එතකොට ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින්නා වූ ජීවමානව වැඩ සිටින, පළමු වන, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියාණන් වහන්සේ කියලා මෙනෙහි කළා. මේ විදිහට බුදුපියවරු තුන් නම මෙනෙහි කරලා වැන්දා. ඊළඟට හත් නම මෙනෙහි කරලා වැන්දා. සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර නම ම සිහි කරලා වැන්දා.
ලෝභය නැති කරමි කිව්වහම මම අර කොඩියේ එක බැලුවා. අර චේතනාව, ඊළඟට මරණය දක්වා යන එක, ඒක සිහි කළා. මෝහය නැති කරමි කිව්වහම චේතනාව, විඤ්ඤාණය, මෝහය, ඒ කොටස සිහි කළා. දැන් මම කල්පනා කළා මේ ලෝභය නිසා මෝහය ඇති වෙනවා ද, මෝහය නිසා ලෝභය ඇති වෙනවා ද කියන එක සිහි කළේ.
එතකොට මට තේරුණා මේ ලෝභය නිසයි මෝහය ඇති වෙන්නේ. මෝහය නිසා, ඒ කියන්නේ පළමුව ඇති වෙන්නේ කුමක් ද කියන එක බැලුවා ම ලෝභය තමයි මුල් වෙන්නේ. ලෝභය නිසා යම්කිසි රූපයක් කෙරෙහි අපි ඇල්මක් ඇතිකරගන්නවා ද, ඒක අර සුඛයයි කියලා ගන්නේ, little සුඛය කියලා කියන්නේ, අන්න ඒක ගත්තහම ඒක අර මෝහය තුළට කාවැදීමක් කියන එක සිද්ධ වෙනවා. අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ diagram එක වාගේ අභිනිවේසය ඉදංසච්චයට යනවා කියන එක තියෙනවා.
යම්කිසි මේ ධර්ම මච්ඡරියක් තියෙනවා ද, ඒකත් මේ විදිහට අරක ඇතුළට යනවා. ඒක හරියට මේ කවුරු හරි ධර්මයට ඇලෙනවා නම් දැන් මගේ භාවනාවන් කවුරු හරි අන් අය ඉල්ලනවා නම්, එහෙම නැත්නම් මම බුදුපියාගෙන් මේ ධර්මය ඉල්ලනවා නම් ඒකේ ඇලීමක් තියෙනවා ද ඒකත් අර ඉදංසච්චයට අර විදිහට ඇදීම කියන එක සිද්ධ වෙනවා. දැන් අපිට, ඕක ඇතුළට ගියාට පස්සේ අපි ඊළඟට හිතන්නේ ඒ අනුව. එතකොට යම්කිසි රූපයක් ගැන තමන්ගේ ඇල්මක් ඇති වෙලා තිබුණා ද, ඒක නිසා අපිට ඇති වෙන්නා වූ දේ තියෙනවා නේ. ඒ ඇති වෙන දේ තමයි අපි ආපහු බලනකොට, දැන් කරකවලා තියෙන නිසා කරකවලා අපි බලනවා. එතකොට මෝහයෙන් එකපාරට ම තමන්ගේ බලපු දේ අනෙක් පැත්තට එනවා.
එතකොට මේ විදිහට අපිට පේනවා මේ තමා විසින් ලෝභ වූ යමක් තියෙනවා ද ඒක නැවතත් මෝහය පැත්තෙන් ලෝභය සැකසෙන ක්‍රමයට එවනවා. එතකොට අපිට පේනවා අර කොඩියයි, චේතනා විඤ්ඤාණ මෝහයයි කියන එක. එතකොට ලෝභය උඩ diagram එකේ වම් පැත්තේ එනවා, මෝහය දකුණු පැත්ත වෙනවා. මේක නිසා වෙන්නේ මොකද, අපි අර 1 2 3 කියලා ඇඳපු එකේ පේනවා නේ, ලකුණු කරලා තියෙනවා නේ කබලිංකාර ආහාරය, ඊළඟට අපි ගත්තහම උඩ විඤ්ඤාණය, පල්ලෙහා මෝහය, ලෝභය විසින් generate කරනවා කියන එක උඩ කෑල්ල පේනවා. එතකොට පල්ලෙහාට මෝහයට ආවහම මෝහය, ජාතිය, ඊළඟට ඒ වගේ ම කබලිංකාර ආහාරය යට පැත්ත පේනවා අපි එතන generate කරනවා කියලා.
ඉතින් මේ විදිහට අපිට පේනවා මේ මෝහය නිසා අපිට අර path 1 එක කියන එක අපි දන්නවා, අර සුභයි කියලා එකපාරට ම ඉදංසච්චයට ඇදෙන එක, ඊට පස්සේ මානය නිසා අපි දන්නවා path 2 එක කියන එක ඉදංසච්චයේ ඉඳන් භය අගතියට ගිහිල්ලා අර diamond එක යන ක්‍රමයට සිද්ධ වෙනවා කියලා.
දැන් අපිට පේනවා මේ little තණ්හාව නිසා අපි generate කරනවා සැකසුවා වූ පටිච්චසමුප්පාදය කෙරෙහි, ඒ කියන්නේ උප්පත්තියේ ඉඳන් මරණය, මරණයේ ඉඳන් උත්පත්තියට යන ක්‍රියාවලිය කෙරෙහි, මෙන්න මේ ක්‍රියාවලිය කෙරෙහි නන්දිය කියන එක අපිට ඇති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මෙහෙම නන්දියේ යම්කිසි නැති වීමක් තියෙනවා ද, අර එතන්දි මට ආවේ අර තත්ථ තත්‍රාභිනන්දිනී කියලා බුදුහාමුදුරුවෝ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කිව්වේ, අන්න ඒකේ නැති වීමක් තියෙනවා ද, නිරුද්ධ වීමක් තියෙනවා ද මේක මේ සියලු දුක්ඛයේ නිරුද්ධ වීම ය කියන එක කල්පනා වුණා.
ඒ කියන්නේ ඇතුළතින් තණ්හාව little තණ්හාව විදිහට ගන්න ඕනෙ, පිටත ඇති තණ්හාව අර උපත විපත, විපත උපත මෙන් සිතන්න ඕනෙයි කියන එක තමයි භාවනාවට ගත්තේ. ඒක බොහොම ලස්සන භාවනාවක්. මේක මේ දුක්ඛ නිරෝධ භාවනාව දෙවෙනි එක හැටියට රහතන් වහන්සේ නම් කළා.
සාධු පියවරුනි කියලා ඉතින් මං අවසන් කළා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්