ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඒ ඉඳලා වැන්දා. ඊට පස්සේ තුන් නම සිහි කරලා වැන්දා, හත් නම සිහි කරලා වැන්දා, දාහතර නම ම සිහි කරලා මං වැන්දා.
එහෙම වැඳලා මම පන්සිල් ගන්න විදිහට කරගෙන ගියා. ගිහිල්ලා මේ මෝහය නිසා කාමයෙහි වරදවා හැසිරීම, කාමයෙහි වරදවා හැසිරීම නිසා මෝහය කියන එක තියෙනවා නේ. ඒකෙන් මං පටන් ගත්තා. ඊයේ අපි ගත්තා නේ ලෝභ දෝස මෝහ භාවනාව, ඒකෙදි කිව්වෙ. එතකොට එතන ඒ කොටස කල්පනා කරනකොට මම කල්පනා කළේ ඔය, අර ගන්ධබ්බයා බලාගෙන ඉඳලා එකපාරට ඒ මනුස්සයා අර ශරීරය බදා ගන්නවා, ඒ මනුස්සයට මේ එක මොහොතින් ඒක ඉවරයි නේ. ඒ මනුස්සයට ඒකේ වින්දනයක් මොනවක්වත් දෙයක් ඇත්තේ නෑ. එක මොහොතින් මෙයාගේ මේ ස්පර්ශයේ කතාව ඉවරයි. එතනින් ම. මොකද එතන ඇති වෙච්ච ගමන්, ඒ පාර ඒක මං හිතුවහම රහතන් වහන්සේ මට පෙන්නුවා එයා ඇදිලා යනවා. හරියට නිකන් rubber එක මැද්දෙන් අල්ලලා ඇතුළේ ඇද්දා ම අර මේවා වෙලා යන්නේ. දැන් මෙයා අරයාගේ ශරීරය බදා ගත්තා, මෙයාව කෙළින් ම ඇදිලා යනවා අර ශුක්‍රාණුවලට.
එතකොට එතන එයා ගිහිල්ලා අරක අල්ලනවා, අරයාගේ ability එක ඔක්කොම නැති වෙනවා. අර ඉස්සෙල්ලා යන්න පුළුවන් ability එක නැති වෙනවා. නැති වෙලා, දැන් මෙතන රහතන් වහන්සේත් එක්ක දෙබසක් විදිහට මේක ඒ වෙලාවේ ලස්සනට ගියේ ඒක. එතකොට ඒ ability එක නැති වෙච්ච, වෙලා දැන් මෙයාගේ සිත අර dormant ස්වභාවයකට පත් වෙනවා. ඒ පත් වෙලා එයා, අපි අර නින්දෙන් ඉන්නේ, අන්න ඒ ස්වභාවය. එතකොට අර එයාගේ මතකයක් හැටියට තියෙන්නේ මං මෙහෙම එකක් වින්දා, කියන එක විතරයි එයාට මතකයක් හැටියට තියෙන්නේ අර ඒ අවස්ථාවේ දී. ඒ වේදනාව පොඩ්ඩ කාලෙකට ඒක පවතිනවා. ඊට පස්සේ එයාගේ active වෙලා තියෙන්නේ නාමරූපයෙන් සළායතනය කියන එක.
එයා ඇහැරිලා ඉන්නවා ද, නාමරූපයෙන් සළායතනය එයාගේ හැදෙනවා. ඒ සළායතනය හැදුණහම, බෝසතාණන් වහන්සේට නම් ගවු හතක් දුරට පේනවා. සාමාන්‍ය මනුස්සයෙකුට ඒක එහෙම නෑ. ඉතින් ඕක තමයි range එක. ඒ සළායතනය, එයාගේ හැදෙන සළායතනයෙන් ගවු හතක් දුරට පේනවා. එතකොට එයාගේ නින්ද යන අවස්ථාව ගත්තහම, ඒ වෙලාවෙදි මෙයාගේ අර active වෙච්ච, active වෙලා ඉන්න අවස්ථාවේ දී නාමරූපයෙන් සළායතනය වුණා නේ. අන්න ඒ ආයතනය අපේ හැදෙනවා. සකස් වෙනවා කියලා කියන්නේ අපේ නින්දෙදි අපේ ඇඟ repair වෙන්නේ. ආන්න ඒ වාගේ අර ආයතනයන් ටික එයාගේ එතන, ඒ නිදි අවස්ථාවේ දී ඒක සකස් වෙනවා. ඇහැරිච්ච වෙලාවේදි අරක තියෙනවා.
එතකොට තථාගතයන් වහන්සේට නම් පුළුවන්කම තියෙනවා අර ගවු 7 ඒක දැකලා, දැන් අම්මා යනවා නම් නරක ප්‍රදේශයකට අම්මාට ඉඟි කරන්න පුළුවන් ඒ පැත්තට නොයන්න. ඒ වාගේ දේවල් හිටන් කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මෙයා මේ, මේක සහිතව ඉන්නවා, මේකේ හරි පුදුමයි ඒ අවස්ථාවේ මම ජීවත් වුණා. ඒ සමාධියේ, මගේ සමාධියේ මගේ මනස හෙල්ලෙන්නේ නෑ වෙන මොනවක්වත් නැතුව නාමරූපයෙන් සළායතනය, සළායතනයෙන් නාමරූපය අරවාට react කිරිල්ලක් නෑ. ඒ තමන්ට සළායතනය ඒක දැනගැනීමක් තියෙනවා, මේ පොඩි එකාට මොකුත් කරන්න පුළුවන්කමක් ඇත්තෙ නෑ නේ. අරක ඇතුළේ අර විදිහට ඉන්නවා කියන එක තිබුණා.
එතකොට ඕක මට connect වුණා, ඔය සූත්‍ර දේශනාවේදි බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕක, එක සූත්‍රයක බුදුහාමුදුරුවෝ පෙන්නනවා එයා මව් කුසට බැස අරගෙන නාමරූපයෙන් සළායතනය වේ කියලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා, සළායතනයෙන් නාමරූපය. එතෙන්දි මට ඕක කියවනකොට ම මට ආවා මෙතෙන්දි මෙයා මේ සළායතනය හදනවා කියන එක. ඒ සූත්‍රය කියවන වෙලාවේ.
ඒක ම තමයි මෙතන මේ පෙන්නන්නේ. දැන් එතකොට මෙයා මේක ඇතුළට වෙලා ඉන්නවා. මං ඒ වෙලාවේ මං කල්පනා කළා නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. නාමයන් රූපයන් නිසා ස්පර්ශය ඇති වෙනවා. ඉච්ඡානිදානානි පරිග්‌ගහානි කියන එක මං එතනින් ඉච්ඡා සන්‌ත්‍යා න න මමත්තමත්ථි. එතකොට ඉච්ඡාව නිසා මේ මමත්තමත්ථියක් මෙයාගේ සිද්ධ වෙනවා මෙතන. අර ඇස මගේ කියලා බැඳෙනවා. කන මගේ කියලා බැඳෙනවා. එතකොට ඒක තමයි අර එයා dormant අවස්ථාවේ දී නින්දේ ඉඳගෙන හදන්නේ. ඒක මෙයාට ඕනෙ මේක, ඉතින් ඒකෙදි මට ආවා පෙලක් කට්ටිය ඉතින් මේක හදාගන්න බැරි වෙනවා. එයාගේ මනසේ තියෙන්නේ අරක හදන්න. නමුත් අර ingredient එක, එයාට හම්බවෙන එක ඒක හරියන්නේ නෑ එයාගේ පූර්ව කර්මයන් නිසා මේක කරන්න බැහැයි කියන එක.
එතකොට ඔය, ඔය සමාධියෙන් තමයි මම හිටියේ. එතන සමාධියක් තියෙනවා. ඒ පුරුක විතරයි ජීවත් වෙන්නේ. නාමරූපයෙන් සළායතනය. සළායතනය එක තමන්ගේ එතන නාමරූප කතාවත් එක්ක තමන්, නාමරූපයෙන් හැදෙන්නා වූ එකෙන් ඉන්නවා. අර වගේ ම මමත් ඒ ගවු 7 වටේට ම දකිනවා. දැන් මෙතන ඉන්නකොට මේ වටේට තිබෙන්නා වූ ඒ ටික, area එක මම දකිනවා ඒ විදිහට. ඒ විදිහට මම සමාධියෙන් හිටියා මේ, ඉඳලා ඉතින් අවසන් කළා. ඒක තමයි භාවනාව.