එතකොට ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, සහම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ දක්වා දාහතර නම සිහි කරලා වැන්දා.
ලෝභය නැති කරමි කියලා ඊයේ භාවනාව මම සිහි කළා. එතකොට මං එතෙන්දි සිහි කළේ, දැන් අපි ඊයේ බලලා තියෙන්නේ අර දෙවෙනි triangle එක, ඒ කියන්නේ වේදනා, පරාමාස, භය අගති කියන triangle එකේ ගමන් කිරීම අනුව, කබලිංකාර ආහාර, වේදනා, ගිද්ධිලෝභ කියන triangle එකේ වැඩ කරන විදිහයි බැලුවේ.
දැන් අද මං බැලුවා ඕකේ අනෙක් පැත්ත. ඒ අනෙක් පැත්ත මං කල්පනා කළා. ඒ කියන්නේ ඔය 7b කියන එක ස්පර්ශයේ ඉඳන් වේදනාවට එනකොට අනිත් triangle එකට මොකද වෙන්නේ කියන අර්ථයයි මං මෙනෙහි කරන්න පටන් ගත්තේ. එතකොට දැන් ඒ කියන්නේ 7bකියන එකට අපි ආවා කියන අර්ථයෙන් කල්පනා කරනවා කුමක් සිදු වේ ද කියලා. එතකොට මට මෙතන ටිකක් අමාරුයි, ඒ වුණාට මට රහතන් වහන්සේලා පුරුදු කරලා තියෙන විදිහට මං අල්ල ගත්තා.
ඒ විදිහට බැලුවහම නම් ඔන්න පේනවා සුභයයි කියලා ඉදංසච්චයට ඇතුල් වීමක් කියන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණේට පේනවා නිත්‍යයි කියලා ගැනීම දෙවෙනි රවුමේ දී සිද්ධ වෙනවා මානය නිසා. තුන් වෙනි රවුමේ දී, තුන් වෙනි එකට අපිට පේනවා මේ සංස්කාර පරාමාස වීම නිසා අර සඤ්ඤාව සුඛය වෙනවා කියන එක, ඊළඟට මේ සමඟ ම වේදනාව පරාමාසයට ඇතුල් වීම වෙනවායි කියන එක දැක්කා. එතකොට අන්න එතෙන්දි නම් තේරුණා එහෙනම් ස්පර්ශයේ ඉඳන් වේදනාවට එනවා කිව්වහම වේදනාව ඉඳන් පරාමාසයට ඇතුල් වෙන්නා වූ කියන කතාව එතන රවුම් තුනක් ගිහිල්ලා එතන සිද්ධ වෙනවා කියන එක.
මෙන්න මේ වේලාවෙදි තමයි අපේ මේ වේදනාව කියන එක සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ මේ සුභ වෙච්ච සඤ්ඤාව නිසා ම මේ fake වේදනාවක් ඇති වෙනවා කියන එක. අර මානසික වේදනාව real වෙන්නෙ නෑ. අතනින් ඇති වුණා වූ අර සුභය කතාව නිසා තමයි මෙතන මේක ඇති වෙලා තියෙන්නේ. දැන් කායික වේදනාව කියන එක මීට වඩා වෙනස්. එතකොට මෙතෙන්දි මට හොඳට ලස්සනට ආවා මේ සුභ වෙච්ච දේ ම තමයි මානය විසින් හොඳයි කියලා කියන්නේ. අර ඉද්ධි slide එක, ඒක මතක් වීමකුත් වුණා. වේදනාව සුඛ යැයි කියලා ගන්නා වූ මුසාව මට සිහි වුණා. අර පෝතලිය සූත්‍රයේ අර 3.3 කියලා කිව්වේ.
එතකොට දැන් මෙතෙන්දි මට ලස්සනට ආවේ මේ සඤ්ඤාව කියන එක මහ මුළාවක්. ඒ සඤ්ඤාවෙන් තමයි මට මෙන්න මේ දේ කළේ. ඒ අර වේදනාවේ reality එකක් නෑ. අර real එකක් හැටියට පෙන්නුවේ අර සඤ්ඤාවෙන්. එතකොට ස්පර්ශයේ ඉඳන් මං වේදනාවට ආවා කියලා කියන්නේ, මෙන්න මේ විදිහට මේ අර සුඛයි කියලා අර ඇතුල් වීම, සංස්කාර නිත්‍යයි කියලා ඇතුල් වීමත් උඩ ඇති වුණා වූ දෙයක් මේ තියෙන්නේ. එතකොට ඇයි මං මේ සඤ්ඤාව වරදවා ගන්නේ?
මේක මේ සංසාර පුරුද්ද නිසා ම තමයි මේක සිද්ධ වුණේ කියන එකට ආවා. ඉතින් මේ අවස්ථාවේ දී මේ මනස මහා විසාලයි. ඒ පුදුමාකාර විදිහට මනස පවතිනවා. එතනදි අර තියෙනවා අර dismay කියලා කියන්නේ. දැන් ඒ කියන්නේ මේ, මේක මහා මුළාවක් තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ කියලා අන්න ඒ තත්වයට තියෙනවා. මෙතන මේ real වේදනාවක් නෑ, මේ බොරුවට හදාගත්ත, ඒ කියන්නේ මුසා වූ සඤ්ඤාවකින් ඇති වුණා වූ දෙයක් විතරයි කියන තත්වෙට ඒ මනස තියෙනවා.
ඉතින් මේ භාවනාවේ නම ඇහුවහම රහතන් වහන්සේ නිශ්ශබ්ද වෙලා ඉඳලා පස්සේ “බය වෙන්නේ නැද්ද” කියලා අහලා තමයි කිව්වේ, මේක මේ අනාශ්‍රව සඤ්ඤාව. අනාශ්‍රව චිත්තයක තිබෙන්නා වූ සඤ්ඤාව තමයි මේ භාවනාව.
සාධු පියවරුනි කියලා ඉතින් අවසන් කළා.