Date: 01/07/2014 Name: Annenja vihara with Anasava citta

උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ බුදුපියවරු සිහි කළහම මට මෙන්න මේ අර ඉතිපිසෝ භගවා ගාථාවේ තියෙනවා නේ “විජ්ජා චරණ සම්පන්නො” කියන එක. මං එතනින් පටන් ගත්තේ. එතකොට විද්‍යා කියලා කිව්වහම අපි දන්නවා අර බුදුහාමුදුරුවන්ට විද්‍යාවන් තුනක් විශේෂයෙන් කියනවා නේ ඒකෙන් ආසවක්ඛය ඥානයෙන් එතනින් මං පටන් ගත්තා. ඒ ආසවක්ඛය ඥානය කියන එක එනකොට අපි දන්නවා අර ඔතන තියෙන්නේ අර කුඩා තණ්හාව නිසා අපිට ඇති වෙනවා පටිච්චසමුප්පාදය කියන එක. එතකොට ඒ, ඒ කියන්නේ අපි ආහාරයක් මෙහෙම ගන්නවා කටට, ඒක රසයි කියලා දන්නවා, ඊට පස්සේ ඒක, මෙතන ඉඳන් මෙතන්ට යනකොට විතරයි ඊට පස්සේ ඒක නැති වෙනවා. නැති වුණාට පස්සේ ආයෙත් එකක් අනලා අපි දාගන්නවා. දැන් අපි මේකට පුරුදු වෙලා තියෙන්නෙ. එකක් මළා තව එකක් හදනවා.

ඊට පස්සේ ඔය විදිහට දිගට ම ගිහිල්ලා ඕක නිසා පටිච්චසමුප්පාදය හැදෙනවා. ඊට පස්සේ මේ ඉපදිලා මැරෙනවා, මැරිලා ඉපදෙනවා කියන එකට අපේ තිබෙන්නා වූ කැමැත්ත නන්දිය වෙනවා. එතකොට මේ නන්දිය නිසා මේ පටිච්චසමුප්පාදය කියන එක තියෙනවා. අර කුඩා තණ්හාවෙන් පටන් අරගෙන මේක ඇති වෙලා මේක තමයි ඔය, ආසවක්ඛය ඥානයේ තියෙන්නේ ඔන්න ඔය අර්ථය. එතකොට මං එතෙන්ට ගියා ම මගේ ඒකත් එක්ක ම මේ process එක හැදෙන එක අපි කලින් බලලා තියෙනවා. ඒක තමයි ඔය අනාශ්‍රව චිත්ත භාවනාව.

ඒ අනාශ්‍රව චිත්ත භාවනාවේ ඕගොල්ලන්ට මතක ඇති අහගෙන හිටපු අය දන්නවා මේ අපේ කබලිංකාර ආහාරය, දැන් අපේ විඤ්ඤාණයක් මළා නේ. මළාට පස්සෙ මොකද වෙන්නෙ, විඤ්ඤාණයෙන් අපි පරිදේවයේ ඉඳන් අපි සෝකයට දුවනවා. පරිදේවයේ ඉඳන් සෝකයට දුවනවා කිව්වහම කබලිංකාර ආහාරයේ ඉඳන් අපි සඤ්ඤාව කියන තැනට අපි එනවා. එතකොට ඔය විදිහට අපි ඒකේ බැලුවා. මෙතන මැද්දේ කොටසෙදි අපි දන්නවා වේදනාව නිසා තමයි ඔය විදිහට අපි react කරලා එන්නේ අර සෝකය, සෝකයේ ඉඳන් අපි එනවා කියලා දෝමනස්සයට. ඉතින් දෝමනස්සයේ ඉඳන් ඊට පස්සේ අපි දන්නවා දුක්ඛයටයි එන්නේ. ඒක රහතන් වහන්සේ පෙන්නුවා අර දෝමනස්සය කියන එක කල්පනා කරන්නයි කියලා ප්‍රියේහි විප්‍රයෝගය වශයෙන්. ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් මම දුක්ඛයට කියන එකට යනවා.

ඕගොල්ලෝ දන්නවා ප්‍රියේහි විප්‍රයෝගය කියන එක ඇති වුණේ කොහොම ද, අර ජාතිය තිබුණා, දුක්ඛය තිබුණා, ඒ දෙක සම්බන්ධ වෙලා තමයි ප්‍රියේහි විප්‍රයෝගයට ආවේ. එතකොට ප්‍රියේහි විප්‍රයෝගයට කවුරු හරි ආවා නම්, යම්කිසි පථයකින් ඒක සකස් වුණා නම් ඒ පථය දිගේ ම අනෙක් පැත්තට යන සිරිතක් තියෙනවා. ළිඳට වැටිච්ච මනුස්සයා ඒ ළිඳේ ඒකේ දිගේ ම උඩට එනවා වාගේ. එතකොට මේක නිසා අපි එනවා කියන එක තියෙනවා දුක්ඛය කියන එකට.

එතකොට මෙතන, දැන් අපි vector එක වාගේ අපිට පේන්නේ මුලින් පරිදේවයේ ඉඳන් මං සෝකයට ආවා ද, අපි කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාවට එනවා කියන එක තියෙනවා. එතකොට මේ විදිහට යට පැත්තෙන් මේ පැත්තට wave වාගේ එක වාගේ propagate වෙලා එනවා උඩ පැත්තෙන්, ඊළඟට තියෙන්නේ මැද්දේ කෑල්ල, සඤ්ඤාවේ ඉඳන් චේතනාව මං වැඩිය විස්තර කළේ නෑ ඒක. ඒ චේතනාවේ ඉඳන් ඊට පස්සේ අපි යන්නේ විඤ්ඤාණය හදනවා කියන එකට.

එතකොට දැන් අපිට පේනවා මේ යට කෙළවරින්, ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් දුක්ඛයට මෙතනින් එනකොට මෙතන උඩින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට දැන් ඔතන්ට ආවහම තමන්ට තේරෙන්න ඕනෙ එතන මේක නිකන් ම නෙවෙයි අර මාන්නයත් එක්ක තමයි මේ අටවගෙන යන්නේ. එතකොට චේතනාව කියලා කියන්නේ මොකද්ද? චේතනාව කියලා කියන්නේ කාමේසු සංයුක්තො විහරති භාවිතො අජ්‌ඣොසන්‌නා අයං චේතනා මොකද්ද අපි අල්ලගෙන ඉන්නෙ? භවය. මෙන්න මේ වේදනාවෙන්, මෙන්න මේ අඹ ගෙඩියෙන්, මෙන්න මේ විදිහට මං මේක පවත්වනවා කියලා අල්ලගෙන ඉඳීමක් තියෙනවා.

එතකොට මං එහෙනම් චේතනාවෙන් එනවා විඤ්ඤාණය කියන එක තැනට. එතකොට එතනදි ඒක සඳහා අපි භාවිතා කරන්නේ මොකද්ද? භාවිතා කරන්නේ, දියුණු කරන්නේ, රූප අගය, වේදනා අගය, ඊළඟට චේතනා අගය. එතකොට මේ විදිහට බැලුවහම ඕගොල්ලන්ට පේනවා නිකන් මෙහෙම V shape එකට එකක් තියෙනවා. අර diagram එකේ බැලුවොත් රූප අගය, වේදනා අගය, චේතනා අගය. එතකොට විඤ්ඤාණය කිව්වහම හරියට නිකන් ඒකට නැට්ටක් තියෙනවා වගේ. තේ කෝප්පයක් වාගේ නේ ද? එහෙම නැත්තන් saucepan එකක් වාගේ.

එතකොට බලන්න මේකේ අපි මොනවා භාවිතා කරලා ද, මොන අගයන් නිසා ද අපි මේක කරන්නේ? සංයුක්ත වෙලා තියෙන්නේ මොනවත් එක්ක ද අපි? එතකොට දැන් පේනවා ඔය රූපයයි, වේදනාවයි, සඤ්ඤාවයි. සඤ්ඤාව කියන්නේ මිරිඟුවක් නේ. අනාශ්‍රව සඤ්ඤාව කියන එක, ඒ භාවනාවේදි තේරුම් ගත්තා මේකේ ගත යුත්තක් නෑ, මොකක්වත් නෑ. ඒ කියන්නේ මට saucepan එකක් තියෙනවා, tea cup එකක් තියෙනවා, handle එකෙන් මං අල්ලගෙන ඉන්නවා, ඇතුළේ මොකද්ද තියෙන්නේ? මොකුත් නෑ නේ. කිසිම දෙයක් නැති සඤ්ඤාවක්, මිරිඟුවක් විතරයි තියෙන්නේ. එතකොට මම මේ මිරිඟුවක් අල්ලගෙන මේකේ handle එකෙන් අල්ලගෙන ඉන්නවා. ඒක තමයි විඤ්ඤාණය කියන එක සකස් වුණා කිව්වෙ.

ඔතෙන්ට ආව ගමන් මට කල්පනා වුණා මේ ඉද්ධිය කියන්නේ මේක නේ. ඉද්ධිය කියලා කියන්නේ මේක නොකර නිකන් ඉන්න එක. ඉද්ධි diagram එක මතකයි නේ. භාවනා කරන්න ගන්න එක. මෙහෙම එක ගන්නවා නේ නේ ද? කාම සඤ්ඤාව, කාමච්ඡන්දය නේ. කාමච්ඡන්දයේ ඉඳන් මං මෙතන්ට ඇවිල්ලා තියෙනවා දුස්සීලභාවයට. මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? අත්තභාව පටිලාභයට එනකන් ඇවිල්ලා තියෙනවා.

දැන් බලන්න මෙතන තිබිච්ච එක නේ ද මෙහෙම කැරකුණේ. ඒක නේ ද මේ දැන් පෙන්නුවේ. අර පැත්තේ ඉඳන් මේ පැත්තට ආවා. මේක මෙහෙම ලස්සනට මේක මෙතෙන්ට ආවා කියන එක එතෙන්ට ආවා, තේරුණා. ඉතින් ඔතෙන්ට ආවායින් පස්සේ ඉතින් මට හිතුනේ මේ අමෘතය මේ හැම මනුස්සයෙකුට ම දෙන්න ඕනෙ කියන එක. ඉතින් රහතන් වහන්සේලා “සාධු සාධු.” කියලා ඒක කිව්වා.

මේක මෙතෙන්ට ආවාට පස්සේ මට කල්පනා වෙනවා දැන් මේ අනෙක් ධර්මයන් ඔක්කොම පහළ වෙනවා ඒකත් එක්ක. එතකොට මොකද්ද මේ අපි චිත්ත ඉද්ධිපාදය කියන ඒ කතාවේදි කියන්නේ? අර වේදනාව නිසා දැන් අපි යන කෑල්ල, මං ඒක වැඩිය විස්තර කළේ නැහැ මෙතන, වේදනාව නිසා, ඒ කියන්නේ අපි සෝකයේ ඉඳන් දෝමනස්සයට එන කතාවේ දී ඕගොල්ලෝ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා. මොකද්ද ඒ කියන්නේ? මෙතන අර මේ පැත්තෙන් එනවා. භයේ අගතියේ ඉඳන් වේදනාවට ඇවිල්ලා වේදනාවෙන් චේතනාවට යනවා කියන එක. අර ධම්මමච්ඡරියක් අරගෙන අර tea cup එකෙන් මෙන්න මේ කෑල්ල මං කොහොම හරි පවත්වනවා කියන එක නේ මේ කියන්නේ නේ ද? මේ අගයයි මේ අගයයි භාවිතා කරලා.

දැන් එතකොට මුගලන් හාමුදුරුවෝ එහෙම රහත් බවට පත් වුණේ මේක කපාගෙන. එතකොට එතන පේනවා, මං මේ වේදනාවට react කරන්නේ නෑ. මගේ චිත්තයේ සමාධිය තියාගෙන ඉන්නවා. කිසිම ආකාරයකින් මේක මේ පැත්තට, ඔය මැද්දේ කෑල්ල මේ පැත්තට යන්න දෙන්නේ නෑ. ඒකයි ඒ මුගලන් හාමුදුරුවන්ගේ, ඒ කියන්නේ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ තියෙන්නේ ඔය අර්ථය. මේ flow එක, දැන් අපිට පේනවා මේ පැත්තෙන් කබලිංකාර ආහාරයේ ඉඳන් දකුණට යනවා, පරිදේවයේ ඉඳන් වම් අත පැත්තට එනවා කියන එකයි තියෙන්නේ. දැන් මේ flow එකේ වේදනාව කොටස නිසා මං මේක කරන්නේ නැහැයි කියලා ඔන්න එතන චිත්ත ඉද්ධිපාදය ඒක පවත්වනවා මේ රැල්ල කොහොමටවත් මං මේ පැත්තෙන් යවන්නේ නැහැ කියලා.

එතකොට අර සැරියුත් මහ රහතන් වහන්සේ රහත් බවට පත් වෙච්ච එකේ ඒ පටිපදාවේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේදි ඕගොල්ලන්ට පේනවා එහා පැත්තෙන් තියෙන්නේ අර අනාශ්‍රව සංස්කාර භාවනාව කළා නේ. ආන්න ඒකේ අර්ථයයි ඒකේ තියෙන්නේ. ඒකෙන් පෙන්නනවා මම දැන්, මෙන්න මේ සංස්කාර නිසා මෙහා කෙළවරෙන් මේ පැත්තට එවන්න දෙන්නේ නෑ. මේ පැත්තට යමක් එව්වා නම් මෙහෙන් ගිහිල්ලා ආපහු හැදිලා අතනින් එනවා. මළා ය කියලා, සංස්කාරය මළා ය කියලා එන්න දෙන්නේ නෑ.

එක කොටසක් මැද්දේ දී කරනවා. අනිත් කොටස කෙළවරේදි කරනවා. එතකොට පටිපදා දෙක හරි ලස්සනට, ඔය අනාශ්‍රව චිත්ත කතාව, භාවනාව තමයි ඔය මේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර පෙන්නන්නේ අර wave එකක් ගැන කියන්නේ. තුන් වෙනි පටිපදාව කියලා කියන්නේ. ඔන්න ඕකයි ඒකේ කියන්නේ. එතකොට ඒ විදිහට භාවනාව කළා. බොහොම හොඳ භාවනාවක්.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Iddhi/S_Iddhi-08.jpg


S_AnenjaDiagrams/S_AnenjaDiagrams-03.jpg