එතකොට ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ජීවමානව වැඩ වසන, පළමු වන, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියාණන් වහන්සේ කියලා නමස්කාර කරලා වැන්දා. මේ විදිහට හත් නමක් සිහි කරලා වැන්දා. දාහතර නම සිහි කරලා, සහම්පති බුදුපියා දක්වා සිහි කරලා වැන්දා.
වැඳලා මට ඊයේ භාවනාව ආපහු මතක් වුණා. එතකොට ඊයේ භාවනාවෙදි අර කෑලි දෙකකට කැඩුණා නේ. කබලිංකාර ආහාරය, විඤ්ඤාණ ආහාරය, මෝහය කියලා උඩ පලුවක් තියෙනවා මමංකාරය ඉන්න පලුව. ඒක, ඒ ටික නිසා පල්ලෙහායින් ආපහු පලුවක් ඇති වෙනවා මේ අර අහංකාරය ඉන්න කබලිංකාර ආහාර, මෝහ, ජාතිය. විඤ්ඤාණය මැරුණාහම ආපහු සකස් කරන්නයි කියන පලුව. මෙතන මං කල්පනා කළා මේ මැද්දේ line එකේ මොකද්ද common වෙලා තියෙන්නේ කියලා.
එතකොට මට තේරුණා මේ පරාමාසයයි, තණ්හාවයි කියලා මට වැටහුණා. ඒ එක්ක ම මගේ මේ වම් අත පැත්තෙන් හරී ම සුඛයක්, ඒ චෙතො විමුක්තිය ඇති වෙලා තියෙනවා කියලා දැනුණා. මුළු ඔළුව ම සැපයි, දකුණු පැත්තෙන් ප්‍රඥා විමුක්තිය තියෙනවා, එහෙම මට දැනෙන්න ගත්තා. එතකොට පිටිපස්සත් ඔය විදිහට ම දැනෙනවා.
ඉතින් තණ්හාව සහ පරාමාසය common කියන එක මේ බුදු පියාණන්ගෙන් ඒ මම දැකපු එක confirm කරගත්තා. ඒක නිරෝධයටත් නොදැනීම ගියා. දැන් සිත නතර වෙලා තියෙන බව දැනුණා. නිරෝධයටත් නොදැනීම වාගේ ම එහෙම ගියා.
ඉතින් ඊට පස්සේ ඔය එලියට ආවාට පස්සේ මට තේරුණා මේ අහංකාරය තුළ මේ තරහව කියන එක තියෙනවා කියලා. අර මුලින් ලෝභ කොටස තිබුණා. ද්වේෂ කොටස තිබුණා. ඔය අහංකාර කොටස තියෙන්නේ පල්ලෙහා, මේ තරහව කියන එක තියෙන්නේ අහංකාරය තුළයි කියන එක කල්පනා කළා. එතකොට එහෙනම් දුක්ඛ දුක්ඛතාවය ද්වේෂය කියන එක තියෙනවා දැන්. මොකක් හින්ද ද?
හදපු දේ බිඳී ගිය නිසායි මේක ඇති වෙන්නේ. ඒ නිසා තමයි අපි නැවතත් හදන්න උත්සාහ කරන්නේ. අර යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය හරහා. ඒකේ පෙන්නනවා නේ අර ජාති, මේ මරණ ධම්ම කියන එක වෙලා තියෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි මරණය ඇති අය නොවෙනවා නම් කියලා. එතකොට මැරුණාහම අපි ආපහු උත්පත්තිය කියන එකට, ඒක හැදීම කියන එකට යනවා කියන එක තියෙනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය හරහා.
ඉතින් අර උත්සාහ කරනවා කියන එක රහතන් වහන්සේ කලිනුත් කියලා තිබුණා අපි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒ අර්ථය ම මේකෙත් තියෙනවා කියන එක තියෙනවා.
ඉතින් මේක තමයි භාවනාව.