ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වශයෙන්, මේ විදිහට දෙවනි, තුන් වෙනි බුදුපියාණන්, තුන් නම මෙනෙහි කරලා වැන්දා. හත් නමක් මෙනෙහි කරලා වැන්දා. ඊට පස්සේ දාහතර නම මෙනෙහි කරලා වැන්දා.
ඊට පස්සේ මම, ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් චතුත්ථධ්‍යානයට යමි කියන තැනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතෙන්දි ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වහම එතන ගත්තේ අර “අරිය චිත්තස්ස, අනාශ්‍රව චිත්තස්ස, සම්මා දිට්ඨියේ දී, අරිය චිත්තස්ස, අනාශ්‍රව චිත්තස්ස, අරිය මග්ගං සමඞ්ගිනො, අරිය මග්ගං භාවිතො, ප්‍රඥා, ප්‍රඥා ඉන්ද්‍රියං, ප්‍රඥා බලං, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගා” කියන එකයි බැලුවේ.
ඒකෙත් කෙළින් ම ගත්තේ අනාශ්‍රව චිත්තය කියන එක. එතකොට අනාශ්‍රව චිත්තය කියන එක ගත්ත වෙලාවේ අනාශ්‍රව චිත්තය මං බැලුවා අර ඊයේ වාගේ, අපි පරිදේවයට ගියා නම් පරිදේවයෙන් අපි සෝකයට එනවා, කබලිංකාර ආහාරයේ ඉඳන් අතන ස්පර්ශය, සඤ්ඤාව කියන තැනට එනවා කියන එක. එතකොට ඒ යට line එකයි උඩ line එකයි ඒ ගමන් කරන එක අල්ල ගත්තේ. ඒක අල්ලගන්න කොට දැන් මෙතන ඉඳන් අතෙන්ට, ඒ කියන්නේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා යනවා ය, මේ පැත්තෙන් ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් එතන දුක්ඛය දක්වා යනවා කියන එකට ආවා. එතන එක පාරක් බලලා දැන් මං බැලුවා මේකේ ක්‍රමය මොන ආකාරයට ද සිද්ධ වෙන්නේ.
දැන් අපිට තේරෙනවා මේකේ යටින් සිද්ධ වෙනකොට පරිදේවයේ ඉඳන් සෝකයට යනවා කියන එක, අන්න ඒ අවස්ථාව වෙනකොට තමයි අපි කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාව කියන එක ඇති වෙන්නේ. එතකොට මං මේක රවුම් වශයෙන් බලන්න උත්සාහ කළා. ඒ රවුම් වශයෙන් බලන්න උත්සාහ කළා ම මට එකපාරට ම ආවේ මේක පටිඝානුසය මගින් උස්සන අවස්ථාව තියෙනවා කියන එකයි.
එතකොට ඒ කියන්නේ අපි රවුම් අට කරකවලා ඉවර වෙලා, අර විඤ්ඤාණය මැරිලා, ඊට පස්සේ අපි කෙළින් ම පටිඝානුසයෙන් උස්සන අවස්ථාව, අර පකප්පයේ තියෙන්නේ. අන්න ඒ වාගේ, කප්පං කියලා ගත්තේ, ඒ වාගේ ඒකත් එක්ක අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඇවිල්ලා උස්සන අවස්ථාවන් තියෙනවා, ඒ වෙලාවෙදි පටිඝානුසයෙන් තමයි ඉස්සෙන්නේ කියලා.
ආයෙත් මට කල්පනා වුණා මේ සඤ්ඤාව නේ මේ උස්සන්නේ. එතකොට මේ සඤ්ඤාව ඉස්සීම කියන එක පෙලක් වෙලාවට අපි අලුතෙන් බලන අවස්ථාවන් තියෙනවා. මේක මළා, තව කටක් දැම්මහම මේ කට රහ ද කියලා වෙන ආකාරයකට බලනවා. පෙලක් ඒවාට අපි කලින් එකට ම match වෙන විදිහට ඒක නිකම්ම වෙනවා, පෙලක් වෙලාවට අපි අමුතුවෙන්, ආහ් මේ tofu ටිකක් හරි මොනවා හරි ටිකක් හරි තමන් ඒක දාගෙන ආහ් මේක රසයි කියලා ඒ වාගේ හදන අවස්ථාවත් තියෙනවා. එතකොට ඒ අවස්ථාවේ දී අපි අර 1, පළවෙනි එකේ ඉඳන් බලනවා වාගේ බලන්න වෙනවා.
එතකොට මං, මේ විදිහට කල්පනා කළා ම දැන් මට කිව්වේ නම් චතුත්ථධ්‍යානයට යන්නෙයි කියන එක නේ මගේ මේවා එක, ඉතින් මං කල්පනා කළා මං මේ මේක බලන එක හරි ද කියන එක. රහතන් වහන්සේ කිව්වා “ඒක ඒ වට වශයෙන් අපි හිතන්න යන්න හොඳ නෑ” කියලා මේ වෙලාවේ මොකද ඒකේ කෙළවරක් නැහැ නේ බැලුවහම. එක එක අවස්ථාවේ දී පටිඝානුසයෙන් උස්සන අවස්ථාව තියෙනවා, අතනින් එනවා, එතකොට මේ දක්වා කිව්ව ධර්මයන්ගෙන් ඕන ම එකකින් ඕක සිද්ධ වෙන්න පුළුවන්, කියන අර්ථය තියෙනවා.
එතකොට දැන් මට පෙනුණා මේ සඤ්ඤාවයි උස්සන්නේ, අර tea cup එකේ කතාව නේ අපේ මේ කියන්නේ. එතකොට මේ සඤ්ඤාව කියන එක උස්සනවා කිව්වහම මං කල්පනා කළා මේකට මේ අපි ඉතින් ඊයේ කතා කරා නේ මේක තේ කෝපයයි කිව්වා, saucepan එකයි කිව්වා ඉතින් මේකට, මේක හොඳයි මේ, අර අලු පෙරහන කියලා වම්මිකයේ තියෙන එක මේක තමයි හොඳ එක කියලා. අළු නේ පෙරන්නේ. අලු කියන්නේ මැරිච්ච එක නේ. මැරිලා පිච්චිලා ඉවරයි. පරිදේවයට ගියා ඒක තමයි මේ පෙරන්නේ.
එතකොට මට එතනදි කල්පනා වුණා එහෙනම් මෙතෙන්දි ඇයි, පංචනීවරණයන් කියන එක තමයි මෙතන තියෙන්නේ, එතකොට පංචනීවරණයන්ට ඉතින් අපිට තේරෙනවා මේ විචිකිච්ඡාව කියන එක එහෙම නැත්තන් ඉතින් එහෙනම් අලු පෙරහනේ කතාව ඉවරයි. එතකොට මේක තාමත් අල්ලගෙන යන නිසා තමයි අර පංචඋපාදානස්කන්ධ භාවනාව ඊළඟට එන්නේ කියන එක. ඒ කියන්නේ අතන හැදුණා වූ චිත්ත සංස්කාරයන් තියෙනවා නේ. මුලින් රූප කතාවෙන් ඒවායේ සියුම් වෙලා ගියාට තාම තියෙනවා මේ චිත්ත සංස්කාර මැරුණා කියන කතාව උඩ ඒ පාරෙන්, හතර වෙනි පාරෙන් වෙන්නා වූ දේවල් සම්බන්ධයෙන් අවිද්‍යාව නිසා ඇති වෙන්නා වූ සංස්කාරයෝ නිසා චිත්ත සංස්කාර ඒ කතාව තියෙනවා කියන එක.
එතකොට මට තේරුණා මෙතන මේකේ මේ අල්ලා ගැනීමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. Handle එක තිබිච්ච පලියට අල්ලගන්න යන්න ඕන්නෑ නේ. ඉතින් ඒ විදිහට අර නන්දියත් එක්ක ඒ කතාව තේරුණා දැන් මෙතන මේ විදිහටයි තියෙන්නේ කියන එක, වම්මික සූත්‍රයත් එක්ක.
දැන් ඒ පාර දැන් මේක නැති වෙන්නේ කොහොම ද කියන එක කල්පනා කළහම ඉතින් ඔතනදි “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා” කියන එක, ඒක තමයි මට මතක් වුණේ. “එවං දුක්ඛක්ඛයො හොති” කියලා.
එතකොට සංස්කාරයන් කියන ඒවා සමථය වෙනවා නම්, එහෙම නම් අර පල්ලෙහා තියෙන සංස්කාරයයි, කාය සංස්කාර වශයෙන් අපි කිව්වේ, උඩ තියෙන එක මනෝ සංස්කාර, චිත්ත සංස්කාර වශයෙන් කිව්වෙ, එතකොට මේකේ සමථයකට කියන එකට කවදාහරි පත් වෙනවා නම් ඒක පත් වෙන්නේ නිර්වාණයේ දී විතරයි. නිවනෙදි විතරයි මේක සිද්ධ වෙන්නේ. අනිත් වෙලාවේදි මොකක් හරි මේකක් තියෙනවා.
එතකොට එහෙම නම් මම කල්පනා කළා ඒක නිසා ඒ, මැරුණා කියලා මේවායේ සඤ්ඤාවක් ඇති නොවෙනවායි කියන එක නේ මේ කියන්නේ. එහෙම නම් මට පේනවා, මේක මෙහෙම සිද්ධ වෙනවා නම් එහෙනම් අර පෙර වූ සංස්කාරයයි ඊළඟට අනාගත සංස්කාරයයි, ඔය දෙක නේ ඔතන එන්නේ. එතකොට ඒ සංස්කාර දෙක ම සම්බන්ධයෙන් අපි සඤ්ඤාවක් නොවෙන්න ඕනෙ. මේ දෙක මළා, මේ දෙකේ මේවා වුණා කියලා එහෙම නොවෙන්න ඕනෙයි කියන එක මට ආවා.
එතකොට මෙන්න මේ විදිහට තියෙනවා නම් ඒ පුද්ගලයාට ඒ පෙර වූ කියලාවත් පසු වූ කියලාවත් මං අර අලු පෙරහනෙන් පෙරන්න යන්නේ නැතුව, ඒ කියන්නේ සඤ්ඤාවක් හදන් නැත්තන් ඒ පුද්ගලයාට ඒ ආශ්‍රවය එතන නසන්න පුළුවන් කියන එක එනවා.
එතකොට දැන්, දැන් අතනින් ආයෙත් කල්පනා වෙනවා මේවායේ වෙනසක් තියෙනවා නේ, ඉතින් ඔය තත්වෙට ආවහම රහතන් වහන්සේ මට “ඇතියි” කියලා කිව්වා මම වැඳලා නමස්කාර කරලා ආපහු මං හිතුවා එතකොට එහෙම නම් මේ තත්වෙට ආවායින් පස්සේ පුද්ගලයෙක් ආශ්‍රවයන් නසලා ඉවර වෙලා ඒ මනුස්සයා ඊට පස්සේ දැන් ආපහු ජීවත් වෙලා ඉන්නවා කියලා කියන්නෙත් ඔය විදිහට ම පෙර එකයි පසු එකයි අතර, වුණා කියලා මළා කියලා වෙනස් වුණා කියලා මෙයා අර සඤ්ඤාවක් හදන්නේ නැති වෙන්න තත්වයේ ඉන්න ඕනෙ. හැබැයි නමුත් කියනවා නේ අර වුසිතම් බ්‍රහ්ම චරියං කියලා ඉතින් එතනින් පස්සේ තමන් ඉන්නවා කියන එකකුත් තියෙනවා නේ එතන කියලා.
එතකොට එන්න ඒ අවස්ථාවේ දී මොකද්ද කියන එක මම කල්පනා කළහම අර පෙර වූ සංස්කාර, රහතන් වහන්සේගෙන් විමසුවා ම කිව්වා “පෙර වූ සංස්කාරය නිසා වන්නා වූ දේ, අන්න ඒක නැසුවා.” එතකොට දැන්, ඒක තමයි අර වුසිතම් බ්‍රහ්ම චරියං කියන කතාවේ තියෙන්නේ. ඊට පස්සේ අර අනාගත සංස්කාරයන්, දැන් මේ අතීතයි අනාගතයි නේ ද. දැන් මට අතෙන්දි ආවා, අර මුලින් ම රහතන් වහන්සේ ඇතියි කියන අවස්ථාවේ දී මට ආවා අතීත එකත් නිසාත් නැහැ, අනාගත එකත් නිසාත් නැහැ, එහෙනම් present moment එකේ ජීවත් වෙනවා කියන එක තියෙනවා. ඒකයි තියෙන්නේ. එතකොට හැමදා ම ඔහොම ජීවත් වෙන්න එපැයි. එතකොට අර significant එක වෙන්නේ අර නසපු අවස්ථාවේ නැසුවේ අර අතීත වූ නිසා. ඒක නිසා ඒක නැසුවා.
ඕක නේ කියන්නේ, having gone down the former feeling, now we are going down the current feeling කියලා කියනවා නේ. එහෙම නේ කියන්නේ. රහතන් වහන්සේලාගේ ඒ කතාවේ තියෙන්නේ. එතකොට අර අතීත එක නසලා ඉවරයි. ඒක නිසා, ඒක තමයි අර මේක වුණා කියලා කියන්නේ.
එතනින් පස්සේ, එතන ඉඳන් හැමදා ම හැම මොහොතක ම, ආයේ අනාගතේ කියලා එක හදන්නේ නෑ. ඒ present moment එකේ එතන ජීවත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ අද කෑවයි කියලා හෙට කන්න බත් එකක් හොයන්න, එහෙම එකක් ඒ වගේ එකක් නෑ. ඒ විදිහට ඉන්නවා කියන එක තියෙනවා. ඉතින් අතීතයේ එක ගියා නම් කෙනෙකුට තේරෙනවා ඉතින් මේ අස්මිමානය කතාව ඔක්කොම ඉවරයි, ඉතින් ඒක, එතනින් ඒක නිසා මං මේක කාලා බීලා ජීවත් වෙන්න ඕනෙ, රස්සාවක් කරන්න ඕනෙ කියන කතාවල් ඒවා ටික ඔක්කොම ඒක නැතෙයි කියලා පේනවා.
ඉතින් ඒක තමයි ඒ භාවනාව.