මේක කාමච්ඡන්ද භාවනාව. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වසන පළමු වන, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කරලා, ඒ වගේ ම තුන් නම, හත් නම, දාහතර නම, සහම්පති බුදුපියා දක්වා සිහි කරලා වැන්දා.
මං අර ලෝභය නැති කරමි කියන ඒ කොටස එහෙම ඉතින් අර කොඩිය එක එහෙම ඒ විදිහට බැලුවා. ලෝභය, ද්වේෂය, මෝහය, බලලා පංචනීවරණ යටපත් කරමි කියලා කියනකොට දැන් මම කල්පනා කළා, මේ දෝමනස්සය ඇති වීමත් කියන එක තියෙනවා, ගිහිල්ලා තමයි මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ.
අනිත් අතට මම කල්පනා කළා මේ, රවුම් දෙකක් කරකවනකොට මේ දෙවෙනි රවුමේ දී ම සුඛයයි කියලා ඇති වීමකුත් තියෙනවා. එතකොට මේ දෙක ම වෙනවා කියන වැටහීම කියන එක ආවා. එතකොට මේකෙන්, මේක පෙර වෙන්නේ කුමක් දැ යි කියන එක මං විමසුවා.
එතකොට අපි දන්නවා අර සුභයි කියලා ඉදංසච්චයට ඇතුල් වෙනවා පළවෙනි රවුම, ඊළඟට දෙවනි රවුමේ දී අර නිත්‍යයි කියලා අපි එකතු වීමක්, කිරීම කරනවා අර නැවත නැවතත් ස්පර්ශ කරනවා. එතකොට මේ නිසා අපිට මේ සුඛ යැයි කියලා ගැනීම, සඤ්ඤාවේ හටගැනීම කියන එක තියෙනවා. එතකොට දෝමනස්සය කියන එක හටගැනීම සිදු වෙන්නේ මේකට අනතුරුව. ඒ කියන්නේ සංස්කාර වශයෙන් අපිට මේක සුඛ වෙනවා, අර නිත්‍යයි කියලා ඇතුල් වෙන එක. වේදනාව වශයෙන් අපිට මේ දෝමනස්ස වෙනවා.
එතකොට දෝමනස්සය කියන එක සිතට ඇතුල් වෙලා නෑ, නමුත් යම්කිසි දෙයක් සම්බන්ධයෙන්, යම්කිසි කොටසක්, අපි හිතමු ශරීර කොටසක් හරි සම්බන්ධයෙන් මේ සුඛ යැයි කියලා සඤ්ඤාවක් මේ පුද්ගලයාට ඇති වෙලා තියෙනවා. දැන් මේක fix කරන්න ගිහිල්ලා තමයි අපිට කාමච්ඡන්දය කියන එක ඇති වෙන්නේ කියලා ලස්සනට මට ආවා.
එතකොට මානය විසින් දෙවනි රවුම වෙනවා කියන එක තියෙනවා නේ. දෙවෙනි රවුමේ දී අස්මිතිය ඇති ය කියන පුද්ගලයෙකුට විතරයි මෙහෙම නිත්‍යභාවයක්, නැවතත් කරකවා එකතු කරනවා කියන එක තියෙන්නේ. ඒ ස්පර්ශය කරමින් එයා පවත්වනවා. පවත්වලා මේක තියෙනවා කියන එක. මේ point එක එනකොට ටිකක් මට සිද්ධ වුණා අකනිට්ඨාවත් අල්ලගන්න.
ඉතින් මං ඊට පස්සේ එහෙම කරලා රහතන් වහන්සේගෙන් මං ඇහුවා, මේ රහතන් වහන්සේ නමකට කොයි විදිහ ද අර පළවෙනි රවුමේ දී කියන එක. එතකොට රහතන් වහන්සේ පැවසුවා “ඒ රහතන් වහන්සේ නමකට මේ සත්වයා යැයි කියලා දැනගැනීමක් තියෙනවා, නමුත් විඤ්ඤාණය පිහිටවීමක් ඒ පළවෙනි රවුමේ දී කරන්නේ නැහැයි” කියන එක. ඉතින් ඒක තමයි ඒ භාවනාව. කාමච්ඡන්දය සම්බන්ධයෙන් කරන භාවනාව.
සාධු පියවරුනි කියලා, බුදු පියවරුනි කියලා අවසන් කළා.