Date: 15/06/2014 Name: Attavadu Upaadana

එතකොට ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, ජීවමානව වැඩ සිටින පළවෙනි බුදුපියාණන් වහන්සේ ය කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට හත් නම, ඒ වගේ ම සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර නම සිහි කරලා වැන්දා.

වැඳලා, ඊයේ ඉතින් ද්වේෂය නැති කරමි කියන භාවනාව නේ එතන කළේ. අද මට හිතුණා ලෝභය නැති කරමි කියන එක, ඒක කරන්න ඕනෙයි කියන එක. ඒ ඊයේ බලපු ආකාරයට ම අදත් විමසන්න පටන් ගත්තා.

මෙතෙන්දි මම බැලුවේ අර, මේක අර පැන්සලකින් මේක ලියාගන්න වෙනවා මෙතන කෙනෙක් හරියට බලනවා නම් diagram එක වාගේ. කබලිංකාර ආහාරයයි, ස්පර්ශයයි, වේදනාවයි. එතනින් එනවා ගිද්ධිලෝභය කියන එක. එතකොට එතෙන්ට ආවායින් පස්සේ එතනින් එනවා වේදනාවෙන් අනිත් පැත්තට triangle එක එනවා ඒ පරාමාසය, භය අගතියට යනවා කියන එක. දැන් එතකොට ඔන්න ඔය triangle දෙක තමයි විමසීම කියන එක කළේ.

MM_15_06_2014.jpg

එතෙන්දි අපිට පේනවා මේ ස්පර්ශය නිසා එතන වේදනාව ඇති වෙනවා. වේදනාවෙන් ගිද්ධිලෝභයට යනවා. ඒ වගේ ම වේදනාවෙන් පරාමාසයට යනවා. මෙන්න මේ කෑලි දෙක තමයි මං විමසීම කියන එක කළේ. වේදනාවෙන් ගිද්ධිලෝභය, වේදනාවෙන් පරාමාසය, දෙපැත්තට යන එක. එතකොට මෙතෙන්දි අපි දාගත්තොත් ඕකේ අර ordering එකක් හැටියට එනවා, අපි හිතමු අත්තා කියලා ගන්න එක ඒ branch එකට අපි දැම්මොතින් 5a කියලා, පරාමාසයේ ඉඳන් භය අගතියට යන එක, ඒ sequence එකේ 5b කියලා කියන්නේ ඔය ගිද්ධිලෝභය කියන තැනට තමයි 5b කියලා දාන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි අර ලාභමච්ඡරිය වෙලා ගිද්ධිලෝභය තියෙන තැනට ඇවිල්ලා, ඒ අවස්ථාව වෙනකොට. එතකොට ගිද්ධිලෝභය කියන තැනට දාගන්නවා 5b කියලා.

ඊළඟට අපි ගත්තොතින් මේ භය අගතියේ ඉඳන් අපි වේදනාවට යන අවස්ථාව, ඒකට අපි දුන්නොත් 6a කියලා, එහෙම නම් කබලිංකාර ආහාරය තියෙන තැනට තමා 6b කියලා දාගන්න ඕනේ.

ඊළඟට අපි ගත්තොතින් එහෙම 7a කියලා වේදනාවේ ඉඳන් පරාමාසයට යන්නා වූ ඒ අත්ත, 7b කියලා දාගන්න වෙන්නේ වේදනාව කියන තැනට ම තමයි. එතකොට දැන් මං මෙතෙන්දි විමසුවා දැන් අත්තා වීම කියන එක. ඒ කියන්නේ 5a කියන එක වශයෙන් අපි හැඳින්වුවොත්, 5b ලකුණු කරන්නේ අපි ගිද්ධිලෝභය තියෙන තැනට නේ. එතකොට දැන් ඊළඟට අපිට පේනවා මේ 6a කියලා කියන්නේ භය අගතියේ ඉඳන් වේදනාවට යනවා නම් ඒ 6b කියලා කියන්නේ කබලිංකාර ආහාරය ඇති තැනයි කියන එක. 7a කියලා කියන්නේ වේදනාවේ ඉඳන් පරාමාසය නම් 7b කියන්නේ වේදනාව ඇති තැනයි. ඕක තමයි මේ පැහැදිලි කළේ.

දැන් මේක මේ මෙනෙහි කරනකොට අර තමන්ගේ ඉහළ ම ඵල චිත්තය නැංවිලා තියෙනවායි කියන එක මට තේරුණා. මේක මේ විදිහට යනවා කියන එක තේරුම් කළහම. එතකොට මෙතන, මෙතන මොකද්ද මේ පෙන්නුවේ හොඳ sequence එකක්. අර කෑල්ල සිද්ධ වෙනකොට අපි අනිත් triangle එකේ කොතෙන්ට ද ගිහිල්ලා ඉන්නේ කියන එක. දැන් වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභයට යනවා නම්, ඒ කියන්නේ අපි සිහිනයක් කවුරු හරි කෙනෙක් මවනවා නම්, නමුත් සුඛය කියන එක පරාමාසෙට නොවන අවස්ථාවක් ඇති ද කියන එකයි මං විමසුවේ. ඒ කියන්නේ මං ගිද්ධිලෝභය පැත්තට යනවා. නමුත් මේ සුඛය පරාමාසෙට ඇතුල් නොවන අවස්ථාවක් තියෙනවා ද කියන එක හොඳට විමසුවා. ඒ කියන්නේ අපි 5b වලට ආවා. 7a නොවීම කෙසේ ද සිදු වන්නේ කියලා.

මෙතෙන්දි මට ආවේ මේ plan එකක් කියන එක වෙලා තියෙනවා. ඒ නමුත් දිට්ඨි අනුසය කියන එක නොවෙන්න ඕනේ. ඒ කියන්නේ කුක්කුච්චය නොවිය යුතු ය. මොකද කුක්කුච්චය ඇති වෙන්නේ ඔය දිට්ඨි අනුසය හේතුවෙන්. මේ විදිහට ශ්‍රද්ධාව ඇති වෙනවා නම් අත්තවාද උපාදානය නොවෙනවා කියන එක තමයි ඒ භාවනාවෙදි ආවේ, අතෙන්ට යන්නේ නැතෙයි කියන එකයි. මේක ටිකක් අමාරුයි මේ භාවනාව.

ඉතින් සාධු පියවරුනි කියලා මේක නැවැත්තුවා.