Date: 30/06/2014 Name: Dukka Nirodha Samapatti bhavana

භාවනාව කළේ ඒ උතුම් බුදුපියවරුන්ට ඒ විදිහට අපි පූජාවෙන් පස්සේ. මම කෙළින් ම පටන් ගත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි කියන එකෙන්. එතකොට ඒ භාවනාවෙදි ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියන භාවනාවේ මම “කතමා ච භික්ඛවෙ සම්මා දිට්ඨි, දුක්‌ඛෙ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, දුක්ඛ නිරෝධයේ ඤාණං, නිරෝධගාමිනී පටිපදාය ඤාණං” කියලා ඒ භාවනාව පටන් ගත්තා. ඊට පස්සේ අර “දුක්ඛං අරිය සත්තං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණංපි දුක්ඛං, දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව, උපායාසාපි දුක්ඛා” කියලා ඒ විදිහට දුක්ඛය මෙනෙහි කළා. ඒ දුක්ඛය මෙනෙහි කරලා මම බැලුවා, මේ දුක්ඛය කියන එක ඇති වෙන්නේ තණ්හාව නිසා.

එතකොට කාම තණ්හාව, භව තණ්හා, විභව තණ්හා කියලා ඒ තණ්හාව මෙනෙහි කළා. එතකොට එතෙන්දි මං පටන් ගත්තේ අර කාම තණ්හාව කියන එක පොඩියට පටන් ගන්නවා. Little තණ්හාවෙන් පටන් අරගෙන ඊට පස්සේ ඒක වැඩිදියුණු වෙලා අර භව තණ්හාව වෙලා, ඊට පස්සේ විභව තණ්හාව, ඒ තණ්හා තුන ම ඇති වෙලා අර පටිච්චසමුප්පන්නය, අර ඇතුළේ තියෙන්නා වූ කුඩා තණ්හාව, නන්දිරාග සහගතව තියෙන්නා වූ අර විසාල, මැරිලා ඉපදිලා, ඉපදිලා ආපහු මැරෙනවා කියන එක ඒ මුළු පටිච්චසමුප්පාදය සහිතව ඒක මෙනෙහි කළා.

ඒක මෙනෙහි කරලා මේ තණ්හාවේ යම්කිසි නිරෝධයක් තියෙනවා ද “යායත්වා ඒවා තණ්හාය, අසෙස විරාග නිරොධො, චාගො පටිනිස්සග්ගො, මුත්ති අනාලයො” කියන මේ තුන් වෙනි සත්‍ය මෙනෙහි කළා. ඒක ඒ තත්වෙට මනස ගත්තට පස්සේ අර තණ්හාවේ නිරෝධය කියන එක, දුක්ඛයේ නිරෝධය කියන එක කල්පනා කළා මේක නතර වීම කෙසේ ද කියන එක. එතකොට මට සිහියට ආවේ අර අනාශ්‍රව සඤ්ඤාව, අනාශ්‍රව චිත්තය, අනාශ්‍රව සංස්කාරය කියන ඒ භාවනා තුන ම කියන එක තමයි ආවේ.

එතකොට මං අනාශ්‍රව සඤ්ඤාවෙන් පටන් ගත්තා. රහතන් වහන්සේ මට, මට නිකන් හැඟීමක් තිබුණා මෙතනින් නෙවේ පටන් ගන්න ඕනේ කියලා. නමුත් මම එතනින් බැලුවා. එතනින් බැලුවහම අර අනාශ්‍රව සඤ්ඤාවේ තියෙන්නේ අපි, ස්පර්ශය නිසා අපි වේදනාව දක්වා එන එක. ඒක අපි දන්නවා අර සුභයි කියලා අරගෙන, නිත්‍යයි කියලා මේ පැත්තෙන් එනවා කියන එක. ඒ සංස්කාර නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වෙනවා කියන එක. අන්න ඒ කතාව බලනකොට මට තේරුණා එහෙම නම් සඤ්ඤාව නිරෝධ වෙන්න ඉස්සෙල්ලා මෙතන මේ සංස්කාර කතාව, ඒ පැත්ත නිරෝධ වෙන්න ඕනෙයි කියන එක.

එතකොට ඒ සංස්කාර නිරෝධය කියන එක තමයි මං ඒ පාර කල්පනා කළේ. අනාශ්‍රව සංස්කාර කියන භාවනාව අපි කළා නේ. එතකොට අන්න ඒ භාවනාව මං භාවිතා කළා. ඒක භාවිතා කිරීම හේතු කොටගෙන ඒ චිත්තය, සංස්කාරය නිරෝධ වෙනකොට, දැන් අපි අද උදේ කිව්වේ, සංස්කාර නිසා මෙතන මේ විඤ්ඤාණය, සංස්කාරයේ සමුදය කියන එක දැකලා ඒකේ නිරෝධය කියන එකට ආවා. එතකොට ඒ සංස්කාර නිරෝධය මෙතන විඤ්ඤාණයේ නිරෝධය කියන එක එනවා. එතකොට අනාශ්‍රව චිත්තය ගැන, ඒක ගැන මං භාවනා කරන්නෙත් නෑ, කලින් කරපු ඒවායේ අර්ථය ම තමයි තිබුණේ. ඒ එක්ක ම අර අනාශ්‍රව සඤ්ඤාව ඒක ආවා.

එතකොට මට තේරුණා මේකේ නිරෝධය කියන එක, සංස්කාර නිරෝධය, විඤ්ඤාණ නිරෝධය, සඤ්ඤා නිරෝධය. ඒ විදිහට මේක නිරෝධ වෙනවයි කියලා. ඒ විදිහට ම අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා මම දන්නවා. එහෙම්ම ම නිරෝධයට යනවා. ගිහිල්ලා ආපහු යම් වෙලාවක එලියට එනවා ද, මේක සිහියට තියෙනවා ද ආපහු අර විදිහට ම එතෙන්ට යනවා. එහෙම ම ඉඳලා තමයි මං මේ එලියට ආවේ.

ඒක තමයි ඒ භාවනාව හැටියට තියෙන්නේ.