මේ භාවනාවේ නම කාමෙසුමිච්ඡාචාරා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ ය, කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම, සහම්පති බුදුපියා දක්වා සිහි කරලා වැන්දා.
සප්ත බොජ්ඣඞ්ගයෝ වඩමි කිව්වහම මේකෙන් පටන් ගන්නෙයි කියලා පැවසුවා. කබලිංකාර ආහාරය, අපි දන්නවා ඊට පස්සේ අත්තා ඉඳන් නිත්‍යට යනවා දෙවෙනි කාරණය, ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක තුන් වෙනි කාරණය. ඉතින් මරණය වෙන්නේ නම් නිත්‍යභාවය කොයින් ද? නිත්‍ය නොවන්නේ නම් අත්තෙක් කොයින් ද? දැන් ඒ අවස්ථාවට ආවහම අපි රූපය විචාරනවා. මේ නිසා, ඒ කියන්නේ රූපය නිසා අභිජ්ඣා දෝමනස්සය වන්නේ ය. දැන් අපි ඊයේ භාවනාවක් කළා නේ. අභිජ්ඣා පැත්තෙන්.
අන්න ඒ විදිහට ඒ භාවනාව නැවතත් සිහි කළා. මිච්ඡා දිට්ඨිය අත්හළ යුතුයි කියන හැඟීම ආවා. මෙහි දී අර විමුක්තිය ඇති වීම, වෙන්න පටන් ගත්තා. ඒ විමුක්තීන් ගැන මම කල්පනා කළා, රූපය ගැන සහ ඒ නිසා වන කාම සඤ්ඤා ගැන සතිය තිබිය යුතුයි. සප්ත බොජ්ඣඞ්ගයේ එතන සතියෙන් ඔන්න ඔය කතාවයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට වෙනකොට අර ආකිඤ්චඤ්ඤායතනය, ආකිඤ්චන විමුක්තිය, ආකිඤ්චන සමාපත්තිය ඇති වීම කියන එක අනුපිළිවෙළින් මම සිහි කරන්න පටන් ගත්තා. අර මරණයට පත් වෙලා මරණයේ ඉඳන් අපි ආපහු එනවා ඔය ව්‍යාධි ස්වභාවයට කියන එක. ව්‍යාධියට ඇවිල්ලා ඒ මනුස්සයා ආපහු එයාට අර ජරාවට යනවා. දැන් ඔයා ලෙඩ වෙලා ඉන්නවා නම් ඔයා දන්නවා ඔයා ආපහු යන්නේ මේ ජරාවටයි කියලා. ලෙඩ වුණෝතින් වැඩියෙන්, ලෙඩ වෙලා නම් තමන්ගේ ජරාව කියන එක තමන්ට ඉක්මනින් පත් වෙනවා නේ මේවා වුණායින් පස්සෙ. අනේ දැන් ලෙඩ වෙලා මෙයා වැහැරිලා කියලා කියන්නේ නේ ද?
එතකොට ඔන්න ඔය අර්ථයෙන් මං බලාගෙන ආවා. පරිදේවයේ ඉඳන් අපි එනවා සෝකයට. සෝකයේ ඉඳන් එනකොට අපි ආපහු එනවා අනිත් පැත්තට අර දෝමනස්සය කියන එක අපිට ඒක තියෙනවා. එතකොට දැන් අපිට වැහැරිලා තියෙන කොටත් ඔය කතාව ඇති වෙලා තියෙනවා නේ. ඔය විදිහට දැන් දකුණු අත පැත්තේ ඉඳන් ප්‍රතිලෝම වශයෙන් මම දැන් එනවා. මෙහෙම මෙහෙම එනකොට දැන් අර රහතන් වහන්සේ කිව්වා නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අපි එනවායි කියලා අප්‍රියේහි සම්ප්‍රයෝගයට. එතකොට අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න අපි උත්සාහ කිරීමක් නේ කරන්නේ. එතකොට එහෙනම් අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් ප්‍රියේහි විප්‍රයෝගයට යන්නත් අපි උත්සාහ කරනවා කියන අර්ථය ම තමයි ආපහු තියෙන්නේ.
ඕක මං මෙනෙහි කරලා බැලුවා. ඊළඟට එනවා ඔතන ඉඳන්, ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් උපායාසය දක්වා මං සිහි කළා. එතෙන්ට එන්නේ මේකයි කියන එක. එතකොට දැන් එහෙම නම් අපිට තියෙනවා ප්‍රියේහි විප්‍රයෝගය තුළ දුක්ඛය අඩංගුයි.
ඒ කියන්නේ අපි ජරාවට යනවා කියන කතාව නිසා, අර මැරිලා ඉන්න අවස්ථාවේ දීත් අපිට තියෙනවා නේ අර දුක්ඛයක් කියලා. ජාති ජරා ව්‍යාධි මරණය වුණා, ඒක තමයි 100%, මළාට පස්සේ ඉතින් දුක්ඛය. එතකොට මේ දුක්ඛය ම percentage wise අපි ජීවත් වෙලා ඉන්නකොට හැම තිස්සෙම අපිට තියෙනවා. එතකොට එහෙම නම්, ඒ දුක්ඛය අඩංගුයි. මේ නිසා අපි උපායාසයට යෑමට අපි උත්සාහ කරනවා. දැඩි වෙහෙසකට යන්නට අපි උත්සාහ කරනවා කියන එක තියෙනවා. එතකොට, ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් උපායාසයට යන්න උත්සාහ කරනවා කියන්නේ, උපායාසය කියන්නේ දැඩි වෙහෙසක්, ඒ කියන්නේ රූපය අත්හැර ජීවත් වීමට බැරිව දැඩි වෙහෙසකින් ඉන්නවා. එතකොට මේ නිසා නැවත උත්පත්තියක් අවශ්‍ය බව මෙයා පුනපුනා කියනවා.
ඉතින් සතිය නැත්තන්, රූපය සහ කාම සඤ්ඤාව දුක බව නොදන්නේ, දැඩි වෙහෙසකින් යුක්තව නැවත ජාතියට යනවා. කාමයේ වරදවා හැසිරීම ම මෙය වන්නේ ය. ඉතින් අපි protected කෙනෙකු සමඟ බලෙන් එම හැසිරීම කරන්නේ නම් මෙම වෙහෙස අධික වෙනවා. උත්පත්තිය කියන එක වැඩි වෙනවා. ආයුෂය පවා අඩු වන තැන්වල බොහෝ ඉපදීම් ඇති වෙනවා. ඒ frequency of being born will increase කියන එකයි. මේක තමයි ආදීනවය.
ඉතින් සාධු පියවරුනි කියලා ඒක නැවැත්තුවා.
අර අප්පණිහිත චෙතො විමුක්තිය අර දැඩි වෙහෙසකින් යුතුව නැවත ජාතියට යනවා කියන තැන හිතුවහම රූපයේ කාම සඤ්ඤාව නිසා, ඒ එතන ඒ අප්පණිහිත චෙතො විමුක්තිය කෙනෙකුට ඇති වෙනවා.