සිහි කළා, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත වූ, ප්‍රඥාවන්ත වූ, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඉතින් මේ විදිහට දෙවනි බුදුපියාණන් වහන්සේ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ඒ විදිහට දාහතර නම ම මම අනුපිළිවෙළින් සිහි කරලා වැන්දා.
ඊට පස්සේ මම කල්පනා කළේ ඔය සංස්කාර වශයෙන් සද්ද ඇහෙනකොට අපිට මේ, දැන් කොහේ හරි සද්දයක් ඇහෙනවා නම් අපිට ඒක control කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි ඒ පැත්තට ගමන් කරනවා. එතකොට දැන් වැස්සක වතුර වැටෙනකොට ඒක තමන්ට control එකක් නෑ, ඒක ඉවසලා ඒක නිකන් ඉන්නවා ඒක ගැන සිතන්න යන්නේ නෑ. නමුත් අපේ තියෙනවා අර control කරන්න මනසේ කතාවක් තියෙනවා.
එතකොට මම කල්පනා කළේ ඉතින් මේවා මේ, ධාතු වශයෙන් බලනවා නම් ඒකත් එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා කියලා. අර වැස්සත් එකයි සද්දෙත් එකයි කියලා. ඊට පස්සේ මං කල්පනා කළා මේක මේ, විඤ්ඤාණය කොතනක හරි මේ විදිහට මේ පිහිටීමක් සිද්ධ වෙනවා ද, පටිච්චසමුප්පාදයට ඉඩ දීම නිසයි, මේක අපි මේ ඉඩ දීම කියන එක නිසයි මේ පිහිටීම කියන එක සිද්ධ වෙන්නේ.
එතකොට එහෙම ගත්තායින් පස්සෙ දැන් මට පේනවා මේ විඤ්ඤාණඤ්චායතනය හැදිලා තියෙනවා හරියට. මනසේ තියෙන්නේ විඤ්ඤාණඤ්චායතනය ආලෝකය සහිතව ඉන්නවා. එතකොට මං මෙන්න මේකට අර බොජ්ඣඞ්ග එකේ කාරණාත් එක්ක මං මේක කල්පනා කරන්න ගත්තා. ඒ විඤ්ඤාණඤ්චායතනය කියන එක අර මක්ඛය කියන එක කැපෙන්න ඕනේ. එතකොට මේ මක්ඛය කියන එක කැපෙනවා කියලා කියන්නේ ඕක අර 7.1, ඒ ධම්මමච්ඡරිය කියන එක නැති වෙන්න ඕනේ. ඒක නැති වීමෙන් තමයි ඒකට ඉඩ නොදීමෙන් තමයි ඒ විඤ්ඤාණඤ්චායතනය වෙන්නේ. ඉතින් ඒක වෙනවා කියලා කියන්නේ ආකාසානඤ්චායතනයේ තියෙන්නා වූ, ඒ වේදනාවක් යම්කිසි ආකාරයකට වෙනවා ද අන්න ඒක අත්තා කියලා නොගැනීම.
එතකොට අර ඒ 6.5 කතාව නොවීම කියන එක තියෙන්න ඕනෙ. එතකොට ඒක නොවීම මගින් වේදනාව කියන එක generate කරන්නේ නෑ. අර 6.6 වේදනාව තියෙනවා නේ. ඒ වේදනාව දිට්ඨි අනුසයෙන් එන්නා වූ වේදනාව generate කරන්නේ නැති වෙන්න ඕනෙ. මේක දැනගැනීමට අපිට උත්සාහයක් නැති වෙන්න ඕනෙ. ධම්මමච්ඡරියෙන් කියන්නේ අපි chemistry, physics ඉගෙන ගන්නවා වගේ මේ වේදනාව මොන ආකාරයි ද කියලා දැනගැනීමට උත්සාහයක් නොවෙන්න. එතකොට එහෙම නම්, මෙතෙන්දි මට හොඳට පේනවා මේ අර diamond එකේ, ඒ කියන්නේ භයේ අගතියේ ඉඳන් දිට්ඨි අනුසය හරහා අපි එන්නෙ වේදනාවට එන line එකයි, වේදනාවේ ඉඳන් චේතනාවට එන ධම්මමච්ඡරිය කියන එකයි ඒ දෙක නැති වෙලා යනවා නම් මේ, අපිට අර පැත්තෙන් diamond එකේ චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන පාරේ තමයි මක්ඛය තියෙන්නේ ඒක සිද්ධ වෙන්නෙ නෑ. අන්න ඒක උඩ තමයි එහෙම නම් අපිට ඒ විඤ්ඤාණඤ්චායතනය වෙනවා කියන එක මට මෙතන ආවා.
දැන් ඊට පස්සේ ටිකක් මෙහෙම හිතනකොට මම නිකන් දන්නෙම නැතුව වාගෙ මම ආකිඤ්චඤ්ඤායතනයට යනවා. එතකොට ආකිඤ්චඤ්ඤායතනයට යනකොට මොකද ඒකේ වෙන්නේ අර, මේක මෙහෙම ඉන්නකොට මේකේ තිබෙන්නා වූ අර වේදනාව දැනගන්න සඤ්ඤාව අගය කියන එක තුනී වෙවී, තුනී වෙවී යනවා. එතකොට දැන් මට කල්පනා වුණා මේක මෙහෙම වෙනකොට එහෙම නම් අර, මෙතෙන්දි දැන් diamond එකේ බලපාන්නේ අර 7.1, වේදනාවේ ඉඳන් චේතනාවට යන එකයි, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන එකයි ඒ bar දෙක ම යනවා. ඒක මැද්දෙන් තියෙන අර පරාමාසයට සම්බන්ධ වෙලා තියෙන ඒ කෑල්ලත්, ඒ කියන්නේ පෙර මම ගත්තා වූ, පෙර අත්තා වූ දේ ගැනත් මගේ ඒක නැති වෙන්න ඕනෙ.
එතකොට අර සාඨෙය්‍ය කියන කතාව ගන්නවා කියන එක එතන, ඒක තියෙනවා. ඒක තමයි මේ හත් වෙනි ධ්‍යානය කියන එක මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ටිකක් වෙලා යනකොට මාව මෙහෙම ම යනවා මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට.
මං බැලුවා මොකද මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන්නේ. එතකොට දැන් මට පේනවා මෙන්න මේ තුන ම නැති වෙලා යනකොට, අර සාඨෙය්‍ය කතාවත් එක්ක ඒක නැති වෙලා යනකොට අර සංස්කාරවලට දෙන අගය කියන එකත් බැහැලා යනවා. ඒ සංස්කාරවලට අගය බැහැලා යන හින්දා තමයි අර ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහාට එනවා නේ භය අගතියට. අන්න ඒ පාර, සංස්කාරවල මාන අගය කැපෙනවා. ඒක නිසා සංස්කාර මගේ නොවෙනවා. අන්න ඒක නිසා මෙතෙන්ට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය.
මෙහෙම ටිකක් වෙලා ඉතින් මට ඔය රූපත් පේනවා, මෙහෙමත් යනවා ඊට පස්සේ මම දන් නැතුවත් යනවා. එතකොට මං නිරෝධයටත් යනවා. එතකොට මෙතන වෙන්නේ මොකද කියන එක මේ භාවනාව ඉවර වෙලා මම කල්පනා කළහම මෙතනින් වෙන්නේ මොකද, දැන් අර තුන් පැත්තෙන් ම පාරවල් කැපිලා නේ තියෙන්නේ. ඉතින් ඒ තුන් පැත්තෙන් ම පාරවල් කැපුණහම අර මේ, වේදනාව කියන එක ඒකේ නිරෝධය කියන එක ඇති වෙනවා. සඤ්ඤාවෙයි වේදනාවෙයි නිරෝධය කියන එක ඇති වෙනවා. එතෙන්දි අර විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගයේ කතාව ඒක බලපානවා. එතකොට ඒකත් එක්ක ඉතින් මේක පිළිවෙළට තේරුම් ගත්තා. මේ diamond එකේ කතාව ගැලවිලා ගිහින්, අලුවා කෑල්ලේ කතාව ක්‍රමානුකූලව ඔය පලු දෙක දෙක ගලවගෙන ගියහම තමයි මෙතන මේක සිද්ධ වෙන්නේ කියන එක.
ඉතින් ඒක තමයි ඒ භාවනාව.