ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කරලා වැන්දා. ඒ විදිහට තුන් වෙනි නමක් සිහි කරලා වැන්දා. ඒ විදිහට ම අනුපිළිවෙළින් ඒ හත් නමක් සිහි කරලා වැන්දා, ආපහු සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර නම ම සිහි කරලා මං වැන්දා.
ඒ වැඳලා ඊට පස්සේ අර, පංචනීවරණයන් යටපත් කරලා අර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි කියලා තියෙනවා නේ. අන්න ඒ වෙලාවෙදි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි කියනකොට සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය, ඔය විදිහට සම්මා සමාධිය දක්වා මම ආවා. ඒකේ ආවේ නිකන් නෙවේ අර ඉද්ධි diagram එකේ අපි කියනවා නේ අර චිත්තය සමාධිය ඇති කරගන්න නම් මෙත්තාව තියෙන්න ඕනෙ. ඊට පස්සේ ඒ සමාධියෙන් මම ඉන්නවා නම් ඒ කියන්නේ අර ද්වේෂය හා, ඒක හා සම්බන්ධ වූ ධර්මයන් මගේ නැති වෙනවා. එතකොට ඊර්ෂ්‍යාව, ඒ මක්ඛය කතාව නැති වෙනවා. එතකොට ඒවා නැති වෙනවා නම් මට එනවා අර මැද්දේ කොටස ඇකිලෙනවා, පරුෂා වාච පිසුණා වාච කොටස ඇකිලෙනවා, ඒක නිසා අර සම්මා දිට්ඨියෙන් අතෙන්දි ඒ සම්මා සමාධිය කියන තැනට එනවා. අර විමංසාව කියන එක පවතිනවා කියන එකත්. එතකොට චිත්ත සමාධියෙන් එතෙන්ට එනවා කියන එක.
ඊට පස්සේ අර, ඒ ඉද්ධි diagram එකේ විදිහට මම දිගට ම ගියා. එතකොට මේකෙදි මං ගත්ත එක තමයි අර මානය, මදයෙන් අත්තා ඉඳන් නිත්‍යට ගහනවා නේ මේවා එකක්. එතකොට මෙන්න මේක, සංස්කාර තියෙනකන් මේක සිද්ධ වෙනවා. දැන් මේක මම නැති කරන්න නම් අර product එකේ කතාව, factory එකේ කතාව ආවා. ඒකත් එක්ක මේ වේදනාවට අගයක් දෙන එක කියන එක. ඇති වෙන වේදනාව දුකයි, හැම සඤ්ඤාවකින් ම අගයක් දෙන්නේ අර මේක මේ දුකයි කියලා දන්නෙ නැතුව. ඉතින් ඒ පාර දැන් මේක ගැන කල්පනා කළහම අර චාගාධිට්ඨානය කියන එක කෙනෙක් භාවිතා කරනවා නම් එතෙන්දි මේ විදිහට ඉන්නවා කියන එක, ඉන්න හොඳයි කියන එක නේ කියන්නේ. දැන් මෙතනින් කාම ආශ්‍රවය එතන ඇති වෙනවා, භව ආශ්‍රවය කියන එක ඇති වෙනවා, ඒක තණ්හාවත් එක්ක. එතකොට ඒක අයින් වෙන්න ඕනෙ. ඒක අපි අයින් කරන්න, අපි අයින් කරනවා කියන්නේ චාගාධිට්ඨානය කියන එක තියෙනවා නම් පුළුවන්කම තියෙනවා. එතකොට මං කරුණාවෙන් අප්‍රමාණයට යනකොට මට චාගාධිට්ඨානය කියන එක තියෙනවා. අතහැරීම කියන එක තියෙනවා. එතකොට අතහරිනවා නම් ඒක නිසා අර අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභයට යන ඒ කොටස අඩු වෙනවා කියන එක, ඒක ගත්තා.
ඒක අරගෙන දැන් ඊළඟට, ඊළඟ slide එකට ගියා. ඒ slide එකේදි ඔන්න අර මානය. දැන් අපි තුන් වෙනි සත්‍ය කියන එක මනසට නැංවුවෝතින් අපිට පේනවා මේ තණ්හාව කියන එක නිරෝධ වුණා ම තමයි මේ දුක්ඛය නිරෝධ වෙන්නේ කියලා. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ මේ වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දීලා ඒ තණ්හාව ඇති වෙන එක, මේක අතහරිනවා කියන එක තමයි ආවේ.
එතකොට දැන් මෙතෙන්දි, ඒ තුන් වන සත්‍යයේ දී කියනවා එහෙම නම් මේකේ නිරෝධයක් තියෙනවා නම් තමයි මට නිර්වාණය කියන එක ඇති වෙන්නේ. එතකොට ඒක කියනවා නම් අර මානය විසින් අර ඇස ඕනි කියන කතාව කියන එක නැති වෙලා යනවා. එතකොට ඇස ඕනි කියන කතාව නැති වෙලා යනවා කිව්වහම දැන් මට මේ පේනවා මෙතන, මේකත් එක්ක දැන් ඔය generation එක නේ ඇති වෙන්නේ අපේ. ඒ කියන්නේ අපි අර, දැන් එනවා අර ඉද්ධිපාදය අර භාවනා කරන slide එකට එනවා. ඒකෙදි ඇති වෙලා මෙතන මේ සංස්කාර නිසා මෙතනින් මේ පැත්තට මම jack එක ගහනවා. මේවාට තමයි මගේ මේ මාන්නය කියන එක, ඒක ඇති වෙලා මගේ තියෙන්නේ.
එතකොට මම, මෙතෙන්දි අපි දැනගන්න ඕනෙ හැම පංචනීවරණයකින් ම පලාසය. පලාසයෙන් මට ඇති වෙන්නේ තනිකර ගත්තහම ලාභය කියන එක. මච්ඡරියටයි යන්නේ. ලාභයි කියන එක. ඔන්න ඔය point එකට ආවහම මං කල්පනා කළා එතකොට මේක නිසා අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභයට එනවා. මෙන්න මේ ලාභයි කියලා ගන්නෙ නැත්තන්, සකස් කිරීම කියන එක, චිත්තය සකස් කිරීම කියන එක ලාභයි කියලා ගන්නේ නැත්තන්, ඒ වගේ ම ඒක සකස් කරලා පැවතීම maintenance කියන එක, ඒක ඕනේ ය කියලා ගන්නේ නැත්තන් ඒ කෙනෙකුට ආයු සංස්කාරය කියන එක අතහරින්න පුළුවන් කියන එක, ඒක ආවා. ආයු සංස්කාරය අතහරිනවා නම් මෙන්න මේ විදිහයි. ලාභයි කියලා කියන්නේ නෑ. Generation එකයි පැවතීමයි, චිත්තය. රහතන් වහන්සේ “සාධු සාධු.” කියලා කිව්වා ඒ වෙලාවේ.
ඊට පස්සේ ඉතින් ඒ විදිහට මං ඒ භාවනාව කරගෙන ගියහම දැන් ඉතින් මේ සිත මැකෙනවා. එහා පැත්තට ධර්මයන් යන්නේ නැතුව ඒක නතර වෙනවා, මැකෙනවා, ඒ ස්වභාවය මට තේරෙනවා මේ මෙනෙහි කරන්න මීට වඩා අමාරුයි. එන්නේ නෑ. අදහස් එන්නේ නෑ මෙන්න මේ තත්වෙට ආවාට පස්සේ. ඊට පස්සේ මං ඒ විදිහට බැලුවා අර විරිය, දැන් අපි ඔතෙන්දි පෙන්නනවා නේ මෙත්තාව ආරම්භ කළා ය, මේක නිසා. ඒ කියන්නේ අපි අර, අශ්‍රද්ධාවෙන් මෙත්තාව කියන එක නොසෙල් වෙන්න ඕනෙ. පංචනීවරණවලින් හැදෙන්නේ අරක. ඒ පාර දැන් කල්පනා කරනවා මේක, අපි විරිය භාවිතා කරන්නේ මොකද්ද, මේ හැදෙන එක කොසජ්ජය. රෝගී බව තමයි මට ඇති වෙන්නේ. මේක අයින් වෙන්න ඕනෙ. එහෙම නම් මං ඒකට විරියක් භාවිතා කරන්න ඕනෙ. ඊළඟට දැන් අර සතිය මොකට ද, මෙතෙන්දි අර ලාභයි කියලා ගත්තා නම් මම රෝගී බවට යනවා. ඒක නවත්තන්න ඕනෙ. එතකොට දැන් මේ විදිහට මේ දෙක ආවහම දැන් ආවා ඊළඟට උද්ධච්චය. උද්ධච්චයේ දී මොකද වෙන්නේ, උද්ධච්චය තියෙනවා නම් මට මෙත්තාව පවත්වන්න බෑ. මේකේ ආකාර දෙකකට මේක සිද්ධ වෙනවා. මොකද්ද ආකාර දෙක?
කාම සඤ්ඤාව තියෙනවා නම් කෙනෙකුට දෝමනස්සය ඇති වෙනවා. දෝමනස්සය තියෙනවා නම් කාමච්ඡන්දය ඇති වෙලා ආපහු generation එක කියන එක ඇති වෙනවා. එතකොට එහෙම නම් මේ කාම සඤ්ඤාව කියන කොටස අපේ නැති වෙලා යන්න ඕනේ. නැත්තන් generate වෙනවා කියන එක තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවහම අර maintenance කියන එක. හැදුවට පස්සේ maintain කරනවා කියන එක පරුෂා වාචය පිසුණා වාචය ඒකත් යන්න ඕනෙ.
එතකොට මට diagram එක හරියට දෙකකට බෙදුනා. අර උඩින් තියෙන විරියයි, ඊට පස්සේ උපෙක්ඛා අප්‍රමාණයට කියන එක. මේ උඩ කොටස තමයි උත්පාදය. ඇති කිරීම කියන එක. අර ඇහෙන් ස්පර්ශ කර කර ඇති කරනවා කියන එක. පල්ලෙහා කොටස තමයි maintenance එක. අන්න ඒක නිසා තමයි අපි විරිය ඉද්ධිපාදයට යන්නේ, උඩ කෑල්ලෙන් කියනවා සඤ්ඤාව මගේ නොවෙන්න කියලා. යට එකෙන් අර තුන් වෙනි පටිපදාවේ තියෙනවා මේ සංස්කාරය මගේ නොවෙන්න කියලා. ඉතින් අන්න ඒ විදිහට විරිය දෙක භාවිතා කරනවා, ඉතින් ඒක බැලුවහම ඒ මනස පුදුමාකාරයි, විසාලයි. ඒ කියන්නේ ඔක්කොම අප්පණිහිත චෙතො විමුක්තියත්, ඒක ඔක්කොම සහිතව ඒක පැවතුණා. ඉතින් රහතන් වහන්සේ ඒක තමයි කිව්වේ “මනසේ ඒක ස්වභාවයක්.” පැවතිච්ච ස්වභාවයක්.
ඉතින් ඒක තමයි භාවනාව. මමං විසින් සකස් කිරීම කියන එක තියෙනවා, අහං විසින් පැවතීම කියන එක තියෙනවා උඩ කෑල්ල මමං, යට කෑල්ල අහං.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්