උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, ලෝකයේ සිටින පළමු වන, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ශ්‍රේෂ්ඨතම වූ බුදුපියාණන් වහන්සේ ය කියා වැන්දා. එසේ ම තුන් නම, හත් නම, දාහතර නම ම සිහි කර වැන්දා.
පන්සිල් ගැනීම අත්හැරීම සිහි කරමින් කරගෙන ගියා. ආශ්‍රව නසන අවස්ථාවේ තිබෙන සමාධිය සිහි කළා, අරි අට මඟ හරහා ගොස්. මෙම භාවනාවෙදි තණ්හාව නැති කිරීම මගින් පටිච්චසමුප්පාද ධර්මය නැති වීම සහ මුළු පටිච්චසමුප්පාදය ම තණ්හාව නැති කිරීම මගින් නැති කිරීම සිහි කළා. අවිද්‍යා ආශ්‍රවය මගින් කාම ආශ්‍රවය යන ධර්මය මෙනෙහි කළා. සැකයේ සමුදය බැලුවා.
මෙතන triangle එකක් වගේ කෙනෙකුට ඇඳගන්න පුළුවන් මිච්ඡා දිට්ඨිය, පහළින් පරාමාසය, එතනින් පහළ විචිකිච්ඡා, ඒකට යටින් කාම ආශ්‍රව කියලා ලියාගන්න පුළුවන්.
ඊළඟට එතනින් දකුණු පැත්තේ මිච්ඡා දිට්ඨි, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා triangle එකේ තව රේඛාවක් එනවා. එතන විචිකිච්ඡාවට යටින් අවිද්‍යා ආශ්‍රව කියලා ලියාගන්න. දකුණු පැත්තේ ලියාගත්ත විචිකිච්ඡාවේ ඉඳන්, දැන් arrow එකක් අඳිනවා විචිකිච්ඡාවට. මිච්ඡා දිට්ඨිය නැති වුවහොත් පමණයි මෙය නැති වෙන්නේ. එනම් සම්මා දිට්ඨිය පවතී නම් පමණි. එනම් මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් අභිජ්ඣා නැති වීම විය යුතු ය. තණ්හාව සම්පූර්ණයෙන් නිරෝධ විය යුතු ය. සාධු යැයි ඇසුණා.
ඒක තමයි මං කරපු භාවනාව.