අප්පණිහිත චෙතො විමුක්තිය භාවනාව. උතුම් බුදුපියවරු සිහි කළා. දාහතර නම ම ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ බුදුපියවරු දාහතර නමක් කියලා සිහි කරලා වැඳ නමස්කාර කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් හතර වෙනි ධ්‍යානයට යමි කියලා, අන්න එතනින් පටන් ගන්නෙයි කියලා පැවසුවා.
පළවෙනි ධ්‍යානය කියන එක සිහි කළා. ඒ “විවිච්‌චෙව කාමේහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං ප්‍රීති සුඛං ප්‍රථමධ්‍යානං උපසම්පජ්ජ විහරති” කියලා. මේ විදිහට මේ දෙවනි ධ්‍යානය, තුන් වන ධ්‍යානය, හතර වෙනි ධ්‍යානයේ සඳහන් වෙනවා නේ “පුබ්බෙව සෝමනස්ස දෝමනස්සානං අත්ථඞ්ගමා” කියලා කාරණාව. අන්න එතෙන්ට මං මනස යොමු කරා. පෙර දෝමනස්සය වන්නේ ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූපයක් බැලීම නිසා. මෙය මේ මොහොතේ නැතෙයි කියන එක. මේ අස්තංගමය වශයෙන් මං බලනවා, සමාධිභාවනා සූත්‍රය මෙන් අභිනන්දනා නොකරන්නේ, නාභිවදති, නජොසාය තිට්ඨති නම් පමණක් ඇති නොවන බව, ආයතනයන් පහළ වීම නැති වීම මගින් පමණක් නැති වන බව මම සිහි කළා.
පෙර සෝමනස්සය වෙනවා නම් එම රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ බව මෙනෙහි කිරීමෙන්, ධ්‍යාන සුඛයෝ ඇති වීමෙන් වූ සෝමනස්සය. යම් තාක් සෝමනස්සය වෙලා තියෙනවා ද, මේ සියල්ල කෙරෙහි නාභිනන්දති නාභිවදති නජොසාය තිට්ඨති කියලා පැවතීම මගින් පමණක් අනාගතයේ ඇති නොවන බව සිහි කළා.
මේ විදිහට මේ චතුත්ථධ්‍යානයේ වන්නේ නම් සංස්කාර නිරෝධ විය යුතු බව හැඟෙනවා. එතකොට අර ඉද්ධි diagram එක කියන එක මතක් වුණා. අර ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතියධ්‍යාන, චතුත්ථධ්‍යාන, උඩ අරි අට මඟ නිසා පල්ලෙහාට එනවා. එතකොට සංස්කාර, කාය, වචී, මනෝ ඒවායේ නිරෝධ ස්වභාවය කියන එක තියෙන්න ඕනෙ.
දැන් මේක සම්බන්ධ වුණා මේ ජූනි 22 කරපු අභිජ්ඣා භාවනාවට. එතකොට මිච්ඡා දිට්ඨිය නිරෝධය මගින්, සිදු වන්නේ නම් සම්මා දිට්ඨිය කියන එක මතු වෙනවා. එතකොට ඉහළ ම වූ සම්මා දිට්ඨියේ දුක්ඛ නිරෝධය පමණයි ඇති වෙන්නේ. සියලු පාරමිතාවන්, ධර්මතාවයන් අත හැර උතුම් නිර්වාණය පමණක් ඉතිරි වන්නේ සියලු තණ්හා නැති වීමෙන් ම බව කියලා වැටහුණා. මෙසේ ටික වෙලාවක් හිටියා.
මේ වෙලාවෙදි කල්පනා වුණා මේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ, ඒ කියන්නේ අභිජ්ඣා කියන එක නැති වීම කියන එක සිහි වුණා. ඉද්ධි diagram එක සිහි කළහම අර ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතියධ්‍යාන, චතුත්ථධ්‍යාන, එතකොට පැත්තෙන් එනවා බොජ්ඣඞ්ග වශයෙන්. උඩින් එනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සංස්කාර කියන ඒවාගේ හැකිළීම කියන එක ඒකේ diagrams වල සිහි වුණා. බොජ්ඣඞ්ග diagram එකේ ආපහු අර උපෙක්ඛාවට එනවා කියන එක එතන සිහි වුණා. ආයතන භාවනාව වශයෙන් ගත්තොතින් රූප නාභිනන්දති, වේදනා නාභිවදති, නාම කොටස නජොසාය තිට්ඨති කියන අර අවසාන slide එක එතනත් සිහි වුණා. හැම පැත්තෙන් ම ගිහින් තියෙන්නේ උපෙක්ඛාව. මෙතෙන්ට තමයි අපි යන්නේ. ඒක සඤ්ඤා උපෙක්ඛාව, අර පෝතලිය සූත්‍රයේ සඳහන් කරනවා සංස්කාර නිරෝධය කරලා අර පළවෙනි, ඒක සඤ්ඤා උපෙක්ඛාවට ම යන්නෙයි කියලා. ආයෙත් මතක් වෙනවා ඔය “න සඤ්ඤ සඤ්ඤී න විසඤ්ඤ සඤ්ඤී” කියන ගාථාව. ඒකෙ දී මේ සියල්ලෙන් ම කියන්නේ රූපයෙන් වෙන් වෙලා, සමාධි සහගත වූ වේදනා සඤ්ඤාවලින් වෙන් වෙලා, එක තැනකවත් සිත නොපිහිටුවා පැවැත්වීම.
මේ වගේ තැන්වලදි මට “Excellent” කියලා ඇහුණා. එතකොට වම් පැත්තේ මට සුඛය දැනෙනවා චෙතො විමුක්තිය. දකුණු නළලෙන් සැපයක් දැනෙනවා ප්‍රඥා විමුක්තිය. මේ සියල්ල ම දුකයි කියන එක තියෙනවා අප්පණිහිත චෙතො විමුක්තිය. මේ විදිහට මේ අප්පණිහිත චෙතො විමුක්තියේ මිනිත්තු පහක් පමණ වාසය කළා.
සාධු පියවරුනි කියලා අවසන් කළා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්