Date: 14/06/2014 Name: ද්වේෂ භාවනා - නෙවසඤ්ඤානාසඤ්ඤායතන

උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වශයෙන් වැඳ නමස්කාර කළා. ඒ විදිහට හත් නමක් සිහි කරලා වැන්දා. ඊට පස්සේ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර නම සිහි කරලා මං වැන්දා.

එතකොට ඕකේ බලනකොට මට කල්පනා වුණේ මේ, මං පන්සිල් ගන්න එක සම්පූර්ණයෙන් ම කරගෙන ගියා. ඒ කරගෙන ගිහිල්ලා ඉවර වෙලා, මං අරි අට මඟ හරහා යනවා කියලා මං කල්පනා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව කරගෙන යනවා කියලා ඒ බුදු පියවරුන්ගේ මෙහෙයවීම ලැබේවා කියලා, දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය, ආරක්ෂාව ලැබේවා කියලා භාවනාව කළා.

එතෙන්දි මම මේ ද්වේෂය කියන එක තමයි මම මෙනෙහි කරන්න පටන් ගත්තේ. ඔතනින් ඕක ගැන සම්බන්ධයෙන්, දැන් අර පරුෂා වාචය එහෙම ගැන කල්පනා කරනකොට ම මට ආවේ, පරුෂා වාචය නිසා ද්වේෂය ඇති වෙනවා, ඉතින් පරුෂා වාචය කියන දේවල් නොකර ඉන්න ඕනෙ. ඉතින් ඔය විදිහට මං හිතපු එක ඒක ම මට හිතුණා භාවනාවට ගන්න ඕනෙ කියලා මේ ද්වේෂය කියන එක.

එතකොට ද්වේෂය කියන එක විවිධාකාරයෙන් ඇති වෙනවා. එතකොට පළවෙනි වශයෙන් මට ආවේ කෙළින් ම අර නිර්වාණයෙන් තොර වූ දෙයක් කෙනෙක් ගත්තොතින් ඒ පුද්ගලයාට ද්වේෂය කියන එක ඇති වෙනවා. නිවනෙන් පිටත වූ දෙයක් ගත්ත නිසා. එතකොට ඊළඟට ආයෙත් මම කල්පනා කළා ඒ පරුෂා වචන වගේ දේවල්වලින් ද්වේෂය ඇති වෙනවා, මේක දන්නවා. ඊළඟට මං ආයෙත් කල්පනා කළා අපිට ද්වේෂය ආයෙත් ඇති වෙනවා ඔය මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් අපිට ද්වේෂය කියන එක ඇති වෙනවා. අපි දන්නවා නේ සම්මා වාචා diagram එකේ ඉගෙන ගත්ත දේ. අභිජ්ඣා තියෙනවා ද ව්‍යාපාදය තියෙනවා ද මිච්ඡා දිට්ඨිය තියෙනව ද ඒක නිසා අපිට ද්වේෂය ඇති වෙනවා කියන එක, sick අවස්ථාව දැන ගත්ත ගමන් ද්වේෂය ඇති වෙනවා කියන එක දන්නවා.

එතෙන්දි ආපහු ආවා අභිජ්ඣා තියෙනවා නම් අපි දන්නවා දෝමනස්සය ඇති වෙනවා, ඉතින් ඒක නිසා ව්‍යාපාදය ඇති වෙනවා. ව්‍යාපාදය ඇති වෙලා ඔය විදිහට ද්වේෂය ඇති වෙනවා. එතකොට ඒ විදිහටත් අභිජ්ඣා වුණෝතින් දෝමනස්ස වෙලා ද්වේෂය ඇති වෙනවා කියලා එතන ඒක කල්පනා කළා. ඊළඟට ඉතින් අපි දන්නවා වට ගණන ගියා නම් අපි දන්නවා වට හතක් ගියා නම් ඉතින් ද්වේෂය ඇති වෙනවා. එතකොට මෝහයෙන් පටන් අරගෙන අපිට එනවා ඉතින් මෝහය නිසා ලෝභය, ඉතින් එතන වට 4යි, ඉතින් හතේ හත වදිනවා කියන්නේ ඉතින් අපි ද්වේෂයට කියන එකට ඇවිල්ලා කියලා. ආයෙත් එනවා දැන් මේ විදිහට ද්වේෂය ඇති වෙනවා කියන එක බලාගෙන ගියා ම ඔය කාරණා 7න් 7 වෙනකන් කියලා, මට තේරෙනවා මගේ මේ සිත අර, ඇතුළේ තියෙනවා මගේ අර “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසරණා” කියන අර්ථය කියන එක තියෙනවා. ඉතින් මාව, මට අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට නැවත නැවතත් යනවා කියන එක මට තේරෙනවා.

ඒ වගේ ම මට තේරුණා මේ, දැන් ඊට පස්සේ මං කල්පනා කළා අර “දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය.” එතකොට ඔය අදත්තාදානය නිසාත් අපිට ඒ ද්වේෂයන් කියන ඒවා ඇති වෙනවා ලෝභය නිසා. ඊළඟට ආයෙත් එනවා මේ අර මෝහය කතාව. “පෙර මෝහය, දෝස සහිතව ජීවත් වීම, පාණාතිපාතා.” ඔන්න ආපහුත් ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ම යැවෙනවා. එතකොට ද්වේෂය මෙනෙහි කරන්න කරන්න ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ම යැවෙන බව මට හොඳට තේරෙනවා සිත තුනී වෙලා ගිහිල්ලා නැති වෙලා යනවා කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg