Date: 21/06/2014 Name: උපශාන්ත භාවනා

ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ ය කියලා සිහි කරලා වැන්දා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා.

ද්වේෂය නැති කරමි කිව්වහම, යම් සඤ්ඤාවකින් ජීවත් විය හැකි බව පහ කළ යුතු ය. යමෙක් මෙසේ ජීවත් වෙනවා යැයි කියන්නේ නම් එයට වඩා සැප වූ වේදනා ඇති තව යම් දෙයක් ඇති යැයි කල්පනා කරන්න ඕනෙ. නැති නම් මානය කියන එක හටගන්නවා. මෙසේ කල්පනා කරන්නේ මානය නොවන්නේ ය. ධර්මය වශයෙන් අපි යම් ධ්‍යානයකට වඩා උසස් ධ්‍යානයක් ඇත්තේ ය, නමුත් එකකින්වත් ජීවත්ව සිටීම නියතව පැවැත්විය නොහැක. Permanent කියලා කියන්න බෑ. මෙම ධර්මය අනාශ්‍රව සඤ්ඤාව සමඟ සම්බන්ධ කළොත් කුමක් වන්නේ ද කියලා තමයි මට කල්පනාවට ආවේ. මේ මානයේ කතාවයි, අනාශ්‍රව සඤ්ඤාවයි.

ඒ පාර රහතන් වහන්සේ මාව නැවැත්තුවා ඒ වෙලාවට. මම ඔය අකනිට්ඨාව අල්ලගෙන හිටියා. මේ ප්‍රභාස්වර චිත්තයක් පැවතුණා. ආලෝකය කියන එක අධිකයි. යම්කිසි වේදනාවක් නිසා පැවැත්විය යුතු යැයි සිතන්න යනවා නම්, මට පේනවා අර කතිරය. සඤ්ඤා, පරාමාස, වේදනා, චේතනා කියන කතිරය පේනවා. Cross එක. එතකොට ඒ කතිරය නිසා අපිට පේනවා වේදනා, චේතනා, ඉදංසච්ච, භය අගති. ආපහු වේදනා. අලුවා කෑල්ලට එනවා. මේක අර කතිරය පවතිනවා නම් මේ යම්කිසි වේදනාවක් නිසා මේ ඉන්නවා කියලා හිතනවා. එතකොට වේදනාව නිසා නේ අපි අර ද්වේෂ කතාව තියෙන්නේ. කුලයට ඇලෙනවා කියන එක. ඒවා ඔක්කෝම අර වේදනාව නිසා.

එතකොට දැන් අපි දන්නවා ඔය හැම වේදනාව ම fake කියලා. ඒ වේදනාව fake කියන අර්ථය ඒක දන්නවා නම් එහෙනම් ඉතින් මේ කතිරයේ කතාව, ඒක යනවා. එතකොට, දැන් මෙතන අපිට පේනවා මේ කතිරය ඇති වෙනවා, මානය නිසා ඇති වෙන පාර ඇති වෙනවා. මේ කතිරය, එක කතිරයක් හැදුණා නම් ඊළඟට මානය නිසා ඇති වෙන diamond එක හැදෙනවා. අලුවා කෑල්ල.

රහතන් වහන්සේගේ සිත කෙසේ ද කියලා මම කල්පනා කළා. ඒ වෙලාවේදි අර විඤ්ඤාණය ධාරාවක් වශයෙන් පවතිනවා කියන එක, no stream. විඤ්ඤාණය ධාරාවක් වශයෙන් පවතින්නේ නෑ. විඤ්ඤාණය කියන එක දැනගැනීම සඳහා පමණයි පවතින්නේ. මේවා මේ ඔක්කෝම මේ knowledge instances කියලා කියන එක තමයි මට ආවේ.

ඒ කියන්නේ ඒ, දන්නා වූ, ඒක වචනවලින් කියන්න හරි අමාරුයි, දන්නා වූ මේවා පමණයි. ඒකේ stream එකක් නෑ. දැන් අපි stream එකක් තියෙනවා නම් අපි අර hump එකක් උඩින් යනවා, ඒ වගේ සෙල්ලන් තියෙනවා නේ. ඒක එහෙම එකක් නෑ. ධර්මය කියන එක දෙනවා. නමුත් මෙම පුද්ගලයා එය ගනී හරි නොගනී කියලා කියන එක ගැන අල්ලා ගැනීමක් නෑ. එහෙම, ඒ කියන්නේ එහෙමත් නැත්තන්, ඒ කියන්නේ ප්‍රතිඵලයට ඇල්මක් කියන එක නෑ. ඒ කියන්නේ සඤ්ඤා නිසා පරාමාස වෙනවා කියන කෑල්ල නෑ, කියන එක නෑ. විඤ්ඤාණය මෙසේ දැනගෙන පවතී. මේක හරි සාන්තයි කියන එක මට වැටහුණා.

ඉතින් මේ භාවනාවේ නම උපශාන්ත භාවනාව.