Date: 27/06/2014 Name: Ceto Vimutti bhavana

අද භාවනාවෙදි ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වශයෙන් කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ලෝභය නැති කරමි කියන තැනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතකොට අපි ලෝභය කියන එක ගත්තහම අපි දන්නවා අර පොඩි triangle එක, අපි කබලිංකාර ආහාරය, වේදනාව, ගිද්ධිලෝභය තියෙන triangle එක. මේක කරකවගෙන යනකොට අපිට, එතනින් අපිට අර ලොකු triangle එක ඇති වෙනවා. ඒ කියන්නේ අර කබලිංකාර ආහාරය, ජාතිය, චේතනාව දක්වා. ඒ කියන්නේ රවුම හයක් යනකොට අපි දන්නවා මේ වේදනාව නිසා හය වෙනි රවුමේ දී මම කියනවා මෙහෙම චේතනා කරනවා මෙහෙම පවත්වනවා කියලා.

එතකොට මේ විදිහට ගියා ම අපිට පේනවා ඉතින් අපිට අර හතේ හත වදිනවා කියන එක ඒක සිද්ධ වෙනවා. සෝකයේ ඉඳන් යන දේ, සෝකයට යන එක. මේක තමයි මේ අට වෙනි රවුම වෙනකොට අර චිත්තය කියන එක මැරිලා වැටෙනවා කියන එක තියෙනවා, අට වෙනි රවුම වෙනකොට. මේ චිත්තය මැරිලා වැටෙනවා කියන එක තියෙන්නේ 8න් පස්සේ කතාවේ දී, මොන චිත්තය ද? අපි දන්නවා චිත්තය හැම තිස්සෙම මැරී වැටෙනවා කියන එක තියෙනවා.

මෙතන මේ කතා කරන්නේ අර මුලින්, සුභයි කියලා ගත්තා වූ රූපයත් එක්ක තිබෙන්නා වූ චිත්තය. ඒක නිසා කැරකවීමක් වුණා ද, අන්න ඒ චිත්තයේ මැරී වැටීම තමයි මේ කතා කරන්නේ. එතකොට දැන් මේ 8න් පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් මේ ප්‍රඥාවක් නැති මනුස්සයා, ඒ කියන්නේ මෙයා මේ වෙලාව වෙනකොට ථීනමිද්ධය එයාට හට අරගෙන තියෙන්නේ මෙයාට තේරෙනවා එයාට ඕනෙ එක නෙවේ මේකේ තියෙන්නේ කියන එක ප්‍රඥාවන්ත මනුස්සයාට. අනිත් මනුස්සයා කරන්නේ මොකද්ද එයා මේක ඉවසනවා. මෙයාට ඕනෙ එක නොවුණාට එයා යම්කිසි කෑල්ලක් කොටසක් අල්ලගෙන මම ගඳ ඉවසගෙන හරි මේ වැඩේ කරනවා කියන අර්ථය එයාගේ තියෙනවා. එතකොට මෙයා ඒකත් එක්ක ඒ කොටස අල්ලගෙන බොහොම වේගෙන් ගමන් කිරීමක් කියන එක 8න් පස්සෙත් එයා කරගෙන යනවා.

එතකොට මේ, මේ පුද්ගලයාගේ ගත්තහම ඒ 8න් පස්සෙත් යන්න එයාට හුඟාක් ම significant වෙලා තියෙන දේ තමයි අර දෙවෙනි step එක. නිත්‍යයි කියලා ගන්නා වූ එක. ඒ කියන්නේ මෙයා නැවත නැවතත් පුනපුනා ඒ කොටස සඳහා උත්සාහයක් කරනවා. ඒ කියන්නේ එයාට තියෙනවා අර, නිත්‍යයි කියන කතාව මතකයි ඒ වුණාට ඒක ඇති වෙන්නේ අර තණ්හාව, රාග සල්ලය නිසා තමයි අපි ආපහු ස්පර්ශ කරන්නේ. එතකොට නිත්‍යභාවය අපි එතනින් ඇති කරගන්නවා. ඒ කියන්නේ නැවත නැවතත් පුනපුනා ඒ යම් වූ කොටසක් සම්බන්ධයෙන්, යම් වූ දෙයක් සම්බන්ධයෙන් එයා, ඉතුරු ටික ගැන, ඒකෙන් දුක්ඛය ඇති වෙනවා, ඒක ගැන සලකන්නේ නැතුව අරකට ම සලකනවා. ඒ කොටසට සැලකීම හේතු කොටගෙන, එතකොට මේ පුද්ගලයා මේ අපායේ යනවා කියන එක එහෙම සිද්ධ වෙන්නේ ඔන්න ඔය, ඔය විදිහට අර ඒ කොටසක් අල්ලගෙන දිගට ම එයාගේ පැවතීම කියන එක.

එතකොට මෙතෙන්දි මට හොඳට පේනවා මෙතන ඉතුරු වෙන්නේ අන්තිමට ඔය වේදනාවයි, පරාමාසයයි කියන එක තමයි. අර නිත්‍යභාවය ගත්තහම, මෙතනින් එනවා සංස්කාර නිත්‍යයි කියලා එන්නා වූ එක තියෙනවා, අර වේදනාව සුඛයි කියලා එන්නා වූ එක තියෙනවා. ඔය වේදනාවයි, පරාමාසයයි. එතකොට මේ දෙක අතරේ තමයි ඔය පරිග්ගහය කියන එක තියෙන්නේ. එතකොට මෙන්න ඒක නිසා තමයි මෙන්න පරිග්ගහයේදි මළා ය කියලා කිව්වහම අර අපායේ යනවා කියන එක තියෙන්නේ.

එතකොට මෙතෙන්දි මට ඇහුණා ඉතින් “Excellent” කියලා කියනවා, මෙන්න මේ point එකට ආවායින් පස්සේ. මේක නිසා තමයි මේක සිද්ධ වෙන්නේ.

එතකොට දැන් අපිට ඊළඟට තේරෙනවා, මට ඔතෙන්දි ඇහුණා මේ “ජහො ජරො කුච්චි රොගො” කියලා එහෙම ඒක කියනවා. ඒ කියන්නේ මෙතන මේ වෙලාව වෙනකොට මේ පුද්ගලයා මේ sick වෙලා තියෙන්නේ. ඇයි මෙයා මේක පවත්වන්න හදනවා හදනවා හදනවා කොහොම හරි ඕනෙයි කියලා මෙයා බොහොම රෝගීභාවය කියන එකට එයාගේ පත් වෙලා තියෙනවා කියන එක එතන තියෙනවා. ඉතින් මේකෙන් හදන විඤ්ඤාණය තමයි අර මැරී මැරී වැටෙන්නේ.

එතකොට දැන් මෙයාට ඕනේ කොහොම හරි මේක පවත්වන්න. කොහොම හරි පවත්වන්න. දැන් අපිට මෙතන මතක තියාගන්න ඕනේ අර තණ්හාවයි, පරිග්ගහයයි, පරාමාසයයි. ඔච්චරයි තියෙන්නේ. අර උඩ, ඒ වෙලාවෙම මට මතක් වුණා මෙතන ඇති වෙන්නේ අර fake සඤ්ඤාව කියන එක නේ තියෙන්නේ. අනාශ්‍රව සඤ්ඤාව තියෙනවා නම් ඔය කතාව නෑ. එතකොට මෙතන හැදිලා තියෙනවා මේ කෑල්ල. මෙයා මේක කොහොම හරි මේක පවත්වන්න හදන්නේ. එහෙනම් මට මේක පවත්වන්න මට මේ substance එක තමයි ඕනෙ.

මොකද්ද, අර මම හොඳයි කියලා අල්ල ගත්ත substance එක. මොකක් හරි අර පුද්ගලයාගේ ශරීරයේ කොටසක් හරි, ආහාරයේ යම්කිසි දෙයක් හරි අන්න ඒ කොටස මෙයාට ඒක ඕනේ. ඉතින් ඕක වැඩියෙන් තියෙන තැන තමයි අර අපාය. ඒක නේ අර තපස්සි බුදුසීයා කිව්ව ඒ ධර්මය මට ඒ වෙලාවේ මතක් වුණා. අපායේ තමයි මේක වැඩිපුර තියෙන්නේ. ආන්න ඒක නිසා තමයි ඒ substance එක හොයාගෙන තමයි අර මැරෙන මැරෙන විඤ්ඤාණය අතන ආපහු පිහිටන්න යනවා කියන එක තියෙනවා.

එතකොට මං ඒ පාර කල්පනා වුණා එහෙම නම් මේ කාම ලෝකේ ඉන්නවා කියන එක හරි ම dangerous, මොකද කාම ලෝකයේ තමයි ඔය substance එක වැඩිපුර තියෙන්නේ. දැන් ඉතින් අපි දන්නවා මේ රටවල් වාගේ රටවල්වල ගත්තහම ආහාර වැඩියෙන් එහෙම තියෙනවා. එතකොට අර වැඩියෙන් වැඩියෙන් අරකට යන්න පුළුවන්කම කියලා. මං කල්පනා කළා දිව්‍ය ලෝකෙත් ඉතින් ඒ විදිහට තියෙනවා නේ. එතකොට මෙතන මේ substance එක තියෙනවා කියන එකෙන් chance එක වැඩියි කියන එක තියෙනවා. නමුත් ඒක නෙවේ ප්‍රශ්නේ. Substance එක තිබුණාට දිව්‍ය ලෝකේ ඕනේ තරම් ඵල ලබන්නේ.

එතකොට එතෙන්දි අපිට පේන්නේ අල්ලගෙන ඉන්නවා කියන එක. තණ්හාව නිසා තමයි මේක තියෙන්නේ. Substance එක තිබුණට, දැන් බුදුහාමුදුරුවෝ මනුස්ස ලෝකේ හිටියේ, බුද්ධත්වයටත් පත් වුණේ. එතකොට substance එක තිබුණාට මේ අල්ලාගෙන ඉඳීමෙන් තමයි අර තණ්හාව පරිග්ගහය කියන කතාව තියෙනවා නේ, ඒක උඩ තමයි මේක තියෙන්නේ. එතකොට පරිග්ගහයට තණ්හාව. තණ්හා වෙන්නේ පරිග්ගහය වෙලා තියෙන්නේ. මෙන්න මෙතැනයි මේ ප්‍රශ්නය තියෙන්නේ කියන එක තමයි ඒකේ ආවේ.

ඒක තමයි ධර්මය.