අභිජ්ඣා භාවනාව. උත්තරීතර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වැනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා, සහම්පති බුදුපියා දක්වා.
අභිජ්ඣාව භාවනාවට ගත යුතුයි කියලා මට හැඟුනා. ඉතින් “Excellent” කියලා මට ඇහුණා එහෙම කියනවා කියලා. ඊට පස්සේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අර New Zealand වලදි පෙන්නලා දුන්නා නේ ආයතන භාවනා 2 තියෙන diagram එක. සම්මා දිට්ඨිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව, හිරිය, ඕතප්පය, විරිය, ඡන්ද සමාධිය, අභිජ්ඣාව කියන එක path one එකේ අතහරින්න ඕනෙයි කියන එක තියෙනවා. එතකොට අභිජ්ඣාව path one එකෙන් පහ කළ යුතු ය කියලා කල්පනා කරනවා. එතකොට මිච්ඡා දිට්ඨිය පහ වීමෙන් අභිජ්ඣා නැති වන්නේ ය කියන එක තමයි මම ගත්තේ. මොකද මිච්ඡා දිට්ඨියෙන් අපි දන්නවා නේ අභිජ්ඣා ඇති වෙනවා කියලා diagram එක ඇඳලා තියෙන්නේ අපි.
එතකොට මේක කෙසේ ද යැයි කියලා මම විමසුවා. මේක විමසුවා ම මෙතන පේනවා ඔය area 2 කියන එක තියෙනවා නේ. දැන් අපි දන්නවා මුලින් ම, ඔය අභිජ්ඣා range එක, ප්‍රදේශය වෙන්නේ ඔය area 2 කියන එක. මේක සිදු වෙන්නේ කොහොම ද ඔය වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභයට යන line එක තියෙනවා නේ. ඒ line එක වෙන්නේ පරාමාසයේ ඉඳන් පල්ලෙහාට යන අත්තා වීමෙන් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට ගිද්ධිලෝභයේ ඉඳන් ජාතියට යන එක තියෙනවා නේ, නන්දිය සඳහා කැමැත්ත. එතකොට මෙතන අභිජ්ඣාවේ දී කියන්නේ මේක මගේ වේවා කියලා නේ. ඒ කියන්නේ මෙයාට දැන් නෑ. දැන් එතකොට තියෙනවා එහෙනම් දැන් නැති එක, මේක ඇති වෙන්න තියෙන කැමැත්ත.
ඉතින් එතකොට ප්‍රඥාවන්ත මනුස්සයෙකුට පේනවා ඉතින් දැන් නැති නම්, ලැබුණත් නැති වෙන දවසක් තියෙනවා කියලා. එතකොට මේක සඳහා අභිජ්ඣා වීම තමයි නන්දිය කියලා කියන්නේ. එතකොට මේක ලබා ගැනීමේ ක්‍රමය තමයි මේ ධම්මමච්ඡරිය. මේ ජාතියේ ඉඳන් වේදනාවට යන line එක දික් කළහම ධම්මමච්ඡරිය. එතකොට මේක මෙනෙහි කරනකොට මේ ඉහළ ම ඵල චිත්තය නැංවිලා තියෙනවා. නළලේ දකුණු පැත්ත හරි ශාන්තයි. එතකොට අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නලා දීපු diagram එකට අනුව අපි අභිජ්ඣා අත්හළ යුතු යැයි කියලා සිතුව විගසින් වම් පැත්ත ශාන්ත වුණා. ඒ පැත්ත ශාන්තයි. චෙතො විමුක්තිය තියෙනවා. දැන් අර පැත්තේ ප්‍රඥා විමුක්ති දෙක තියෙනවා. එතකොට දැන් මේ වෙලාවෙදි, එහෙනම් මිච්ඡා දිට්ඨිය අත්හළ යුතු යැයි කියන හැඟීම ම තමයි මේකට හේතුව වෙන්නේ, මේක ම තමයි ප්‍රත්‍ය වෙන්නේ. එතකොට දැන් ඇති වන්නේ දෝමනස්සය යැයි කියලා වැටහුණා. ඉතින් අභිජ්ඣා වුණා නම් දෝමනස්සය කියන එක ඇති වෙනවා නේ. දැන් රවුම් දෙක ගිය ගමන් compare කරා, මෙතන දෝමනස්සය කියන එක ඇති වෙනවා අපි දන්නවා.
එතකොට දෝමනස්සය වැටහුණා ම එතෙන්දි ආවා අර නිපකෝචය කියන එක. සන්තින්ද්‍රියො ච නිපකො ච කියන කතාව එතනින් එනවා, ඒක සිහි වුණා. අර path 2 එක. මේකත් එක්ක අර අප්පණිහිත චෙතො විමුක්තිය කියන එක, ඒ වෙලාවෙදි ඒක ඇති වෙනවා. එතකොට දැන් එහෙනම් කල්පනා කරන්න රවුම 1 කියන එක සුභ ඉඳන් ඉදංසච්චයට වෙනවා කියන එක මිච්ඡා දිට්ඨිය වශයෙන් ගන්න ඕනෙ. ඊළඟට රවුම 2, නිත්‍යයි කියලා ගැනීම අභිජ්ඣා ලෙස ගන්න ඕනෙ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද, මැරී ඉපදීමට ඇති කැමැත්ත. මෙන්න මේ විදිහට ගත්තහම එහෙනම් නන්දියත්, අභිජ්ඣාවත් වෙන් කර ගැනීමට අපහසු වන තරමට ම blend වෙලා තියෙනවා. ඒක හරියට අර සඤ්ඤා සහ වේදනා වාගේ. ලුණුයි දෙහියි වෙන් කරන්න බෑ නේ හොද්දකට දැම්මට පස්සේ. එන්න ඒ අර්ථයයි මේකේ තියෙන්නේ.
ඉතින් ඒක සාධු බුදු පියවරුනි කියලා නැවැත්තුවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්