බුදුපියවරු සිහි කළා, උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඔය විදිහට ඒ හත් නමක් සිහි කරලා, දාහතර නමක් සිහි කරලා වැන්දා.
ඊළඟට මං පන්සිල් ගන්න විදිහ කරගෙන ගියා. ඉතින් ඔය පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරනවා කියනකොට එහෙම මං නිකන් ම සිත සමාධිගත වෙනවා. ඊට පස්සේ මම දිගට ම පන්සිල් ගන්න එක කරගෙන ගිහිල්ලා, ඒ ඉන්ද්‍රියන්, මට ඒ වෙලාවෙම තේරුණා ඒ විදිහට ම තියෙනවා කියන එක. ඒ ඉන්ද්‍රියන් වඩන්නේ නැතුව වැඩිලා තියෙනවා කියන එක තේරුණා. සප්ත බොජ්ඣඞ්ගය වඩමි කියනකොටත් මට බොහෝ ම සැපයි ඒක ඒ විදිහට.
එතකොට ඒ පන්සිල් අරගෙන ගිහිල්ලා ඉතින් මං අතනින් පටන් ගත්තා අර පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි කියනකොට ඕකෙ මං භාවිතා කළේ අර සෙඛ පටිපදා සූත්‍රයේ තියෙන knowledge and conduct නෙ, විජ්ජාචරණ සම්පන්නො කියන එක. විද්‍යා කියන එක ගත්තහම ත්‍රිවිධ විද්‍යාවෙන් කෙළින් ම ගත්තේ ආසවක්ඛය කියන එක. එතකොට ඔය ආසවක්ඛය භාවනාව මං කීපයක් කලින් කරලා තියෙනවා. ඒකේ එක භාවනාවක තියෙන්නේ මොකද්ද, ඔය දැන් අපි දන්නවා පටිච්චසමුප්පාදය කියන එකට ඉඩ දීමෙන් තමයි විඤ්ඤාණය පිහිටන්නේ. තණ්හාව ඇති වුණා නම් පටිච්චසමුප්පාදයේ මේ පුරුක් දොළහ කියන එක ඇති වෙනවා. ඇති වුණා නම් විඤ්ඤාණය පිහිට වීම කියන එක තියෙනවා. එතකොට, ඒ වගේ ම මම ආපහු ඔය ආසවක්ඛයට භාවනාවක් කරලා තියෙනවා, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන එකට සැකය මගින් jack එක ගහනවා කියන එක. ඔය සැකයේ සමුදය ඇවිල්ලා ථීනමිද්ධයයි, කුක්කුච්චයයි කියන එක.
එතකොට මං මේක ටිකක් බැලුවා ඔය ථීනමිද්ධය අවස්ථාව කියන එක ගත්තහම, එතකොට ඒක ඉදංසච්චයට එනවා ථීනමිද්ධයේ ඉඳන්, සැකයෙන් යනවා පල්ලෙහාට භයේ අගතියට ඉදංසච්චයේ ඉඳන්. එතකොට ථීනමිද්ධය කියලා කිව්වහම අපිට පේනවා අපි අර sick සඤ්ඤාවක් තමයි මේ අරගෙන තියෙන්නේ. එතෙන්දි අර සුඛයක් මගේ කියලා අරගෙන තියෙනවා. එතකොට එතන, පළවෙනියෙන් ම අපිට එතන වැරැද්ද කියන එක තියෙනවා.
අනෙක් පැත්තට ගත්තහම ආපහු කුක්කුච්චය කියලා කිව්වහම පරාමාසකායගන්ථයේ පසු එක වෙනවා. එතකොට ඒ කියන්නේ මම වරදවා වටහාගෙන තියෙනවා. මොකද්ද මං වරදවා වටහා ගත්තේ? සීලබ්බතය ඇති වෙන්නේ පළවෙනියෙන් ම අර බොහොම හොඳ අවස්ථාවේ දී. ගෙදර හොඳ අවස්ථාවේ දී. එතකොට අන්න එතෙන්දි අපි ගන්නවා එහෙම නම් මගේ මේ සුඛය කියන එක ම තමයි මේ පරාමාසයට වරදවා වටහා ගැනීම කියන එක තියෙන්නේ. එතකොට ඕක අර මුසාව බවට පත් වෙනකොට, මගේ කියලා ගන්න ස්වභාවයට එනකොටත් ඔතන වැරදීම කියන එක තියෙනවා. එතකොට දැන් මේ අවස්ථාවේ දී, ඒ කියන්නේ අත්තා කියලා ගත්ත එකෙත් වැරදීම තියෙනවා. දැන් මේ අවස්ථා දෙකේදිම ඕකෙන් හදන චිත්ත සංස්කාරයට අපි ඇලෙනවා. අභිනිවේසය කියන එක තියෙනවා.
එතකොට එහෙනම් මේ ටික තමයි මේ පරාමාසය තුළ තියෙන්නේ, පරාමාසයේ ලක්ෂණය ඕකයි. අභිනිවේසයයි, වරදවා වටහා ගැනීමයි කියන එක. එතකොට දැන් මෙන්න මේ දෙක නිසා ම මට සැකය කියන එක වෙනවා කියන එක එතන තියෙනවා. මේක නිසා මට සැකයි. එතකොට දැන් සැකය කියන එක අපිට ඇති වෙනවා නේ මේක, “මං මේ ගත්ත එක හරි ද?” කියන එක උඩ සැකයක් ඇති වෙනවා. එතකොට ඔතෙන්ට මක්ඛයත් සම්බන්ධ වෙනවා ඒක නිසා. මක්ඛය කියන්නේ අරකෙ පසු සඤ්ඤාව, අර නිවනෙන් පිටත වූ දෙයක් අරගෙන.
දැන් එතකොට මෙන්න මේ තත්වෙට මනස පත් වෙලා තියෙනකොට මේක හරි විසාලයි, රහතන් වහන්සේ කිව්වා “ඇති” කියලා. මං ඒ පාර නවත්වන්නත් හදලා රහතන් වහන්සේගෙන් ඇහුවා ආයෙත් මම ටිකක් ඉන්න ද? කියලා. ඒ පාර එහෙනම් “ඉන්න” කිව්වා ටිකක්.
ඒ පාර එහෙම ටිකක් මම ඉන්නකොට මට දැන් පේනවා, එහෙම නම් මෙතන දොර පොලු දෙකක් තියෙනවා. ඒ දොර පොලු දෙකේ තියෙන්නේ මොකද්ද? පළවෙනි එකෙන් තියෙනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා. එතන ගත්තහම අපි ඒ විචිකිච්ඡාව අපි ලියනවා එතනින් පල්ලෙහායින්. හරියට ම ඒ සක්කාය දිට්ඨියයි, ඊට පස්සේ සීලබ්බත පරාමාසයයි හරහා විචිකිච්ඡාව කියන එක එතෙන්ට එනවා. ඒක එක පොල්ලක්. එතකොට මේක තමයි අර මොකක් හරි එකක් හදනකොට පෙර තිබෙන්නා වූ එක, දොර පොල්ල.
ආයෙත් අපිට ආපහු තව දොර පොල්ලක් පේනවා, ඒක තමයි මක්ඛය. ථීනමිද්ධයත් එක්ක අපිට ඊළඟට ඇති වෙලා තියෙනවා, ථීනමිද්ධය පෙර මක්ඛය ඊළඟට. දෙන්නා ම ඉන්නෙ එක ම line එකේ. දෙන්නා ම ඉන්නෙ ඔය අවස්ථාව වෙනකොට චේතනාවේ ඉඳන් කෙළින් ම ඉදංසච්චයට යන line එකේ. මෙතන හරියට ම මේ diamond එකේ මුල්ල ඇවිල්ලා මක්ඛය වෙනවා. ඊට පෙර ථීනමිද්ධය වෙනවා.
එතකොට දැන් මෙතන මේ මක්ඛයත් එක්ක ගත්තොතින් එහෙම නම් ආපහු එනවා මක්ඛය, කුක්කුච්චය ඇඳලා තියෙන තැන, එතකොට අපි ආපහු පල්ලෙහායින් සැකයක් තියෙනවා. ඒ සැකය දැන් අර ඉස්සෙල්ලා තිබිච්චි තැනට වඩා shift වෙලා තියෙන්නේ. ඒක තියෙන්නේ හරියට ම අර ඉදංසච්චයේ ඉඳන් භයේ අගතියට යන්නා වූ ඒ line එකේ cross වෙන තැනට පොඩ්ඩක් පල්ලෙහායින් ඒක තියෙන්නේ. මාන පාරේ ඒක තියෙන්නේ. එතකොට දැන් එහෙනම් මෙන්න මෙහෙම කෑලි දෙකක් පේනවා. හරියට triangle එකක් වාගේ. මේ වගේ තමයි එතන තමන්ට එන picture එක. එතකොට එහෙම නම් දැන් මට පේනවා මේ මෙතන තියෙන සැකයයි, මෙතන තියෙන සැකයයි. මොකද්ද මේ සැක දෙක?
මේ සැක දෙක කියලා ගත්තහම මේක තමයි අපි, අවිද්‍යා ආශ්‍රවය මේක, මේ පැත්තට යන එක කාම ආශ්‍රවය. කාම ආශ්‍රවය නිසා තමයි අර දිට්ඨි පාරෙන් ඇවිල්ලා තියෙන්නා වූ ඒ සැකය ඇති වෙලා තියෙන්නේ. මෙතන තියෙන සැකය ඇති වෙලා තියෙන්නේ අවිද්‍යා ආශ්‍රවය නිසා ඇති වෙන්නා වූ සැකය. පේනවා ද මේකේ අර දෙපැත්තකින් සිද්ධ වෙන්නේ. කාමය නිසා මට මෙතන සැකයක් තියෙනවා අර පෙර කතාවේදි. එතකොට සක්කාය දිට්ඨි දොර පොල්ල මුලින් හැදෙනකොට එකක්. එතකොට ඊට පස්සේ දැන් මේක අවිද්‍යාවත් එක්ක නිසා ඇති වෙන එක, මේක තමයි මේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියන ඒ triangle එක. අන්න ඔය තත්වෙට මනස පත් වුණා ම ඒක බොහෝ ම විසාලයි. විසාලයි, පුදුමාකාර තත්වෙකට තියෙනවා. ඒ කියන්නේ මේකේ මේ සැකයෙන් ම සැකයට තමයි අන්තිමට ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි භාවනාව.
සීලපාරිසුද්ධිපධානියඞ්ගය, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය කියලා පධානියඞ්ගයන් හතරක් තියෙනවා. ඒ පධානියඞ්ගයන් 4න් අර පාරවල් 4 කැපෙනවා මෙහෙම diamond එකක් දැන් මං පෙන්නුවා නේ. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට එනවා, චේතනාවේ ඉඳන් ඉදංසච්චය වෙනවා, ඉදංසච්චයේ ඉඳන් භය අගතියට යනවා, භය අගතියේ ඉඳන් මේකට යනවා. මේකේ මෙතන, මේකේ diamond එකේ තියෙන්නේ චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය. ඊළඟට මෙතන මේ කෑල්ලේ තියෙන්නේ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය. ඒ කියන්නේ ඉදංසච්චයට යන පාර, මේකේ ඉඳන්. එතකොට මෙතන තියෙන්නේ සීලපාරිසුද්ධිපධානියඞ්ගය ඒ ඉදංසච්චයේ ඉඳන් භය අගතියට යන එක. අන්න ඒක තමයි ඔයා කල්පනා කළේ. ඒ සීල පාරිශුද්ධය. ඊළඟට විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය කියලා කියන්නේ භයේ අගතියේ ඉඳන් වේදනාවට යන එක. එතකොට ඒ පධානියඞ්ගයන් 4 භාවිතා කරලා තමයි එයා විමුක්තිය හැටියට ඉන්නේ අර උඩ එක හදන්නේ නෑ bridge එක. උඩ bridge එක හදන්නේ නෑ. ඒක ටිකක් ගැඹුරුයි මේ භාවනා කීපයක් මේ මං මේ කියන්නේ. ඒක මට එකපාරට ආවා මේකත් එක්ක. මේ භාවනාව කරනකොට ඒ විමුක්තිය.