සත්තට්ඨාන කුසල භාවනාව 2. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා.
පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි, මේකෙන් පටන් ගන්න යැයි කියලා පැවසුවා. තථාගතයන් වහන්සේගේ විද්‍යා චරණ ගුණය මං මෙනෙහි කළා. ආසවක්ඛය ඥානය මෙනෙහි කළා. එතකොට මේ සමඟ ම මට අර කුඩා තණ්හාව, ප්‍රේමය නිසා පටිච්චසමුප්පන්න වීම, නන්දිය, අන්න ඒක මට මෙනෙහි වුණා, ඒ භාවනාව. ඒ භාවනාව ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. සත්තට්ඨාන කුසල භාවනාව. මේ වෙලාවේ මනස හරි විසාලයි. මේ සූත්‍රය මං කියවලා නේ භාවනා කරන්න ගියේ. ආලෝකය සහිතයි.
ඒ පාර මට මේ දිබ්බචක්ඛු නුවණ මෙනෙහි වුණා. ඊට පස්සේ පෙර තුන් වෙනි භවයත් මෙනෙහි කළා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ඒ ඥානයන් තුන තියෙනවා නේ. ආසවක්ඛය ඥානය, චුතූපපාත ඥානය දිබ්බචක්ඛුව නිසා ඇති වෙන, ඊළඟට පුබ්බේනිවාසානුස්සති ඥානය.
එතකොට දැන් මං ඔන්න සීලය මෙනෙහි කරන්න ගත්තා. චරණ ගුණයන් කියන ඒවා. පළවෙනි චරණ ගුණය. ඉන්ද්රියෙසු ගුත්තද්වාරො කියලා දෙවෙනි චරණ ගුණය මෙනෙහි කළා. සීලය අර විදිහට සම්පූර්ණයෙන් මුසාවාද පරුෂා වාච සහිතව ඔක්කෝම කෑල්ලෙන් කෑල්ලට බැලුවා.
ඊළඟට ඉන්ද්රියෙසු ගුත්තද්වාරො කියලා අර අභිජ්ඣා දෝමනස්ස ඇති වෙනවයි කියන එක. ඊළඟට අර ආහාරයේ පමණ දැනගෙන ගන්නවා කියන එක, වේදනාවට ප්‍රතිචාර නොදැක්විය යුතුයි කියලා කල්පනා කළා.
ඒ වෙලාවේ මං වේදනාවේ සමුදය කියන එක මෙනෙහි කළා. එතකොට මේක මෙනෙහි කරපු ගමන් කෙළින් ම අනාශ්‍රව සඤ්ඤා භාවනාව මට සිහි වුණා. මේක මේ fake වේදනාව. එතකොට මේක ම තමයි මේ මුසාව වෙලා තියෙන්නේ. Fake වේදනාව කියන එක ඇති වෙනවා. මේක ම නේ අපි මුසාව කියලා ගන්නේ. අත්තා කියලා අරගෙන ඇති වෙන්නෙත් මේක ම තමයි. සුඛයි කියලා ගත්ත එක.
එතකොට වේදනාවේ සමුදය වෙලා තියෙන්නේ කොහොම ද? රූපයේ සුභයි, අර නිච්ච සංස්කාර මගින් අර සුඛ සඤ්ඤා ඇති කිරීම. එහෙනම් රූපයේ සමුදයෙන් ම තමයි වේදනාවේ සමුදය වෙලා තියෙනවා කියන එක ඇති වුණා.
ඒ සම්බන්ධතාවය මං හොඳින් දැක්කා. ඉතින් “Excellent” යැයි කියලා ඇහුණා ඒ වෙලාවේ. දැන් ඒ පාර, දැන් සංස්කාර තිබෙනතාක් කල් අපිට මානය ඇති වෙනවා. මානය තිබෙනතාක් කල් නිච්ච සඤ්ඤාවට අපිට ඇති වෙනවා. එතකොට අත්තා ඉඳන් නිත්‍යට අපි අර මානය jack ගහනවා කියන එක තියෙනවා නේ සංස්කාර. සංස්කාර නිරෝධය වන්නේ නම් මානයක් කොයින් ද?
මේ සඳහා සඤ්ඤාව හොඳින් දත යුතු ය. අනාශ්‍රව සඤ්ඤා වන්නේ නම් විඤ්ඤාණය සකස් නොවේ. “Excellent” කියලා ආයේ ඇහුණා.
ඒක තමයි ඒ භාවනාව. ඉතින් මේක කළහම ඉතින් මේ මට පේනවා මේ පුටුවක වාඩි වෙලා ඉන්න එක්කෙනෙක් ඉන්නවා හොඳට. ඒ කියන්නේ ඈත ඉඳන් මට මාව ම පේනවා.