Date: 02/06/2014 Name: Dukkaya bhavana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියා මම සිහි කළේ ලෝකයේ සිටින ඒ උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැන්දා. ඒ විදිහට ම අනිත් බුදුපියවරු අනුපිළිවෙළින් ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, ඔය විදිහට සිහි කළා. දාහතර නම ම සිහි කරලා වැන්දා.

ඒ වැන්දාට පස්සේ මම අර පන්සිල් ගන්න එක මගේ පිළිවෙළට මම කරගෙන ගියා. ඒ කරගෙන යනකොට ඉතින් මගේ මනස හරි විසාලයි, ඒ කාරණාවෙන් කාරණාවට, ඒ සම්පප්‍රලාපය නිසා මෝහය, මෝහය නිසා සම්පප්‍රලාපය ඔහොම හිතනකොට.

ඊට පස්සේ මම කල්පනා කළා මීටත් වඩා වැදගත් කියලා මේ දුක්ඛ සත්‍යය මෙනෙහි කරන එක. ඒ පාර චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලා, ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනාව පටන් ගන්නවා කියලා පටන් ගත්තා. ඉතින් ඒක පටන් ගන්නකොට දැන් මෙතන මුලින් ම මං බැලුවා මේ ජාතිපි දුක්ඛා කියන එක. එතකොට අපි අර කබලිංකාර ආහාරය නිසා මේ අපේ මනස යම්කිසි තැනක පිහිටනවා. එතකොට උප්පාදසංඛතලක්ඛණය කියන එක ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ විපරිණාමය කියන එක මේ මනුස්සයාට සිද්ධ වෙනවා සිද්ධ වෙනවාමයි. අනිවාර්යයෙන් ම මේක මේ විදිහට සිද්ධ වෙනවා. එතකොට දැන් මං කල්පනා කළා මේ, මේක නිසා දැන් සංස්කාර දුක්ඛතාවයනුත් ඇති වෙනවා. ඉතින් මේකේ මුලින් එන්නේ මොකද්ද?

එතකොට අපිට පේනවා රූපයක් ආවහම ඒ රූපය හේතු කොටගෙන අපිට ඒ ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය ඇති වෙනකොට ම අර සුභයි කියන එක අරක අස්සට රිංගනවා කියන එක. ඉතින් මේ සුභයි කියලා මෙයාට මේක ගත්තට, මේක මේ කොයි ම වෙලාවකවත් එහෙම සුභ වෙන්නේ නෑ නේ. මේකේ අඩුපාඩුවක් ති‍යෙනවා ම තමයි. දැන් ඉතින් හොද්දක් ගත්තා නම් ඒ හොද්දේ යම්කිසි අඩුවක් තියෙනවා, රසයේ වෙනසක් තියෙනවා. එතකොට මේක, මේ මනුස්සයා ඉතින් ඇත්තෙන් ම කියනවා නම් මේ තමන්ට ඕනෙ එක නෙවේ ලැබිලා තියෙන්නේ. ඒක නිසා මෙයාට ක්‍රෝධය කියන එක තියෙනවා කියන එක තියෙනවා.

ඉතින් දැන් එතකොට මේ, දැන් මට එනවා එතනින් අර “කොධො මොස වජ්ජන්ති කථංකථා ච” කියන මේකට එනවා. ඒ කියන්නේ මේ අපි ක්‍රෝධයෙන් ම තමයි ඉන්නේ, මේ ක්‍රෝධය දහතුන් වෙනි රවුම නේ. මුසාව කියන එක පහළොස් වෙනි රවුමේ දී තමයි ඒක significant ව එන්නේ කියන එක එතන ආවා. එතකොට මෙතනදි ආවායින් පස්සේ දැන් මං මේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක තමයි ඔතන මං significantly ගත්තේ. එයාට ඕනෙ දේ නෙවේ මෙයාට මේ ලැබෙන්නේ. ඒක නිසා මේ විදිහට ඉන්නවා. එයාට ඕනෙ දේ නෙවේ ලැබුණේ, එයාට දෝමනස්සය තියෙනවා. දෝමනස්සය ලැබිච්ච මනුස්සයා කල්පනා කරනවා අපිට දෝමනස්සය ඇති නොවෙනවා නම් කියලා. නමුත් එයාට දෝමනස්සය ඒක ඇති වෙනවා කියන එක, ඕක බොහොම ගැඹුරට මම බැලුවා. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන එක.

මෙහෙම බැලුවායින් පස්සේ මට කල්පනා වෙනවා මේ දොළහ කිව්වහම එහෙම නම් මේ රවුම් දොළහක් නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා කිව්වහම මේක මේ රවුම් දොළහට ගිහිල්ලා දහතුන් වෙනි රවුමේ මේකයි මේ ක්‍රෝධයට එන්නේ. දුක්ඛය complete. දොළහ වෙනකොට දුක්ඛය complete. දැන් ඉතින් choice එකක් නෑ එයාට ක්‍රෝධයට එනවා කියලා. මේක හොඳට තේරුණා, දැන් මං ඒ පාර ඒක බලන්න ගත්තා. හරි නේ, පළවෙනි රවුමේ අර ජාතිය ඇති කරගන්නවා. එතකොට පළවෙනි රවුමේ ඕක නේ කරන්නේ. අර කැරකෙව්වා සුභයි කියලා ගත්තා. ඔන්න ඒක පිහිටීම කියන එක එතන තියෙනවා. ඒකට පදනම ආවේ එතනින්. දෙවෙනි එකේදි අපි බලනවා මේක පවත්වන්න. ඒ කියන්නේ ආපහු අර සොම්නසක් ගන්න ආපහු කරකවලා බලනවා, අර මනුස්සයා අර විදිහට ඉන්නෙ නෑ, දෙවෙනි රවුමේ එහෙම ව්‍යාධි කතාව තියෙනවා. ඒ තුන් වෙනි රවුම වෙනකොට දැන් මේක නිසා මේ කරන්න බැරි දෙයක් අරගෙන මෙයාට අර මේ, දෙවනි රවුමේ ජරා ගුණය කියන එක තියෙනවා, තුන් වෙනි රවුමේ ව්‍යාධිය කියන එකට ඇවිල්ලා තියෙනවා. කරගන්න බැරි දෙයක් හින්දා. දැන් එතකොට මේ වෙලාවෙදි මට එනවා දැන් හතර වෙනි රවුම වෙනකොට මේ පුද්ගලයාට අර, දැන් අර සුඛය අරකට ඇතුල් වෙලා නේ තියෙන්නේ තුන් වෙනි රවුම තියෙනකොට. දැන් මේ හතර වෙනි රවුම වෙනකොට මෙයාගේ අර juice එක ඉවරයි. පෙර සංස්කාර නිසා ඇති වෙන්නා වූ juice එක එතනින් ඉවරයි.

අලුතෙන් එකක් පටන් ගන්න ඕනෙ. අර කලින් කරකවපු එකේ, රවුමේ බලය ඉවරයි. පෙර පාණාතිපාතයේ බලය ඉවරයි. ඉතින් දැන් ඒක හින්දා මෙයා ආපහු එකක් පටන් ගන්න හදනවා අර අරක මැරෙනවා කියන එක තියෙනවා. අර මුලින් එකේ එක, තුනේ එක මැරිලා ඉවරයි. එතකොට අර මුල රවුම් ටික ගියේ අර විදිහට නේ. ඒ ගැම්මෙන්. අර begging the feeling කියන අවස්ථාව නේ, නැවත එකක් හදන්න. එතකොට දැන් ඉතින් මැරෙනවා එහෙනම් ආපහු හදන්නයි මෙයාගේ කල්පනාව. ඉතින් ඕක, හරි ම ලස්සනයි ඒ භාවනාව, ඉතින් මට හරියට ඕනෙකම තියෙනවා තව ටිකක් යන්න, රහතන් වහන්සේ මාව නැවැත්තුවා. එතන ඒ කියන්නේ හරි විසාලයි මනස. ඒක ඒ හතරත් එක්ක බැලුවායින් පස්සේ. පුදුමයි ඒක. මේ රවුම් දහතුන ඇවිල්ලා තියෙන්නේ. ක්‍රෝධය වෙන්නෙ දහතුනයි කියන්නේ මෙතනින් අර දුක්ඛය complete රවුම් දොළහ යනකොට.