සත්තට්ඨාන කුසල භාවනාව. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ ය කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට ම හත් වෙනි නම, දාහතර නම, සහම්පති බුදුපියා දක්වා සිහි කරලා වැන්දා.
පංචනීවරණ යටපත් කරමි කියලා කිව්වහම මේකෙන් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතකොට අපි දන්නවා පංචනීවරණයන් නිසා අවිද්‍යාව හටගන්නවා. කෙසේ ද කියලා විමසුවා. කුඩා තණ්හාව නිසා අර පටිච්චසමුප්පන්නය වෙනවා කියන එක, ඒක දුටුවා. ඒ කියන්නේ කාමච්ඡන්දය, රවුම 3, ඒක නිසා අර ප්‍රේමය, මේ නිසා අර පටිච්චසමුප්පාදය වෙනවා. දැන් මේක නිසා නන්දිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ ඇති වීම නැති වීම කෙරෙහි ඇති කැමැත්ත.
එතකොට මේ වෙනකොට විඤ්ඤාණඤ්චායතනය කියන එක මට වෙලා තිබුණා. ඒ යම් පුද්ගලයෙක්ගේ උපන් ස්ථානය බැලීමට මට පෙර කැමැත්තක් තිබුණා. ඒ පාර ඒක විමසුවා. ඒ පාර රූපය දැක්කා. නැවතත් විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය, කුසලය නිසා ඒ විඤ්ඤාණඤ්චායතනයට සමවැදුණා. සමවැදිලා ඒකෙන් දැනගත්තා. ඒ ස්ථානය. උපන් තැන කියන එක.
දැනගැනීම සිද්ධ වෙන්නේ මෙහෙමයි. හය වෙනි ධ්‍යානයට යනවා. විඤ්ඤාණඤ්චායතනයට යනවා. ගිහිල්ලා රූපය මෙනෙහි කරනවා. එතකොට විඤ්ඤාණඤ්චායතනයෙන් වැටෙනවා නේ. අර රූපය දකිනවා. නැවතත් වහාම හය වෙනි ධ්‍යානයට සමවදිනවා. එතකොට රූප සම්බන්ධව, පිහිටීම සම්බන්ධව කාරණා අපි දැනගන්නවා. ආයේ නැවතත් ඊළඟට අවශ්‍ය කාරණය මෙනෙහි කරනවා. ආපහු, ඒ දෙක මාරු වෙන්න ඕනේ. ඒ විදිහට දැනගැනීම තුලින් තමයි ඒක කරන්නේ. සමවදින්න ඕනෙ නැවත නැවතත් පුනපුනා.
එතකොට මෙහෙම දැනගැනීම නිසා මාන නොවිය යුතු බව මම සිහි කළා. මට ඒකත් කලින් ම කල්පනා කරන්න ඕනෙකම තිබුණා මේ මානය ගැන අද භාවනාව. එතකොට කය නිසා මානය නොවිය යුතුයි කියලා අර විජය සූත්‍රයේ ඒකත් මට මතක් වුණා. ඊළඟට මේ ඥානය නිසා මාන නොවිය යුතු ය කියලා ආපහු ආවා. මෙසේ වන්නේ නම් කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය ඇති වෙනවා කියන එක මට වැටහුණා. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව, මච්ඡරිය, මක්ඛය, පලාසය නොවීම කියන එක. එතකොට මට ඒක හොඳට ඒ පැහැදිලියි, මේ කාරණා තියෙනවා නම් ඉතින් මට, කෙනෙකුට තියෙන්නේ නෑ, පස්සද්ධියක් කියන එක නෑ. මොකද එයාගේ මනසෙන් ඇති වෙන්නා වූ ධර්ම කොටස නිසා එයාට ඒ මක්ඛය, පලාසය ඒ දේවල් සිද්ධ වෙන්න පුළුවන්.
එතකොට, ඉතින් මේ සමඟ ම මේ මට ඇහුණා සත්තට්ඨාන කුසලය කියන වචනය. ඒ ඇහුණා. එතකොට මං සත්තට්ඨාන සූත්‍රය ඒක මෙනෙහි කළා. ඒ සත්තට්ඨාන සූත්‍රයේ තියෙනවා නේ රූපයේ සමුදය, අස්තංගමය, නිරෝධය, නිරෝධගාමිනී පටිපදාව, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන එක. ඒක එකපාරට ම මං මෙනෙහි කළා. ඒ සූත්‍රයට අනුව. එතකොට ම මම රහතන් වහන්සේව දැක්කා. බුදුපියා වැඩ ඉන්නවා කියලා දැක්කා. දැකලා ඒකත් දැනගෙන මං වැන්දා.
ඉතින් එතකොට “මේක තමයි සත්තට්ඨාන කුසල භාවනාව” කියලා ඒ බුදුපියා පැවසුවා.