ඒ හත් නම ම වැඩියා පුජාවට. මට පටන් ගන්නෙයි කිව්වා අර මෝහය නැති කරමි කියන තැනින්. එතකොට මෝහය නැති කරමි කියන එක, මෝහය හැදෙන හැටි අපි දන්නවා නේ අර කොටුව, චේතනාව, විඤ්ඤාණය, එතනින් මෝහය. එතන ඒ triangle එක. එතකොට ඒ triangle එක මම බලපු වෙලාවේ මං කල්පනා කළා මේක නිසා ඇති වෙන්නේ, ඊළඟට කොයි කොටුව ද ඇති වෙන්නේ? ඇති වෙන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියන ඒ කොටුව තමයි ඇති වෙන්නේ.
එතකොට දැන් මේක බලලා මං මේ අවස්ථාවේ දී මම කෙළින් ම කල්පනා කළේ මේ මෝහය අවස්ථාවේ දී අපි අර සුභයි කියන එක ගන්නේ ඇතුළට. එතකොට සුභයි කියන එක ගන්න අවස්ථාව මං මෙනෙහි කළහම මට කෙළින් ම ආවේ මේ ඔය, අහංනුයි මමංනුයි එක්කහු වෙලා ඉන්න අවස්ථාව මේක. දැන් අර කාරණා තුනක්, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ පෙන්නනව නේ කාරණා තුනක්. අභිනිවේසයයි, උඩින් තියෙන අවිද්‍යාවයි, පල්ලෙහායින් තියෙන මෝහයයි. මේ තුන ඉදංසච්චය ඇතුළට ඇදෙනවා. එතකොට මේ අවස්ථා තුනකට මේක සිද්ධ වෙනවා. එතකොට මේකෙදි අහංනුයි මමංනුයි එක්කහු වෙලා ඉන්න අවස්ථාව. අහංනුයි මමංනුයි එක්කහු වෙලා ඉන්න අවස්ථාව කිව්වම මෙහෙම cross එකක් එනවා, මෙතන තියෙන්නේ ථීනමිද්ධය, මෙතන සම්පප්‍රලාපය. මෙතන උඩ තියෙනවා සඤ්ඤාව, මෙතන තියෙන්නේ පලාසය. එතකොට ඕගොල්ලො මෙතන ඉඳන්, මේ ථීනමිද්ධයේ ඉඳන් මේ මැද්දේ joint එකට එනවා නම් මේ joint එක, ඒ කියන්නේ සුඛයි කියන කතාවක් නේ ඇවිල්ලා තියෙන්නේ එයාට. ථීනමිද්ධය අවස්ථාව මේ මගේ කියලා අරගෙන මමයි කියලා කතාවක් මෙතන තියෙනවා.
එතකොට මෙතන හරියට කියනවා නම් ලෙඩ වෙලා, ථීනමිද්ධය කියන්නේ ලෙඩ වෙලා, “ලෙඩ වෙලා මම.” ඊට පස්සේ මම කියනවා මේ “මම ලෙඩ වෙලා.” සම්පප්‍රලාපය කිව්වහම නිත්‍ය කතාවක් තියෙනවා. එතකොට මේ මම කියන එක්කෙනා සාමාන්‍යයෙන් ලෙඩ වෙන්නෙ නෑ. මේ මේ අවස්ථාවේ දී අහම්බෙන් මේ මේ වෙලාවෙදි ලෙඩ වෙලා. අපි හිතාගෙන ඉන්නෙ එහෙමයි. ඔය සම්පප්‍රලාපයේ තියෙනවා නිත්‍ය කතාව. එතකොට ථීනමිද්ධයේ ඉඳන් මෙතන මේ මැද්දේ point එකට එනවා “ලෙඩ වෙලා මම, මම ලෙඩ වෙලා” කියන එකයි තියෙන්නේ.
දැන් මේ වෙලාවෙදි මේ පලාසය සාමාන්‍යයෙන් කරන්නේ මේ සඤ්ඤාවක් දිහා බලලා එයා අල්ලලා විසි කරනවා, මේකට වඩා මේක හොඳයි කියලා. මෙයාට විසි කරන්න දෙයක් නෑ. මොකද දෙක ම එකයි. ලෙඩ වෙලා නම් මම, මම නම් ලෙඩ වෙලා නම් ඉතින් මම කොයි එක ද විසි කරන්නේ? ඒ කියන්නේ මම මොකක් හරි එකක් කෑමක් කනවා, ඒක, කෑම ලෙඩයි, කුණු වෙලා, ඉතින් ගත්තට පස්සෙත් මගේ තත්වය ඒකයි මට මේක වෙන choice එකක් නෑ, තත්වෙට තියෙනවා.
ඉතින් ඔතෙන්දි ප්‍රඥාව බොහොම හොඳයි ඔය විදිහට ඒ මනස පවතිනකොට. ඒ තත්වෙට පත් වෙලා, ඒ කියන්නේ කෙනෙක්ගේ ඉහළ ම වූ ඵල චිත්තයක් නැංවෙලා තියෙන අවස්ථාවක් ඕක බලනවා කියන එක. ඒ තත්වෙට මනස පත් වෙලා තියෙනකොට මම දැක්කා නදීගේ මනෝමය කාය කියන එක, ඒකේ ඇහැ කියන එක එහෙම මම දැක්කා ඔය අවස්ථාවේ මම ඔහොම ඉන්නකොට. ඒකෙදි අර නිරෝධයට ම යන ඒ ස්වභාවයන් තමයි මේකේ තියෙන්නේ. ඒ යන අතරවාරයේ මං ඔහොම එකකුත් දැක්කා.
එතකොට ඔහොම දිගින් දිගට ම මනස පවත්වාගෙන හිටියා. ඒ සමාධි සහගත ස්වභාවය. ඒ රහතන් වහන්සේ ඉතින් “බොහොම හොඳයි” කියලා කිව්වා ඒක පවතින එක, ඒ විදිහට පවත්වාගෙන ඉන්න එක. ඒ කියන්නේ අර ඒ අවස්ථාවේ දී අවිද්‍යාවයි මෝහයයි කියන එක, දෙක ම එකයි. අවිද්‍යාවයි මෝහයයි දෙක ම එකයි කියලා කියන්නේ, අවිද්‍යාවෙන් ආවා නේ අර ථීනමිද්ධ ස්වභාවය ඉතින් මෙතන, සුභයි සුඛයි කියලා ගත්ත කතාව දැන් ඉතින් මේක අර නිකන් stalemate වෙලා වගේ මේකේ ගන්න නැති තත්වයක් මේකේ තියෙන්නේ. මේ මෙයා මේක ඉවසනවා වාගේ එක, මෝහය කියනවා කමක් නෑ කියලා. ඒකයි ඒ දෙන්නා, දෙන්නා ම එකයි කියලා කියන්නේ. අර දෙක ම වෙන් කරගන්න පුළුවන්කමක් නෑ. එතන අර පලාසයේ අර්ථය තියෙනවා. ඒ පලාසයට වෙන් කරගන්න බෑ, ඒක නිසා මේ අවිද්‍යාව, පෙර අවිද්‍යාවයි, දැන් ඒකේ හැටියට ගත්තහම ඔතනදි පෙර අවිද්‍යාවක් තියෙන්නේ. මොකද විඤ්ඤාණ ආහාර පාරේ ඉඳන් පල්ලෙහාට එනවා කියන එක. මෙතන මේ වෙලාවෙදි මේ පසු මෝහය කියන එක තියෙනවා.
ඉතින් ඕක ආපහු මේ භවයේ දී ඕගොල්ලන්ට ඇති වෙලා තිබෙන්නා වූ ඒ මෝහය ඊළඟ භවය වෙනකොට අවිද්‍යාව වෙනවා. එතකොට දැන් මෙතන පෙර පසු කතාව වෙන් වෙලා යනවා, නමුත් ගත්තහම මේ මුලින් අවිද්‍යාවෙන් ඉදංසච්චය ඇතුළට රිංගලා තියෙන එක ම මෝහය විසින් පිළිගන්නවා. එයාට ඒක වෙන් කරන්න, වෙනස් කරන්න මොකක්වත් ඇත්තේ නෑ.
ඔන්න ඔය තත්වය තමයි තියෙන්නේ කියන එක, ඉතින් රහතන් වහන්සේ එතනත් “සාධු සාධු” කියලා කිව්වා. ඒක මේ පවතින්නා වූ දේ. ඉතින් ඒක බලනවා කියන එක හරි ම ගැඹුරුයි, වටිනවා. ඒ විදිහට තේරුම් ගන්නවා කියන එක.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්