Date: 29/06/2014 Name: Anaasava Sanskara

ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නමට ම වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ මම කල්පනා කළේ ඔය පළවෙනි රවුමයි, දෙවනි රවුමයි කියන එක වෙන විදිහ කියන එක තමයි කල්පනා කළේ. ඒ පළවෙනි රවුමේ දී අපි දන්නවා මේ සුභයි කියලා ඇදෙනවා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට. ඒ සුභයි කියලා ඇදුණාට පස්සේ ඊට පස්සේ අපි දන්නවා අර සුඛයි, අපිට ඇති වෙනවා නේ දෙවනි එකට නිත්‍යයි කියලා. අන්න ඒක ඇති වෙන විදිහයි මම කල්පනා කරන්න ගත්තේ. එතකොට ඒ සුභයි කියන එක ඉදංසච්චයට ඇදුණාට පස්සේ අර ඊළඟට සිද්ධ වෙන දේ තමයි අර පල්ලෙහායින් තියෙනවා නේ cross එකක්, ඒ කියන්නේ පරාමාසයයි, ඉදංසච්චයයි, මෝහ අගතියයි, භය අගතියයි එතන හරස් වෙන තැන අපි කියනවා එතන සංස්කාර කියලා.

එතකොට ඔය සංස්කාර කියන තැනට, ඉදංසච්චයේ ඉඳන් අර සංස්කාරය කියන තැනට ඒමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපේ විඤ්ඤාණය යම්කිසි ආකාරයකට සකස් වීමක් සිද්ධ වුණා, මේ සංස්කාර නිසයි විඤ්ඤාණය සකස් වෙන්නේ. එතකොට මෙන්න මේ සංස්කාරය කියන තැනට මෙතන එන එකක් සිද්ධ වෙන්නේ. අර මාන පාරේ එනවායි කියලා කියන්නේ අපි. ආන්න ඒ වාගේ ඒ පළවෙනි කොටස, බාගෙට දක්වා ආවා.

මේක එනකොට මේ උඩින් ආපහු හැදෙනවා කතිරයක්. මේ වගේ ම කතිරයක් තියෙනවා නේ ඒකට උඩින්. ඒ කියන්නේ චේතනාව, ඉදංසච්චය, ඊළඟට විඤ්ඤාණය, පරාමාසය. එතන කතිරයක් හැදෙනවා. එතකොට එතනත් අපි කියන්නේ සංස්කාර කියලා. එතකොට ඒ පල්ලෙහා කොටස අපි කල්පනා කරන්න ඕනේ කාය සංස්කාර වශයෙන්. උඩ කොටස කල්පනා කරන්න ඕනේ මනසෙන් කෙරෙන්නා වූ, ඒ චෛතසිකවලින් කෙරෙන්නා වූ සංස්කාර වශයෙන් තමයි එතන බලන්න ඕනේ.

එතකොට වෙන්නේ මොකද්ද? අර සුභයි කියලා මෙතෙන්ට ඇදුණා, ඉදංසච්චයට, ඉදංසච්චයේ ඉඳන් මෙතන මේ සංස්කාරය නැවත සකස් කිරීමක් කියන එක එතන වුණා කියලා කියන්නේ අර උඩ තියෙන්නා වූ, දැන් විඤ්ඤාණය හට අරගෙන නේ තියෙන්නේ. උඩ තිබෙන්නා වූ ඒ සංස්කාර ඒ point එකේ ඉඳන්, දෙවනි රවුම වෙනකොට එනවා පරාමාසකායගන්ථයට. අර පොඩි කෑල්ල අපි මේ බලන්නේ. සංස්කාරයේ ඉඳන් පරාමාසයට එන කෑල්ල.

දැන් ඕගොල්ලන්ට පේනවා නිකන් මෙතන දැන් එහෙනම් අර cross එකේ ඒවා දෙකයි. එකක් මෙතන පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. දැන් අතනින් සංස්කාර නිත්‍යයි කියලා තමයි මෙතන ඉදංසච්චයට, මේ පරාමාසයට ඇදීමක් කියන එක සිද්ධ වෙන්නේ. ඒක තමයි අපි අර ලකුණු කරන්නේ අර පල්ලෙහාට යනවා කියන එක. අර නිත්‍යයි කියලා අපි ලකුණු කරන්නේ ඇත්තෙන් ම කියනවා නම් මේ උඩ සංස්කාරය මෙතෙන්ට එනවා කියලා.

මෙතන හරී සියුම් තැනක්. හරි සියුම් තැනක් කියලා කියන්නේ ඔය නාමරූපවල pressure එක උඩ නේ මේක වෙන්නේ. නාමරූප මේ පැත්තෙන්, නාමරූපවලින් ඇවිල්ලා, චේතනාවට ඇවිල්ලා එහෙන් flow එක මේ පැත්තට යනවා ඉදංසච්චයට. විඤ්ඤාණයෙන් flow එක එනවා පරාමාසයට කියන එකට. මෙතන බැලුවහම මනස නතර වෙනවා. ඒ කියන්නේ එක රවුමයි, ඊට පස්සේ ඕගොල්ලෝ මෙනෙහි කරන්න ගත්තොතින් එහෙම හරි ම අමාරුයි මේ භාවනාව කරන්න. සිත නතර වෙලා. සිත නතර වෙලා ඔහේ ඉන්නවා, මොකුත් හිතන්නේ නෑ මෙතනින් එහා පැත්තට. හිතාගන්න හරි අමාරුයි.

ඒ පාර මම කල්පනා කළා මගේ මේ පාරමිතා බලයෙන්වත් මම මේක හිතනවා කියලා මේක මේවා කරන්න. අර එහෙම කරලා තමයි මේක ආපහු engine එක start කරනවා වගේ කල්පනා කරලා ඔය කාරණාව මං මෙනෙහි කළේ. අර ඉදංසච්චයට පරාමාසය ඇදෙන අවස්ථාව present moment එක. අර දෙවනි පාර වෙන්නේ මම දැන් මේක ගත්තා නේ. ඒ ගත්ත එක තමයි අර උඩ ඉඳන් පල්ලෙහාට එන්නේ මං පෙර ගත්තා වූ දේ නිසයි මේක මෙහාට එන්නේ. එතකොට දෙවනි අවස්ථාවේ දී වෙන්නේ ඉදංසච්චයේ තියෙන එක පරාමාසයට ඇදෙනවා කියන එක අර present moment එකේ නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ අර පෙර ගත්ත නිසයි ඒක තියෙන්නේ. නැත්තන් ඔය moment එකේ කියන එකේ තේරුමකුත් නෑ.

එතකොට මෙතන මේ තියෙනවා මේ කය විසින්, අර පල්ලෙහා cross එකේදි කය විසින් යමක්, දැනගැනීමක් එතන තිබුණ ද, ඒක තමයි අර විඤ්ඤාණයෙන් අතන ඒක පිහිටුවනවා. විඤ්ඤාණය නැවත එතනත් පිහිටුවනවා. අපි නැවතත් ඇහෙන් රූපයක් බලලා එතන විඤ්ඤාණය පිහිටන්න එපැයි, අපි දැන් මෙහෙම බලලා අහක බැලුවහම ඒක හරියන්නේ නෑ නේ නේ ද? නැවතත් පිහිටීමක් අර නාමරූපවලින් කරනවා කියන එක තියෙනවා. ඉතින් දැන් මෙතන මේ, දැන් පරාමාසයට ඇවිල්ලා දැන් මට ආයෙත් හිතන්න බෑ. මෙතනින් මේක හිත නතර වෙලා එහෙම්ම ම ඉන්නවා. හරියට අර මොකක්වත් පැද්දෙන්නැති මේකක් හැටියට ඒක තියෙනවා.

දැන් එතකොට ඊට පස්සේ මට ඕනෙකම තිබුණා මෙතනින් මේ තුන් වෙනි වටය වෙනකොට වෙන දේ බලන්න. එතකොට තුන් වෙනි වටය වෙනකොට මොකද වෙන්නේ, අර සංස්කාරය අපි කිව්වා නේ අර පරාමාසයට, දැන් උඩින් මේක එනකොට විඤ්ඤාණ පාරේ ඉඳන් පරාමාසෙට එනකොට පල්ලෙහා සංස්කාර කතාව තියෙනවා නේ. සංස්කාර දෙකක් නේ අපි කිව්වේ. පල්ලෙහා සංස්කාරයෙනුත් මෙතෙන්ට ඇති වීමක් තියෙනවා, ඉතින් ඒ කියන්නේ අර මෙහෙම තිබුණ diagonal එකක් දැන් ඕගොල්ලන්ට පේනවා එහා පැත්තෙන් ගත්තහම, සංස්කාර දෙකත් එක්ක. ඒ point එකයි පරාමාසයයි ගත්තහම. දැන් අන්න බෝල කූඩුව මේ පැත්තට මේක ඇකිලෙනකොට අර වේදනාව කියන එක, අර සුභයට නිත්‍ය කතාව එකතු වෙලා වේදනාව කියන එකත් දැන් මේ පැත්තට ඇදෙනවා කියන එක තියෙනවා.

හරි පුදුමාකාර වූ භාවනාවක්. ඒක එහෙම්ම ම ඒ මනස නතර වෙලා ඒක පවතිනවා එතන ඒක බැලුවහම. ඒ කියන්නේ පළවෙනි වටෙන් නවත්තගන්න පුළුවන්. ඒක නේ රහතන් වහන්සේ නවත්ත ගන්නේ. පළවෙනි වටේ ආවාට පස්සේ මේ දෙවනි වටයක් කතාවක් නෑ. මොකද එතන සිත එතනින් නතර වෙලා. ආයේ ධර්මයවත් හිතන්න යන්න කතාවක් නෑ. ඒ කියන්නේ මොකක් හරි හිතන්න කැමැත්තක් මේවා එකක් තියෙනවා නම් ඒ කියන්නේ දුවනවා නේ සිත. දුවන්නේ නැතුව නතර වෙලා ඉන්න පුළුවන්.

ඒක තමයි මගේ භාවනාව හැටියට තියෙන්නේ.