ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මම සිහි කළා, ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ම දාහතර නම ම සිහි කරලා නමස්කාර කළා.
මට ඇහුණා “සංස්කාර කෙහෙල් බඩයක්” කියන වචනේ. මං එතනින් පටන් ගත්තා. එතකොට සංස්කාර කෙහෙල් බඩයක් කියන එක මං කල්පනා කළා මේ සංස්කාර කියන එක හැදෙන්නේ, මෙතනදි මං ගත්තේ විචිකිච්ඡාව කියන එක, සංස්කාර වශයෙන් ගත්තේ. එතකොට ඒ විචිකිච්ඡාවේ සමුදය කියන එක බැලුවා, සංස්කාර වශයෙන්. විචිකිච්ඡාවේ සමුදය කිව්වහම ථීනමිද්ධයයි, කුක්කුච්චයයි තමයි විචිකිච්ඡාවේ සමුදය වෙන්නේ. ඒ පාර දැන් ඔය ථීනමිද්ධය අපි දන්නවා මේ උඩින් මනොසඤ්‌චෙතනාවේ ඉඳන් එනවා කියලා ඉදංසච්චයට. ඊට පස්සේ තමයි අර, භයෙන් අගතියට යන පාරේ තමයි මේ විචිකිච්ඡාව කියන එක තියෙන්නේ, සංස්කාරය කියන එක.
එතකොට දැන් මං මෙතෙන්දි කිව්වා, මේ සංස්කාරය කෙහෙල් බඩයක් කියන්නේ ඉතින් මේකේ ගත යුතු දෙයක් නෑ. අනිත් අතට ගත්තහම ඉතින් හදපු සංස්කාරයට විචිකිච්ඡාවක් වෙනවා නම් ඉතින් මේකෙන් ඇති වැඩේ මොකද්ද? ඒ කියන්නේ විචිකිච්ඡාව නම් මට sure එකක් නෑ නේ. එහෙනම් ඇති වැඩක් නෑයි කියන එක. ඒක කිව්වහම මට තේරුණා මේ සංස්කාරය නිසා අපි, ඒක නිසා අපිට ඇති වෙනවා නේ මේ මෝහය කියන එක. මෝහයයි සංස්කාරයයි ඉතින් සම්බන්ධ වෙනවා නේ සල්ලයත් එක්ක. ඒකෙන් විඤ්ඤාණය සකස් වෙනවා කියන එක, එතකොට එහෙනම් මේකත් ඉතින් වැඩක් නැහැයි කියන අර්ථය තමන්ගේ මනසට, හිතුවෙත් නැතුව ම ඒක එනවා, මට දැනෙනවා මේ චෙතො විමුක්තිය මෙන්න මෙහෙම හෝ ගාලා පත්තු වෙන්න පටන් ගත්තා.
ඉතින් ඒ පාර මං කල්පනා කළා ඇයි මේ චෙතො විමුක්තිය ඇති වෙන්නේ? අච්චරයි මං කිව්වේ. ඒ පාර මං කල්පනා කළා මෙතන වෙන්නේ මොකද්ද මේ උඩ තියෙන, අතන විඤ්ඤාණයට අතන ඒක වැඩක් නැතෙයි කියන අර්ථය තමන්ට එනකොට අර උඩ තියෙනවා නේ උඩ සංස්කාර. චේතනාවේ ඉඳන් ඉදංසච්චයට. ඊළඟට එනවා විඤ්ඤාණයේ ඉඳන් මෙතන පරාමාසයට එන එක. එතකොට මෙතන මෙන්න මේ කෑල්ලේ තමයි තියෙන්නේ ථීනමිද්ධය කියන එක. ඒ ථීනමිද්ධය මෙතන මේ සංස්කාර point එක. එතකොට මේ sick සඤ්ඤාව මගේ කියලා අරගෙන නේ මේ ඉදංසච්චයට ගියේ. එතකොට දැන් මං, මේක වැඩක් නැහැයි කියන එක නේ මං මේ කියන්නේ. එතකොට මේක වැඩක් නැහැයි කියන එක, මේකෙන් මේ path එකෙන් හැදෙන්නා වූ දේ, සංස්කාර, මේවාට මට සැක වෙනවා, මේකේ ගත යුත්තක් නෑ කෙහෙල් බඩයක්. එහෙම කියනකොට මෙතන උඩ විඤ්ඤාණයේ ඉඳන් මෙතන මේ සංස්කාරයට එන එක, ඒක බැහැලා යනවා, කැපිලා යනවා. මේක මේ රෝගී සහගත ස්වභාවයක් මෙතන තියෙන්නේ, ථීනමිද්ධය, ඒක නිසාත් මේක ඕනේ නැතෙයි කියන එක තියෙනවා.
එතකොට මේක මෙහෙම වෙනවා නම් ඒ කියන්නේ මේක generate කරන්න අනෙක් පැත්තේ කතිරය තියෙනවා නේ, නාමරූප. එහෙනම් ඒකත් වැඩක් නැහැයි කියන එකයි එතන තියෙන්නේ. එතකොට එහෙනම් ඒ කතාව වැඩක් නැහැයි කියලා කියනකොට මේ නාමරූපයන් කියන ඒවා මගේ හැදෙන්නේ කොහොම ද, මගේ ස්පර්ශ කරලා. එතකොට ඉන්ද්‍රිය අසංවරය නිසායි මේක ඇති වෙන්නේ කියලා අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු එක, අභිජ්ඣා වෙන්න ඕනේ නැතෙයි කියන අර්ථයට එතන්ට ගිහිල්ලා තමයි මේ ඡන්ද සමාධිය ඒක තියෙන්නේ, දැන් චෙතො විමුක්තිය කියන එක දැන් හොඳට පැහැදිලියි. දැන් ඉතින් අර ඊයේ වගේ ම අර සිතන්න යන්න, එහා පැත්තට යන්න, ධර්මය ගැන සිතන්න යන්න ආපහු මේකක් නෑ. ඒ විදිහට ම ඒක තියෙනවා.
ඒ පාර ආපහු මේ ටිකක් වෙලා මං ඔහොම ඉඳලා, ඉතින් රහතන් වහන්සේ කිව්වා ඉතින් ඒ කියන්නේ ඇතියි කියන එක වාගේ, එතකොට මං ඇහුවා මේක ඇතියි කියන එක ද කියන එක, නෑ. රහතන් වහන්සේ පෙන්නන්නේ අර ඊළඟ කාරණේ බලන්නෙයි කියන එකට තමයි මේ තියෙන්නේ. ඒ පාර රහතන් වහන්සේ කියනකොට ඉතින් කොහොමත් පුළුවන් නේ බලන්න යන්න.
එතකොට ඒක නිසාත් දැන් අන්න මං කුක්කුච්චය පැත්ත, ඒ line එක බලනවා. එතකොට දැන් මට පේනවා මේ කුක්කුච්චය ඉඳන් ඉදංසච්චයට, ඉදංසච්චයෙන් මේ සංස්කාරය කියන එකට එනවා. ඉතින් මේක හදන එකත් විචිකිච්ඡාවක්. එතනත් විචිකිච්ඡාව නේ. එහෙම නම් මේකෙනුත් ඇති වැඩක් ඇත්තේ නැහැයි කියන එක තියෙනවා. එතකොට අනිත් අතට මං කල්පනා කළා මේ ඉදංසච්චයට මෙතන්ට ආවේ කුක්කුච්චය හරහා. ඒ කියන්නේ මේක මේ පෙර වූ මම මේක ගත්ත නිසා තමයි අර සුභයි කියලා ඇවිල්ලා තියෙන්නේ. පේනවා ද? කුක්කුච්චයේ මේක තියෙන්නේ. පෙර ගත්තා වූ කියන එක කුක්කුච්චයේ, කුක්කුච්චය හරහා ආවායි කියන්නේ මේක, මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා.
ඒ පාර දැන් මං කල්පනා කරනවා මේක, කුක්කුච්චයට මේක ආවා කියන එක, පෙර ගත්තා කිව්වේ මොකද්ද මේ? පෙර සංස්කාර. පූර්ව වූ සංස්කාර. ඒවාට මාන වෙන්න ඕනෙ නෑ. මෙන්න මේ කතාව මගේ එනකොට ම මට තේරුණා මේ ප්‍රඥා විමුක්තිය මේ පැත්තෙන් පත්තු වෙන්න පටන් ගත්තා. අර මං කුක්කුච්චයේ පෙර එක තමයි මේක වුණේ මේකට ඇදෙන්නේ කියලා ගත්තහම, ඉදංසච්චයට ඇදෙන එක අර, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ ඇදීම නේ ඔය පෙන්නන්නේ present moment එකේ. මේක එපායි කියන එක. එතකොට මේකත් එක්ක දැන් ප්‍රඥා විමුක්තිය දැන් මේ විදිහට ඇති වෙනවා. අර කෑල්ල ගත්තහම චෙතො විමුක්තිය, මෙතන ප්‍රඥා විමුක්තිය.
ඉතින් බොහොම ලස්සනට ඉන්න පුළුවන් ඒකේ. ඒ පාර, ටිකක් වෙලා හිටියහම රහතන් වහන්සේ ආපහු ඇතියි කියලා කිව්වා. ඒ ඇතියි කියලා කිව්වට පස්සේ ඉතින් මං ඒ වැඳ නමස්කාර කරලා ඉතින් ආපහු, තව වෙලාව තියෙනවා නේ. ඒ පාර මම පොඩ්ඩක් ඉන්නකොට, ඒ රහතන් වහන්සේ, මට පේනවා මේකේ උඩ කතාව ඒ නාමරූප හැටියට තියෙන්නේ. එතකොට උඩ සංස්කාරය කියන එක, කියන්නේ “විඤ්ඤාණ පච්චයා නාමරූපං” කියන්නේ. “විඤ්ඤාණ පච්චයා නාමරූපං” කියන එක උඩ සංස්කාරය වශයෙන් ගන්න ඕනේ. අර පල්ලෙහා තියෙන එක, “සංස්කාර පච්චයා විඤ්ඤාණං” කියලා කියන්නේ. ආන්න ඒ විදිහට ගන්න ඕනේ පල්ලෙහා සංස්කාර කතාව. අතන මේක, ථීනමිද්ධයෙන් එන්නා වූ එක කියන එක ගත්තහම ඒ, ඒ පැත්තෙන් ඒ line එකේ ආවා නේ. ඒක සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන එක හැටියට පල්ලෙහා එක, මොකද කාය සංස්කාර ඒවා උඩ අර විඤ්ඤාණය සකස් කිරීම. එතකොට දැන් ඒ කෑලි දෙක තමයි අර, මේ උඩයි යටයි කියන එක ඒක පේන්නේ.
ඉතින් මේ කොන් දෙක පත්තු කරලා අර වාගේ අර හිතන්නැතුව අර ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් මේ චෙතො විමුක්තියටයි, ප්‍රඥා විමුක්තියටයි බොහොම පහසුවෙන් මේ විදිහට කෙනෙකුට යන්න පුළුවන්. බොහෝ ම පහසුවෙන්. ගිහිල්ලා ඉන්න පුළුවන්. බොහෝ දුරක් යන්න දෙයක් ඇත්තෙ නෑ ඒක ඒ විදිහට කළහම.
ඒක තමයි මගේ භාවනාව.