ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන, උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට ඒ බුදුපියවරු ඒ හැම නම ම මම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි කියන එක මම කල්පනා කළා. එතන ඒ ලෝභය නැති කරමි කිව්වහම අර කලිසම හැදෙනවා කියන එක තියෙනවා නේ. ඊට පස්සේ ඔය ද්වේෂය නැති කරමි කියන මැද්දේ කෑල්ල. මෝහය නැති කරමි කියන අර උඩ මනොසඤ්‌චෙතනාවෙන් විඤ්ඤාණ ආහාර, මෝහ අගතියට යන ඒ කෑල්ල බැලුවා. බලලා ඉවර වෙලා ඒකත් එක්ක මම කල්පනා කළා ඉතින් මේ යම්කිසි අභිජ්ඣාවක් කෙනෙකුට අන්න ඒක නිසා පංචනීවරණයන් ඇති වෙන්න පටන් ගන්නෙ. අභිජ්ඣාවක් යම්කිසි ආකාරයකට ඇති වෙනවා නම් ඉතින් ඒක නිසා දෝමනස්සයක් ඇති වෙනවා. දෝමනස්සයක් ඇති වෙනවා නම් ඉතින් කාමච්ඡන්දය ඇති වෙනවා.
එතකොට අර ලෝභයේ කතාව ඒ විදිහට ගන්න ඕනෙ, කාමච්ඡන්දය නිසා අපිට අතන රූපයයි, කබලිංකාර ආහාරයයි, ස්පර්ශයයි, වේදනාවයි කියන කතාව, ඒ tea cup එකේ ඒ කෑල්ල එනවා කියන එක. එතකොට ඊට පස්සේ මට ද්වේෂය නැති කරමී කියන එකේ මට පේනවා සංයමයක් තියෙනවා නම් වෛරයක් නැහැයි කියලා කියන්නේ ඒ අර දෙක අතර gap එක ඇති වෙලා තමයි අපේ ඔය කාමච්ඡන්දය අපිට ඇති වෙන්නේ. ඒක ඇති වුණා ම ඉතින් අපි අතන පිහිටුවීමක් කළහම අපිට අන්තිමට ඔය මැද්දේ ඔය සඤ්ඤාව, පටිඝය කියන සඤ්ඤාව කියන එක අපිට ඇති වෙනවා. පටිඝානුසයෙන් දැන් සඤ්ඤාවක් ඇති කරන එක නේ කරන්නේ. එතකොට ඒ මැද්දේ කෑල්ල මං කල්පනා කළා අර ඒ tea cup එකේ අර සඤ්ඤාවයි වේදනාවයි කියන කෑල්ල තමයි ඒ කියන්නේ.
ඊට පස්සේ මට කල්පනා වෙනවා. අමෝහය කියන එක ගත්තොතින් එහෙම මෙතන පෙන්නනවා “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො” කියලා. එතකොට මෙන්න මෙහෙමයි කියලා තේරුම් අරගෙන කෙනෙක් මේක සඳහා ක්‍රමයක් හොයන්න යන්නේ නෑ. කුසලය උපදවලා මොකද, මෙතන අර වේදනාවේ ඉඳන් චේතනාවට යන ඒ ධම්මමච්ඡරියේ කතාව ඒක කරන්න යන්නේ නෑ.
එතකොට ඔය විදිහට බැලුවොතින් එහෙම කරනවා නම් ඉතින් විඤ්ඤාණයේ හටගැනීමක් නෑ, එහෙනම් මෝහයක් කොහෙන්ද? හටගත්තා නම් නෙ මෝහය කියන එක තියෙන්නේ. ඉතින් එතකොට මෙතන ඉතින් මනස බොහෝ ම හොඳයි. මට දැනුණා නිකන් මේ මෙතනින් පිටත මේක කැරකවීමක් වෙනවා වාගේ, කියන එකක් වාගේ මට දැනුණා. ඉතින් මං ඒක ගැනත් පොඩ්ඩක් හිතන්න ගත්තා. මට ඔය රූපත් පේනවා. ඒ විදිහට දිගින් දිගට ම ගියා. ඊට පස්සේ ඒ විමුක්ති සහගත ස්වභාවයෙන් ඉතින් බොහෝ වේලාවක් හිටියා.
එතකොට ඔය රහතන් වහන්සේ “ඇතියි” කිව්වහම නැවැත්තුවා. පස්සේ ඔය රහතන් වහන්සේලාට වැඳ නමස්කාර කළා, කියනකොට ඔය සුඛිත චිත්ත බුදුපියාණන් වහන්සේව මම දැක්කා. අර එහෙම කියනකොට. අර බුදුහාමුදුරුවන්ගේ මෙහෙම කනේ දිග භාවයකුත් තියෙනවා සුඛිත චිත්ත බුදුපියාණන් වහන්සේගේ. ඉතින් ඒක එහෙම මම දැකලා, ඒ එතන ඒ රහතන් වහන්සේත් ඇහුවා “දැක්කා නේ ද” කියන එක, ඒක එහෙම මේවා වෙලා. මං කිව්වා ඔව් මං දැක්කා කියලා. ඒක මං හොඳට දැක්කා එතන එහෙම මේවා වෙලා. ඉතින් ඊට පස්සේ ඉතින් එහෙම භාවනාව නැවැත්තුවා.