Date: 26/06/2014 Name: Appanahita Ceto Vimutti

හොඳයි ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා. කරලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ අර සප්ත බොජ්ඣඞ්ගය වඩමි කියන තැනදි පටන් ගන්නෙයි කියලා කිව්වා. එතකොට සප්ත බොජ්ඣඞ්ගයේදි අපි දන්නවා මේ සති සම්බොජ්ඣඞ්ගය කියන එක. එතකොට සති සම්බොජ්ඣඞ්ගය අපි දන්නවා අර පළවෙනි කාරණය කබලිංකාර ආහාරය. දෙවනි එක අත්තා ඉඳන් නිත්‍යට එනවා කියන එක. තුන ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. එතකොට ජාති ජරා වෙනවා නම් ඉතින් ව්‍යාධි මරණය ඇති වෙනවා කියන එක අපි දන්නවා. එතෙන්දි අපි ප්‍රශ්න කරනවා. මරණය කියන එක ඇති වෙනවා නම් නිත්‍යභාවයක් කොයින් ද. එතකොට නිත්‍යභාවයක් කොයින් ද කිව්වා ම එතනදි අපි කල්පනා කරනවා එහෙම නම් අත්තෙක් කොයින් ද කියන එක. එතකොට දැන් අත්තා වෙලා තියෙන්නේ මොකද්ද? අත්තා වෙලා තියෙන්නේ වේදනාව.

එතකොට මේ වේදනාව කියන එක ස්පර්ශය නිසා හටගන්නේ. එතකොට මේ වේදනාව අර fake වේදනාව කියන එක, අර අනාශ්‍රව සඤ්ඤා භාවනාවට මට එතෙන්දි වැටුණා. ඒ අනාශ්‍රව සඤ්ඤා භාවනාවේ තියෙන්නේ අපි බලනවා මේ රූපය, මේ ස්පර්ශය නිසා අපි වේදනාවට ඇති වෙන කෑල්ලක් තියෙනවා නේ. කබලිංකාර ආහාරය triangles දෙකක් ගන්නවා. පළවෙනි triangle එක කබලිංකාර ආහාරය, ස්පර්ශය, වේදනාව, ගිද්ධිලෝභය කියන අර area 1 එකේ තියෙන triangle එක.

ඊට ඉස්සෙල්ලා බැලුවා ඔය area 1 නිසා අර area 4 එකේ triangle එකයි අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ area 4 එකේ තියෙන්නේ වේදනාවයි, ඊළඟට අපිට පේනවා පරාමාසයයි, එතනින් තියෙනවා භයෙන් අගතියට යනවා කියන triangle එක. ඔතන ඒ භාවනාව මං දීර්ඝව කියන්න යන්නේ නෑ. ඒකෙදි බැලුවා, මේ අපි හිතමු පරාමාසයේ ඉඳන් පල්ලෙහාට අත්තා කියලා අපි ගන්නවා නේ භය අගතියට යන කෑල්ල. අන්න ඒක වෙනකොට, අපි ඕක 5a කිව්වොතින් ඒක නිසා අපිට 5b කියලා කියන්න වෙන්නේ අර triangle එකේ, පළවෙනි area 1 එකේ තියෙන triangle එකේ අර 5b කියලා අපි දානවා ගිද්ධිලෝභය කියන තැනට. ඒ කියන්නේ මොකද්ද, අපි ගිද්ධිලෝභය කියන තැනට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ, අතන අත්තා කියලා පල්ලෙහාට යනකොට. ඔය විදිහට ඒ භාවනාව වෙනම කෙරිලා තියෙනවා.

එක දවසක් මම බැලුවා මේ area 1 එකේ දැන් මේ විදිහට වෙනකොට අනිත් area 4 එකේ කොහොම ද දුවන්නේ කියන එක. ඒක බොහොම අමාරුයි. අපි සිතනවාට වැඩිය බොහොම අමාරුයි හිතාගන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ පාර හැබැයි රහතන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ අපිට නිතර ම අර සුභයි කියලා ගන්නවා කියන එක නේ. එතකොට අපිට ස්පර්ශයක් වෙලා අපි වේදනාවට යනවා කියන කෑල්ලට ඔතන පේනවා අපි සුභයි කියලා ඉදංසච්චයට එකක් ඇතුල් වෙනවා. ඊළඟට දෙවනි රවුමේ දී අපි ඉදංසච්චයට අපි පල්ලෙහාට නිත්‍යයි කියලා යනවා. එතකොට මෙන්න මේ සංස්කාරයන් පරාමාසයට ඇදෙනවා නිත්‍යයි කියලා. අන්න එතෙන්දි තමයි අපිට මේ සුඛයි කියලා සඤ්ඤාවක් කියන එක ඇති වෙන්නේ. එහෙම නම් අපේ මේ සුඛ කියන සඤ්ඤාව ඇති වෙන්න අවස්ථාව වෙනකොට ඕගොල්ලන්ට පේනවා මේ, මේක සුඛයි කියන සඤ්ඤාව ඇති වෙන්න මේ සංස්කාරයේ නිත්‍යභාවයක් කියන එක තියෙන්න ඕනෙ.

එතකොට සංස්කාරයේ නිත්‍යභාවයක් නැහැයි කියන එක තමයි මේ ටිකකට ඉස්සෙල්ලා කිව්වේ. ජාති ජරා ව්‍යාධි මරණය ඇති වෙනවා නම් සංස්කාරයේ නිත්‍යභාවයක් නෑ. එතකොට සංස්කාරයේ නිත්‍යභාවයක් නැති එකකින් තමයි මට මේ සුඛයි කියලා සඤ්ඤාවක් ඇති වෙලා තියෙන්නේ. එහෙම නම් මේ සුඛයි කියන සඤ්ඤාව බොරුවක්, මුසාවක්, කියන එක එනවා.

අනිත් පැත්තෙන් ඕගොල්ලන්ට පේනවා තවදුරටත් කල්පනා කරලා බැලුවහම මේ කතාව ඇති වෙලා තියෙන්නෙත් මේ සුභයි කියලා ගත්ත එක උඩ. සුභයි කියලා ගත්තේ නැත්තන් මේක නෑ. එතකොට එහෙම නම් පේනවා ආයෙත්, මේ දෙතිස් කුණපයක් අසූචි ගොඩකටයි ඒත් අපි මේ සුභයි කියලා කියන්නේ. එහෙනම් මේ කතාවේ තේරුමක් ඇත්තෙත් නෑ. එතකොට බොරු දෙකයි. එතකොට එහෙම නම් මේ මහා මුසාවකින් තමයි මෙතන මේක ඇති වෙලා තියෙන්නේ. මේකේ ගත යුත්තක් නෑ. මේක අර මම fake කියන වචනය කියන්නේ මේකේ ගත යුත්තක් කිසිම නැතෙයි කියන එක තමන්ට තදින් තමන්ට වැටහෙන්න ඕනෙ.

අන්න ඒ තත්වයට සිත පවතිනවා නම් ඔන්න ඕක තමයි මේ අනාශ්‍රව සඤ්ඤාව කියලා කියන්නේ. අනාශ්‍රව සඤ්ඤාව. ආශ්‍රවයන් නසන කෙනෙකුගේ ඒ මොහොතක තිබෙන්නා වූ ඒ සඤ්ඤාව, ඒකෙන් ඉන්නවායි කිව්වහම හරි ම පුදුමාකාරයි මනස.

එතකොට මම මෙන්න මේ තත්වෙට මනස ආපහු අරගෙන මම දැන් කල්පනා කරනවා මේ වේදනාව කියන එක, එහෙම නම් දැන් අපි ඔතෙන්දි ස්පර්ශයේ ඉඳන් වේදනාවට ආවායි කිව්වේ ඔය කාරණා 2. සුභයි, නිත්‍යයි කියලා ආවායින් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේකේ, වේදනාවට ආවා කියන එක. එතන්දි ආපහු කල්පනා කරනවා දැන් එහෙනම් මේ වේදනාව තමයි මං මේ අත්තා කියලා අරන් තියෙන්නේ. වෙන එකක් නෙවේ. කොහොම ද අත්තා වුණේ?

අර රූපය, මෙන්න මේ රූපයෙන් මෙන්න මේ වේදනාව කියන එක නේ ඇවිල්ලා තියෙන්නේ. මේ අඹ ගෙඩියෙන් මේ වේදනාව, මේ කුණු ගොඩෙන් මේ වේදනාව. ඕකටයි අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙම නම් කෙනෙකුට පේනවා මෙතන මහ මුසාවක් තියෙන්නේ. මෙන්න මේ රූපය කියන එකේ විමසීමක් කියන එක දැන් කෙනෙක් කරන්න ගන්නවා. එතකොට අර අපි පිළිවෙළට එනවා අර අනිත්‍ය නම් අත්තෙක් කොයින් ද කියන කතාවට ආවා. ඒ අත්තා වෙලා තියෙන්නේ වේදනාව. ඊට පස්සේ කතා කරනවා එහෙම නම්, අත්තෙක් නැත්තන් මෙන්න මේ රූපය කියන එක අපි විමසනවා. දැන් අපි ඔන්න ඔය point එක කියන එකට අපි ඇවිල්ලා තියෙන්නේ.

මේ රූපය කෙනෙක් හරියට විචාරනවා නම් ඉතින් එයාට ඒ වෙලාවෙදි පේනවා මේකෙන් ඇති වෙන්නා වූ දේ තමයි අර උපායාසය කියන එක. ජාති ජරා ව්‍යාධි මරණ ඒ උපායාසය දක්වා අපේ මනසට අපි එනවා. එතකොට මෙන්න මේ තත්වෙට ආවොතින් මනසට ඕගොල්ලන්ට මනස හරි විසාලයි, ඒ කියන්නේ ඔක්කෝම විමුක්තීන් තියෙනවා. අප්පණිහිත චෙතො විමුක්තිය දක්වා ඔතෙන්දි ඇවිල්ලා තියෙනවා.

ඒ එහෙම ඇවිල්ලා තියෙන අවස්ථාවක ඕගොල්ලො බැලුවොතින් හොඳට විමසලා උඩ තිබිච්ච කතාව, දැන් අපි අර සුභයි කියන සඤ්ඤාවක්, රූපය සහ සුභයි කියන සඤ්ඤාවක් උඩින් ම තියෙනවා අර ඉදංසච්චයට ඇතුල් වුණේ මේ උඩින් කතාවට. එතකොට මේ ස්පර්ශය මගින් තමයි මේක පවත්වන්න හදන්නේ. මෙතනින් ස්පර්ශයෙන් තමයි මෙතන මේ සුභ සඤ්ඤාව කියන එක තියෙන්නේ. එතකොට මෙතන මේක කරන්න බැරි දෙයක් කියන එක නේ, අර විඤ්ඤාණය එකතු කරලා නේ මේක කළේ. එතකොට මේක තමයි මේ කාම සඤ්ඤාව කියන එක මේ උඩ තියෙන්නේ. රූපයයි, මෙතන කාම සඤ්ඤාව තමයි ඔය සුභ.

එතකොට ඒක තමයි අර අපි ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අන්තිමට පෙන්නුවේ මේකෙන් ඇති වෙන්නේ අර දෝමනස්සය පමණයි කියලා. එතකොට අර මුළු දුක්ඛය ම තමන්ට ඇති වෙනවා. එතකොට මේ වෙලාවෙදි ඕගොල්ලන්ට පේනවා මේ යට කෑල්ලේ තියෙන්නේ මොකද්ද, ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් අතනින් අපි ඇතුල් වෙන්න හදන්නේ කොහාට ද, උත්සාහ කරන්නේ කොතෙන්ට යන්න ද, අර උපායාසය කියන එකට යන්නයි උත්සාහ කරන්නේ.

උඩින් මම රූපයයි, රූපය නිසා කාම සඤ්ඤාව මේ පැත්තට යනවා ද, මෙතන පල්ලෙහා පැත්තෙන් අපි ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් එන්න හදනවා, උපායාසයට යන්න උත්සාහ කරනවා අපි. උත්සාහයක් කරන්නේ.

එතකොට මේකේ මැද්දේ ඉන්නෙ කවුද? ගිද්ධිලෝභය. මැද්දේ ඉන්නේ ගිද්ධිලෝභය. අර vector එක වාගේ උඩින් මෙහාට යනකොට මේක පල්ලෙහායින් මෙහාට වෙනවා, ඕක තමයි අපිට සිද්ධ වෙන්නේ. ඉතින් අරක දැඩි වෙහෙසකට මනුස්සයෙක් පත් වෙනවා කියන එක එතන ඒ භාවනාවේ තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.