ඒ භාවනා කළේ ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කරලා, ඊට පස්සේ බුදුපියවරු දාහතර නම ම ඔය විදිහට සිහි කරලා වැන්දා.
වැඳලා අර මෝහය නැති කරමි කියන තැනින් මං, පටන් ගන්නෙයි කියලා මට සිතට දුන්නා. ඉතින් මෝහය නැති කරමි කියන එක කෙළින් ම පටන් ගන්නකොට ම මට ආවේ තමයි අර මේ special program එකේ අපි පෙන්නනවා ඔය මෙත්තා භාවනාවේ දී, “සබ්‌බෙ සත්තා අවෙරිනො හොන්ති, ඛෙමිනො හොන්ති, සුඛිනො හොන්ති.” වෛර නැත්තෝ වෙත්වා, බය නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා කියන එක කියලා, ඒ ප්‍රඥාවෙන් ක්ලේශයන් ප්‍රත්‍යාවේක්ෂ කරනවා නම් අන්න ඒ අවස්ථාවේ දී මෙත්තා චෙතො විමුක්තිය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය විසින් පරිභාවිතා වුණා කියලා කියනවා. ඒ කියන්නේ train කළා කියලා. Training එකක් ඇති වෙන්නේ ඒ විදිහයි කියලා.
ඒ කියන්නේ මෙත්තාවට තියෙන්න ඕනෙ මේ බොජ්ඣඞ්ග 7න් training එකක්. සති, ඔය විරියෙන්, ඒ විදිහට penetrate කරන දෙයක් තියෙන්න ඕනෙ. එතකොට මේක මම කල්පනා කළහම එතකොට මෙතෙන්දි අපේ ඒ චිත්තය එහෙම පවතින්න, එහෙම training වෙලා තියෙන්න එතන මුලින් ම අපේ මෙත්තාව කියන එක තියෙන්න ඕනෙ. මෙත්තාව කියන එක පවතින්න නම්, මෙත්තාවත් එක්ක චිත්ත සමාධියක් පවතින්න, මෙත්තාවට, ඒ කියන්නේ ද්වේෂය හා සම්බන්ධ වූ ධර්මයන් හානි කරනවා, ඒ නිසා ඒවා නැති වෙන්න ඕනෙ. ඉතින් ද්වේෂය හා සම්බන්ධ වූ ධර්මයන් තමයි ඔය ද්වේෂය නිසා ක්‍රෝධයයි, උපනාහයයි කියන දෙක ඇති වෙනවා. ඒ ක්‍රෝධය නිසා මක්ඛය. මක්ඛයෙන් අපිට ඇති වෙනවා ඊර්ෂ්‍යාව කියන එක. අනිත් අතට ගත්තහම උපනාහය නිසා අපිට ඇති වෙනවා පලාසය, පලාසයෙන් ඇති වෙනවා මච්ඡරිය. එතකොට ඔය වගේ ධර්මයන් නැති වෙන්න ඕනෙයි කියන එක, එකපාරට ම ඒක මම සිහි කළා.
ඒක සිහි කරලා එතකොට මේ විදිහට ගත්තහම මේ වත්ථූපම සූත්‍රයේ තියෙන්නා වූ කාරණා දාසයක් තියෙනවා නේ. අභිජ්ඣා, ව්‍යාපාදය, ඊළඟට ක්‍රෝධය, ක්‍රෝධයෙන් උපනාහය, මේ කාරණා ඔක්කෝම මං බලන්න පටන් ගත්තා ඒ කාරණා ටික. ඒක බලාගෙන එනකොට ඉතින් පලාසය, මක්ඛයට ආවා මක්ඛයෙන් පලාසය කියන එකට ආවා, පලාසය කියන එකට ආවායින් පස්සේ, ඕකෙත් තියෙනවා order එකක්. ඒ කියන්නේ දැන් අපිට ඔය ක්‍රෝධය කියන එක ඇති වුණා ම ක්‍රෝධයෙන් අපි එනවා මක්ඛය කියන තැනට. මක්ඛය කියන තැනට ආවාට පස්සේ අපි එනවා පලාසයට. එතකොට මක්ඛය පලාසයට එන්නේ කුක්කුච්චය හරහා. මක්ඛය, කුක්කුච්චය, පලාසය කියලා.
එතකොට ඒ පලාසයට ආවාට පස්සේ, දැන් ඔතන ආපහු තියෙනවා පලාසයෙන් ද විචිකිච්ඡාව, විචිකිච්ඡාවෙන් ද පලාසය කියන එක. ඉතින් ඕක දෙපැත්තට මං බැලුවා. මට තේරෙනවා මේක පලාසය නිසා විචිකිච්ඡාව ඇති වෙන අවස්ථාවන් තියෙනවා. විචිකිච්ඡාව නිසා පලාසය ඇති වෙන අවස්ථාවන් තියෙනවා.
දැන් අපි උදාහරණයට ගත්තොතින් එහෙම, දැන් පලාසය කියන එක මොකක් හරි තියෙනවා නේ දැන් මේකට වඩා මේක හොඳයි කියලා අපි ගන්නවා නේ. මේකට වඩා මේක හොඳයි කියලා ගන්නකොට එතන පලාසය කියන එක තියෙනවා. එතකොට ගත්තට පස්සේ හැබැයි ඕගොල්ලන්ට sure එකක් නෑ මේක ද හොඳ අරක ද හොඳ කියලා. මොකද අර දෙකේ ම තියෙනවා ඔය වෙනස්කම්. ඒ කියන්නේ කෙනෙකුට පේනවා, මේ අපි මොකක් හරි කාරණා දෙකක් සසඳලා බැලුවහම අර පොඩි දේත් තියෙනවා, අපි හිතමු පොඩි car එකයි ලොකු car එකයි කියලා. පොඩි car එකෙත් වටිනාකම් තියෙනවා. මොකද parking lot එකක එහෙම ඕගොල්ලන්ට දාගන්න පුළුවන් පහසුවෙන්, ඒ වාගේ. ලොකු car එකෙත් වටිනාකම තියෙනවා. එතකොට ලොකු car එකේ වටිනාකම එක පැත්තකට හොඳයි කියලා කියනකොට අර parking lot එකේ දාගන්න බැරි වෙනකොට ඕගොල්ලන්ට හොඳ නැතෙයි කියන එක තියෙනවා.
එතකොට එහෙම නම් ඕගොල්ලන්ට පේනවා පලාසයෙන් කොයි ආකාරයට ගත්තත් ඕගොල්ලන්ට මේ නිවනෙන් පිටත වූ දෙයක් ගත්තහම ඕකේ දෙකේ ම විචිකිච්ඡාව කියන එක ඊළඟට ඇති වෙනවා කියන එක, පලාසයෙන් විචිකිච්ඡාව ඇති වෙනවා. අනිත් අතට විචිකිච්ඡාව කියන එක අපිට ඇති වුණායින් පස්සේ ඉතින් විචිකිච්ඡාව නිසාත් අපි පලාසය කරනවා. ඕගොල්ලන්ට සැකයන් එහෙම තියෙනවා නම් ඒ සැකය අනුව ඊට පස්සේ මේ පලාසයට යනවා කියන එක තියෙනවා. ඉතින් මම කල්පනා කළා මේ නිර්වාණයට යන අවස්ථාවේ දී කොයි එක ද ඉස්සෙල්ලා නැති වෙන්නේ කියන එක. නිර්වාණයට ඇති වෙන අවස්ථාවේ දී පලාසය තමයි ඉස්සෙල්ලා නැති වෙන්න ඕනෙ.
ඒ කියන්නේ පලාසයේදි ප්‍රඥා විමුක්තිය තියෙනවා, නිර්වාණය තියෙනවා. එතකොට දැන් මං කල්පනා කරනවා මං මේ ප්‍රඥා විමුක්තියේ ඉන්නවා ද? නිවනට යනවා ද? එතකොට පලාස කරනවා, ප්‍රඥා විමුක්තිය අල්ලලා පැත්තකට දානවා, නිර්වාණයට යනවා. එතකොට නිර්වාණයට යනකොට ඒ විචිකිච්ඡාව කියන එකේ කතාව නැති වෙන්න නම්, එතකොට ඔය, ඔය කියන කතාව නැති වෙන්නේ අවිද්‍යාව කියන එක නැති කිරීමෙන්. එතකොට අවිද්‍යාව නැති කිරීමෙන් මේ මාන්නය කියන එක පාර කැපෙන්න ඕනේ. ඒ කියන්නේ මම මුලින් ගත්තා වූ, ඒ කියන්නේ විචිකිච්ඡාවේ තියෙනවා සමුදයක්, මේ විචිකිච්ඡාව කියන එක ඇති වෙන්නේ කාරණා දෙකක්. ඉදංසච්චයේ ඉඳන් විචිකිච්ඡාවට එනවා. ඉදංසච්චයට එනවා අර තමන් ගන්නා වූ ථීනමිද්ධයයි, තමන්ට තියෙන ථීනමිද්ධයයි, කුක්කුච්චයයි කියන දෙක. ඒ දෙකෙන් සම්බන්ධ වෙලා තමයි ඒක සමුදය ධර්මය හැටියට විචිකිච්ඡාවේ තියෙන්නේ.
එතකොට දැන් ඕගොල්ලෝ හිතුවොතින් ඔය උඩ තියෙන ථීනමිද්ධ අවස්ථාව කියන එක ඕගොල්ලෝ හිතන්න අර මොකක් හරි එකක්, රෝගී සඤ්ඤාව මගේ කියලා අරගෙන. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය නිසා තමයි මේ ථීනමිද්ධ කතාවක් එතන තියෙන්නේ. එතකොට එහෙනම් මිච්ඡා දිට්ඨිය කියන එක නැති වෙන්න ඕනෙ. ඊළඟට ගත්තහම කුක්කුච්චය කියලා කියන්නේ අපි පෙර පරාමාස වෙච්ච ඒවා. පරාමාසයේ පසු සඤ්ඤාව හැටියට කුක්කුච්චය එනවා. එතකොට අන්න ඒ කෑල්ලත් නැති වෙන්න ඕනෙ. එතකොට මෙන්න මේ දෙක නැති වෙනවා නම් අන්න විචිකිච්ඡාව නැති වෙනවා.
එතකොට මම නිවන අල්ල ගත්තා නම් අර කෑලි දෙක, නිවනෙන් පිටත වූ දෙයක් අරගෙන ඕගොල්ලන්ට කුක්කුච්චයක් ඇති වෙන්නේ නෑ. එතකොට ඒ දෙකත් ගැලවිලා යනවා. ඒ එක්ක ම ඕගොල්ලන්ට ඒ ප්‍රඥාව කියන එක, ඒ විචිකිච්ඡාව නැති වෙලා, ඒ කියන්නේ සක්කාය දිට්ඨියෙන් ඇති වෙන අර මම කියන අස්මිතිය කියන එක තියෙනවා නේ, ඒ දෙක නැති වෙලා තමයි මේ විචිකිච්ඡාව කියන එක නැති වෙන්නේ. මං මොකක් හරි එකක් මගේ කියලා අරගෙන මට විචිකිච්ඡාව නැතෙයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ විචිකිච්ඡාවේ සමුදය ධර්මය වෙච්ච ථීනමිද්ධයයි කුක්කුච්චයයි කියන දෙක ගියා. සක්කාය දිට්ඨියයි පරාමාසයයි දෙක ගියාට පස්සේ තමයි විචිකිච්ඡාව කියන එක, ඒක නැති වෙන්නේ.
ඉතින් ඒක තමයි ඒ භාවනාව.