Date: 05/07/2014 Name: Attammayata bhavana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ බුදුපියවරු සිහි කළාට පස්සේ, පූජාවෙන් පස්සේ මම කල්පනා කළා මෙතන මේ බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි කියන එක. එතකොට එතෙන්දි අර කෙළින් ම අර කොඩිය මතකයි නේ. කොඩිය කියලා කියන්නේ අර කබලිංකාර ආහාරය, වේදනාව, ඊළඟට ගිද්ධිලෝභය. ඕක කැරකවීම නිසා දැන් අපිට හිතෙනවා මං මේ විදිහට ජීවත් වෙනවා කියලා චේතනාව වෙනකන් එතනින් යනවා.

අනිත් පැත්තෙන් ගත්තහම අපි ජාතියේ ඉඳන් ජරාව, මරණය දක්වා යනවා. එතකොට ඕක කොඩිය වගේ නේ එන්නේ. කබලිංකාර ආහාරයයි, ජාතියයි, උඩ මෙතන චේතනාව, එතනින් විඤ්ඤාණය සකස් වෙනවා කිව්වහම ඒ පැත්තට යෑමක් තියෙනවා. අනිත් පැත්තට මරණයට යනවා කිව්වහම අර මැද්දෙන් වේදනාව හරහා මේ කොඩිය වාගේ සකස් වෙලා තියෙනවා. ඊළඟට අපි දන්නවා ඕක නිසා අපිට අර මැද්දේ කොටස, චේතනාවත් එක්ක ඇති වෙන්නා වූ කොටස, එතනින් අපිට පේනවා මැද්දේ කෑල්ල අර හතේ හත වදිනවා කියලා කිව්වෙ, අන්න එතන තියෙනවා ද්වේෂ කතාව. ඊට පස්සේ චේතනාවයි, විඤ්ඤාණයයි, මෝහයෙන් අගතියට යනවා ය කියන එකයි එතන තව triangle එකක් තියෙනවා. ඉතින් ඔය භාවනාවන් කලින් කරලා තියෙනවා නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන එක සම්බන්ධයෙන්.

මේක ගත්ත ගමන් අර අනාශ්‍රව චිත්ත භාවනාව නිසා එකපාරට ම එතනින් එහා පැත්තට සිත යන්න මේවා එකක් නෑ. ඒ කියන්නේ, දැන් සාමාන්‍යයෙන් ධර්මය සොයාගෙන නේ යන්නේ. අනිත් අයට කියලා දෙනවා කියලා හරි. මේක ආපු ගමන් මෙතනින් මේ කතාවත් ඉවරයි. කාටවත් දෙන්නෙයි කියලා ධර්මයක් හොයන්න යෑමකුත් නෑ. ඒක එහෙම ම නතර වුණා. එතකොට ඒ අනාශ්‍රව චිත්ත භාවනාවේ විතරක් මම කියන්නම් ඒක.

එතන තියෙන්නේ දැන් අපි පුරුදු වෙලා තියෙනවා ආහාරයක් ගත්තහම මෙතන ඉඳන් මෙතන්ට විතරක් අපේ රස තියෙනවා කියන එක අපි දන්නවා. ඒක නැති වෙච්ච ගමන් ඕගොල්ලෝ තව කටක් විජහට අනලා දාගන්නවා මේක ගන්න. එහෙම නේ. එක ස්පර්ශයක් නැති වුණහම ආපහු නැවතත් ස්පර්ශ කරනවා ඒක ගන්නෙයි කියලා. දැන් මේකෙ අර චිත්තය හැදුණා ඊට පස්සේ මැරුණා. අන්න ඒකට අපි පුරුදු වෙලා තියෙනවා. ඔය පුරුදු වීම කියන එක කොච්චරට පුරුදු වෙලා ද කිව්වොත් අපි එහෙනම් ඉපදෙනවා මැරෙනවා කියන එකට අපි පුරුදු වෙලා, ඒකට නන්දිය කියන එක අපිට ඇති වෙලා තියෙනවා. එතකොට මේ නන්දිය, අතන මුලින් ඇති වුණ පටිච්චසමුප්පාදය, අර ස්පර්ශය හේතු කොටගෙන වේදනාවක් ඇති වෙලා ඒ වේදනාවට තණ්හා වෙලා, අර මෙතනින් කටට දැම්මා, මේකට අපි පුරුදු වුණා.

එතකොට ඔය කතාව තමයි දිගට ම යන්නේ. එතකොට එහෙනම් අපිට පේනවා අපි ඉපදෙනවා අපි මැරෙනවා. මැරුණාහම ඉක්මනට කියනවා විඤ්ඤාණය තව එකක් හදන්න. ඒ කියන්නේ අපිට පරිදේව වුණා. පරිදේව වෙච්ච ගමන් ඒකෙන් අපි සෝකයට යනවා. පරිදේවයේ ඉඳන් සෝකයට යනකොට මෙතන අපි කබලිංකාර ආහාරයේ ඉඳන් අපි ස්පර්ශයට යනවා. අර උඩ පොල්ල හැදෙනවා. එතකොට මං මේ පැත්තෙන්, යට පැත්තෙන් ගත්තහම මෙහෙම මේ පැත්තට එනවා. පරිදේවයේ ඉඳන් සෝකයට. උඩ පැත්තෙන් අපි කබලිංකාර ආහාරයේ ඉඳන් අපි එනවා ස්පර්ශයට.

දැන් මම සෝකයට ආවා නම් සෝකයේ ඉඳන් මම ඊළඟට යන්නේ දෝමනස්සයට. ඒ සෝකයේ ඉඳන් දෝමනස්සයට යන කොටස තමයි අපි අර දැන් ටිකකට ඉස්සෙල්ලා පැහැදිලි කළේ. අර පැහැදිලි කළේ එක කටක් ආවා, ඒක ගියහම තව කටක් මේවා වෙනවා කියලා එතනින් හදාගන්න එක තමයි ඔය කියන්නේ, ඒක ගැඹුරට බලන්න ඕනි භාවනාවක්. ඒක කොටස මං වැඩිය ගෙනියන්නේ නෑ. මං දෝමනස්සයට එනකොට මම සඤ්ඤාවේ ඉඳන් චේතනාවට මම ගිහිල්ලා තියෙනවා. එතකොට මම මෙහාට ගමන් කරනවා කියන එක තියෙනවා.

ඊට පස්සේ දැන් මම දෝමනස්සයට ආවා ය කිව්ව එක ගන්න මම ආවා ය කියලා ප්‍රියේහි විප්‍රයෝගයට. ප්‍රියේහි විප්‍රයෝගයට ආවා නම් ඕගොල්ලෝ දන්නවා ජාතියයි දුක්ඛයයි නිසා ප්‍රියේහි විප්‍රයෝගයට එනවා කියන එක. එතකොට ඒ ක්‍රමයට ඕගොල්ලෝ යනවා ප්‍රියේහි විප්‍රයෝගයේ ඉඳන් දැන් දුක්ඛය දක්වා යනවා. ඒ කියන්නේ අපි අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? පරිදේවයේ ඉඳන් සෝකය, දෝමනස්සය, දුක්ඛය කියන එකට ආවා.

උඩින් මේ අවස්ථාව වෙනකොට චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යනවා කියන එක තියෙනවා. චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යනවා කියන එක, චේතනාව කියන්නේ මොකද්ද? කාමේසු සංයුක්තො විහරති භාවිතො අජ්‌ඣොසන්‌නා අයං චේතනා. එතකොට අපි අජ්‌ඣොසන්‌නා කිව්වහම අපි අල්ලගෙන ඉන්නේ මොකද්ද? අපි අල්ලගෙන ඉන්නේ භවය. මේ අඹ ගෙඩියෙන් මේ වේදනාව අරගෙන මම ජීවත් වෙනවා. අන්න ඒ වාගේ භවය තමයි අපි අල්ලගෙන ඉන්නේ.

එතකොට මේක සඳහා අපි, අපි භාවිතා කරන්නේ, ඒ කියන්නේ develop කරන්නේ මොනවද? රූප අගය, වේදනා අගය, චේතනා අගය. එතකොට රූප, වේදනා, චේතනා කියන එක බැලුවොත් ඕගොල්ලන්ට පේනවා V අකුරක් වාගේ එකක් හැදෙනවා. අර නිකන් තේ කෝප්පයක ඇතුළ වාගේ. එතකොට චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යනවා කිව්වහම අර අත්ත. තේ කෝප්පෙ handle එකක් තියෙනවා නේ, එහෙම නැත්තන් saucepan එකේ handle එකක් තියෙනවා නේ.

ඊළඟට පෙන්නනවා අපි සංයුක්ත වෙලා ඉන්නවා. මොනවද අපි සංයුක්ත වෙලා තියෙන්නේ? connected. අපි ඒකට භාවිතා කරන්නේ, අපි use කරන්නේ මොනවද? රූපයයි, වේදනාවයි, සඤ්ඤාවයි.

එතකොට ඔය අනාශ්‍රව සඤ්ඤා භාවනාවක දී තේරුම් ගත්තා මේ සඤ්ඤාව කියන එක එතන, ඒ කියන්නේ වේදනාව කියන එක හරි fake. එතකොට ඔය සඤ්ඤාව කියන එක ඕගොල්ලෝ දන්නවා මිරිඟුවක්. මේ තේ කෝප්පෙ ඇතුළේ දැන් තියෙන්නේ මොකද්ද? තේ කෝප්පෙ ඇතුළේ තියෙන්නේ අර සඤ්ඤාව. ඒ කියන්නේ මොකක්වත් නෑ. මිරිඟුවක් නේ තියෙන්නේ. එතකොට මේකෙන් තමයි මේ විඤ්ඤාණය සකස් කළේ. ඔන්න ඕක කළා නම් ඒක තමයි අනාශ්‍රව චිත්ත භාවනාව කියලා කියන්නේ.

එතකොට දැන් මෙන්න මේ අනාශ්‍රව චිත්තයට ඇවිල්ලා දැන් එතන තියනකොට ධර්මය ගැන සෙවීමක්වත් හොයන්නවත් යන්න මේවා එකක් නෑ. ඉතින් මට කල්පනා වුණේ, රහතන් වහන්සේ මට ඒ වචනය දුන්නා මම ඒක කල්පනා කරනකොට මෙතනින් එහා පැත්තට, ඒ කියන්නේ මේක දීලා තියෙනවා නම් තව ධර්මයක් හොයන්න දෙයක් නෑ කියන එක. එතකොට යම්කිසි කෙනෙක් ඒ ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා තියෙනවා නම්, වැඩිලා තියෙනවා නම්, ඒ මනුස්සයාට ඒ ධර්මය ලැබිලා තියෙනවා. තව පුද්ගලයෙකුට ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා නැත්නම් ඒ පුද්ගලයාට අර ඒ ධර්මය භාවිතා කරන්න විතරයි තියෙන්නේ කියන එක මට හොඳට ම මේකයි. මං ඔය විදිහට හිටියා ඉතින් ආයේ කරන්න දෙයක් නැතුව ඔහොම හිටියා.

ඔහොම ටිකක් වෙලා හිටියාට පස්සේ අර කුරුල්ලෙක් කෑගහනවා වගේ සද්දයක් ඇහුණා. ඒ සද්දයක් ඇහිච්ච වෙලාවේ, දැන් මට ඇහෙනවා ඔය සත්තුන් කෑගහන ඒවා හොඳට අර තමන්ගේ මනස open. එතකොට ඒ වෙලාවේ දැන් එකපාරට ම මෙතනින් ඇතුළෙනුත් පොඩි සද්දයක් එනවා. මං ඒකත් එක්ක බැලුවා මේ කාගේ හරි mobile එකක ද මේ කුරුලු සද්දේ කියන එක. එතකොට මට තේරුණා එහෙනම් මේ match කරන්න හදනවා. මට ඕන්නම් අර අනාශ්‍රව සඤ්ඤාවට ගිහිල්ලා ඉන්න පුළුවන්, මෙතන match කිරිල්ලක් තියෙනවා.

ඒ පාර මං ඔන්න ඕක ගැන විමසන්න ගත්තා. ඒක ගැන මම විමසන්න ගත්තහම, එහෙම නම් මේකේ පෙන්නන්නේ, ඔතන තියෙන්නේ දෙකයි. දෙකයි කියලා කියන්නේ දැන් මෙතන මේ පල්ලෙහා තියෙන සංස්කාරය, ඒ කියන්නේ අර අපේ තියෙනවා එතන අනාශ්‍රව සංස්කාර භාවනා ඉතින් ඕකත් ඔක්කොම කියන්න බෑ. අනාශ්‍රව සංස්කාර භාවනාවේ පෙන්නනවා අපිට තියෙනවා මෙතන පරාමාසකායගන්ථය, මෙතන තියෙනවා ඉදංසච්චය, පල්ලෙහායින් භය අගතිය, මේ පැත්තෙන් මෝහ අගතිය කියන එක.

දැන් එහෙම නම් දැන් මේ මොකක් හරි එකක් ආවා කියලා කියන්නේ අපිට, අපේ ඇවිල්ලා තියෙනවා මෙන්න මේ කෑලි දෙක. ඒ කියන්නේ අවිද්‍යාව නිසා, මම නිත්‍යයි කියලා ගත්ත නිසා මේ මෝහය. මෝහය නිසා ඇති වෙන කතාව තියෙනවා. ඒකෙන් නේ අර කාය සංස්කාර වශයෙන් හදන්නේ.

ඊළඟට මගේ තියෙනවා මේක මං මානයත් එක්ක ගළපන එක. එතකොට මෙතනින් එන පාර. එතකොට මං මෙන්න මේ කෑලි දෙක කපනවා නම් ඔය කතාව නෑ. ඒ කියන්නේ ඒ කුරුල්ලා කෑගහන එක ද, මෙතන mobile එකක් ද, ඒවා සෙවීමක් මොනවක්වත් සිද්ධ වෙන්නේ නැහැයි කියන එක තියෙනවා. එතකොට එහෙනම් මේක නිත්‍යභාවය උඩයි මේක ඇවිල්ලා තියෙන්නේ කියන එක තියෙනවා. අර උඩ තියෙන නිත්‍ය නිසයි මේ දෙක ම තියෙන්නේ කියන එක.

එතකොට ඒක රහතන් වහන්සේ මට කපලා පෙන්නුවා. මෙන්න මේ දෙක තමයි කැපෙන්න ඕනෙ කියන එක. ඔය ගැළපීම කියන එක හරි අමාරුයි මේවා තෝරන්න. මොකද අර මං flow එකත් එක්ක යන්නේ. එතකොට මෙතන මේ කැපිල්ල කියන එක මම දැක්කහම මම කල්පනා කළා මේක එහෙම නම් කැපෙනවා නිත්‍යභාවය කැපුණා නම් මේක ඉවරයි. එහෙම මේක කැපෙනවා නම් අර උඩ එකත් කැපෙන්න ඕනෙ. උඩත් ඔය වගේ ම කතිරයක් තියෙනවා නේ. ඒ කියන්නේ චේතනාව, ඉදංසච්චය, ඊළඟට තියෙනවා, ඊළඟට තියෙනවා අපිට උඩින් තියෙනවා විඤ්ඤාණය, මේ පැත්තෙන් තියෙනවා පරාමාසය කියන එක. එතකොට මෙන්න මේ කතිරය. එතකොට මෙන්න මේ කතිරය, ඉතින් මෙන්න මේ කෑලි දෙකත් කැපෙන්න ඕනෙ.

ඒ කියන්නේ මෙතන උඩ තියෙන්නේ මේ නාමරූපවලින් හැදෙන එතන ඒ සංස්කාර එතන කතාව ඒ තියෙන්නේ. එතකොට විඤ්ඤාණයේ ඉඳන් මේ සංස්කාරයට එන තැනයි, මේ පැත්තෙන්, මේ මැද්දේ ඉඳන් ඉදංසච්චයට යන්නා වූ කියන එකයි කැපෙන්න ඕනෙ. අර කෑල්ල කපනවා වගේ ම මේ කෑල්ලත් කැපෙන්න ඕනේ. එතකොට දැන් මෙතන 4 දෙනෙක් ඉන්නවා. මෙතන ථීනමිද්ධය පැත්තෙන් එනවා, ඒ කියන්නේ වේදනාවත් එක්ක නිසා ඇති වෙන එක, මේ පැත්තෙන් එන්නා වූ එකක් තියෙනවා පරාමාසයේ ඉඳන්. දැන් මම කල්පනා කරනවා දැන් මේකේ order එක මොකද්ද? ඒ පාර රහතන් වහන්සේ මට order එක දුන්නා.

order එක හැටියට තියෙන්නේ මේක 1, මේක 2. 1 කියලා කියන්නේ, මේ චේතනාවේ ඉඳන් සංස්කාරයට යන එක. 2 කියලා කියන්නේ පරාමාසයේ ඉඳන් සංස්කාර පැත්තට එන එක දෙක. ඊළඟට ගත්තහම 3 කියලා කියන්නේ මෙතන මේ සංස්කාරයේ ඉඳන් මේ උඩ තිබෙන්නා වූ විඤ්ඤාණයට යන එක. 4 කියලා කියන්නේ මේ මැද්දේ ඉඳන් ඉදංසච්චයට යන එක. සංස්කාරයේ ඉඳන් ඉදංසච්චයට යන එක.

එතකොට දැන් මේකේ order එකක් තියෙනවා නම් එහෙනම් ඒ පිළිවෙළටයි අපි ඒක කරන්න ඕනෙ. එහෙනම් 4 නැති වෙන්න නම් මම කල්පනා කළා 3 කියන එක නැති වෙන්න ඕනෙ. ඒක හරි නේ. මොකද ඒක අපි දන්නවා අර පල්ලෙහා කාය සංස්කාරය නිසා උඩින් එන්නා වූ, හැදුණා වූ දෙක. මෝහය නිසා විඤ්ඤාණයේ දැනගැනීමක් තියෙනවා, ඒ කෑල්ල කැපෙන්න ඕනේ. ඒක කැපුණා නම් මං මෙතන්ට එන්නේ නැතෙයි කියන එක තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙක, මේ දෙක කොහොම ද කැපෙන්නේ? 1 යි 2 යි කොහොම ද කැපෙන්නේ? 1 යි 2 යි කොහොම ද කැපෙන්නේ කියලා මං කල්පනා කරනකොට මේක ටිකක් ගැඹුරුයි.

එතකොට දැන් එතෙන්දි තමන්ට පේනවා මුලින් වශයෙන් ගත්තහම 2 ඉස්සෙල්ලා කැපෙන්න ඕනේ. ඒ කියන්නේ, දෙක කැපෙනවා කියලා කියන්නේ සඤ්ඤාව නිසා පරාමාස වෙලා විඤ්ඤාණය හැදීමයි කියන කතාව කැපෙන්න ඕනෙ. නමුත් වේදනාවේ ඉඳන් එන එක කොහොම ද කැපෙන්නේ? වේදනාවේ එක කැපෙන එක බොහොම දරුණුයි. ඒ කියන්නේ මම, එතෙන්දි ගන්න ඕනෙ 1 කැපෙනවා කියලා කියන්නේ වේදනාවෙන් චේතනාව, චේතනාවෙන් අර ථීනමිද්ධය හරහා එන එක. ඒක කැපෙන්න නම් මං තේරුම් ගන්න ඕනෙ මේක, පෙර මම මේක කියලා ගත්ත නිසයි අද මේක තියෙන්නේ. පෙර මම අගයක් දීපු නිසයි මේ අගය කතාව තියෙන්නේ. එතකොට මම දැන් අගයක් දෙන්නේ නැත්තන්, පෙර කිව්ව එක මම අතීතයේ කළා, ඒකට මම වෙන දිහාවකට යන්නෙ නෑ, තවදුරටත් ඒක ගැන හිතන්න යන්නේ නෑ. දැන් මං අගයක් දෙන්නේ නැත්තන් මේක ඉවරයි කියන එක.

ඔන්න ඔය කාරණා දෙක භාවිතා කිරීමෙන් තමන්ට පුළුවන්කම තියෙනවා ඒක නවත්වාගන්න කියන එක. ඒක තමයි අර ගළප ගලප අපි යන්නේ, අර flow එක එනකොට ඒකත් එක්ක ම අපි දිගට ම යනවා. ඉතින් මේක ටිකක් අමාරුයි ඒ විදිහට බැලුවහම.