ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ ය කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට අර පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි කියන තැනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතෙන්දි මම බැලුවේ කෙළින් ම අර බුදුහාමුදුරුවන්ගේ පසළොස් චරණ ධර්ම, ඒ ඥානයයි, ත්‍රිවිධ ඥානයයි පසළොස් චරණ ධර්මයි මෙනෙහි කිරීම තමයි ඒක සඳහා කරන්න ඕනෙ.
එතකොට ඒක මම කරන්න පටන් ගත්තහම මං කෙළින් ම අර ආසවක්ඛය ඥානය කියන එක තමයි ගත්තේ. එතකොට ආසවක්ඛය ඥානය අපි දන්නවා ඒක, අපේ විඤ්ඤාණය යම්කිසි ආකාරයකට පිහිටවන්න මේ පටිච්චසමුප්පන්නය නිසායි, තණ්හාව නිසයි පටිච්චසමුප්පාදය කියන එක. එතකොට ඒ තණ්හාව කියන එකේ ගත්තහම අර කුඩා වූ තණ්හාව නිසා අපිට ඇති වෙනවා ඔය පටිච්චසමුප්පාදය. ඒක තමයි ඔය සමාධිභාවනා සූත්‍රයේ පෙන්නන්නේ. අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති එහෙම කළායින් පස්සේ අර දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒක තමයි ඒ කුඩා පටිච්චසමුප්පාදය ඒ කියන්නේ කුඩා තණ්හාව නිසා අපි ඇති කරගන්නවා අර විසාල එක. දැන් එතකොට අපි ඕකට පුරුදු වෙනවා මේක ඉපදෙනවා, මැරෙනවා කියන එකට. එතකොට ඉපදෙනවා මැරෙනවා කියන එකට අපි පුරුදු වෙලා, අර බත් කටක් කටට දැම්මා, ඒක ඉවරයි, ඊළඟට ආපහු කටක් ආයෙත් දානවා අර ඒකට පුරුදු වෙලා. එතකොට ඒ විදිහට පුරුදු වෙලා අපිට අර නන්දියක් කියන එක ඇති වෙලා තියෙනවා. දැන් ඉතින් ඉපදෙනවා මැරෙනවා. පටිච්චසමුප්පාදය හැදෙනවා. ඊට පස්සේ ආපහු හදන්නෙයි කියලා අපි කියනවා.
එතකොට ඔය නන්දිය කියන්නේ ඕකයි. ඉතින් නන්දිය නිසා මේකයි කියන එක මෙතෙන්ට ආවහම, දැන් එහෙනම් අපි කබලිංකාර ආහාරය කියන තැනින් ඔතන පටන් අරගෙන තියෙන්නේ, ඒ ගිහිල්ලා මරණයට එනකන් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ පාර දැන්, ඔය මරණය ඇති වුණායින් පස්සේ ඉතින් දැන් අපි කරන්නේ පරිදේවයේ ඉඳන් සෝකයට එන එකයි කරන්නේ. පරිදේවයේ ඉඳන් සෝකයට දුවනවා. පරිදේවයේ ඉඳන් සෝකයට දුවනකොට අර කබලිංකාර ආහාරයේ ඉඳන්, අර අනාශ්‍රව සඤ්ඤාව තියෙන කතාව තියෙන්නේ. අන්න එතෙන්ට එනකන් අපි එනවා. එතකොට ස්පර්ශයෙන් මේක කබලිංකාර ආහාරය ස්පර්ශ කරලා මේ සඤ්ඤාවක් කියන එක හදාගත්තා. එතකොට පේනවා දකුණු අත පැත්තෙන් පරිදේවයේ ඉඳන් සෝකයට එනවා, කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාවට එනවා කියන එක. එතකොට මේ සඤ්ඤාව fake කියන ඒ භාවනාවේ අර්ථය මට කෙළින් ම එතනින් ආවා. ඊට පස්සේ දැන් වෙන්නේ මොකද්ද, දැන් මට පේනවා මේ පැත්තෙන්, වම් අත පැත්තට පල්ලෙහායින් එනවා දුක්ඛය දක්වා, උඩින් යනවා විඤ්ඤාණය දක්වා.
එතකොට මං ඕක පුරුකෙන් පුරුකට බැලුවා. ඒ පුරුකෙන් පුරුකට බලනකොට දැන් සෝකයේ ඉඳන් අපි ඊළඟට යන්නේ මොකද්ද දෝමනස්සයට. ඔය සෝකයේ ඉඳන් කොහොම ද අපි දෝමනස්සයට යනවා කියන එක සිද්ධ වෙන්නේ, අපි දන්නවා නේ අර cross එකේ තමයි සෝකය තියෙන්නේ. එතකොට සෝකය නිසා මං පල්ලෙහා දෝමනස්සය කියන පැත්තට, අර ද්වේෂයෙන් අගතියට යනවා ඒක හරහා අපිට තියෙන්නෙ එතන ඒ block එකට ආවා කියන්නේ මම දෝමනස්සයට ආවා කියන එකයි. ඒ දෝමනස්සයට යනකොට නිකන් ම නෙවෙයි, දැන් මගේ දකුණු අත පැත්තෙන් එනවා නේ අර මාන්නය හරහා පාරෙන්, සෝකයට ඇවිල්ලා වේදනාවට ඇවිල්ලා මම චේතනාවන් generate කරන්නයි ඒ පැත්තෙන් යන්නේ.
එතකොට දැන් මේ විදිහට අපිට පේනවා, මෙතනින් අපිට, සෝකයේ ඉඳන් මම දෝමනස්සයට යනකොට, අර පෙර අගයන් තමයි මං මේ භාවිතා කරමින් ගමන් කරන්නේ. වේදනාවේ වෙනසක් එහෙම මට දැන් ඇති වෙලා තියෙනවා. දැන් මං චේතනාව කියන තැනට එනකන් ඇවිල්ලා තියෙනවා. එතකොට සඤ්ඤාවෙන් චේතනාව ආවා, සෝකයේ ඉඳන් මම දෝමනස්සයට ආවා කියන එක තියෙන්නෙ. එතකොට අර මානයෙන් එන කතාව අමතක කරන්න එපා, එතන තමයි ගැම්ම ඇවිල්ලා තියෙන්නේ. අර පෙර මේවාත් එක්ක යනවා කියන එක.
දැන් ඊට පස්සේ දැන් මං කරන්න හදන්නේ මොකද්ද, ඒ දෝමනස්සයේ ඉඳන් මම යන්න හදනවා දුක්ඛය කියන එකට. හැබැයි රහතන් වහන්සේ ඔතන පෙන්නුවේ දෝමනස්සය ගන්නේ නැතුව ඒ වෙලාවෙදි ගන්නෙයි කියලා ප්‍රියේහි විප්‍රයෝගය කියන එක. මොකද එක ම block එකේ තියෙන්නේ. මොකද ප්‍රියේහි විප්‍රයෝගය තුළ අර දෝමනස්සයේ අගය කියන එක උරුම වෙලා තියෙනවා. එතකොට දැන් මං ප්‍රියේහි විප්‍රයෝගයට ආවාට පස්සේ ප්‍රියේහි විප්‍රයෝගයෙන් මම යන්න හදන්නේ දුක්ඛයට. ප්‍රියේහි විප්‍රයෝගයට අපි කලින් ඇවිල්ලා තියෙන්නෙත් දුක්ඛය හරහා. ජාතියයි දුක්ඛයයි තියෙනවා නම් ප්‍රියේහි විප්‍රයෝගය. අපි යම්කිසි path එකකින් යම්කිසි තැනකට එනවා ද, ඒ කියපු තැනට අපි ආපහු ඒ path එකෙන් කොහොම හරි යැවෙනවා. ඒක එකපාරට ම direct නැති වුණාට වෙන ක්‍රමයකින් හරි යැවෙනවා.
එතකොට මෙතන මේ දුක්ඛයට මම යනවා කියන එක දැන් මං කල්පනා කරනවා කොහොම ද මේ ප්‍රියේහි විප්‍රයෝගයෙන්, මම දැන් එහෙම නම් ඊළඟට වෙන්නේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යනවා කියන එක. එතකොට දැන් මං මෙතන කල්පනා කළා මේ ප්‍රියේහි විප්‍රයෝගයයි චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යනවා කියන එකයි මොකද්ද කියන එක කල්පනා කළහම මට එනවා, කල්පනා වෙනවා, දැන් චේතනාවේ තියෙන්නේ මොකද්ද?
චේතනාවේ තියෙන්නේ “ඉතිපි කාමේසු සංයුක්තො විහරති භාවිතො අජ්‌ඣොසන්‌නා අයං චේතනා” ඔහොම නේ කියන්නේ. එතකොට චේතනාව එහෙම නම් මට තියෙනවා, මොකද්ද මම මේ අල්ලගෙන ඉන්නේ, අජෝසනා කියලා කියන්නේ අල්ලගෙන ඉන්නේ භවය. එතකොට අර කලින් අගයන්වලින් මං මේ භවය පවත්වන්නයි හදන්නේ. එතකොට එතනදි පෙන්නනවා මං භාවිතා කරන්නේ මොකද්ද කියන එක එතන. රූප අගයයි, වේදනා අගයයි, චේතනා අගයයි තමයි මං භාවිතා කරන්නේ. Develop කරන්න භාවිතා කරන්නේ ඒවා.
එතකොට දැන් මේක හරී ලස්සනයි එතෙන්දි පේනවා, මොනවද මේ අගයන්? මේ මම පෙර දීපු අගයන් ම නේ. අර විඤ්ඤාණය අරක මළා, මම පෙර යම්කිසි අගයක් දීලා විඤ්ඤාණය සකස් කරලා තිබුණා ද ඒක හදපු එක නේ අර මැරිලා වැටිලා තියෙන්නේ. ඒක නිසා නේ මේ ආපහු generate කරන්න යන්නේ. එතකොට මම පෙර දීපු අගයන් නිසා ම තමයි මං මෙතන මේක කරන්නේ. මම භාවිතා කරනවා මගේ අර කලින් දීපු fake වේදනා අගය. බලන්න ඒක හරි ම සියුම්. අර සඤ්ඤාවකින් තමයි, fake සඤ්ඤාවකින් තමයි අපිට අර වේදනාව, fake වේදනාවක් කියන එක ඇති වුණේ. අර සුභයි කියලා අරගෙන, අර අනාශ්‍රව සඤ්ඤා භාවනාවේ අගය තියෙන්න ඕනි මෙතන. එතකොට මේ values තමයි දැන් මං මේ භාවිතා කරන්නේ අර කලින් තිබිච්ච එකේ මෙන්න මෙහෙම ඒවා තිබුණා නේ. දැන් මේක නැති වෙලා නේ මගේ මේ ප්‍රියේහි විප්‍රයෝගය කියන එක තියෙන්නේ.
එතකොට මගේ මේ push එක තියෙනවා කලින් මේ ලස්සනට තිබිච්චි එක ඒක දැන් මගේ නැති වෙලා මම කලින් දීපු අගයන් ටික නැති වෙලා. ඕක නේ අපි මේ පුනපුනා පතන්නේ. අර ඉස්සර පොඩි කාලේ හොඳට තිබිච්ච රස, හොඳට තිබිච්ච දේවල් දැන් මේ ආපහු ඉල්ලනවා. එතකොට පෙර අගයන් ම ටික තමයි. එතකොට ඒක භාවිතා කරලා මං ඔන්න විඤ්ඤාණය කියන එක සකස් කරනවා. මේ පැත්තෙන් විඤ්ඤාණය සකසනකොට, ඉතින් ඔය රහතන් වහන්සේ “Excellent” කියලා කියනවා මං ඔය අගය, ඕක හොයා ගත්තම, ඕකත් එක්ක තමයි මේක වෙන්නේ කියලා. එතනින් මං එනවා මේ දුක්ඛයට.
දැන් වෙලා තියෙන්නේ මොකද්ද අපි අර මරණය කියන එක ඇති වුණා, පරිදේවය කියන එක තියෙනවා, පරිදේවයේ ඉඳන් මම සෝකය දෝමනස්සය කියලා දුක්ඛය දක්වා ඇවිල්ලා තියෙනවා. මම හැබැයි zig zag වෙලා ඇවිල්ලා තියෙන්නේ පල්ලෙහායින් ඇවිල්ලා. එතකොට මේ උඩින් විඤ්ඤාණය අතනින් ලස්සනට හැදිලා තියෙනවා. අර මැරිච්ච එක නැවත හදපන් කියලා නේ මේ කියන්නේ. ඒ විදිහටයි ඒකේ ඒ භාවනාව. ටිකක් ඉතින් ගැඹුරුයි, නමුත් ඒක සෑහෙන්න වටිනවා. ඉතින් කීප සැරයක් ම “Excellent” කියලා මට ඇහුණා රහතන් වහන්සේ ඒක හොයා ගන්නකොට.