෙලා තියෙනවා ඔය කාරණා තුන හරියට කෙනෙක් දැක්කා නම් භාවනාවේදි. ඒ ආකිඤ්චන විමුක්තිය තියෙන කොටුවට තමයි ඔය area 4 කියන එක. දැන් අහං කියලා අරගෙන තියෙන කෑල්ලේ ආකිඤ්චන විමුක්තිය සහිතව තමයි ඒ කොටස බලන්නේ. එතකොට මේක, ආකිඤ්චන විමුක්තියත් එක්ක මේ කාමරාග අනුසය තියෙන ඒ කොටස, ත්‍රිපීසියම සහිත එක compare කරන්න බැහැ කියන එක තමන්ගේ මනසට එනවා. ඒක නොකළ යුතු, ගත යුතු නැති දෙයක් කියලා. ඒ කියන්නේ මේක තුච්ඡයි, මේකෙ බලන්නවත් දෙයක් නෑ, සිතන්නවත් දෙයක් නෑයි කියන තත්වෙට එනවා. අන්න එහෙම, ඒ තත්වෙට පත් වුණා ම අප්පණිහිත චෙතො විමුක්තියට කෙනෙකුට යැවෙනවා. ඒ විදිහට අර ආකිඤ්චන විමුක්තියේ ම ඉන්නවා, ඉඳලා මේකේ ආපහු propagate වෙලා මේ වම් අත පැත්තට එනවා කියලා දැකලා අප්පණිහිත චෙතො විමුක්තිය එනවා.
මට ඒක තමයි ඇති වුණේ. රහතන් වහන්සේ මගෙන් ඇහුවා “දැන් ඔබ කොතන ද ඉන්නෙ?” කියලා. එතකොට මං බැලුවම ඔක්කොම, මෙහේ චෙතො විමුක්තිය තියෙනවා, මෙහේ ප්‍රඥා විමුක්තිය තියෙනවා.
මං කිව්වා අප්පණිහිත චෙතො විමුක්තිය කියලා. ඇයි එහෙම වෙන්නේ කියලා. රහතන් වහන්සේ ඇහුවා “මේක මෙහෙම වෙන්නේ කලින් භාවනා කරපු කෙනෙකුට ද නැති කෙනෙකුට ද?” කියලා. මං කිව්වා “කලින් භාවනා කරපු කෙනෙකුට.” කලින් අප්පණිහිත චෙතො විමුක්තියට ගිය එක්කෙනාට මේක දැක්කහම ඒක වෙනවා. නොගිය කෙනෙකුට ඒක වෙන්නේ නෑ. අර අර්ථය එකපාරට එනවා නේ, භාවනා කළේ නෑ නේ ගොඩක්. මෙතන මේ කොටු තුන බැලුවා, අතනින් අර දෙන්නා අතර සම්බන්ධතාවය බැලුවා බලපු ගමන් මේක සිද්ධ වෙනවා. එතකොට කලින් භාවනා කරපු කෙනාට ඔය විදිහට එකපාරට ම ඒ විමුක්තීන්ට යන්න පුළුවන් කියන එක තියෙනවා.