මම භාවනාවට කළේ, ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැන්දා. ඒ විදිහට හත් නමක්, ඊට පස්සේ දාහතර නමක් සිහි කරලා වැන්දා. වැඳලා එතෙන්දි මම මෝහය නැති කරමී කියනකොට මම එතනින්, එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා රහතන් වහන්සේ.
එතකොට මෝහය කියන එකට අපි දන්නවා අර චේතනාව, විඤ්ඤාණය, මෝහ අගතිය කියන ඒ triangle එක තමයි ගන්නේ. එතකොට ඒක බලනකොට කෙළින් ම මම ගත්තේ ඒ සංස්කාර කියන එක. සංස්කාරවලට, කාගේ හරි සංස්කාරයකට මම ඇල්මක් තියෙනවා නම් ඒකෙන් මට දුක්ඛයක් තමයි ඇති වෙන්නේ. අපි හිතමු කාගේ හරි, කුසල වූ සංස්කාර, අකුසල වූ සංස්කාර. කාගේ හරි කුසල වූ සංස්කාරය මම අල්ලගෙන ඉන්නවා නම්, දැන් අපිට පේනවා අකුසල වූ සංස්කාරය අල්ලගෙන ඉන්නවා නම් ඒ අකුසල වූ සංස්කාරය වැටෙනකොට මම වැටෙනවා. කුසල වූ සංස්කාරය අල්ලගෙන ඉන්නවා නම් එයාගේ කුසල වූ සංස්කාරය වැටෙනකොට මං වැටෙනවා, ඒකේ යම්කිසි ඇල්මක් තියෙනවා නම්.
එතකොට මේ විදිහට දැන් මට බැලුවා මේ ඔක්කෝම මේ අපි සංස්කාර මත අපි යැපෙනවා. එතකොට සංස්කාර මත යැපෙනවා කිව්වහම දැන්, දැන් ඕක ගැඹුරට එනවා දැන්, තාත්තා, තමන්ගේ පියාගේ සංස්කාරයන් කියලා හිතන්නකො. දැන් පියාගේ සංස්කාරයන් මත අපි යැපිලා ඉන්නවා. පියා මැරෙනකොට ඒක අපි අල්ලගෙන හිටියා නම් අපිත් ඒකත් එක්ක ම අපිත් මැරෙනවා. එතකොට මෙන්න මේ වාගේ, මේ ලෝකයේ යම් ආකාර කෙනෙක්ගේ සංස්කාරයන්, බාහිර වූ පුද්ගලයන්ගේ සංස්කාරවලට අපි ඇල්මක් තියෙනවා ද, ඒ අයගේ දක්ෂතාවය ඇති බව හෝ නැති බව. කුසලය අකුසලය. අන්න ඒක මත අපි වැටෙනවා කියන එක තියෙනවා.
එතකොට ඊළඟට මම කල්පනා කළා, ඒක හරි විසාල වුණා ඉතින් මනස ඒකත් එක්ක ම, මං ඒ පාර කල්පනා කළා දැන් ඒ, ඒ අයගේ ම ආනෙඤ්ජ වූ සංස්කාරයන්. එතකොට ඒ ආනෙඤ්ජ වූ සංස්කාරයන් නම් මම අල්ලගෙන ඉන්නේ, දැන් පුණ්‍යාභි කියලා ගත්තා, අපුණ්‍යාභි කියලා ගත්තා, ආනෙඤ්ජ විදිහට ගත්තා. ආනෙඤ්ජාභි සංස්කාරයක් නම් මම අල්ලගෙන ඉන්නේ ඒ අය බොහෝ කාලයක් පවතිනවා ඒගොල්ලො වැටෙන්නේ නෑ. ඉතින් ඒක නිසා මම යම් ආකාරයකට stable ව ඉන්නවා. හැබැයි මේ සියලුම සංස්කාරයෝ අනිත්‍යයි. ඒක නිසා ඒ ආනෙඤ්ජ සංස්කාරයේ ඉන්න එක්කෙනත් වැටෙනවා, එතකොට ඒක අල්ලගෙන ඉන්නවා නම් මං වැටෙනවා කියලා ගත්තා.
ඊළඟට ගත්තා මගේ සංස්කාරයන්. මගේ පුණ්‍ය, අපුණ්‍ය, ආනෙඤ්ජ. ඒවා සංස්කාරයන් මම අල්ලගෙන ඉන්නවා නම් අරක අල්ලගෙන ඉඳීම නිසා මං වැටෙනවා වාගේ ම මේක අල්ලගෙන ඉඳීම නිසාත් මං වැටීම කියන එක තියෙනවා. එතකොට මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය කියන එක ඔය විදිහට බාහිර පුද්ගලයන්ගෙයි අභ්‍යන්තර වශයෙනුයි බැලුවා. බලලා ඊට පස්සේ මං කල්පනා කළා ඉතින් මේකට එහෙම නම් බෙහෙත, විසඳුම හැටියට තියෙන්නේ ඔය සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා කියන එක. ඔය ද්වයතානුපස්සනා සූත්‍රයේ තියෙනවා නේ. යංකිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං සඞ්‌ඛාර පච්චයා, සඞ්‌ඛාරානං නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවො, එතං ආදීනවං ඤත්වා දුක්ඛං සඞ්‌ඛාර පච්චයා, සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා, එවං දුක්ඛක්ඛයො හොති එවං ඤත්වා යථාතථා. එතකොට ඔන්න ඔය, ඔය එකට සිහියට ඇවිල්ලා මං, දැන් ඒ සංස්කාරයන්ගේ සමථය කොයි වෙලාවක හරි සිද්ධ වෙනවා ද, ඒක සිද්ධ වෙන්නේ නිර්වාණයේ දී. නිවනට වුණොත් විතරයි. නැත්තන් ඒ සංස්කාරයන්ගේ සමථයක් හිටින්නේ නෑ.
එතකොට එතෙන්දි ඒ කියන්නේ මේ, මමංකාරය නිසා ඇති වෙන සංස්කාරයයි, අහංකාරය නිසා ඇති වන සංස්කාරයයි. මමංකාරය නිසා ඇති වෙන සංස්කාරය කියලා කියන්නේ අර බාහිර පුද්ගලයන්ගේ යම්කිසි දෙයක් මගේ කියලා ගැනීමෙන් එතන මමංකාරය තියෙනවා. අභ්‍යන්තරයේ මගේ කුසලයන් අකුසලයන් අනුව මම සංස්කාරයක් අල්ලගෙන ඉන්නවා නම් ඒක අහංකාරය නිසා ඇති වෙන සංස්කාර.
එතකොට ඒ මමංකාර අහංකාර කියන කොටස් දෙක ම, ඒක කවදාහරි සමථයකට පත් වෙනවා නම් නිර්වාණයේ දී විතරයි මේක සමථයකට පත් වෙන්නේ. එතකොට සඤ්ඤාව උපරෝධනා කියලා. ඉතින් මේකත් එක්ක මාව යනවා, මට තේරෙනවා මම නිරෝධයට යනවා, ඊට පස්සේ මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා, ඔය විදිහට මාරු වෙවී මාරු වෙවී යන බව පේනවා.
ඉතින් එහෙම වෙනකොට මම දැක්කා ඔය දෙන්නාව. මෙතන ම. African family එකක් හැටියට මෙතන ඉඳලා තියෙනවා. ඉතින් ඔය වගේ දේවලුත් එක එක ඒවා පේන්න ගත්තා මට. එහෙම එකක් තියෙනවා. එතකොට ඔය වගේ මේ, සංස්කාරය ගැන ඔය විදිහට ම බලාගෙන මට ඉන්න පුළුවන් ඕනෙ තරම් වෙලා. ඒක නවත්තන්නැතුව ඔහේ ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. මේ දෙකේ තමයි මාරු වෙවී මාරු වෙවී තිබුණේ.
ඉතින් ඒක තමයි භාවනාව කළේ.